Skip to main content
Category

සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam)

සාම්ප්‍රදායික කෙම් ක්‍රම …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

කෙම් ක්‍රම යනු සාම්ප්‍රදායික පැරණි ගැමි විශ්වාස මෙන්ම අත්දැකීම් මත පදනම් වූ සුවිශේෂී ආරක්ෂක ක්‍රමවේදයකි. විශේෂයෙන් සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ රහස් වෛද්‍ය ක්‍රමයක් ලෙසද බොහෝ විට කෙම් ක්‍රම භාවිත වේ. එසේම කෘෂිකර්මාන්තයේදී ගොඩ,මඩ මෙන්ම හේන් ගොවිතැනේදීද භාවිතවන කෙම් ක්‍රම ගණනාවකි. මේ සියල්ලට අතිරේකව ගුප්ත විද්‍යාව තුළද යම් යම් කෙම් ක්‍රම භාවිතා වනු දැකිය හැක

කෙම් ක්‍රමවල මූලාරම්භය අවිනිශ්චිතය. දුර ඈත දඩයම් යුගයේ පවා කෙම් ක්‍රම භාවිත වූ බවට පැරණි පොත්පත්හි සඳහන් තොරතුරු සාක්ෂි දරයි. කෙම් ක්‍රම සියල්ලම පාහේ මුඛ පරම්පරාගත ගුරුමුෂ්ඨිය සහිතය. මේ නිසාම වර්තමානය වන විට අතීතයේ බහුලව භාවිතා වූ ඉතා වටිනා කෙම් ක්‍රම රාශියක් සහමුලින්ම වැළලී අභාවයට ගොස් අවසානය. ඒ අවාසනාවන්ත ඉරණම වටිනා කෙම් ක්‍රමවලට උදාවූයේද එකී වටිනා කෙම් ක්‍රම අනාගත පරපුරට දායාද නොවූයේ ද පටු ආත්මාර්ථයන් හීනමානයන් මත පදනම් වූ ගුරු මුෂ්ඨි නිසාවෙනි.

Read More

දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

දැදිගම ඇත් පහන පොළොන්නරු යුගයේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ අගනා ඉංජිනේරු විස්කමක්. විදුලි ආලෝකය නැති යුගයක රෑ පුරා දැල්වෙන පහනක් කියන්නේ වැදගත් නිර්මාණයක්. නමුත් එහි ඇති ගැටළුව වෙන්නේ පහන රෑ පුරා දැල්වෙන්න නම් අපිට වරින් වර පහනට තෙල් දාන්න සිදු වෙන එකයි. මුළු රෑටම අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය එක වර දැම්මොත් පහන් තිරය තෙල් වල ගිලෙනවා. ඇත් පහන සාදා තියෙන්නේ මේ දුශ්කරතා දෙකම මග හැර ගන්නට පුළුවන් ලෙසටයි.

ඇත් පහනේ තෙල් ගබඩා කරන්නේ පහන් තැටියට උඩින් සවි කර තිබෙන ඇතාගේ උදරය තුළයි. පහනට තෙල් පුරවන විට ඇතා සහිත කොටස පහන් තැටිය මත ඇති ආධාරක වලින් ගලවා, ඇතා උඩු යටිකුරු කරවා ඇතාගේ ඉදිරිපස පාද අසළ A නම් ස්ථානයේ ඇති සිදුරින් තෙල් වක් කළ යුතුයි. මේ වත්කරපු තෙල් රූපයේ පෙන්වා ඇති බටය දිගේ ගොස් ඇතාගේ උදරයේ පිරෙනවා. පහන නිසි පරිදි ක්‍රියාත්ම වීමට අවශ්‍ය තෙල් පරිමාව දක්වා ඊට තෙල් පුරවන්න පුළුවන්. දැන් නැවත් ඇතා උඩුකුරු කළත් උදරයේ ඇති තෙල් මුල් මාර්ගය ඔස්සේ එළියට එන්නේ නෑ. මොකද තෙල් වත් කළ බටය ඇත්තේ උදරය තුළ B වල ද්‍රව මට්ටමට වඩා ඉහළින් නිසා.

Read More

වීර කැප්පෙට්ටිපොලගේ ඡායාව පිරිත් දේශනා කරද්දී වටාපතේ දිස්වෙලා …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ප‍්‍රරමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනා කරන අවස්ථාවේදී ක්ෂණිකව මහා නාහිමිවරුන්ගේ වටාපතට හැඩි දැඩි රැවුලක් සහිත පුද්ගලයකුගේ මුහුණක සේයාවක් දිස්වී තිබෙනවා. එය වීර කැප්පෙට්ටිපොල දිසාවගේ ඡායාව බවත් විශ්වාස කරනවා.

දියවඩන නිලමේ තැන්පත් ගරු නිලංග දෑල බණ්ඩාර මහතා විසින් එය දැක ඇති අතර එය දුටු විගස එය සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන් ඇතුළු පිරිසට එය පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී වටාපතේ චායාව සේයාරුවට නැගී තිබෙනවා.

පිරිත් දේශනාව පැවැත්වුනේ වීර කැප්පෙටිපොල නිලමේ තුමා ඇතුළු 1818 කැරැුල්ලට සහභාගී වූ රණ ශුරයන් දේශද්‍රෝහීන් ලෙස සියවස දෙකක් පුරාවට ලංකා ඉතිහාසයේ නම් කොට තිබියදී ඒ සියලූ‍ දෙනාම මාර්තු 1 වනදා ජනාධිපති ගරු මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඓතිහාසික මගුල් මඩුවේදී දේශපේ‍්‍රමින් ලෙස නම් කිරීමෙන් පසුවයි.

එහිදී නිලමේවරුන් කිහිපදෙනකු හට එය දැක ගැනීමට හැකියාවද ලැබී තිබෙනවා.

තනි ගල් කුඤ්ඤයෙන් හිරකල “ අතුඇල පාලම ”

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

“උඹේ කට අතු ඇළ බොක්කුව වගේ” කියලා    දෙණියාය අකුරැස්ස වගේ පැතිවල පරණ මිනිස්සු අදටත් කියනවා . එහෙම එයාලා කියන්නේ  ඈණුමකට වගේ වැඩියෙන් කට අරින වෙලාවට. තව කෙළවරක් නැතුව මහ හයියෙන් කෑ ගහන  අයටත් එහෙම කියනවා කියලා ඒ පැත්තේ අය කියනවා. එහෙනම් මොකක් මේ කියන අතු ඇළ බෝක්කුව?

ගාල්ල  දෙනියාය පාරේ  36 වන සැතපුම් කනුව අසල ඒ කියන්නේ පිටබැද්දරයි මොරවකයි අතර තියෙන මේ පාලම ඒ පාරේ යන කාටත් මතක හිටින එකක්. මොකද මේ පාලම තියෙන්නේ ලොකු වංගුවක. එක පාර වාහන දෙකක් මාරු වෙන්න බැරි තරම් පටු නිසා මේ පාලමේ එක වාහනයක් එනවා නම් අනික් වාහනේ නවත්තගෙන ඉන්න ඕනේ. මේ නිසා මේ පාලම මේ පාරේ යන කාටත් මතක හිටිනවා.

Read More

මහ බෝ නහවන්නට බසවක්කුලමෙන් අහසට පැන නැගි දිය බුබුලක ආශ්චර්යය …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

 

සොබා දහම පවා බුදුගුණ ඉදිරියේ සන්සුන් වන බව ඉතිහාස කථා තුල පමණක් නොව මෑත කාලයේදී සාක්ෂි දක්වයි. අරණායක නායයාමෙන් පසුව නාය ගිය බිමෙහි ඉතිරි උන එකම ඉදිකිරීම ලෙස අප දුටුවේ ඒ නිර්මල බුදුරුව සහිත පිළිම ගෙයයි. සුනාමි ව්‍යවසනය පැමිණ මහල් ගොඩනැගිලි පවා බිමට පතිත වෙද්දී දුම්රිය පෙට්ටි ගිණි පෙට්ටි ගානට පෙරලී යද්දී බුද්ධ රූප පමණක් ඉතිරි වූ හැටි අපූරුය. මෙවැනි ආශ්චර්යමත් දේ කොයි ආකාරයට සිදුවෙනවාදැයි කියන්නට අපි නොදනිමු. නමුත් දස දහස් ගණනක් වදින පුදන බුද්ධ ප්‍රතිමාවක මහ බල පිහිටී ඇති බවට සැක නැත. පිරිතක් උනත් වැඩි වාර ගණනක් කියන විට ප්‍රතිඵල වැඩිය. යන්ත්‍රයක් බල ගැන්වීමේදී දහස් වර ආදී වශයෙන් මන්ත්‍ර ජප කරන්නේද එබැවිනි.

Read More

රුවන්වැලි සෑයෙන් හෙළි වන ලොව පැරණිම අකුණු තාක්ෂනය ..

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ලෝකයේ බොහෝ රටවලට අකුණු තර්ජනය පවතින බව සැබෑවකි.විද්‍යාව කොතරම් දියුණ වුවත් ස්වභාව ධර්මයේ තවත් එක් දරුණු ක්‍රියාවක් වන අකුණු සැරය මුළුමනින්ම නවතාලන්නට තවමත් අපට නොහැකය.කෙසේ වෙතත් අකුණු වලින් සිදු වන විපත් හා එයින් ආරක්ෂා වීම පිලිබදව කතා කරන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා අප ඉදිරියෙන් සිටින බව ආඩම්බරයෙන් කිව යුතුය. යුරෝපයේ ශිෂ්ටාචාර දියුනුවන්නටත් පෙර සිටම අපේ මුතුන් මිත්තන් අකුණු අනතුරින් ගැලවෙන්නට කල යුතු දෑ පිලිබදව දැන සිටි බවට මේ වන විට තහවුරු වී තිබේ.

Read More

ස්වර්ණමාලී දෙවගන වූ ගාඩි වංශයේ නායිකාව …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

දේවානම්පියතිස්ස මහ රජතුමා බෞද්ධයකු වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවක් වූ බව පුරාණ කතා ඇසුරේදී පෙනීයයි. එතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා ධර්මාවබෝධය ලැබුවා පමණක් නොව ලක්දිව සෑම දෙසම වෙහෙර විහාර කරවන්නටද මූලික විය. ථූපාරාමය ඉදිකිරීම මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රෝපණයද සිද්ධ වූයේ දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදිය.
අනුරාධපුරයේ අටමස්ථාන වලින් ඉතිරිය ඉදිවුයේ ඉන් සියවස් ගණනකට පසුවය. නමුත් අනුරාධපුරයේ අටමස්ථානය ඉදිවන තැන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පෙන්වා වදාළහ. මේ පුවත පුරාණ ලේඛනවල සඳහන් වේ.
මිහිඳු මහරහතන් වහන්සේ සමන් මල් මිටක් දෝතට ගෙන අහසට විසි කළහ.

මහරජ මේ සමන් මල් මිට අහසේදීම අට කොටසකට බෙදී අනුරාධපුරයේ අට තැනෙක පතිත වන්නේය. ඒ වනාහි මතු රුවන්වැලි මහාසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය ආදී වූ අටමස්ථානය ඉදිවන තැන්ය.

Read More

මොනවද මේ දඹරන් පිළිම …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

දඹරන් බුද්ධ ප්‍රතිමා පිළිබඳව පසුගිය කාලය පුරා රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එනිසාම පැරණි විහාරස්ථානවල දීර්ඝ කාලයක් තිස්සේ සුරැකුණු බුද්ධ ප්‍රතිමා රාශියක් නිදන් සොරුන් විසින් පැහැරගන්නා ලදී. ඒ එදා මෙදාතුර අප සමාජය පුරා පැතිර යන දඹරන් පිළිබඳ මිථ්‍යා විශ්වාසයක් නිසාය. අදත් අප රටේ බොහෝ දෙනකු සිතනුයේ දඹරන් යනු පිරිසිදු රන් හෝ පෙරාපු රන් බවය. නමුත් මෙය මුළුමනින්ම වැරදි මතයකි. දඹරන් යනු සමාජ භාවිතයේ පවතින රත්‍රන් නොවේ. සංස්කෘත ශබ්ද කෝෂවල දඹරන් හැඳින්වෙනුයේ “ජාම්බුනද ස්වර්ණ” යනුවෙනි. මෙම ජාම්බුනද ස්වර්ණ පිළිබඳව වැඩිදුරටත් විස්තර දැක්වෙන එම ශබ්දකෝෂවල ඒවා ජාම්බුනද නම් ඔයෙන් හමුවන ද්‍රව්‍යයක් ලෙස දක්වා ඇත. ක්‍රිස්තු වර්ෂ දස වන සියවසේ පමණ ලියැවී ඇතැයි සැලකෙන සියබස්ලකර කෘතියෙන් ද එය එපරිද්දෙන්ම දැක්වෙයි.

Read More

උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.

කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති. නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ශනය කෙරෙහි බලපාන කන්නියාවේ උණුවතුර ළිං හත අද පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.

කලක් කොටි සංවිධානය යටතේ පාලනය වූ මෙතැන පසුව ප‍්‍රාදේශීය සභාව යටතේ පාලනය විය. එහෙත් දැන් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරගෙන යයි.

Read More

බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය … …

By සිව් හෙලයන් කල විස්කම් ( Siw hwlayak kala wiskam) No Comments

ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක අනිගිභවනීය උරුමය වදනින් නොකියන උරුමයක් විලසිනි.

සිත නිසල කළ ඒ දසුන යළිඳු මගේ මතකයට පිවිසියේ ක‍්‍රි.පු 250, ක‍්‍රි.පු 200 තරම් ඈතට දිව යන ස්තූප දෙකක පුරාවත නැවත අනාවරණය වෙමින් පවතින පසුබිමකය.

ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.

Read More

error: Content is protected by www.ifbcnet.org.