රාධ මහතෙරුන් වහන්සේ මනාවූ වැටහීම් ශක්තියක් (භාටිභානයක් ) ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන් වහන්සේ ගේ පූර්වාපර චරිතාපදානය මෙහි දක්වනු ලැබේ.
මෙම රාධ තෙරුන් වහන්සේ මෙයට කල්ප ලක්ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේය. පසු කලෙක බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසමින් සිටි අවස්ථාවක එක්තරා භික්ෂුවක් මනාවූ වැටහීම් ශක්තියක් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක මම ද ” අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් මෙ බඳු පදවියක් ලබමි” යි සිතා සතියක් මහදන් පවත්වා අවසාන දිනයෙහි දී තමන්ගේ අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට සැල කෙළේය. උන්වහන්සේ ද අනාගතය බලා එකී ප්‍රාර්ථනාව සඵලවන බව දැන ” එම්බා කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්‍ෂයකට මතු බුදුවන නම් බුදුරජාණන් වහන්සෙගේ ශාසනයෙහි ඔබගේ ප්‍රාර්ථනාව සිද්ධ වන්නේය” යි විවරණ දුන් සේක්ක. හෙතෙම එතැන් පටන් බොහෝ කාලයක් සසර සැරිසරමින් පින් දහම් කරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි රජගහනුවර බමුණු කුලයක ඉපිද රාධ නමින් ප්‍රසිද්ධව විසීය.