
ක්‍රිස්තු පූර්ව සවන සියවස තරම් දුරාතීතයේදී බුදුන් වහන්සේ දේශනා කළ කරුණු තුළ නූතන වෛද්‍ය ශාස්ත්‍රය පවා ඉක්මවාගිය පෘථුල දැනුම් සම්භාරයක් අන්තර්ගත ව ඇති අයුරු අද අපි විමසා බලමු. මිනිසාට වැලඳෙන කායික රෝග පිළිබඳ ව බුදුන් වහන්සේගේ මෙම වර්ගීකරණය සඳහන් ව ඇත්තේ අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයෙහි ය.
‘ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්‍යථිදං, චක්ඛු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කණ්හ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්ඡි රෝගෝ, මුච්ඡා, පක්ඛන්ධිකා, සූලා, විසූචිකා, කුට්ඨං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්ඡිකා, ලෝහිත පිත්තං, මධුමේහෝ, අංසා, පිළකා, භගන්දලා, පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං, උණ්හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරෝ, පස්සාවෝති.’
පඤ්චස්කන්ධයේ ඇති විය හැකි මෙම රෝගාබාධ 48කින් යුතු ලැයිස්තුව කා හටත් වැටහෙන ලෙස කෙටියෙන් පැහැදිලි කිරීම වැදගත් යැ යි සිතේ. ඉහත සඳහන් රෝග පිළිවෙළින් දක්වන්නේ නම් මෙබඳු ය: