Skip to main content
Category

පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ … ( Asumaha Srawakayo …)

යස හිමියන් කැදවාගෙන ඒමට ගොස් භවය කෙලවර කල තුන්වන මිතුරා පුණ්ණජි මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

පුණ්ණජී මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහ. එම කුල පුත්‍රයා වැඩි වියට පත් වූ කල්හි පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැ දී ” අනාගත යෙහි රහත්බව ලබා සසරින් එතෙර වන්නෙමි” යි. ප්‍රාර්ථනා කොට බොහෝ පින් රැකෙළේ ය. හෙතෙම එයින් චුතව දෙවි මිනිස් සැප අනුභව කරමින් සසර සැරි සරමින් සිට ‘ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස සිටු ගෙදරක ඉපදී පුර්ණජි නමින් ප්‍රසිද්ධව විසීය. පුණ්ණජි මාණවකයා යස කුලපුත්‍රයාගේ කල්‍යාණ මිත්‍රයෙකි. යස කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේන්ගෙන් පැවිදි බව ඇසූ පුණ්ණපි මාණවකයා කලින් විමල, සුභානු යහළුවන් මෙන්ම යස තෙරුන් ආපසු කැදවා ගෙන එනු පිණිස ඉසිපතනාරාමයට ගියේ ය. යස තෙරුන් වහන්සේන්ගේ මනා වූ සංවර ගති පැවතුම් වලින් පැහැදුණු පුණජි ට තමා ආ කාරණය අමතක විය.

Read More

යස හිමියන් කැදවාගෙන ඒමට ගොස් භවය කෙලවර කල සිව්වන මිතුරා ගවම්පති මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

ගවම්පති මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි දඹදිව එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පත් කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසර දුක් කෙළවර කර ගන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. හෙතෙම එයින් චුතව සිටී නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේ දැක පැහැදී මල් පූජා කොට පින් රැස් කර ගත්තේ ය. එයින් පසු බොහෝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි ගත කොට කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේ ගේ ධාතු චෛත්‍යයෙහි ඡත්‍රය ද වේදිකාව ද ඉදි කොට පින් රැස්කර ගත්තේ ය. ඊට අනතුරු ව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල ගෙයක උපන්නේ ය. එම ගෙයි බොහෝ ගවයෝ වුහ. ඒ ගවයන් රැක බලා ගත්තේ ගොපලෝ ය. එකී කුලපුත්‍රයා ඔවුන් යන එන තැන් විමසමින් හැසිරෙයි. හෙතෙම එක්තරා රහත් තෙර නමක් ඒ ගමෙහි පිඩු පිණිස හැසිරෙන බව දැක උන්වහන්සේට සෙවන ගෙන දෙනු පිණිස මහරී ලීයෙන් කළ මඩුවක් තනා පුජා කෙළේ ය.

Read More

වැඩිමල් සොයුරු මග ගොස් භව නිරෝධය කල නදී කස්සප මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

නදී කස්සප මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවියට පත් වූ කල්හි දිනක් බුදුරජාණන් වහන්සේ පිඩු පිණිස වැඩ ම වන අයුරු දුටහ. උන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණු හෙතෙම තමාගේ වත්තෙහි අඹ ගසක හටගත් මුල්ම අඹගෙඩිය උන්වහන්සේ පිදීය. තමන් අනාගතයෙහි රහත් බව ලබා ” සසරින් එතෙර වන්නෙමි” යි  ප්‍රාර්ථනා ද කෙළේ ය. ඒ කුල පුත්‍රයා එයින් චුතව දෙවි මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මගධ රට. බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය. ඔහු උරුවෙල කාශ්‍යප තවුසාගේ දෙවන සහෝදරයා ය. නදී කාශ්‍යප නමින් ප්‍රසිද්ධව සිටි හෙතෙම ගිහිගෙය කලකිරී තම සහෝදර උරුවෙල කාශ්‍යප මෙන් නේරංජරා නදිය අසල අසපුවක් සාදා ගෙන තවුස් දම් පිරීය.

Read More

වැඩිමහල් දෙසොහොයුරන් ගිය මග ගමන් කර භව නිරෝධය කල ගයා කස්සප මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

 ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි මෙලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නම් එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පත් කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසරින් මිදෙමි” යි ප්‍රාර්ථනා කොට බොහෝ කුසල් රැස් කළහ. හේ එයින් චුතව සසර සැරිසරා සිඛී නම් . බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි කුල ගෙයක ඉපිද ගිහිගෙය හැර දමා තාපස පැවිද්ද ලැබීය. එසමයෙහි සිඛී බුදුරජාණන් වහන්සේ හුදකලාව ම ඔහුගේ තාපස අසපුව සමීපයෙන් වඩිමින් සිටි සේක. එකල්හි තවුස්තුමන් උන්වහන්සේ දැක සතුටු සිත් ඇත්තේ ළගට පැමිණ වෙලාව දැන ඩෙබර ඵල ගෙනවුත් පිළිගැන් වීය. අනතුරුව ද බොහෝ පින් කොට හෙතෙම අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද ගයා කස්සප නමින් ප්‍රසිද්ධව විසීය. ඔහු වනාහී උරුවේල කාශ්‍යපගේ බාල සහෝදරයා ය. ටික කලක් ඇවෑමෙන් හෙතෙම ගිහි ගෙයින් නික්ම තවුස් දම් රකිමින් දෙසියයක් පිරිස සමග නේරංජන නදියෙහි පහළ ප්‍රදේශයේ අසපුවක් කොට වාසය කෙළේ ය. 

Read More

බුදුහිමියන් ඥාතීන්ට දෙසූ බණ අසා පැවිදි වූ මහා උදායී මහරහතන් වහන්සේ .

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

මහා උදායී මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි වියට පත්ව එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” මම අනාගතයෙහි  රහත් බවට පැමිණ සසර දුකින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. එතැන් පටන් බොහෝ කුසල් රැස්කොට දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වාසය කළේය. නමින් උදායී විය.

Read More

දරුණු මිණීමරුවෙක්ව සිට බුදුවදනින් භව නිරෝධය කල අංගුලිමාල මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

අංගුලිමාල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් බව ලබා සසරින් එතර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. ඒ කුල පුත්‍ර තෙම බොහෝ කුසල් රැස්කොට එයින් චුතව දෙවි මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කොසොල් රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයාට දාව එම බැමිණිය ගේ කුසින් බිහි විය. බිහිවන මොහොතේ දී රජුගේ මාලිගාවෙහි පටන් සියලූ නුවර වාසීන්ගේ ගෙවල ආයුධ දිලිසිණ. රජතුමා පසු දින උදයේ පුරෝහිත බමුණා ගෙන්වා ආයුධ දිලිසීමට හේතුව විචාළේ ය. ” මහරජ, අපගේ ගෙදර ඊයේ පුතෙක් උපන්නේ ය. ඔහුගේ ආනුභාවය හේතු වෙන් මුළු නුවර දිලිසුණේ ය” යි පුරෝහිත බමුණා පිළිතුරු දුන්නේ ය.

Read More

රන්වන් මාලුවෙක් නිසා කලකිරී පැවිදිව භව නිරෝධය කල යසෝජ මහරහතන් වහන්සේ .

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

 යසෝජ මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලය ලබා සසර දුකින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. හෙතෙම එයින් පසු බොහෝ පින්කම් කොට අනතුරුව විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ආරාම ගෝපක කුල යෙහි (අරාම මුර කරු කුලයක) උපන්නේ ය. දිනක් විපස්සි බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනා අයුරු දුටු මුරකරු උන්වහන්සේට දෙල්ගෙඩියක් පුජා කෙළේ ය. වෙනත් පින්කම් කරමින් සිටි මුරකරු එයින් චුතවඅපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවරට සමීප වූ මසුන් මරන්නන්ගේ ගමක මසුන්කරන්නන් පන්සිය දෙනකුට ප්‍රධාන පුද්ගලයකුට පුතකුව උපන්නේ ය. ඔහුට යසෝජ යයි නම් කළාහුය.

Read More

දෙවියන් දුන් ප්‍රශ්න අසා පැවිදිව භව නිරෝධය කල සභිය මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

සභිය මහරහතන් වහන්සේ මෙයින් අවුරුදු කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගත යෙහි රහත් බව ලබා සසර දුකින් මිදෙන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. වෙනත් පින්කම් ද කළ ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව සසර බොහෝ කාලයක් සැරිසරමින් සිට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල ගෙයක උපන්නේ ය. එම කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව පාවහන් සගලක් උන්වහන්සේට පුජා කෙළේ ය. අනතුරුව එයින් චුතව කාශ්‍යප බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එම බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තවත් කුලපුත්‍රයන් සය දෙනකු හා සමග කැටිව පැවිදිව කර්මස්ථාන රැගෙන වනයෙහි වාසය කරනුයේ මාර්ගඵල අවබෝධයක් ලබා ගත නොහැකි එක්තරා පර්වතයකට නැඟ මහණ දම් රැක්කාහුය.

Read More

error: Content is protected by www.ifbcnet.org.