Skip to main content
Category

පිරිත් ගැන නොදත් දේ. ( Pirith gana nodath dee )

මනස සනසන පිරිත් සුතුර (Manasa sanasana pirith desuma )

By පිරිත් ගැන නොදත් දේ. ( Pirith gana nodath dee ) 2 Comments

සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන්, අධිෂ්ඨානපූර්වකව සිහිපත් කිරීමෙන් ලබන්නා වූ ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි පිරිත. ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. ජය ශ්‍රී මහා සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකි ය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන් දෙන විටත්, හඬනඟා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කෙතරම් සුවයක් ගෙනදේද? දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබට ප්‍රබෝධවත්ව සිටීමට හේතුකාරක වේ. බුදුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩම කළ අවස්ථාවේ දිවාගුහාවේ සිට දේශනා කරන ලද පිරිත් සජ්ඣායනය අදත් ඇසෙන බව මම අසා ඇත්තෙමි.
බෞද්ධයන්ට පිරිත් පොත හා ජාතක පොත තරම් උතුම් පොත් දෙකක් තවත් නොමැත. එමනිසා, ඒවා හඳුන්වන්නේ පිරිත් පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ වශයෙනි.
පිරිත් පොතේ ඇති ප්‍රධාන අන්තර්ගතය සතර බණවර ලෙස හැඳින්වේ.
පළමු බණවරට – සරණාගමනය, දස සික්ඛා, සාමනේර පඤ්හා, ද්වස්තිථියාකාර, පච්චවෙක්ඛනා, දසධම්ම, මංගල, රතන හා කරණීය තුන් සූත්‍ර, මිත්තානිසංස, ඛන්ධ, මෙත්ත, මෝර, චන්ද, සූර්ය, ධජග්ග, ඇතුළත් වෙයි.
බොජ්ඣංග, ගිරිමානන්ද, ඉසිගිලි මහා කස්සප ථෙර බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග, මහා චුන්දථෙර බොජ්ඣංග, පරිත්ත දෙවන බණවරයි. Read More

තෙරුවන් ගුණ අනුහසින් සෙත සලසන පිරිත … (setha salasana pirith )

By පිරිත් ගැන නොදත් දේ. ( Pirith gana nodath dee ) 2 Comments

අපි පිරිත් කීමේදී පළමුවෙන් පිරිත් මණ්ඩපය සකසා ඒතුලට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වඩමයි. ඒ තුලින් සුවිශාල ආශිර්වාදයක් ලබනව. මෙවන් ස්ථානයකදි බුදු හිමියන් විසින් දේශනා කල ධර්මය දේශනා කිරීමේදී එහි ශක්තිය කියා නිමකල නොහැකියි. මණ්ඩපය තුල වැඩ සිටින මහා සංඝරත්නය පසුදා පහන්වන තුරු දේශනා කරන්නේ බුදු හාමුදුරුවන් දේශනා කල භාෂාවයි. ඒවචන, ඒ අකුරු ඒ අයුරින්ම මේ හාමුදුරුවරු දේශනා කරනව. දැන් සිංහලෙන් පිරිත් කියන කාලයක්. නමුත් බුදු හාමුදුරුවන් දේශනා කල වචන, ඒ වචනවල බලය, ගණ පිහිටුවීම සිංහලට ගන්න බෑ. ඇයි සිංහලෙන් කියන්නෙ කියල ඇහුවොත් එයාල කියන්නෙ තේරෙන්න ඕනිලු. පිරිත තේරෙන්න අවශ්‍ය නෑ. තේරෙන්න බණ කියන්න ඕනි. පිරිත කියන්නෙ ආශිර්වාදයක්. ඒකෙ තේරුම අවශ්‍ය නෑ එතනදි. ඒක නොතේරුනයි කියල ආශිර්වාදය නැතිව යන්නෙ නෑ. බුදුහාමුදුරුවන්ගෙ වචනවල, භාෂාවෙ, ඒ අකුරුවල ගණ පිහිටල තියෙන හැටි මේවයින් විශාල ආශිර්වාදයක් ලබා ගන්න පුලුවන්.”

පසුගිය දිනක ස්වාධීන රෑපවාහනී සේවයේ ඉරිදා ආයුබෝවන් වඩ සටහනට සහභාගි වූ අතිපූජනීය වැලමිටියාවේ කුසලධම්ම නායකහාමුදුරුවන් වහන්සේ දැක්වූ අදහසකි මේ. Read More

ඝන, මාත්‍රා නැතිව කියන සිංහල පිරිත සම්පූර්ණ වැරදී

By පිරිත් ගැන නොදත් දේ. ( Pirith gana nodath dee ) 2 Comments


“පරිත්ත” යන පාලි පදය සිංහලය ට “පිරිත්” ලෙස නගා ඇත. පිරිතක පදනම වන්නේ තෙරුවන් කෙරෙහි සත්‍යක්‍රියා ක්‍රියා කිරීම යි. පරි + අත්ථ = පිරිත් කිසියම් පර්යායක ට අනුව අර්ථවත් දෙයක් නගා ඇත්නම් එය මෙ සේ හඳුන්වයි. අක්ෂර ගණ, මාත්‍ර හා ස්වර පිහිටුවමින් මනා ව අර්ථය දැන අපරිමිත ආශිර්වාද ලැබෙණ සේ පිරිත් සජ්ඣායනා කරයි. බුද්ධ භාෂාව පාලි බස ය. එ බැවින් පිරිත් දේශනා සිදුකෙරෙන්නේ ද, පාලි භාෂාවෙනි.

මේ ඉතා කෙටියෙන් විස්තර කර ඇත්තේ ඉතා පුළුල් කරුණු කිහිපයකි. දැන් ඉහත කරුණු ද, සිත් හි දරාගෙන මාතෘකාව ට ප්‍රවේශ වෙමු.

ඇයි මිනිසුන් ට පිරිතක් අවශ්‍ය :-
ඇයි මිනිසුන් ට ආගමක් අවශ්‍ය කියා ඔබෙන් විමසුවහොත් ඊට එක එල්ලේ ම දෙන පිළිතුර වන්නේ මිනිසුන් ගේ දෛනික දිවිපැවැත්ම සාර්ථක කර ගැනීම ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම හා මරණයෙන් මතු සැපතක් (සදාකාලික සැපතක්) ලබා දීම යන කරුණු දෙක තෘප්ත කරගැනීම ට ආගමක් අවශ්‍ය බව යි. එය ට එක් වචනයකින් පිළිතුරු දෙන්නේ නම් මිනිසා ට ආගමක් අවශ්‍ය වන්නේ “බිය” නිසා ය. වසර 2600 මුළුල්ලේ පවත්නා බුදුදහම ද, උක්ත දෙඅංශය සඳහා ම මගපෙන්වීම සිදුකර ඇත. බිහිසුණු වසංගත රෝග, දරුණු නියඟ, සාගත, වර්ෂාව, සතුරු උවදුරු ආදී දේ දුරු කරගැනීම සඳහා අතීතයේ සිට ම මිනිසුන් ඒ පිළිබඳ ව උනන්දු විය. එ දා මිනිසුන් මේ තත්ව පිළිබඳ යථාර්ථය නො දැන මේ සෑම සිදුවීමක ට ම අදෘශ්‍යමාන බලවේගයක්, ඇති බව සිතී ය. එ ම අදෘශ්‍යමාන ශක්තිය දෙවියන් බව ට කාලයක දී පත් විය. දෙවියන් ගේ අනුකම්පාව ලබා ගැනීම ට දේව ස්තොත්‍ර ගායනය කළේ ය. ආදිතම ඍග් ගීත ප්‍රභව වන්නේ මේ නිසා ය. ගීත ගායනයෙන් නො සෑහුනු ඔවුහු අනතුරු ව යාග සිදු කරන්න ට පෙළඹුණි. ස්වභාව ධර්මය ට ආරෝපණය කළ දේව සංකල්පය පසුකාලීන ව තිස්තුන්කෝටියක් දක්වා වර්ධනය වූ අයුරින් ම යාගය ද, වර්ධනය වී බුදුසමය වන විට මහා සත්ව ඝාතනයක් බව ට පත් ව පරිවර්තනය වී තිබුනි. අශ්වමේධ, පුරිසමේධ, වාජපේය, නීරග්ගල ආදී තත්වවල ට පත් ව තිබුනි. මෙය ට අමතර ව දෙවියන් ට ඇසෙන සේ මහත් හඬින් තම විලාපයන් ඉදිරිපත් කිරීම ගොඩනැගුනි. පසුකාලීන ව එය යාඥා,මන්ත්‍ර බව ට පත් විය. Read More

සිංහලෙන් පිරිත් කීම මවුකිරි පිටි කර බීම වගෙයි

By පිරිත් ගැන නොදත් දේ. ( Pirith gana nodath dee ) No Comments

පිරිත හෙවත් පරිත්ත යන්නෙහි අර්ථය මෙහිලා අප විසින් සාකච්ඡාවට භාජනය කරනු ලබන ප්‍රස්තුතයට අනුව ගත හොත් ‘හාත්පසින් ම ආරක්ෂාව සපයන දේශනාව‘ යනුවෙන් ගැනීම සුදුසු ය. සම්මා සම්බුද්ධ දේශිත ධර්මයෙහි අන්තර්ගත ආරක්ෂක දේශනා යැ යි චිරසම්මත සූත්‍ර සමුදායයක් එක් කොට ශාන්තිකර්මයක් ස්වරූපයෙන් දේශනා කිරීම පරිත්‍රාණ දේශනාව යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි ධර්ම ගම්භීරත්වයටත් වඩා දේශනා ගම්භීරත්වයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ හුදෙක් ධර්ම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි යමක් පිරිතෙන් අපේක්‍ෂිත බව ය.
මෙසේ ආශීර්වාදය පතා දේශනා කරනු ලබන පිරිත් සූත්‍ර සංග්‍රහය චතුභාණවාරපාළි යනුවෙන් බණවර සතරකට බෙදා දක්වා ඇති අතර, මෙම සංග්‍රහ කිරීම කෙබඳු කාලයක සිදු වී දැ යි නිශ්චිත ව නිගමනය කිරීම උගහට ය. එසේ වුව ද ආරක්ෂාව සඳහා පිරිත් දේශනා කිරීම දිවමන් බුදුන් දවස දක්වා ම දිවෙන ඉතිහාසයක් ඇත්තකි. ඒ බවට දීඝායු කුමරු යක්ෂයාගෙන් බේරාගැනීම පිණිස පිරිත යොදාගැනීමත් බුදු රජාණන් වහන්සේ ගිලන් වූ විටෙක බොජ්ඣංග පිරිත දේශනා කරගැනීමත් නිදසුන් ය. Read More

error: Content is protected by www.ifbcnet.org.