
භාග්‍යවත් වූ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි දිව්‍ය බ්‍රහ්ම ආර්ය ඊයාර්ය පථ සංඛ්‍යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවන සේක් අනේපිඩු මහා සිටානන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්‍රාවකයන් අරභයා මේ අපණ්නක ජාතක ධර්ම දේශනාව වදාල සේක. එක් දවසක් අනේපිඩු මහා සිටානෝ තමන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්‍රාවකයන් කැඳවාගෙන බොහෝ ගධ දුම් මල් පහන් හා ගිතෙල් මී උක් සකුරු හා සිවුරු පිළි ආදීය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජානන් වහන්සේට නමස්කාර කොට මල් සුවඳ ආදීයෙන් පූජා කොට ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිද භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා නපච්චතෝන පූරතෝ යනාදී සය වැදෑරුම් වූ මිසත්‍ය දෝෂ දුරු කොට එකත් පස්ව හුන්නාහුය. ඒ අන්‍ය තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ට නමස්කාර කොට බුද්නගේ පුන් සඳ මඩලක් බඳු වූ සශ්‍රික මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිත්‍යාණු ව්‍යජන ඛ්‍යාම ප්‍රභා කේතු මාලා ලංකාරයෙන් විරජ මාන වූ බ්‍රහ්ම ශරීර හා කරකැවි යුවල යුවල නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මී බල බලා අනේපිඩු මහා සිටානන් සමීපයෙහි උන්නාහුය. එකල්හි ඔවුන්ට බුදුහු රත් ගල් තලාවක හිඳ සිංහ නාද කරන්නා වූ අභිත කේෂර සිංහ රාජයෙක් මෙන්ද මේඝ කාලයෙහි මහා වර්ෂාවක් වස්නා කලක් මෙන්ද ආකාශ ගංගාවක් බානා කලක් මෙන්ද රුවන් දමක් ගොතන්නාහූ මෙන් ද අශ්ඨාංගයෙන් සමන්විත වූ ශ්‍රවණීය වූ මනෝඥ වූ බ්‍රහ්ම ස්වරයෙන් නානානය නිපුණ විචිත්‍ර වූ මදුර වූ ධර්ම දේශනාවකට වදාල සේක. ඒ තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇතිව නැගී සිට දස බලදාරී වූ බුදුන්ට නමස්කාර කොට තීර්තක ලබ්දිය හැර බුදුන්ගේ සරණ ගියහ. Read More