
අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.
දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.
“ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්න” ආනන්ද හාමුදුරුවෝ ඒ කියන විදිහට කලාම ඒ 500ක් මහ රහතන් වහන්සේලා සමඟ හිමාලයේ අනවතත්ත කියන විල ළඟට වැඩියා. එතන අර කියන නාගිත මහ රහතන් වහන්සේත් වැඩ හිටියා.
ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා අමතලා මෙහෙම ඇසුවා. “මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න”