
දෙවියෝ යක්කු නෑ කියලා කියනවනම් ඉතින් බුදු බණත් බොරු වෙන්න ඕන කියලා මට හිතෙනවා . මොකද ආලවක , කාලි , වගේ යක්කුත් සක්‍රයා , උපුල්වන් , වෛශ්‍රවණ වගේ දෙවිවරුත් බුදු හාමුදුරුවන්ගේ දේශනාවල සඳහන් වෙනවා . ඉතින් මෙයාලා දැන් කාලේ කෙසේ වෙතත් ඉස්සර කාලේවත් හිටියා කියලා බෞද්ධ අපිට පිළිගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ .
උප්පැන්න සහතිකේ ලියවිලා තියෙන හැටියට ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේ කියලා කියන අර්ධදේව තත්වයේ ඉන්න මේ දෙවියන් ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ හරිම බයෙන් . අඩුම තරමේ මේ පොස්ට් එක කියවලාවත් ඒ බය නැති කරගන්න කියලා මම කියන්නේ . මොකද මේ අමනුස්සයෝ මිනිස්සු වගේ නෙවේ . කිව්වොත් කිව්වා , අනික තමයි කොයික කරත් සාධාරණේට වැඩ .
අර්ධ දේව කියන්නේ මනුස්සයින් හෝ යක්ෂයින් වෙලා ඉඳලා වෙන වෙන ලොකු දෙවිවරුන්ගෙන් වරම් අරගෙන දේවත්වයට පත්වෙච්ච අයට .
දෙවියොත් එක්ක ගනුදෙනු වලදී වැඩිපුර ජෝක්ස් මුල් කරගන්න මමනම් කැමති නෑ . ඒක නිසා පෝස්ට් එක කියවන අයට මේක බොරින් නම් සොරි වෙන්න ඕන හොඳේ ………!