යාලුවනේ සමහරු කියන්නෙ බුදු දහම අදකාලෙට පිළිගන්න බැරි ආගමක්ලු. ඒතෙ කාලෙ ඉවරයිලු. මෙන්න මේක පොඩ්ඩක් කියවල බලන්න. ඔයාල තේරුම්ගන්න ඇත්ත නැත්ත.
විද්‍යාව සහ බුදු දහම පිළිබද නොයෙක් දෙනා නොයෙක් අයුරින් කථා කරති. සමහරු විද්‍යාව යනු බුදුදහම යැයි කියති. තවත් අය අන්ධ භක්තියෙන් විද්‍යාව බුදුදහමට බලෙන් ඈදීමට උත්සාහ කරති.
එහෙත් … … …
විද්‍යාව යනු බුදු දහම නැමැති සාගරයේ ඇති කුඩා ජල අංශුවක් බව අප අවබෝධ කරගත යුතුය. විද්‍යාව යනු පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන තුනට අදාල වන්නාවූ සංසිද්ධීන්ය. යම් විටෙක මේවාට පිටින් යමක් සිදු උවහොත් එහි බරපැන දරන්නේ පිටසක්වල ජීවීන් විසිනි. එනම් හදුනා නොගත් වස්තූන් වලට දමා විද්‍යාව අත පිහදා ගනී. එහෙත් බුදු දහම තුල කිසිදිනෙක හදුනා නොගත් දෙයක් නැත. මගහැරි කිසි දෙයක් නැත. මග හැරියද ඒවා සියල්ල බුදු හිමියන් විසින් අවබෝධ කර පළක් නැති නිසා මගහැරිය දේවල්ය. කෙටියෙන් කියතොත් සියල්ල දැනගෙන අනවශ්‍ය දෑ නොදෙසා සිටීමය.
විද්‍යාව යනු නිතර වෙනස්වෙන දෙයකි. කුඩාම අංශුව පදාර්ථය බවද, ඉන්පසු පරමාණුව බවද ඉන්පසු Proton, Neutron , Electrona. ලෙස ඛණ්ඩනය කල අතර තවත් එය විභේදනය කිරීමට උත්සාහ කරයි. එහෙත් බුදුහිමි දේශනා කලේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් ලොව කුඩාම අංශු බවයි.
ලොව වේගයෙන්ම ගමන ඇත්තේ ආලෝකයට බව කිවු විද්‍යාව දැන් එය neutrino වලට පවරා ඇති බව වාර්ථා විය. ඉන්පසු නැවතත් එය නිවැරදි නොවන බව ඔවුන්ම පිළිගත්ත. දැක්ක නේද විද්‍යාව නිතරම විචල්‍ය වෙන දෙයක්.
කෙසේ නමුත් බුදු පියාණන් දේශනා කලේ සිත අභිභවනය කලහැකි කිසිදු වස්තුවක් ලොව නැති බවයි. එසේ හෙයින් යහලුවනේ බුදු දහමට අභියෝග කිරීමට විද්‍යාව ට තව කල්පයක් වත් ගතවනු ඇත. විද්‍යාව බුදු දහම පිලිගැනීම වනා අභියෝග කිරීමක් නොවේ.
අද විද්‍යාවේ යකුලු පහරින් දේව වාදී ආගම් ඇදවැටෙද්දී බුදු දහම විද්‍යාවේ අභියෝගයන්ට සාර්ථකව මුහුණදී සිටී. ඒ සත්‍යයට අභියෝග කලහැකි කිසිදෙයක් ලොව නොමැති හෙයිනි.
පරිත්ත යන ශබ්දය සිංහලට නැගුනේ පිරිත් යනුවෙනි. එහි තේරුම සියලු සත්වයන්ට වන උවදුරු වැලැක්වීම යන්නයි. පිරිතේ අරමුණ එක්කෝ සත්‍ය ක්‍රියාවකි. නැතිනම් ආඥාවක් පැතිරවීමකි. පිරිත් දේශනා ඇතුලත් වන්නේ සූත්‍ර පිටකයටයි. පිරිත් භාෂිත පිරිත්, අනුදැන වදාළ පිරිත් හා පසුකාලීනව සකස්කල පිරිත් වශවයන් කොටස්වලට බෙදෙනව. විශේෂයෙන් ඔය ජය පිරිත එහෙම පසුකාලීන මහ රහතන් වහන්සේලා සකස්කල පිරිත් විදිහට ගන්න පුලුවන්. පිරිතක් කියන විට අනුගමනය කලයුතු චාරිත්‍ර ගණනාවක් තියෙනව. ඒත් එක්ක විවිධ සංස්කෘතික අංගත් අද පිරිතට එකතුවෙලා තියෙනව. කොහොම නමුත් පිරිත බුද්ධ භාෂිත වෙන්නම ඕනි.
පිරිතකින් නියම ඵල ලබන්න ඒක අත්‍යාවශ්‍යයි. ඒ විතරක් නොවෙයි නිසි ස්වරය, සජ්ජායන වේගය විතරක් නෙවෙයි පිරිත හදල තියෙන්නෙ නිසි ගණ පිහිටීම් වලට අණුවයි. එය බුදුනුවණින් දැන වදාල දේවල්. ඒකයි පිරිතක් සිංහලට පරිවර්තන කරද්දි ඒ විදිහටම කරන්න බැරි. අනික පිරිතේ එන බුද්ධ භාෂිත ස්වරය උච්චාරණය වෙන්නෙ ස්වර තුනක් උද්වීපනය වෙන විදිහටයි. හතරක් උනොත් එය රාගය උත්තේජනයට හේතු වෙනව.
යාලුවනේ අවශ්‍ය තැන්වල නිසි ස්වරය එන එක ඉතාම වැදගත්. ඔය ආටානාටිය සූත්‍රය වගේ සූත්‍ර අහල බලන්න. හාමුදුරුවරු ඒව දේශනා කරන්නෙ ඉතාම ශබ්ද නගල. බලසම්පන්න ස්වර පිටවෙන්න ඕනි. මොකද අමනුෂ්‍යයන්ට එහෙම ශබ්ද තමයි තදින් කාවදින්නෙ. ඔය නැළවිලි ගී කියල හරියන්නෙ නෑ අමනුෂ්‍යයන්ට.
ඔයාල උපන්දා ඉදල පිරිත් අහනව ඇතිනෙ. ඔයාල යන යන තැන එකම පිරිත ඇහෙනවත් ඇති. විශේෂයෙන් ඉතිපිසෝ ගාථාව, එතකොට තුන් සූත්‍රය ඉහේ කෙස් ගාණට කියවලත් ඇති. හැබැයි කවදාවත් පිරිත් අහල ඇති උනාද? පිරිත් එපා උනාද? අන්න ඒක තමයි කියන්නෙ නිසි ගණ පිහිටීම් කියල. අනිත් කාරනේ තමයි යාලුවො දැකල ඇති පිරිත් අවසන් වෙනකොට පිරිත් කලේ උතුරනව. දැකල නැත්නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න. මම මගෙ ඇස්දෙකින් දැකල තියෙනව පිරිත් කලේ උතුරනව. ඔය සිංහල පිරිත් කියල කලේ උතුරපු තැනක් මට පෙන්යවන්න. යාලුවනේ බුදු දහම කියන්නෙ බුදු දහමට මිසක් අච්චාරුවක් නෙවෙයි. වසර 2500ක් තිස්සෙ රැකගෙන ආපු මේ පිරිත් ටිකේ අඩුපාඩු පේන්නෙ දැන්නෙ. මේ සියල්ල බුදු හාමුදුරුවො කීවෙ ශාසන අතුරැදන් වීමට හේතුවෙන දේවල් කියල. ඔලුවක් තියෙන්නෙ කල්පනා කරන්න මිසක් කාගෙවත් පදේට නටන්න නෙවෙයි. තේරැම ඕනිනම් පාඩම් කරගෙන පිරිත් අහන්න. කම්මැලිකමට ඒක සිංහලෙන් අහන්න යනව කියන්නෙ ඔබත් ශාසනේ කාල දමන කද පණුවෙක් වෙනව කියන එකයි.
—

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුදුන් පිරිනිවී දෙදහස් පන්සියවසක් ඉක්ම ගොසිනි. බුදුරදුන් අද ජීවමාන ව වැඩසිටියේ නැතත් උන්වහන්සේ පන්සාලිස්වසක් දේශනා කළ ධර්ම විනය අද ත් ලෝකයේ බබළයි. පන්සාලිස්වසක් දේශනා කළ උතුම් ධර්මය ප්‍රධාන වශයෙන් විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය. “ආනන්දය, මා පිරිනිවන්පාන්නා වූ එක් බුදුවරයකු පමණයි. මගෙන් පසු වැඩසිටින්නා වූ සුවාසූදහසක් බුදුවරුන් ඇත. ඒ මා විසින් දේශිත ධර්මස්කන්ධය යි”. Read More
ධර්මචක්රය ද? නැවේ සුක්කානම ද?
( දිනමිණ 1978.02.14 )
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ
මහජනතාව විසින් ජාතික රාජ්‍ය සභාවේ නියෝජිතයකු හැටියට පත් කැරැගන්නා ලද ජේ. ආර්. ජයවරධන මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට හා එයින් ජනාධිපති ධුරයට ද පත් වීම ගැනත් ජනාධිපති ධජයෙහි ධර්මචක්රය යෙදැවීම ගැනත් සතුට ප්‍රකාශ කරන අතර අභිනව ජනාධිපතිතුමාට තෙ රුවන් සරණින් දිගාසිරි වේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි. Read More
වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති අපේ රට ධර්ම ද්වීපය ලෙසින් හැදින් වීමට ලොවම පුරැදු වී සටිති එයට හේතුව ලෙපාව්තුරැ ශ්‍රී සද්ධර්මය අප රට තුල ජීවමානව සිටීමයි.