
තුන් ලෝකයේම බුදුවරු පහල වන්නේ මගුල් සක්වලේ පමණි. එනම් මේ අප ජීවත්වන සක්වලේය. එහිද ජම්බුද්වීපය හෙයත් ඉන්දියාව, නේපාලය අයිති බිම් කොටසේ බුද්ධගයාවේ පමණි බුදුවරු බුදු වන්නේ. එහෙත් මහායාන දහමට අනුව වෙනත් සක්වලද බුදුවරු පහලවන ඔවුන් විශ්වාස කරන්නේ නිවන් දකින්නේ බුදු වීමෙන් පමණක් බවය. මෙම කථාව මහායාන උරුවක් ගන්නා බැවින් එහි පිටසක්වල බුදුවරු ගැන සදහන් වීම් දක්නට ලැබේ. කෙසේ උවද මෙම කථාව අප පලකරන්නේ පිටසක්වල බුදුවරු ගැන සදහන් කිරීමට නොව එහි ඇති අන්තර්ගතය ඔබ වෙත ගෙන ඒමටය. වෙනත් ලෝක ධාතුවක බුදුවරුන් ගැන සදහන්වන කථාව බැහැර කොට දානයේ ආනිසංස ලමණක් සිහිකරත්වා …
සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.
උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම, සන්ථාගාර, ගිලන්හල්, ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා කර තිබුණි. මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.
එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය. මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි. එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය. දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය. ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.