
ඉංග්‍රීසි භාෂාවෙහි Levitation (ලෙවිටේෂන්) නමැති වචනයක් තිබේ. මෙයට දිය හැකි සරළම භෞතික තේරුම සිටින තැනින් ඉහළට නැඟ පා වීමය. ඒ අතර තවත් විඤ්ඤාණවාදී තේරුම් දෙකක් ද මෙයට තිබේ. ඉන් පළමුවැන්න ධ්‍යාන බලයෙන් අහසේ පාවීමය. අනෙක “සෘද්ධිචාරය” ය. සෘද්ධිචාරය පිහිටන්නේ රහතන්වහන්සේලා ඇතුළු සෘද්ධි බලයෙන් අහසේ ගමන් කළ හැකි අයට ය. ගුප්ත විද්‍යාවට අයත් භූතාත්මවලට මෙන්ම දේව සංකල්පයේ පාර්ශ්වකරුවන් වන දෙවිවරුන්ටද අහසින් ගමන් කළ හැකි බව පිළිගැනේ. තම සිරුරට සවි කර ගත හැකි ජෙට් එන්ජිමක ආධාරයෙන් අහසේ ගමන් කිරීමට භෞතික විද්‍යාඥයකුට හෝ ඔහු විසින් එම කාර්යය සඳහා යොදවන පුද්ගලයකුට පුළුවන. අප ගුවන් යානයක යන විට සිදු වන්නේද අහසේ පාවීමකි. පැරෂුටයක් නැතිව තට්‌ටු තිහ හතළිහක් උස අහසින් බිමට පනින කෙනකු ද ක්‍රමානුකූලව අහසේ සිට මහ පොළවට පාවී එයි. ඔහුගේ ගමන සිරස් (Vertical) අතට සිදු වන්නක් වන නිසා පෘථිවියට ආසන්න වන විට ගුරුත්වාකර්ෂණයේ බලපෑමට හසුවී ඉතාම වේගයෙන් පොළොව මතට වැටී ඔලුව පැලී කොන්ද කැඩී අතපය කුඩු වී විනාශයට පත් වෙයි.