
දිනක් උගත් සේල නමැති බමුණා බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්‍ෂණ දැක සක්විති රජකම ගෙන පාලනය නො කරන්නේ මන්දැයි උන්වහන්සේගෙන් විමසුවා. “රාජභමස්මිං සේල ධර්ම රාජා අනුත්තරෝ” යනුවෙන් සේල බ්‍රාහ්මණයාට “මම රජෙක්මි , ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි” යි පිළිතුරු දුනි. ඔබතුමා රජෙක් නම් සේනාපති වරු කවරෙක් දැයි බමුණා නැවත විමසූවිට සැරියුත් මුගලන් ආදී තම ශ්‍රාවකයන් ඒ උසස් තනතුරු දරන බව පෙන්වා දුන්නා.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ බුද්ධ ශ්‍රාවක සංඝ සමාජය වැඩි කලක් ගත වීමට පෙර ලක්‍ෂ ගණනින් වර්ධනය වූ බව ශාසන ඉතිහාසය පෙන්වා දෙනව. උන්වහන්සේලා අතුරින් අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රධාන මහා ශ්‍රාවකත්වය දැරූ අසූ නමක් වැඩ සිටියා.