
මෙතගු මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් ඵලයට පැමිණ දුක් කෙළවර කරන්නෙමි යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් රැස් කළහ. හෙතෙම එයින් චුතව සසර සැරිසරමින් සිට අපගේ ද බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයක උපන්නේය. නමින් මෙත්තගු මාණවක විය. මෙත්තගු මාණවකයා කලක් ගිහිගෙයි වැස බාවාරි. නම් තාපස තුමාගේ ශිෂ්‍ය භාවයට පැමිණ තාපසයෙක් විය. හෙතෙම බාවාරි ගේ අනුදැනුම ඇතිව අප භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණමේ ප්‍රශ්න විචාළේය.