
පින්වත් යාලුවනේ රන්ගිරි ගුවන් විදුලියේ වඩසටහනක් අහපු මට මේ කෙටි ලිපිය ලියන්න හිතුන.
මිනිස් සිතිවිලි පරිසරයට මොනතරම් බලපානවද ? යන කාරනයයි ඒ. අපි හොදින්ම දන්නව ලෝක විනාශය මෙන්ම කල්ප විනාශය සිදුවන වෙලාවෙත් ඒකට හේතුව වශයෙන් දක්වල තියෙන්නෙ මිනිසා මිනිසත්කමින් පිරිහීම කියල නේද? යහලුවනේ බුදුදහම පුරාවටම සදහන් වෙනව මිනිස් සිත දූෂණය වීම තුලින් පරිසරය ආපසු මිනිසාටම පාඩම් උගන්වන හැටි. ඔය මෑතකදි ආපු සුනාමියත් එයට හොද සාධකයක්. සුනාමිය ගැන කියවෙන හොදම උදාහරණය තමයි සමුද්‍රවාණිජ වාණිජ ජාතකය. මම ඒගැන ලිපියක් පලකරල තියෙනව කලින්. ඒකෙ ලින්ක් එක අවසානයට දාන්නම්කො.
ඉතින් අපිට මේවයින් හොදටම පැහැදිලි වෙනව මිනිස් සිත පරිසරය කෙරේ මොනතරම් බලපානවද කියල. වරක් එක් රහතන්වහන්සේ කෙනෙක් වනපෙතක භාවනාකරින් වැඩසිටිය කාලයක්. ඊටපස්සෙ උන්වහන්සේ එතනින් වෙන තැනකට වඩින්න තීරණය කල කලින් දවසෙ රෑ යමෙක් හඩන ශබ්දයක් ඇහිල මේගැන විපරම් කලාලු. බැලින්නම් රුක් දෙවියෙක්ලු. කාරණ් විමසුවම දැනගන්න ලැබුනෙ උන්වහන්සේ වනයට වඩින්න ඉස්සර රුක් දෙවිවරු නිතර ගැටුම් ඇතිකරගත් බව. ඒත් රහතන්වහන්සේෙග් පැමිනීමත් සමගම උන්වහන්සේ සිදුකල මෛත්‍රී භාවනාවේ බලයෙන් සියලුදෙනාගෙ සිත් මෙල්ලවෙලා බොහොම සමගියෙන් ඉදල. ඉත්න් උන්වහන්සේ ඉවත වැඩියම ආයිත් ගැටුම් ඇතිවෙයි කියලයි අර රුක්දෙවිය හඩල තියෙන්නෙ. කොහොම නමුත් රහතන් වහන්සේ තීරණය කලා දිගටම එහි වැඩ ඉන්න. ඉතින් ඔය සමුද්‍රවාණිජ වාණිජ ජාතකය වගේම රුක්දෙවිවරු මිනිස් සිතිවිලි අනුව ප්‍රතිචාර දක්වපු අවස්ථාවක් ඔය.
නමුත් ඍජුවම පරිසරය කෙරේ බලපෑම්කල අවස්ථාත් ඕනිතරම් අපිට දැකගන්න පුලුවන්. විශේෂයෙන්ම සද සත්වයා හා පුදුම සම්බන්ධයක් තියෙන්නෙ.