
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
නාගයින් කියලා කියූ සැණින් අපට මතක් වෙන්නේ බඩගාගෙන යන උරග නාගයින්. අතීතයේ නාග නමින් ගෝත්‍රයක් හිටියා කීවට ඒ ගෝත්‍රය කවුද? කියන එක ගැන විවිධ මත පළවෙනවා මිසක ඒ ගැන හරි ඒකමතික කමක් දක්නට නැහැ. මෙවර ‘‘කර්ම ගවේෂණ චාරිකාවෙන්’’ අපි බලාපොරොත්තු වෙනවා ගොඩාක් දෙනෙකුට තියෙන මෙම නාග ගැටළුවලට සාර්ථක පිළිතුරක් ඉදිරිපත් කරන්න.
කුරුණෑගල දඹුල්ල පාරේ ඉබ්බාගමුව නගරයේ සිට කි.මී.21 ක් ගිය පසු එගොඩගම හන්දිය තලාකොළ වැව පාරෙන් ගිය පසු නයින්දනාව කියලා තැනක් අපිට හමුවුණා. හැබැයි නයින්දනාව කියන්නේ ගමක නමක් නම් නෙවෙයි. පන්සලක නමකුත් නෙමෙයි. එහෙනම් නයින්දනාව කියන්නේ මොකක්ද? නයින්දනාව කියන නමේ ඉතිහාසය ක්‍රි.පූ. 6 වැනි සියවසට එහා ගිය එකක්. හැබැයි එදා නමින්ම තමයි අදත් හඳුන්වන්නේ. ඒ නයින්දනාව කියලමයි.