Skip to main content

ප්‍රශ්න ඇසීමට ගොස් විමුක්තිය ලද තෝදෛය්‍ය මහරහතන් වහන්සේ …

තෝදෛය්‍ය මහ රහතන් වන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” මතු රහත් බවට පැමිණෙන්නෙමි ” යි ප්‍රාර්ථනා කොට කුසල් රැස් කළහ. හෙතෙම එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරමින් සිට අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ කාලයෙහි බාවාරි නම් බමුණ ඇදුරුතුමා ළඟ තාපස පැවිද්ද ලැබීය. නමින් තෝදෙය්‍ය තාපස විය. පසුව බාවාරි තවුසාගේ නියෝගය පරිදි අනිකුත් තාපස පැවිද්දන් පසළොස් දෙනා සමග බුදුරජාණන් වහන්සේන්ගෙන් ප්‍රශ්න විමසිම පිණිස පැමිණ මෙසේ ප්‍රශ්න කළේය.

“යම් පුද්ගලයකු කෙරෙහි නාමයෝ නොලත් ද, යමකුට තෘෂ්ණාවක් නොවේ ද යම් කෙනෙක් සැකයෙන් දුරුව වෙසෙත් ද, ඔහුගේ විමුක්තිය කෙබඳු ද? “

ඊට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක. 

” තෝදෙය්‍යනි, යම් පුද්ගලයකු කෙරෙහි කාමයෝ නොලගිත් ද, යමෙකුට තෘෂ්ණාවන් නොවේද, යම් කෙනෙකුට සැකයක් නැත් ද හෙතෙම මුනිවරයෙකි. “

“එවිට තෝදෙය්‍ය තාපසයා නැවතත් බුදුරජාණන් වහන්සේන්ගෙන් මෙසේ ඇසීය.  ” ස්වාමීනි, එබදු මුනිවරයෙකු හඳුනා ගන්නේ කෙසේද, ඊට මාර්ගය මට ප්‍රකාශ කළ මැනවි “

 එවිට බුදුරජාණන් වහන්සේ ” තෝදෙය්‍යායනි, ඒ මුනිතෙම තෘෂ්ණා රහිතය, ආශා රහිතය, හේ නැණවත්ය, තෘෂ්ණා දෘෂ්ටි නැත්තේය, ඒ කාමයෙහි ද, භවයෙහි ද, නො ඇලූණු, පළිබෝධ නැති මුනිවරයා හඳුනා ගන්න ” යයි වඳාළ සේක.

 ඉක්බිති ධර්ම දේශනාව ඇසු තෝදෙය්‍ය තවුසා පිරිවර තවුසන් දහසක් සමග රහත්ව එහි භික්ෂු පැවිද්ද ලැබුවේය, බුදුරජාණන් වහන්සේන්ගේ අසූ මහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු බවටද පත් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.