Skip to main content
Category

පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero )

පූජණීය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දේහය පිලිබද විශේෂ ලිපි පෙල …

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින් රචිත තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ යන පර්යේෂණ කෘතියේ අද ගෝවේ තිබෙන සාන්ත සේවියර්තුමාගේ යෑයි කියන දේහය රහල් හිමිගේ දේහය බවට සනාථ කරන කරුණු දැක්වෙන මෙම ලිපි මාලාව දිවයින පුවත් පතින් උපුටාගන්නා ලද ලිපි වේ. ඔබගේ දැනුවත් වීම පිණිස මේවා උපුටාගෙන නැවත පලකරන බව කරුණාවෙන් සලකන්න.

 

පලමු ලිපියට click කරන්න  ———->

ගෝවේ තිබෙන ඉපැරණි දේහය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේමයි

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර ලියන
විශේෂ ලිපි පෙලග

කෝට්‌ටේ රාජ්‍ය යුගයේ තොටගමුවේ සිරි රහල් සංඝරාජයන් විසින් ඉටුකළ අතිශය විශිෂ්ට සාහිත්‍ය සේවය ශ්‍රී ලාංකිකයන් කිසි කලෙකත් අමතක නොකරනු ඇත. විශිෂ්ට ගණයේ කවියෙක්‌වූ උන්වහන්සේ සැලලිහිණි සහ පරෙවි යන සංදේශ දෙකද, කාව්‍යශේඛරය නම් වූ මහා කාව්‍යයද ප්‍රබන්ධ කළහ. තවද උන්වහන්සේ විසින් රචිත වියරණ කෘතියක්‌ වූ පඤaචිකා ප්‍රදීපයද, බුද්ධප්පසාදිනියට ලියූ ටීකාවද රාහුල හිමිගේ විසල් බුද්ධිය මනාව පිළිබිඹු කරයි.

එසේම ත්‍රිපිටක වාගීශ්වර, සකල කලා සර්වඥ ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාම ලද උන්වහන්සේ ආයුර්වේද විද්‍යාවේත්, නක්‍ෂත්‍රයේත්, අමනුෂ්‍යයන් පලවා හැරීමේ ඥනයෙනුත් හෙබි අතර දේව කතා, අද්භූත කථා යනාදිය ගැනද උසස්‌ අවබෝධයක්‌ තිබිණි.

Read More

මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ “ගෝවේ”

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි මෙතෙක්‌ පහළ වූ අති විශිෂ්ට ගනයේ පඬිරුවනක්‌ යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. උන්වහන්සේ ත්‍රිපිටකයෙහි කෙල පැමිණි බැවින් “ත්‍රිපිටක වාගීශ්වර” යෑයිද සියලුම කලාවන්හි අගතැන්පත් වූ නිසා සකල කලා සව_ඥ යෑයිද භාෂා සයක්‌ මැනවින් දත් බැවින් “ෂඩ් භාෂා පරමේෂ්වර” යන ගෞරව නාමවලින් පිදුම් ලද්දොa වූහ.

රාහුල හිමි කුඩා කල හදා වඩා ගනු ලැබුවේ සයවන පරාක්‍රමබාහු රජ විසිනි. පැවිදි වූ පසු රහල් හිමියෝ රජුගේ රාජාභිෂේකයෙන් 15 වන වසරේ පරෙවි සංදේශය ද, 34 වන වසරේ කාව්‍යශේඛරය ද, 35 වන වසරේ සැලළිහිණිය ද, 45 වන වසරේ පඤ්චිකා ප්‍රදීපය ද, රජුගේ අභාවයෙන් පසු බුද්ධිපසාදිනිය ද රචනා කරන ලදී. පඤ්චිකා ප්‍රදීපය, පාලි ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථයක්‌ වන අතර එයින් රාහුල හිමිගේ මහත් වූ පරිණත සහ උදාර වූ බුද්ධිය පිළිබිඹු කරයි. එහි සඳහන් පෘථුල සාහිත්‍යය, සංස්‌කෘත සහ පාලි උපුටන සමුදාය සත්‍ය වශයෙන්ම විශ්මයජනකය. එහි අන්තර්ගතව ඇති අසූ දෙනකුට අධික දාර්ශනිකයන්ගේ උපුටා ගැනීම් සම්ප්‍රදායෙන්ම උසස්‌තම විශිෂ්ට කෘතීන් කොපමණ රාශියක්‌ ඔහු විසින් හදාරා ඇත්දැයි සනාථ වෙයි.

Read More

රාහුල හිමි දකුණු බාහුවේ කොටාගත් කවි දෙක …

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

රාහුල හිමි තම අවසන් කල “අළුබන” හි විසූ බව සනාථ කිරීම, දේහය ගෝවේවලට ගෙන ගියාය යන අපගේ තර්කය ගොඩනැගීම සඳහා උපකාරී වේ. එදා දොඩන්දූව වරාය පිහිටා තිබුණේ ඊට නුදුරිනි. දොඩම්දූව ජනතාව රුවල් නෞකා නිෂ්පාදනයේ අති දක්‍ෂ වූවෝය. 15 වන සියවසෙහි දොඩම්දුව ඉන්දීය යාත්‍රා සඳහා ප්‍රසිද්ධ තොටුපළක්‌ වූ බවද පුරා විද්‍යාත්මකව සනාථ වී ඇති කරුණකි.

රාහුල හිමි අපවත් වූයේ අම්බන ඉදුරුලෙන්ගිරි ගල්ගුහාවක්‌ තුළය. අදටත් සඳ නැති රැයක අම්බන ගුහාව දෙසින් අමුතු ශබ්ද සහ ගල්දොරක්‌ විවෘත වන ශබ්ද ඇසෙන බවත් අමාවක දිනවල ඒ පෙදෙසින් “දේවතා එලිá “දෙයියන්නේ වෙල” දෙසට ගමන් කරන බවත් ප්‍රදේශයේ ජනතාව කියති. (දෙයියන්ගේ වෙල යනු රහල් හිමියනට සහල් සැපයූ වෙලයි)

Read More

කවුද මේ ශාන්ත සේවියර් පියතුමා?

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

වර්තමානයේ ඉන්දියාවේ ගෝවේහි “ඡේසු ජන්ම බැසිලිකා” නම් පල්ලියෙහි 16 වැනි ශතවර්ෂයේ විසූ ශාන්ත සේවියර්පියතුමාගේ දේහය යෑයි විශ්වාස කරන දේහයක්‌ තිබේ. තිබෙන වාර්තාවලට අනුව මෙම දේහය මිය ගිය පසු කිසිම දිනෙක “එම්බාම්” කර නොමැති අතර බොහෝ කලක්‌ ඉතා හොඳ තත්ත්වයේ තිබී දැන් කෙමෙන් කෙමෙන් දිරාපත් වන තත්ත්වයට පත්වෙමින් තිබේ. සිංහලයන් විශ්වාස කරනුයේ මෙම දේහය අන් කිසිවකුගේ නොව ශ්‍රී රාහුල හිමිගේ දේහයම බවයි. රාහුල හිමි සම්බන්ධයෙන් අප සැකෙවින් විස්‌තර කර ඇති නිසා ශාන්ත සේවියර් යනු කවුරුන්දැයි අපි කෙටියෙන් සොයා බලමු.

Read More

දේහය නරක්‌ නොවන ‘සිඳුඅළුරස’ මහිමය …

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

15 වන සියවසේ විසූ අති විශිෂ්ට පඬිරුවනක්‌ වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන්ත්‍ර මන්ත්‍රයන් හි කෙළ පැමිණි ඖෂධ පිළිබඳ උසස්‌ ඥනයක්‌ තිබූ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ ද විය.

තමන් හදාවඩා ගත් 6 වන පරාක්‍රමබාහු රජුගේ මුනුපුරා වූ ජයබාහු රජ වූ පසු සපුමල් කුමරු ජයබාහු මරා දැමීමට තෙවරක්‌ උත්සාහ කළ ද රාහුල හිමි එය වැලැක්‌වීය. සිවුවන වතාවේ එම උත්සාහය සාර්ථක වූ අතර සපුමල් ජයබාහු මරා 6 වන බුවනෙකබාහු නමින් රජවිය. රාහුල හිමි ඉන්පසු කලකිරී ගාලු දිස්‌ත්‍රික්‌කයේ ‘අම්බන’ නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය. උන්වහන්සේ තම දකුණු බාහුවේ කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ගෝවේ තබා ඇති ශාන්ත සේවියර්තුමාගේ දේහය යෑයි කියනු ලබන මෘත ශරීරයෙහි දකුණු අත නැත.
Read More

සාන්ත සේවියර් පියතුමාගේ දේහය තිබුණේ කොයිවිදියටද ?

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

අද ගෝවේ පල්ලියේ තබා තිබෙන ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි කියනු ලබන දේහයේ තිබෙන තුවාල, අතුරුදන් වී ඇති අවයව පිළිබඳව එතුමා පිළිබඳව නිකුත් කොට ඇති පොත්පත්වල සඳහන් වී ඇති අයුරු මීට ඉහත පෙන්වාදී තිබේ. මියගිය සිරුරක්‌ ආශ්චර්යයක්‌ මෙන් නරක්‌ නොවී තිබෙන විට එහි කැබැලි කඩා ගනිමින්, අතපය කපා දමමින් කෲර ලෙස නැවත වළලමින් කටයුතු කළා යෑයි නිකුත් කරන ප්‍රකාශ පිළිගැනීමට අපහසුය. එවිට එය මෙම සිරුරේ තිබෙන්නා වූ තුවාල “සාධාරණය” කිරීමට ගත් ප්‍රයත්නයක්‌ ද යන්න ගැන සැක පහළ කිරීම පුදුමයට කරුණක්‌ නොවේ.

Read More

දේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පහළොස්‌ වැනි සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගන්‍ය පඬිරුවනක්‌ විය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවද වෛද්‍ය විද්‍යාව පිළිබඳවද, නක්‍ෂත්‍රය පිළිබඳවද හසල දැනුමක්‌ තිබූ කෙනෙකි. සපුමල් කුමරු, විජයබාහු කුමරු මරා රජ වූ පසු උන්වහන්සේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ “අම්බන” නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය.

අපවත් වන මොහොතේ දේහය දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබා ගැනුමට “සිදු අලු රසය” නම් වූ බෙහෙතක්‌ පානය කළ බව ජනප්‍රවාදයේ ඇත. උන්වහන්සේගේ දකුණු අතෙහි කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි ගෝවේ තිබෙන දේහයෙහි දකුණු අත නොමැත. එය රාහුල හිමිගේ දේහය බව සනාථ වන බැවින් අත කපා ඉවත් කර ඇති බවට සැකකෙරේ. ශාන්ත සේවියර් යනු ස්‌පාඤ්ඤයේ ඉපිද නැගෙනහිර ආසියාවේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා පාප්වහන්සේ පත්කළ නියෝජිතයෙකි. එම පියතුමා චීනයට යන අතරතුර “සැන්ක්‌පන්” නම් දූපතෙහිදී මියගිය බව ද මලක්‌කාවට ගෙනයැමට පෙර එහි වළලා මාස කීපයකට පසුව ගොඩගන්නා විට දේහය නරක්‌ නොවී තිබුණු බව ද කිතුනු පොත පතෙහි සඳහන් වේ. තවද දේහයේ තිබෙන විවිධ තුවාල “සාධාරණීය” කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවට දේහයට කෲර අන්දමින් සලකා ඇති බව ද සඳහන් වේ. මෙම සිරුරේ නියම තත්ත්වය පිළිබඳව නිල පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවන්වල විස්‌තරවලින් සිරුරේ දකුණු අත නොමැති බව සනාථ වී ඇත. අද එතැන් සිට….
Read More

දේහයේ ඇට කටු දිරනවාද?

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

වර්ෂ 1922 දී වෛද්‍ය ඇන්තෝනියේ මිල්ෆ්ගන්ග් ඩි සිල්වා විසින් එම දේහය පරීක්‍ෂා කොට මෙසේ කියා තිබේ. මෙම දේහය විජලනය හෝ මමිකරණය කළ එකක්‌ නොවේ. කකුලෙන් බත් කෙන්ඩෙහි මෘදු බව නිසා එය ළඟදී එම්බාම් කරන ලද සිරුරක්‌ සේ පෙනේ. සාමාන්‍යයෙන් මෙය බෙහෙත් ගැල්වූ සිරුරක්‌ බවට නම් කළ හැක. යනුවෙනි. ශාන්ත සේවියර්තුමාගේ සිරුර නරක්‌ නොවී තබාගැනීම සඳහා කිසිදු අවස්‌ථාවක බෙහෙත් පාවිච්චි කළ බැව් හෝ පියතුමා මිය යැමට පෙර එසේ වීමට බෙහෙතක්‌ පානය කළ බවට හෝ කතෝලිකයන් කිසිවිටෙක කිසි තැනක ප්‍රකාශ කොට නොමැත. ඔවුන් විශ්වාස කරන්නේ මෙය දේව බලයෙන් සිදු වූවක්‌ ලෙසය. උක්‌ත වෛද්‍යවරයාද කතෝලිකයකු බැවින් මෙම දේහය ඖෂධ මගින් ආරක්‍ෂා වී ඇති බැව් ඔහුට සක්‌සුදක්‌සේ පැහැදිලි නොවූයේ නම් දෙවියන් බලෙන් එසේ සිදුව ඇතැයි ඔහු අනිවාර්යයෙන් පවසනු ඇත. (සිංහලයන් විශ්වාස කරන්නේ රහල් හිමි අපවත් වීමට මොහොතකට පෙර සිරුර දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබාගැනීම සඳහා ‘සිදු අළු රසය’ නම් බලගතු ඖෂධයක්‌ පානය කළ බවයි.

Read More

පාප්තුමාටශ්‍රී ලංකාවෙන් අභියෝගයක්‌…

By පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමි (Ven. Thotagamuwe Sri rahula Thero ) No Comments

ආචාර්ය ඒ. එච්. උභයසේකරයන් විසින් රචිත “ශ්‍රී ලංකාද්වීප වර්ණනා නම් පොතෙහි (1934) සඳහන් ඉතිරි කරුණු මෙසේය.

(ඈ) “වීදිය බණ්‌ඩාර” නම් පොතෙහි 58 වැනි පිටුවේ රාහුල හිමිගේ දේහය ශාන්ත සේවියර්ගේ යෑයි හඟවා “එම්බ්‍රොසියා වයිගරා” නමැති නෞකාවෙන් ගෝවේ වෙත ගෙන යන ලදැයි සඳහන් වේ. (මෙම පොත පිළිබඳ වැඩි විස්‌තරයක්‌ එහි සඳහන්ව නොමැත).

(ඉ) ශාන්ත සේවියර්ගේ ජීවිත කතා පොතේ 142 පිටුවෙහි වර්ෂ 1554 දී සේවියර්ගේ දේහය මලක්‌කාවේ සිට ලෝපස්‌ මොරොන්හෝගේ නෞකාවෙන් ලංකාවට ගෙන එන අතරතුර ගල්පරවල හැපී විනාශ වූ බවත්, සේවියර්ගේ ඇටකටුවලින් කොටසක්‌ ගොඩ බිමට ගෙනැවිත් ජයවර්ධනපුර පල්ලියක්‌ අසල භූමදාන කළ බවත් සඳහන් වෙයි.

Read More

error: Content is protected by www.ifbcnet.org.