හේමක මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදු රජානන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රයෙක්ව උපන්නාහ. හෙතෙම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ දුක් කෙළවර කරන්නෙමි” යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් දහම් රැ කර එයින් චුතව දෙව් මිනිස් සැප විඳ සසර සැරි සරා අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද හේමක නමින් ප්‍රසිද්ධව වාසය කළේය. හෙතෙම වැඩි වියට පැමිණ බාවාරි නම් තාපස තුමාගේ ප්‍රධාන ශිෂ්‍යයකු බවට පැමිණ තාපසයෙක් විය. දිනක් බාවාරිගේ අනු දැනුම ඇතිව බුදුරජාණන් වහන්සේ කරා පැමිණ උන්වහන්සේන්ගෙන් පහත දැක්වෙන ප්‍රශ්නය විචාළේය.
භද්‍රාවුධ මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා කුල ගෙයක ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැදී ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසර දුක් කෙළවර කරමි” යයි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් රැස් කළහ. හෙතෙම එයින් චුතව දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද භද්‍රාවුධ නමින් ප්‍රසිද්ධව විසීය. එකී භද්‍රාවුධ බමුණා බාවාරි තවුසාගේ ශිෂ්‍යයකු බවට පැමිණ තාපස ජීවිතයක් ගත කරන සමයෙහි බාවාරි තවුසාගේ අනුදැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණි යේ ය. උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නය ද විචාළේ ය.
උදය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පැමිණ එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා “අනාගතයෙහි රහත් භාවයට පැමිණෙන්නෙමි” යි ප්‍රාර්ථනා කොට නොයෙක් පින්කම් කළහ. හෙතෙම එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳ අපගේ බුදු රජාණන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය. උදය මාණවක නමින් ප්‍රසිද්ධ ව සිටි හෙතෙම පසු කාලයක දී බාවාරි නම් තවුසාගේ ශිෂ්‍යයකු ව තවුස් දම් පිරිය. දිනක් බුදුරජාණන් වහන්සේ හමු වීමට තම පිරිවරත් සමග පැමිණි උදය තවුසා උන්වහන්සේන්ගෙන් මෙසේ ඇසීය
පිඬ්ගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා කුලපුත්‍රයෙක් ව ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයේ දී රහත් බව ලබා සසර දුකින් එතෙරවෙමි” යි. ප්‍රාර්ථනා කළහ. ඉක්බිති ඒ කුල පුත්‍ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳිමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක උපන්නේය. හෙතෙම බොහෝ කලක් ගිහිගෙයි වැස ජරා ජීණ වු මහලූ කාලයේ බාවාරි තාපසතුමාගේ ශ්‍රාවක යෙකුව තපස්දම් පුරමින් සිටින අවස්ථාවක බාවාරි ගේ අනු දැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණියේ ය. එසේ පැමිණි පිඩ ගිය තවුසා බුදුරජාණන් වහන්සේට මෙබන්දක් පැවසීය,
මේඝිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැ දී අනාගතයෙහි ” රහත් භාවයට පැමිණ දුක් කෙළවර කරන්නෙමි” යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් කළහ. හෙතෙම එයින් චුතව දෙව් මිනිස් සැප විඳිමින් සසර බොහෝ කාලයක් ගෙවා අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නගරයෙහි සාක්‍ය රාජ කුලයෙහි ඉපිද සිය නමින් ප්‍රසිද්ධව විසීය.
පුණ්ණ (සුනාපරන්ත) මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැ දී ” අනාගතයෙහි රහත් බව ලබා සසරින් එතර වෙමි” යි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් රැස් කොට මිය පරලොව ගියහ. හේ නැවත බොහෝ කලක් සසර සැරිසරා බුද්ධ ශුන්‍යය කාලයක දී බ්‍රාහ්මණ කුලයක ඉපිද කාමයෙහි ආදිනව දැක ගිහි ගෙයින් නික්ම තවුස් පැවිද්ද ලැබ හිමාලය පර්වතය සමීපයෙහි පන්සලක් කොට විසීය. එකල්හි ඒ තාපසතුමා වාසය කළ පන්සලට සමීපයෙහි වාසය කළ එක්තරා පසේ බුදු කෙනෙක් ආබාධයකින් පිරිනිවන පෑ සේක, ඒ පිරිනිවීමත් සමග මහා ආලෝකයක් පහළ විය.
උපවාන මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා අනාගතයෙහි රහත් ඵලයට පැමිණ ” සසර කතරින් එතර වන්නෙමි” යි සිතා නොයෙක් ආකාර කුසල් රැස් කළහ. හෙතෙම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි පසු උන්වහන්සේගේ ධාතු තැන්පත් කොට සෑදු දැගැබ මත්තෙහි තමාගේ උතුරුසලූව කොඩියක් මෙන් සිටින සේ බැන්දේය. එම කුල පුත්‍රයා එයින් චුතව සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය.
යස මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි කුල ගෙයක ඉපිද වැඩි වියට පත් වු කල්හි එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසරින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව සසර ඇවිදිනා කල්හි එක් බුදු කෙනෙකුන්ගේ සමයෙහි සොහොනෙහි මඳක් දැවී ගිය මළ සිරුරක් දැක අසුභ භාවනාව පුරුදු කෙළේය. නැවත සුමේධ නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මහානුභාව ඇති නාගරාජයෙක් ව එම බුදුරජාණන් වහන්සේ නාග භවනයට වැඩමවා මහා දානයක් දුන්නේ ය. එසේම තුන් සිවුරුද පුජා කෙළේය. අනිකුත් භික්ෂු සංඝයා වහන්සේට අනගි පිරිකර පූජා කළේය. එසේම සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සිටුවරයෙක්ව ඉපිද මහා බෝධිය සත් රුවනින් පිදීය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි පැවිදිව මහණ දම් පිරීය. මෙසේ අප්‍රමාණ පින් කොට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස මහා ධනවත් සිටු ගෙයක ඉපිද යස යන නාමයෙන් ප්‍රසිද්ධව විසීය.
විමල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ” අනාගතයෙහි බුදු කෙනෙකු හමුව රහත් ඵලයට පැමිණෙන්නෙමි” යි අධිෂ්ඨාන කළහ. හෙතෙම එතැන් පටන් බොහෝ කුසල් රැස්කර දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි දඹදිව බරණැස් සිටු ගෙදරක උපන්නේ ය. දෙමව්පියෝ ඔහුට විමල යයි නම් කළාහුය. කලක් ගිහි සැප විඳිමින් සිටින අතර ඔහුගේ යහළු යස සිටුපුත්‍රයා පැවිදි වූ බව අසන්ට ලැබිණ.
සුභාහු මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත්බව ලබා සසරින් එතෙර වෙමි”යි ප්‍රාර්ථනා කළහ. හෙතෙම අනතුරුව බොහෝ කුසල් රැස් කොට දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස ධනවත් සිටු ගෙදරක සුභාහු නමින් ප්‍රකටව වාසය කළේය.