Skip to main content
Category

චීන බෞද්ධ කථා … ( China bawuddha katha )

බලන්න ඔවුන් නැවතත් නිදැල්ලේ …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

ලී චෙංග්වින් මහතා ඉතා කාරුණිකය. ඔහු තමාට විවේක ඇතිවිටෙක මුහුදු වෙරළට ගොස් මසුන් මරණ ධීවරයින් අමතා විමසන්නේ ‘’මොනවද අද ඔබ අල්ලාගෙන තියෙන්නේ? මාලු, කකුළුවො, කැස්බෑවො?’ ඉන්පසු ඔහු තම මුදල් පසුම්බිය දිගහැර මත්ස්‍යයින්ගේ වටිනාකම ගෙවා ඔවුන් ලබා ගෙන නැවත ඔවුන් මුහුදටම මුදාහැර ජීවිත ගලවා සතුටක් ලබයි. ඔහු අත දිගහැර වියදම් කිරීමට තරම් මුදල් ඇති ධනවතෙක් යයි ඔබට සිතෙන්ට පුළුවන. නමුත් එය එසේ නොවේ. ඔහු ධන කුවේරයෙක් නොවේ ඔහු තෘප්තියක් ලැබුවේ මරණයට කැප වූ සත්ව ජීවිතවලට අභය දානය දීමෙන් ය. ඔහු එවැනි ප්‍රාණීන් මුදා හැරීවිට මහත් සතුටින් උද්දාමවන්නේ මෙසේ තමාටම කියා ගනිමින්ය. ‘බලන්න , බලන්න ඔවුන් නැවතත් නිදහස ලැබුවා’ ඔහුගේ එම පී‍්‍රති ප්‍රමෝදය දවස මුළුල්ලේම අඛණ්ඩව දෝංකාරය දෙමින් පවතී.

ලී මහත්මයා රස විද්‍යාඥයෙකි. එය රසායන, භෞතික හා දාර්ශනික යන තුන්කොන් විද්‍යා ක්‍රියාවලියෙහි ඒකාබද්ධ සන්ධිස්ථානයකි.

ඔහු හඳුනා නොගත් අනේකවිධ රසායන විශේෂ පිළිබඳව නිරන්තරවම අත්හදා බැලීම් කරයි. ඒවා පිළිබඳ පුළුල්ව පර්යේෂණ මඟින් අධ්‍යයනය කරයි. සමහර අවස්ථාවල ඔහු ප්‍රතික්‍රියාව ගැන විමසිලිමත්වීම පිණිස විවිධ රසායනික මිශ්‍රණ ඔහු ගිල දමයි. එහි ප්‍රතිඵලය කොතරම් භයානක ද කියතොත් එමඟින් ඔහු තමා විසින්ම ශරීරයට මාරක විෂ ඇතුළු කර ගැනීමක් ය. එහි ප්‍රතිඵලය කුමක් විය හැකිදැයි ඔබටම අනුමාන වශයෙන් සිතාගත හැකිය. Read More

එළදෙනක් ලෙස ආත්ම එකොළහක් …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

වර්ෂ 1815 දී පමණ ලින් ෂුෂි නමැති පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්විය. ඔහු සත්පරුෂ ජීවිතයක් ගතකළ කෙනෙක් බැවින් ඔහුගේ ඥාති මීත්‍රාදීහු ඔහු ගැන මහත්සේ ශෝකවූහ

මරණයෙන් පසුව ඔහු සංක්‍රමණය වූයේ අපායටය. යම රජුගේ පරමාධිපත්‍යයෙන් යුත් සමාධිකරණයේදි ඔහු පිළිබඳ නඩුවද විභාග කිරීමට නියමිතව තිබුණි. අධිකරණයේ මුළාදෑනිහු යම පල්ලෝ වූහ. ඔවුන්ගේ මුහුණු අශ්ව මුහුණු හා සමාන වූ අතර, හිස් ගවහිස් මෙන් විය. අනික් යම දූතයෝ ඊළඟට මිය යන පුද්ගලයා භාර ගැනීමට සූදානම්ව පුලා පුලා බලා සිටිති. වධයට පාත්‍ර වන්නන්ට අනේකවිධ වධ හිංසා කිරීමට අවශ්‍ය වධක ආයුධ වලින් බිත්ති පිරී ගොස් තිබුණි. බිත්තිවල එල්ලා ඇති අති දරුණු ආයු ධ දැකීම පවා බිය උපදවන භයානක දර්ශනයක් විය. මේ සියල්ලම නිර්මාණය වී ඇත්තේ අපේ සිත්වල හට ගන්නා දුෂ්ට කෲර චේතනාවල ප්‍රතිඵලය අනුව මිස ඒවා කවර ආකාරයක දෙවියකුගේ හෝ යක්ෂයකුගේ හෝ නිර්මාණ නොවීය.

යිං චිහ් නමැති වෛද්‍යවරයා අධිකරණය ඉදිරියට තාඩන පීඩන කරමින් ඇදගෙන එනු ලැබීය. “ආහ් ! නෑ! නෑ! මං මේ දැන් මිය ගියා විතරයි. එසේනම් මා විනිශ්චය කරු ලෙස ක්‍රියා කරන අධිකරණය මෙය විය යුතුයි “ එසේ සිතමින්ම ඔහු මහත්සේ තැතිගැන්මට පත්විය. Read More

උගුල්වල සිර වූ සාවුන් මුදා හැරීම …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

හ්‍යුනැං (HUINENG) නමැති අතිපූජ්‍ය ඒ චීන මහා ස්ථවිරපාදයාණන් වහන්සේ ජීවත් වූයේ ක්‍රි.ව. 638 – 713 දක්වා වූ කාලයේ ය. ඉතා දිළිඳු පවුලක උපත ලද ඒ මහා භාග්‍ය සම්පන්න සංඝ නායකයාණන් වහන්සේට කුඩා කල අකුරු කිරීමට පාසලකට යෑමේ අවස්ථාව පවා නොලැබුණි. එසේ වුවද උන්වහන්සේ ජන්ම දායාදයක් ලෙස ලැබූ ආශ්චර්යජනක බුද්ධි බලයකින් හා ප්‍රඥා මහිමයකින් ද යුක්ත වූ සේක.

එම ශක්තිය හේතුකොට ගෙන බුද්ධ ධර්මය ගැන දැනගත් වහාම ධර්මානුකූ®ලව හැඩගසාගෙන පැවිදි ජීවිතයට ඇතුළත් විය. දුෂ්කරතා මධ්‍යයේම බොහෝ වෙහෙස මහන්සියෙන් ධ්‍යාන වඩවා මාර්ගඵල අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත්වූ සේක. උන්වහන්සේගේ ගුරු දේවයාණන් වූයේ චෑං ධර්ම ශාස්ත්‍ර පීඨයේ පස්වන කුලපති මහෝපාධ්‍යයන් වහන්සේ ය. එම දීපව්‍යාප්ත ධර්ම ශාස්ත්‍ර පීඨයේ පළමු කුලපතිවරයාණන් වහන්සේට භාරතයෙන් (ඉන්දියාවෙන්) පිරිනමන ලද අති ගෞරවණීය ‘’කුලපති බෝධි ධර්ම නාමධාරී’’ ඓතිහාසික චීවරය හා පාත්‍රය ද හ්‍යු නැං මහා ස්ථවිර පාදයාණන් වහන්සේට එහි පස්වන කුලපති ආචාර්යෝත්තමයාණන් වහන්සේ විසින් පිරිනමනු ලැබීය. ඒ අනුව ජපාන ජාතිකයින් පවා සෙන් යන නමින් හඳුන්වනු ලබන චීනයේ මහා ධර්ම ශාස්ත්‍ර පීඨයේ හයවන කුලපති පදවියට පත්වූයේ  (HUINENG) හ්‍යුනැං ස්වාමීන් වහන්සේ ය. Read More

ගෘහ සේවිකාව සුවපත් කල කැස්බෑවා …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චියැං යුවල තමාට ලැබුණ පණිවුඩයක් අනුව නිවසින් බැහැර යාමට සූදානම්ව ස්වකීය ගෘහ සේවිකාව අමතා ‘’අමතක කරන්න එපා අර කැස්බෑව උයන්න ඉස්සෙල්ල හොඳට අතුල්ලන්න ඕන. ඒ වගේම සතා හුඟක් ලොකු නිසා බොහොම පරිස්සමෙන් වැඩ කරන්න වේවි. ඒක බොහෝම හොඳට වරදක් නොකියන්න කරල තියෙන්න ඕන. තේරුණාද?’’

‘’ඔව්, නෝනා. මට හොඳට විස්වාසයි. මම දන්නවා, මට පුලුවනි’’ සේවිකාව පිළිතුරු දුන්නාය. ඔවුන් නික්ම ගියාට පසුව මුළුතැන් ගෙයට ගිය ඇය කැස්බෑවා දෙස බලා අතගාමින් කැපීම ආරම්භ කළ යුත්තේ කොතැනින් දැයි විමසිලිමත් වූවාය. නමුත් බිම ලැඟ සිටින කැස්බෑවා දුටු ඇයට කණගාටුවක් ඇතිවිය.

‘’අසරණ කැස්බෑවො, ඔබ වඩා කැමති නිදැල්ලේ ගඟේ පීනන්නද, එහෙම නැත්නම් හොද්දේ පීනන්නද?’

මෙම කැස්බෑව පිළිබඳව ගෘහ සේවිකාවට කණගාටුවක් ඇතිවූයේ මන්ද? ඇය චියැං පවුලට බොහෝ කැස්බෑවුන් පිස රස බොජුන් සපයා ඇත. මන්ද ඔවුන් කැස්බෑ මාංශ අනුභවයට මහත් රුචියක් දක්වන හෙයිනි. හොඳයි ඇය මෙම කැස්බෑවා ගැන දුක්වූ බව කවුද දන්නේ. එපමණයි. පසුව කැස්බෑව ඔසවාගත් ඇය දොර සමීපයට ගෙන ගොස් පිටවී යන්නට අවස්ථාව සලසා දුන්නාය.

‘’නෑ! ඒක හරියන්නේ නෑ. කැස්බ භෝජනය පිණිස චියැං පිරිස ආවම මම ඔවුන් කැස්බ මුදා හරියයි කියල කණගාටුව පළ කළාම මට කස පහර දුන්නත් ඒ දඬුවම නිසා මට දැනෙන වේදනාවට වඩා විශාල වේදනාවක් කැස්බෑව වළද තුළ විඳිනව‘’ මෙසේ සිතා හිත හදාගත් සේවිකාව කැස්බෑවට නිරුපද්‍රිතව යන්ට ඉඩ කඩ ලබා දුන්නාය. Read More

සර්පයාගේ මුතු පරිත්‍යාගය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

“ඒ මොකක්ද?’’ එක් මුර භටයෙක් විමසුවේ ය.

‘’ඒ නිකම් සර්පයෙක්. අපි ඌ මරමු’’ ඔහුගේ අඹයාළුවා යෝජනා කෙළේය. ඒ වර්ණවත් කුඩා සර්පයා මැරීම පිණිස ඔවුහු තම තමන්ගේ තියුණු විස පෙවූ හෙල්ල අමෝරා ගත්හ.

‘’නවතින්න’’ වේගවත් නියෝග හඬක් නිකුත් විය. එම නියෝග හඬ ඇසෙත්ම මුර භටයින් දෙදෙනා ගල් ගැසුනාක් මෙන් නතර වූයේ එම නියෝගය කළ සුයි හි ආදිපාදවරයා නෙත ගැටීමෙන් ය.

‘’තමුන්ට පේන්නෙ නැද්ද දැනටමත් ඒ අසරණ සතාට තුවාල වෙලා තියෙන බව. අසරණයා’’ එය සත්‍යයකි. දැනටමත් ඒ සර්පයා ගේ හිසට තුවාලයක් සිදුවී තිබේ. එය ඔවුන්ට දැකගත හැකිවූයේ පසුවය.

කාරුණික ආදිපාදවරයා ස්වකීය ආරක්ෂක සෙබලුන්ගේ ද සහාය ඇතිව සර්පයා ඔසවාගෙන ගං ඉවුර කරා රැගෙන ගියේ ය. සර්පයාට නිරුපද්‍රිතව එහි නිදැල්ලේ සිටීමට ඉඩ හරින්ට යැයි ඔහු ආරක්ෂක භටයින්ට නියෝග කෙළේය. සුළු වේලාවකට පසුව එක් මුර භටයෙක් අනික් මුර භටයා අමතා ‘ආහ්! අර බලන්න, සර්පයා ආයිත් එනවා’ යයි හඬ නැගීය.

‘ඔව්…ඔව් සර්පයාගේ කටේ මොනවාදෝ තියෙනවා’’ යි අනිකා සනාථ කෙළේය. Read More

ක්‍ෂය රෝගය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

සුව කිරීමට ඉතා අසීරු භයානක මාරාන්තික රෝගයක් බව දැන දැනම එම රෝගයෙන් පෙළෙන තම බිරිඳ කෙසේ හෝ සුවපත් කරගනිමියි යන දැඩි අධිෂ්ඨානය ඇතිව කටයුතු කරන මහත් බලාරොත්තු සහිතව එදා උදෑසන බිරිඳගේ රෝගී කාමරය වෙත ගොස් ඇයට ආශිර්වාද කොට සෙනෙහසින් යුතුව ෆෑන් ( FAN ) මහතා මෙසේ කීවේය.

‘සුබ උදෑසනක් වේවා, මැතිනිය ඔබට අද යම්කිසි විශේෂ සුව ගතියක් දැනෙනවාද?’

තම ස්වාමියාගේ දැඩි සෙනෙහස හා දැඩි අපේක්ෂාව මැනවින් දන්නා ෆෙන් මැතිනිය මෙසේ පිළිතුරු දුන්නාය.

‘ඔව් මහත්මයාණෙනි, ඔබතුමා මා ගැන දක්වන උනන්දුවට අනේක වාරයක් ස්තුති කරමි’ යි ඇය වේදනාවෙන් කථා කෙළේ සිහින් කෙඳිරිගාන ශබ්දයකින් ද යුක්තව ය.

චිං කව් නගරයේ එවකට සිටි අතිදක්ෂ විශේෂඥ වෛද්‍යවරයා වූ චෙං ෂින්ග් ෂිං මහත්මයා ලවා ස්වකීය බිරිඳට ප්‍රතිකාර කරවන ෆෑංගේ අදහස ඔහු මැනවින් දැන සිටියේ ය. එදා රෝගී කාන්තාව මනා ලෙස ස්වකීය පරීක්ෂණයට භාජනය කළ චෙං විශේෂඥ වෛද්‍යතුමා පරීක්ෂාවෙන් පසුව ෆෑන් මහතා රෝගියාගෙන් පිටතට කැඳවා ගෙන ගොස් මෙසේ කීවේය.

‘’දැනට ඔබගේ රෝගියා ඉතාම අසාධ්‍ය තත්ත්වයක පසුවුණත් ඇය සුවපත් කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා’’ යයි කථාව ආරම්භ කළ ඔහු මෙසේ ද කීවේය. ‘ගේ කුරුල්ලන් සියයකගෙ ඔළු අරගන්න. මේ වට්ටෝරුවෙ තියෙන ආකාරයට ඒවා බේත් බවට පමුණුවා ගන්න. ඊට පසුව තුන්වෙනි දවසෙත් හත්වෙනි දවසෙත් ගේ කුරුළු මොළ රෝගියාට අනුභව කිරීමට පිස දෙන්න මෙය ප්‍රයෝගකාරී කෙම් ක්‍රමයක් මේක මගේ පරම්පරාගත මුතුන්මිත්තන්ගේ ගුරු මුෂ්ටියක් ලෙස පවත්වාගෙන එන ඉතා දුර්ලභ අත්හදා බැලීමක ප්‍රතිඵලයක්. මෙය කවදාවත් වැරදිලා නැහැ. හැබැයි එකක් හොඳටම මතක තබාගන්න ඕන. මොකක්ද? ඔබ හරියට ම ගේ කුරුල්ලන් සියයක්ම එකෙක්වත් අඩුනැතිව ගත යුතුයි. එකෙක්වත් අඩුවුණොත් ප්‍රතිකාරය හරියන්නේ නැහැ.’’ Read More

අභය දානය නොදීමේ විපාකය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

එම ප්‍රදේශයේ ජීවත් වූ මහාම ධනවතා වූ ලිං ය. ඔහුට එහි විසූ කිසිවකුට නොතිබූ තරම් මහා ධනයක් තිබුණේ ය. එම ධනය සුඛෝපභෝගී ලෙස හිතුමතයේ ඔහු වියදම් කෙළේ ය. වූගේ පුත්‍රයාද පියාමෙන් ම විනෝදකාමියෙක් වූයේ ය.පුතාත් පියා වාගේම යැයි ගැමියෝ කීහ. ඔහු විදේශීය ආහාර වර්ග අනුභවයට දැක්වූයේ මහාකෑදරකමකි. වූ පවුල එක් දවසක් ප්‍රණීත ආහාරපාන සහිත සම්භාෂණයක් සූදානම් කිරීමට තීරණය කළහ. ඔවුන්ගේ පවුලේ සූපවේදියා ලවා වෙළෙඳපොළෙන් පණපිටින් කැස්බෑවකු මිලදී ගෙන්වා ගත්හ.

 

මෙම වර්ගයේ කැස්බෑවුන් මිලදී ගැනීම අසීරු වූයේ ඔවුන්ගේ මස් ඉතා පෝෂ්‍යදායී වූවා පමණක් නොව රසින් ද උසස් වූ බැවිනි. ගෙදරට ගෙන ආ කැස්බෑවා දුටු වූගේ සිත කිතිකැවී ගියේ ය. ගත පී‍්‍රතියෙන් පිනාගියේ ය.

තම ස්වාමියාගේ මේ විපර්යාසය දුටු සූපවේදියා කට වසාගෙන සිනාසෙමින් සත්ත්වයා ඝාතනය කිරීම පිණිස මස් කැත්ත හනගලට අල්ලා හොඳින් මුවහත් කරගත්තේ ය. කැස්බෑවාගේ හිස සැත් පිහියෙන් වෙන් කිරීමට සූදානම් වන විටම ඔහුට දකින්ට ලැබුණේ කැස්බෑවා හඬන බවය. වැගිරෙන කඳුළුවලින් මුරගා කියවුණේ “තමාට ජීවිත දානය දෙන්න” යැයි කියන අදෝනාවය. කන්නලව්වය. Read More

මහලු කුං මැතිණිය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

මස් මරන්නා සිහිනය ගැන වැඩි යමක් කල්පනා නොකළේ ඔහුද ජීවිත කාලය පුරාම ප්‍රාණඝාත කිරීමේ නියැලී සිටි බැවින් ය. එම සිහිනය දැක දින පහකට පසුව වෙනදා නොඇසු විරූ තරම් අති විශාල ගංවතුරකින් නගරය සම්පූර්ණයෙන්ම යටවී ගියේය.

දහ අට වැනි ශත වර්ෂයේ චී එන්ලුං චීන අධිරාජයාගේ පාලන සමයේ සිදු වූ සත්‍ය පුවතක් මෙසේ වාර්තා ගතවිය. එවකට චීනයේ ජුන්චව් නගරයේ ජීවත් වූ මනුෂ්‍යයෝ මහා අධම අශීලාචාර ගති පැවතුම් ඇත්තෝ වූහ. ඔවුන්ගේ ප්‍රධාන විනෝදාංශයත්, ජීවන වෘත්තියත් වූයේ සත්ව ඝාතනයයි.

එම නගරයේ පුරුෂයෝ හා පිරිමි ළමයි පමණක් නොව ස්තී‍්‍රහුද , ගැහැණු ළමයි ද කුඩා කල සිටම කෲරකම් වලට හා සත්ව හිංසා වට පුරුදුව සිටියෝය. එම නගරයේ ගැහැණු ළමයින් වැඩිපුර නොවීය.

ඊට හේතුව ගැහැණු ළමයකු උපන් වහාම ඒ ළමයා දියේ ගිල්වා මරාදැමීම එහි සිරිත වූ බැවිනි. හදාවඩා ගන්නේ සීමිත ගැහැණුන් සංඛ්‍යාවක් පමණකි. එසේ තම දරුවන් ඝාතනය කරන ඔවුහු ඒ නසන්නේ තමාගේම දරුවන් නොවේදැයි නොසිතති. පිරිමි දරුවන් හදා වඩා ගන්නේ ගොළුබෙල්ලන්, දියබෙල්ලන් හා ගෙම්බන් අල්ලා ගැනීමටත්, ඔවුන් විකිණීමටත් ආහාරයට ගැනීමටත් පුරුදු කිරීමටය. Read More

කරුණාවේ මහානුභාවය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චීනයේ චෙකියාං ප්‍රාන්තයේ කුංසිචි ප්‍රදේශයේ විශාලම පූජණීය ස්ථානවලින් එකක් වූයේ කෂාන් මහා විහාරයයි. එම විහාරය දිනපතාම වන්දනාකරුවන්ගෙන්, සංචාරකයින්ගෙන් හා සෞන්දර්ය ආශ්වාදලාභීන්ගෙන් නිරන්තරවම පිරීපවතී.

එක්දිනක් එම ස්ථානය නැරඹීමට උසස් විභාග අපේක්‍ෂකයින් දෙදෙනෙක් පැමිණියේය. ටාඕ ෂිහ් ලියං සහ ටෑං චිහ්ටිං එම ශිෂ්‍යයින් දෙදෙනාය. අපේ මහා ප්‍රඥානායක තුමා පූජනීය ස්ථානවල සම්ප්‍රදායනුකූල නිදහස් ජලජ ජීවි තටාක තැනීම ආරම්භ කළ ආකාරය කලින් දැනුවත් කර තිබුණි. කෂාන් විහාරස්ථානයේ ද ඒ අනුව අති විශාල නිදහස් ජල ජීවි තටාකයක් තිබූ අතර එම ශිෂ්‍යයින් දෙදෙනා විහාරය නැරඹීමට පැමිණි අවස්ථාවේ දහස් ගණනක් වූ ආඳ මත්ස්‍යයින් සහ වෙනත් නොයෙක් වර්ගවල මත්ස්‍යයින් නිදැල්ලේ එහි ඉතා සතුටින් පීනමින් රඟපාමින් සිටිනු බලා සිටියහ. එසේම ඔවුන්ට යමක් ඉටුකිරීමට ද සිතිවිල්ලක් පහළ විය.

Read More

පිසින ලද මිරිදිය කැස්බෑවා …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චීනයේ චියාංෂු ප්‍රාන්තයේ ටාන්ටු ප්‍රදේශයේ ඇන්කෑං ග්‍රාමයේ පදිංචිව සිටි චෙං ලඕචි (CHENG LAOCHI) නමැත්තාගේ අතිශයින් ප්‍රියජනක ආහාරය වූයේ මිරිදිය කැස්බෑවුන්ගේ මස්ය. ඔහු ප්‍රධාන කාරණා තුනක් හේතුකොට මෙම මස් ආහාරයට ගැනීමේ පුරුද්ද දීඝ¡ කාලයක සිට අඛණ්ඩව පවත්වාගෙන එන්නේය. ඔහුගේම මුවින් ප්‍රකාශ කරන අන්දමට පළමුවැනි කාරණය මිරිදිය කැස්බෑවුන්ගේ මස මධ්‍යස්ථ ගුණයෙන් යුක්තය. ඒවා වඩා තදත් නැත. වඩා මෘදුව හෝ බුරුල්ව හෝ නැත. දෙවැනි කාරනය මිරිදිය කැස්බෑ මස අනුභව කළවිට ඔහුට ඉතාමත් සුව පහසු සහිත සැප නින්දක් ලැබේ. තුන්වැනි කාරණය මිරිදිය කැසුබු මාංශය ඉතා හොඳ ඖෂධීය ගුණයෙන් යුක්තය. ඒවා හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය පහසු කරයි. මෙම මිථ්‍යා විශ්වාසය නිසා ඔහු තම පසුම්බියේ වැඩිපුර මුදල් ගැවසෙන සෑම විටෙකම වෙළඳ පොළට ගොස් මිරිදිය කැස්බෑවකු රැගෙන ගෙදර ඒමට වග බලාගනී.

එක් දිනක් කළුපැහැති ඇඳුමක් ඇඳගත් යමෙක් ඔහු ඉදිරියේ සිහිනෙන් පෙනී සිට මෙසේ කීවේය. Read More

error: Content is protected by www.ifbcnet.org.