
දළදා වහන්සේ අපට පියවි ඇසට දක්නට ලැබෙන්නේ දළදා දැක්මකදී පමණි. එවැනි අවස්ථාවක් එළඹෙන්නේ බොහෝ කාලයකට පසුවය. එහෙත් අප දකින්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පමණි. එනමුත් උන්වහන්සේ වැඩ සිටින්නේ අප ඇසට දකින කරඬුව තුළ නොවේ. දළදා වහන්සේ වැඩ සිටින්නේ අප දකින කරඬුව ඇතුළු කරඬු හතක් තුළය.දළදා මාලිගාවේ ඇතුල් මාලිගාව නොහොත් ගඳකිළිය නම් කොටසෙහි දළදා කරඬුව තැන්පත් කර තිබේ. විශේෂ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ මෙම සුවිසල් කරඬුව තැන්පත් කර තිබේ. ජපන් රජය මෙම වීදුරු ආවරණය දළදා මාලිගාවට පූජා කර තිබේ.මෙම සුවිසල් කරඬුවෙහි රන්මාල සහ වටිනා මැණික් ගල් අල්ලා තිබෙනු දක්නට ලැබේ. නොයෙක් යුගවලදී රජවරුන්, බිසෝවරුන්, සේනාධිපතිවරුන් සහ විවිධ රාජ්‍ය නායකයන් දෙස් විදෙස් බෞද්ධයන් දළදා වන්සේ උදෙසා එම රන්මාල, මැණික් පූජා කර තිබේ. මෙම පූජාවස්තුන් පූජා කළේ කවුරුන්ද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් පොත නම් ග්‍රන්ථයේ ලෝඛනගත කර ඇත.අතීතයේදී ශ්‍රී දළදා කරඬුව විවෘත කිරීමට පෙර එහි ඇති එම පූජා වස්තූන් ගැන ලේකනය කියවනු ඇත.ළදා වහන්සේ වැඩ සිටින දැනට අපට පෙනෙන සුවිසල් කරඬුව පූජා කර ඇත්තේ විමලධර්මසූරිය රජතුමා විසිනි. එය රිදී පාටින් යුක්තය.