කිම්බිල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි දී මහා ශ්‍රාවකයකු වීමට ප්‍රාර්ථනා කොට සසර බොහෝ පින්දහම් පුරා කකුසඳ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එක්තරා කුලගෙයක උප. ඒ කුලපුත්‍ර තෙම වැඩි වියට පත් වූයේ එම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කහි සර්වඥධාතුන් විෂයෙහි සළල මල් කළඹක් පිදීය. ඒ පින් බලයෙන් දෙලොව උපන් හෙතෙම එහි බොහෝ කාලයක් දිවසැප අනුභව කළේය. මෙසේ කාලාන්තරයක් ගෙවා අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි කුමාරයෙක්ව උපන් ඔහු කිම්බිල නමින් වැඩී වියපත් වූ කල්හි බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස කිඹුල්වත් නුවරට වැඩි සේක. එකල්හි සාක්‍ය කුමාරවරු බොහෝ දෙනෙකු පැවිදි වුවත් අනුරුද්ධ, භගු, කිම්බිල, ආනන්ද, භද්දිය දේවදත්ත යන කුමාරවරු පමණක් පැවිදි නොවී හුන් කල්හි අනිකුත් ශාක්‍යයෝ ඒ ගැන ඔවුන්ට දොස් කීහ.
භගු මහරහතන් වහන්සේ වනාහී මෙයින් කල්ප ලක්‍ෂයකට පුවයෙහි බුදු වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලයෙයක උත්පත්තිය ලැබුවේය. මෙතුමා වැඩි වියට පත් වූ කහි බුදුන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි දී රහත් වනු පිණිස ප්‍රාර්ථනා කළේය. ඒ අනුව සසර බොහෝ කාලයක් පින්දහම් කොට අනතුරුව අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සාක්‍යරාජ කුලයෙහි ඉපිද හගු නමින් ප්‍රසිද්ධව වාසය කළේය. මෙසේ වාසය කරන අතර අපගේ සර්වඥයන් වහන්සේ නෑයන්ට සංග්‍රහ කරනු පිණිස කිඹුල්වත් නුවරට වැඩි අවස්ථාවේ බොහෝ සාක්‍යකුල වතුන් පැවිදි වූහ. අනුරුද්ධ කුමාරයා ඇතුළු සාක්‍ය කුමාරවරුන් පැවිදිවන අවස්ථාවෙහි භගු කුමාරයාද ඒ සමගම පැවිදි විය.
චුන්ද මහරහතන් වහන්සේ වනාහි මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ, පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ සමයෙහි හංසවතී නුවර එක්තරා කුලගෙයක උපන්හ. හෙතෙම වැඩි වියට පත්ව බුදු බණ අසා තුනුරුවන් කෙරෙහි පැහැද බොහෝ පින් කෙළේය අනාගතයෙහි රහත් බව ද ප්‍රාර්ථනා කෙළේය. ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව බොහෝ කාලයක් සසර පින් දහම්වල යෙදෙමින් සිට සිද්ධත්ථ නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මහත් ධනවත් කුලයක උපන්නේ ය. ඒ තෙම සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැ දී සරුවන් කරඬුවක් කොට එය සමන් මලින් වසා උන්වහන්සේට පුජා කෙළේය. ඒ සමන් මල් අහසට නැගී බුදුරජාණන් වහන්සේට වියනක් මෙන් පිහිටියේ ය. ඒ බුදුරජාණන් වහන්සේ ඔහු අමතා අනාගතයෙහි ලොව පහළ වන ගෞතම බුදුන්ගේ ශාසනයෙහි ඔබ චුන්ද නමින් රහතෙක් වන්නේයයි ප්‍රකාශ කළ සේක.
මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි මෙම සේල නම් රහතන් වහන්සේ එක්තරා කුලගෙයක කුල පුත්‍රයෙක්ව උපන්නේ ය. ඒ කුල පුත්‍ර තෙම තමාගේ අතවැසි තුන් සියයක් දෙනා සමග බුදුරජාණන් වහන්සේට ගඳකිළියක් තනවා එහි වැඩ නිමවූ දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මහදදී ගඳ කිළිය පූජා කොට සියලූ දෙනා වහන්සේට තුන් සිවුරුද පුජා කෙළේය. හෙතෙම එම පින්කමෙහි ආනිශංසයෙන් බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරිසරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි අංගුත්තරාපආපණ නම් ගම බමුණු කුලයක ඉපිද ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් විසීය. බමුණන් තුන්සියයකට වේදය ඉගැන්විය. එසමයෙහි අපගේ ලොවිතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරින් නික්ම දෙළොස් දහස් පන්සියයක් පමණ භික්ෂුන් පිරිවරා අංගුත්තරාප ගමෙහි හැසිරෙන්නේ අතවැස්සන් සමග සේල බමුණාගේ නුවණ මෝරා ඇති බව දැන එක්තරා ආසන්න වනයක වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව ඇසු කේණිය නම් ජටිල තෙම උන්වහන්සේ හමු වීමට ගොස් සතුටු සාමිචී කථා පවත්වා පසු දිනට තමාගේ ආශ්‍රමයට දානය පිණිස වඩින ලෙස ආරාධනා කොට පසුදින තම අසපුවෙහි දන් පිළියෙළ කරමින් සිටියේ ය.
නාගිත මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි වියට පත්වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් මිදෙන්නෙමි යි ප්‍රාර්ථනා කළහ. එකල එතුමාගේ නාමය නාරද විය. එම නාරද බ්‍රාහ්මණයා එයින් පසු බුදුරජාණන් වහන්සේට ගාථා තුනකින් ප්‍රශස්ති වර්ණනාවක් ද කළේය. එයින් චුතව දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නගරයෙහි සාක්‍ය කුලයෙහි ඉපිද නාගිත නමින් ප්‍රසිද්ධව වාසය කළේය..
තෝදෛය්‍ය මහ රහතන් වන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුයෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” මතු රහත් බවට පැමිණෙන්නෙමි ” යි ප්‍රාර්ථනා කොට කුසල් රැස් කළහ. හෙතෙම එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරමින් සිට අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ කාලයෙහි බාවාරි නම් බමුණ ඇදුරුතුමා ළඟ තාපස පැවිද්ද ලැබීය. නමින් තෝදෙය්‍ය තාපස විය. පසුව බාවාරි තවුසාගේ නියෝගය පරිදි අනිකුත් තාපස පැවිද්දන් පසළොස් දෙනා සමග බුදුරජාණන් වහන්සේන්ගෙන් ප්‍රශ්න විමසිම පිණිස පැමිණ මෙසේ ප්‍රශ්න කළේය.
කප්ප මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද ඒ බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා රහත් බව ප්‍රාර්ථනා කළහ. හෙතෙම බොහෝ කාලයක් සසර සැරිසරා කුසල් දහම් රැස් කොට අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බමුණු කුලයක ඉපිද කලක් ගිය විට බාවාරි නම් තාපසතුමා ළග තාපස පැවිද්ද ලැබීය. නමින් කප්ප තාපස නම් විය. පසුව බාවාරි තාපසතුමාගේ නියෝගය පරිදි අනිකුත් නායක තාපස. පැවිද්දන් පසළොස් දෙනා සමග බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීම පිණිස ගොස් බුදුරජාණන් වහන්සේන්ගෙන් මෙසේ ඇසීය.
ජතුකණ්ණි මහරහතන්වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්කර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි විය පත් කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ප්‍රාර්ථනා කළහ. හෙතෙම බොහෝ කුසල් කොට සසර සැරිසරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි බමුණු මහසල් කුලයක ඉපිද ජතුකන්ණි නමින් ප්‍රසිද්ධව වාසය කළේය. පසුව බාවාරි නම් තවුසා ළග පැවිදිව වසන කල්හි බාවාරි තාපසතුමා ගේ අනුදැනුම මත බුදුන් වහන්සේ කරා පැමිණ මෙසේ ප්‍රශ්නයක් ඇසීය.
පෝසාල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුලගෙයක උපන්නේය. හෙතෙම වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ප්‍රාර්ථනා කොට බොහෝ පින්කම්ද කෙළේය. එකී කුලපුත්‍ර තෙම එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි පැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද පෝසාල නමින් ප්‍රසිද්ධව විසීය. පසු කාලයකදී බාවාරි නම් තවුසා ළග තාපස පැවිද්ද ලබ කල්ගෙවු අවස්ථාවෙහි එකී බාවාරි තවුසාගේ අනු දැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණ උන්වහන්සේන්ගෙන් මෙබදු ප්‍රශ්නයක් ඇසීය.
පුණ්ණක මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක උපන්නේය. හෙතම වැඩිවියට පත්ව එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් ඵලය ප්‍රාර්ථනා කොට බොහෝ පින්කම් ද කෙළේය. එකී කුල පුත්‍රයා එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද පුණ්ණක නමින් ප්‍රසිද්ධ විය, අනතුරුව ත්‍රිවේදය ඉගෙන බාවාරි තාපසතුමා ළග අතවැසි තාපසයෙක් ව විසී ය, එක් අවස්ථාවක බාවාරි තාපසතුමාගේ අනුදැනුම ඇතිව පුණ්ණක තාපසයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මෙබදු ප්‍රශ්නයක් ඇසී ය.