
මුන් වහන්සේ වනාහි ත්‍රිවිධ ශ්‍රී ශික්ෂාවන් කැමැති වන්නා වූ අතිශයින් ප්‍රිය කොට හික්මෙන්නා වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ සේක. උන් වහන්සේ පැවිදි වූ දා පටන් දිනපතා උදේ උදෑසන වැලි දෝතක් ගෙන මෙහි ඇති වැලි ප්‍රමාණයට මට අද බුදුරජාණන් වහන්සේගෙන් ද ආචාර්ය උපාධ්‍ය තෙරුන්ගෙන් ද අවවාද ලැබේවායි ප්‍රාර්ථනා කරන සේක් ඒ නිසාම ශික්ෂාකාමින් අතරෙහි අග්‍රයයි දක්වන්නාහ. රාහුල මහරහතන් වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය මෙසේ දක්වනු ලැබේ
රාහුල තෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර ගොවි මහාසාල කුලයක ඉපිද තම මුතුන් මුතුන් මිත්තන්ගෙන් ලැබී ඇති මහා ධන රාශිය පරලොව යහපත වෙනුවෙන් වාසල් දොරටුව සිට දුගී මගී යාචකයන්ට දුන්හ. හෙතෙම දිනක් මුව සෝදනු පිණිස ගම්න් පිටතට ගිය කල්හි එක්තරා ඉර්ධිමත් තාපස දෙදෙනකු අහසින් එහි පැමිණ සිටිනු දැක එයින් එක් තාපස කෙනෙකුට ආරාධනා කොට නිතිපතා දන් දුන්නේය.