
තවද මේ ජාතකය සත්‍වයන් ජාතිකාන්තරාදීන් තරණය කොට සාත්තුවක් වැනි වූ හෙයින් ශාස්තෘ නම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහාභිනික්මන් අරභයා වදාළ සේක.
ඒ කෙසේද යත්,
එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන් භික්‍ෂූන් වහන්සේ, එම්බා ඇවැත්තනි ඉදින් සර්වඥයන් ගිහිගෙහි වසනසේක් වී නම් සියළු චක්‍රාවාට ගර්භයට නායකවූ සප්ත රත්නයෙන් සමන්විතව සෘධියෙන් සමන්විතවූ පුත්‍රයන් දහසක් පරිවාරකොට ඇත. සක්විති රජවනසේක, එසේවු ශ්‍රී විභූතියක් හැර කාමයෙහි ආදිනව දැක මධ්‍යම රාත්‍රිවෙලෙහෙි ඡන්න නම් අමාත්‍යයාගේ සභායෙන් කන්ථක නම් අශ්වරාජයාට නැගී මහබිනික්මන් නොඅවානම් ගංතෙරදී මහණව සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාකොට සර්වඥතා ඥානයට පැමිණ සේකැයි බුදුන්ගේ ගුණ කථාව කියමින් උන්සේක. එකල බුදුහු දිවකනන් අසා වදාරා තුන්තරා ගමනකින් එක්තරා ගමනකින් දම්සභා මණ්ඩපයට වැඩ ධර්මාසන මස්තකයෙහි වැඩ හිඳ මා එන්නට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනෙම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි එඹා මහණෙනි බුදුහු දැන්මතු නොවයි පෙරත් මහබිනික්මන් නික්මුනෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිතවූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. Read More