
උරුවෙල කස්සප මහ රහතන් වහන්සේ මහ පිරිස් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. තම සහෝදර දෙනමගේද පිරිවර සහිතව දහසක පිරිසක් උන් වහන්සේ ල ග ශ්‍රාවකයයෝ වෙති. කස්සප යනු ගෝත්‍ර නාමය යි. උරුවෙල් ජනපදයෙහි විසූ හෙයින් උරුවේල කස්සප නමින් ප්‍රසිද්ධ විය. උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප නමින් ප්‍රසිද්ධ තුන් බෑයෝත් ඔවුන්ගේ ශ්‍රාවකයෝත් හැම දෙනාම ජටිල යෝ වෙති.
උරුවෙල කස්සප මහරහතන් වහන්සේ මෙයින් අවුරුදු කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ දවස හංසවතී නම් නුවර කුල ගෙයක ඉපිද වැඩි වියට පැමිණ වාසය කරන අවස්ථාවෙහි දිනක් බුදුරජාණන් වහන්සේන්ගෙන් ධර්මය ඇසීමට විහාරයට ගියහ. ඒ මොහොතෙහි බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවක මහ පිරිස් ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානයට පත් කරනු දුටු එකී කුලපුත්‍රයා තමන්ටද අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් එබදු පදවියක් ලබනු කැමතිව සතියක් මුළුල්ලෙහි මහ දන් පවත්වා අවසානයේදී තමාගේ අභිප්‍රාය බුදුන්ට දැන් විය. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එම ප්‍රාර්ථනාව සඵල වනු බව දැක ” කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළ වන ගෞතමනම් බුදුන් ගේ ශාසනයෙහි දී තොපගේ ප්‍රාර්ථනාව සිද්ධ වන්නේ ය” යි විවරණ දුන් සේක.