
බෝසතුන් උතුම් බුද්ධ රාජ්‍යයට පත් වීමෙන් අනතුරුව තමා අවබෝධකොට ගත් ධර්මය පළමුව දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයෙහි එවකට වැඩ සිටිය පස්වග තවුසන් වෙත වැඩම වූ බව සෑම දෙනාම දන්නවා. දුෂ්කර ක්‍රියා සමයෙහි තමන්ට මහත්සේ උපකාර කළ බව සිහිපත් වී කෘතගුණ දැක්වීමට මෙසේ වැඩම කළ බව පැහැදිලියි.
එදා ප්‍රථම වරට දේශනා කොට වදාළ දම්සක් පැවතුම් සූත්‍රය ඇසීමට අපමණ දෙවි බඹුන් සිටියත් මනුෂ්‍යයන් වශයෙන් සිටියේ මේ පස්වග තවුසන් පමණයි. ධර්ම දේශනාව අවසාන වීමත් සමග කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත් වූවා. ඒ අවබෝධය ලබා ගැනීම නිසා එදා බුදුරදුන්“අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ” යනුවෙන් “කොණ්ඩඤ්ඤ තවුසාණන් ධර්මය දැනගත්තා”කියා සතුට ප්‍රකාශ කළා. කොණ්ඩඤ්ඤ හිමියන් එදා පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් හැමදෙනාම හඳුන්වන්න පටන් ගත්තා.