
අපේ බ්ලොග් එක
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සමාජ සදාචාරය නිවන් මගෙහි අංගයක් ලෙස බුදු දහම පෙන්වා දෙයි. ගිහි පැවිදි සියල්ලන් ‘නිවන’ පරම ප්‍රතිෂ්ඨාව ලෙස පිහිටා කටයුතු කළ යුතු අතර, ස්වකීය ජීවිතයේ සියලු චර්යා නිවන් මඟට අදාළවම කළ යුතු වෙයි. කාමමිච්ඡාචාර විරමණය පදනම් කරගත් ගෘහස්ථයාගේ ක්ලේශ නිවාරණය සඳහා වූ ගමන් වේගය බ්‍රහ්මචරියාව පදනම් කරගත් පැවිද්දාගේ ක්ලේශ නිවාරණය තරම් කඩිනම් නොවෙයි. එහෙත් ක්‍රමයෙන් ගෘහස්ථ බැඳුම් අතහැර බ්‍රහ්මචර්යා ශික්ෂණයට පත්වන ගෘහස්ථයාට ද මෙලොව දීම නිර්වාණය සාක්ෂාත් කරගත හැකි වෙයි. මෙම එකම මඟ – හංසයාගේ වේගයෙන් පැවිද්දා ද , මොණරාගේ වේගයෙන් ගිහියා ද, ගමන් කරයි.