
දැන් විමසා බලමු මේ පුංචි “සාධු” කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා.
“සාධු” යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ “සාධු” කියන වචනය තුන් වරක් භාවිතා කරනවා. සමහරවිට අපේ ආච්චිලා සීයලා නම් හතරවෙනි වරටත් දිගු සාධුකාරයක් කියනවා. හිතුනේ නැතිද ඇයි මේ 3 පාරක් හෝ 4 පාරක් සාධු කියන්නේ ඇයි කියලා?
අද කාලේ නම් බොහෝ ඇත්තන් මේ සාධුකාරය දෙන්නේ භක්තිය ශ්‍රද්ධාව පෙරටු කොට ගෙන පමණක් වෙන්නට පුළුවන්. මොකද මේ සාධුකාරයේ අර්ථය ඔවුන් දැනගෙන සිටියා නම් එහි අර්ථය නිතර අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒත් එය එසේ නොවන නිසා අවම පිරිසක් පමණක් මේ අර්ථය අවබෝධයෙන්ම “සාධුකාරය” භාවිතා කරනවා කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්නටයථාවබෝධය ලබන්නට ගමන් අරඹන ඔබට තව දුරටත් අර්ථ විරහිතව සිතුවිලි, ක්‍රියා, වදන් මෙහෙයවිය යුතු නැහැ.