
තිලෝතිලක සම්ය්‍යක් සම්බුදු අමා මෑණියන් වහන්සේගේ ස්විශේෂී වු ලෝප්‍රකට සමාධි පිළිම වහන්සේ අනුරාධපුර මහමේව්නා උයනේහි පිහිටි නමුදු වර්ථමානයේදි පිළිම වහන්සේ අභයගිරි ආරාම සංකීර්නයෙහි දැකගත හැකිය. බොහොමයක් පිළිම වහන්සේලා අතරින් මහමෙව්නාවේ සමාධි පිළිම දිස්වන පරිපූර්ණත්වය , ශාන්ත ස්වභාවය හා කරුණා ගුණය හෙළ කලාකරුවාගේ සූවිශේෂි වු කලා කුශලතාවන් මනාව පිළඹිබුවේ.
ලෝක පුජිත සමාධි පිළිම වහන්සේ වර්ෂ 1888 දී පමණ සොයා ගන්නට යෙදුණි.පිළිම වහන්සේ සොයාගන්නා විට නාසයට හානී වී තිබු අතර නාසය පිළිසකර කරන ලදි. වර්ෂ 1950-1960 අතර කාලවලදි මෙහි උඩු වියනද නිර්මානය කරණ ලදි. තවද මෙම පිළිමය උතුරු දකුනු නැගෙනහිර හා බටහිර යන සිව් දිශානුගත පිළිම වහන්සේලා හතර නමකගෙන් එකක් පිළිමවහන්සේ එකක් ලෙසදමතයක් පවති. භාවනා යෝගි බුදුන්වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණයවේ. එහි මුහුණ රවුම්ය. අඩවන් වූ නෙත් සඟලකි. තොල් සඟලේ මද සිනහවක් පෙන්නුම් කරයි. සමාධි ප්‍රතිමාවේ දකුණු උරහිස නිරාවණය. චීවරයේ රැළි ගං දිය මතුපිට උපන් රැළි මෙන් සිරුරට ඇලී ඇති ආකාරයකින් දක්වා ඇත. මෙම පිළිම වහන්සේ ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායට නෑකම් කියයි. මෙසේ සිරුරට චීවරය ඇලි ඇති නිසාම සමාධි පිළිමයේ ශ්‍රී දේහයේ හැඩය මනාව ඉස්මතු වෙයි. මනාව දර්ශනය කරනු ලැබුවහොත් චීවරයේ රැළි කිහිපයක් පමණක් දැකිය හැකිය. Read More