Skip to main content

දහසක් පිරිස සමගින් එක්වර රහත් වූ පෝසාල මහරහතන් වහන්සේ …

පෝසාල මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුලගෙයක උපන්නේය. හෙතෙම වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ප්‍රාර්ථනා කොට බොහෝ පින්කම්ද කෙළේය. එකී කුලපුත්‍ර තෙම එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි පැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද පෝසාල නමින් ප්‍රසිද්ධව විසීය. පසු කාලයකදී බාවාරි නම් තවුසා ළග තාපස පැවිද්ද ලබ කල්ගෙවු අවස්ථාවෙහි එකී බාවාරි තවුසාගේ අනු දැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණ උන්වහන්සේන්ගෙන් මෙබදු ප්‍රශ්නයක් ඇසීය.

” සවාමීන්ද්‍රයන් වහන්ස, අධ්‍යාත්මයෙහිත්, බාහිරවත් කිසිවක් නැතැ යි දකිනඩු (ආකිඤචඤ්ඤායතනලාභීහු) ගේ ඥානය කෙසේ නම් ඔවුන්ගෙන් බැහැර කළ හැකිද? ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක්.

” පෝසාලයෙනි, ඒ කියන ආකිඤ්චඤ්ඤායතන ලාභීන්ගේ ඥානය සසර බැඳ තබන සංයෝජනයකි. ඒ බව අවබෝධකර ගත් පසු එහි අනිත්‍යාදි සචභාවය භාවනා කිරීමෙන් ඔහුට රහත් බව ලැබිය හැකිය ”  මේ ප්‍රශ්න විසඳුම් මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනා කළ සේක. දම් දෙසුම් කෙළවර පෝසල තාපසයා ඇතුළු දහසක් දෙනා රහත් ඵලයට පත්වූහ. ඔවුන් සියලු දෙනම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා ලැබූහ. පෝසාල මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අසු මහා ශ්‍රාවකයන් අතුරෙහි එක් අයෙක් වු සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.