
බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ කීපයකට පසුව ඉන්දියාවේ දී ලියැවුණු ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ථෙරවාද සම්ප්‍රදාය තුළ නිම වී එය ශ්‍රී ලංකාවේ හා ගිනිකොනදිග ආසියාවේ පමණක් ප්‍රමුඛත්වය උසුලද්දී සර්වාස්තිවාදීන් හා අනෙක් ගුරුකුල අතර ත්‍රිපිටකය පැවැතියේ සංස්කෘත භාෂාවෙනි. එහෙත් ඒවා ඉන්දියාවේ සුරක්‍ෂා නොවීමෙන් මුල් බුදුදහමේ පූර්ණ හැඩරුව දැක ගත හැක්කේ අද අප සතු සුරක්‍ෂිතව ඇති පාලි ත්‍රිපිටකයෙනි. එහි අන්තර්ගත සූත්‍ර හා විනය පිටක පිළිබඳ ගුරුකුල තුළ යම් සාම්‍යයක් දැක ගත හැකි බවත් අභිධර්ම පිටකය අනෙක් ගුරු කුල මගින් පරිහරණය කරන ඒවා සමග ඇත්තේ දුරස්ථ සම්බන්ධයකි. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේ වන විට ලෝකයේ සිදු වී ඇති ශාස්ත්‍රීය පර්යේෂණවලට අනුව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බවට සැලකිය හැකිය. මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන ආ මෙම මහා ඥාන සම්භාරය තවමත් පූර්ණ සමාජ අභිවෘද්ධිය කෙරෙහි උපයෝජනය වී නොමැති මොහොතක මෙය ජාතික උරුමයක් බවට පත් කිරීම වැදගත් වන්නේ කෙසේ දැයි සොයා බැලීම අතිශය වැදගත්ය.