Skip to main content
Monthly Archives

November 2015

අපායේ උපතක්‌ …

By සිරි සදහම් ( Dhamma) No Comments

ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.

මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.

විපාකය විඳීම පිණිස නිරයේ එම කොටයේ මුහුණත බදාගෙන සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා දෙස බලන එම නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ මොහොතේ හරකා සැපක්‌ හැටියටයි නිරිසතා දකින්නේ. එහෙත් නිමේෂයකින් කොටයේ බැඳ තිබූ හරකා තියුණු උල් සහිත ත්‍රිශූලයක්‌ වැනි කැපෙන ආයුධ දෙකක්‌ අත් දෙකේ ඇති යෝධ යමපල්ලෙක්‌ බවට පත්විය. හරකා ඉදිරි ගාත් දෙක ඔසවා යම පල්ලෙක්‌ බවට පත්වෙද්දී නිරිසතා මරහඬින් කෑගසයි. තියුණු ආයුධ දෙකින් කොටයේ මුදුනත එල්ලී සිටින නිරිසතා දැඩි ලෙස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. Read More

ගමේ කුස්සියට මොකද උනේ ?

By සිරි සදහම් ( Dhamma) One Comment

අදනම් ලෝකෙ හරි දියුණුයි. ගෙවල් දෙරවල් නවීන ඉලෙක්ට්‍රොනික් බඩුවලින් පිරිල. විනාඩි පහෙන් බත් මුට්ටියක් උනත් උයල දෙයි. විනාඩි දෙකෙන් අයිස් හදල දෙයි. අලුත් කෑමත් එමටයි. දැන් ගෙවල්වල බත් උයන‍්නෙ නෑ. උයන්නෙ “රයිස්”. මාලුපිණි උයන්නෙ නෑ. “කරි” තමයි ඉදෙන්නෙ. කපන්න කොටන්න දේවලුත් නෑ. පැගට් එක කැඩුව. වලදට දැම්ම. රසකාරක පැකට් එක ‍දැම්ම. පොල් පිටි කිරි දියකරල වැක්කෙරුව. තැම්බුව. ගිල්ල. අද ඉන්න “භාග අම්මල” හරියට ළමයි දහයක් වැදුව වගේ. හැරෙන්න, පෙරලෙන්න, නැමෙන්න කැමති නෑ. හරියට අර චීන ඊරියො වගේ. මනුස්සය කීය හරි ගෙනත් දුන්නම ත්‍රීවීල් එකට කියල ගෑස් එක ගෙන්න ගන්නව. රයිස්කුකර්ථ ටොස්ටර්, බ්ලෙන්ඩර්, අවන්, අරව මේව ඔක්කොම ප්ලග් වලට ගහනව. හරියට ගරාජ්එකක් වගේ කුස්සිය. ඉතින් මොනව හරි කඩෙන් ගේන වහ ගහපු එලවලුවක් තම්බනව. ඊටපස්සෙ රස නැති වෙනකොට අජිනමොටෝ, මැගී සුප් දානව. ඉතින් ගිලපන්. ඊටපස්සෙ ලෙඩ ගොඩවල් ශරීර. ඉතින් ගෑනුන්ගෙ ඇට දිරන්න පටන්ගන්නවලු. මේ මේ ඇට කිව්වෙ ඇටකෝටු ගැන හොදද. ඉතින් බීපන්කො ඇන්ලීන්. ඊලගට වෙන වෙන අමාරු. ඉතින් පලයන්කො චැනල් කරන්න. මනුස්සය මොයන ඔක්කොම චැනල් කොරන්න වියදම් කොරනව. යන්නෙත් ගමේගොඩේ වෙද මහත්තුරු ගාවට එහෙම නෙවෙයි. ඉස්පෙෂලිස්ට්ල හම්බවෙන්න. ඒකත් හරි තමයි. ගිලින වසවිෂ වල හැටියට හැදෙන ලෙඩ අපේ දොස්තරලට හොයන්න ලැබෙන්නෙ නෑ.
බලන්නකො අපේ අතීත ගෙදර කුස්සිය. මොනතරම් සරලද? ‍ෙකා් ඔය කියන ලෙඩ. කෝ ඔය කියන විටමින් අඩුපාඩු. ඕව මොකුත් නෑ. ඒකට හේතුව තමයි සරල ජීවන රටාවෙ ඇතුලෙ සංකීර්ණ පෝෂණයක් අපේ ගැ‍මි ගෙවල්වල තිබුන. උයන්නෙ දර ලිපේ මැටි වලංවල නිසා ආයි අජිනමොටෝ ඕනි නෑ. අපේ පැරණි සිංහල ක්‍රමයට අනුව වසර පටන්ගන්නෙ බක් මාසෙන්.

Read More

බෞද්ධ සමාජය තුළ ඔබ කෙබඳු බිරියක් ද?

By සිරි සදහම් ( Dhamma) No Comments

මහා සමාජය නම් වූ ඉහළ ඒකකය ගොඩ නඟන්නේ “පවුල” නම් වූ කුඩා ඒකක සමූහයක එකතුවෙනි. පවුල යන්න ඉතා ඉහළ ශක්තීන් සමුදායක් ගොනු කරගත් ප්‍රාථමික අංගයකි. එහිදී මෙලොව සියලු පුද්ගලයන් ජනිතව පවතින්නේ මවකගෙනි. එසේත් නැතිනම් කාන්තාවගෙනි. කාන්තාව විවිධ භූමිකා ඔස්සේ අප සමාජයට බලපෑම් කරයි. ළදැරියක්, තරුණියක්, බිරිඳක්, මවක් ලෙස ඇය මෙකී සමාජය තුළ කතාබහට ලක්වෙයි.

බිරිඳක ලෙස පවුලේ භූමිකාව අත්පත් කරගත් කාන්තාව මුළු මානව සංහතිය උදෙසාම සිය ආත්මය කැප කරන්නියකි. කුඩා කළ සිය මව පියා ඇසුරෙහි හැදී වැඩී පසුව තම මවුපියන්ගේ අණ පරිදි ගැලපෙන පුරුෂයකු සමඟ විවාපත්ව විවිධ සංස්කෘතීන් තුළ විවිධ හර පද්ධතීන්ට අනුගතව කාන්තාව බිරිඳක ලෙස නම් ලබයි. අතීත සමාජය තුළ ඇය අත්විඳි සීමාසහිත බව වර්තමානය වන විට ලිහිල් වෙමින් පවතීය යන්න නොරහසකි.

කවර කලෙක කවර සමාජයක වුව මවුපදවියට යාව පවත්නා බිරිඳ නැතහොත් භාර්යාව යන තත්ත්වය ඉතා වගකීම් සහගත ගාම්භීර එකක්ය. බෞද්ධ දේශනාව සිය ලෝකෝත්තර අරමුණ හා සමගාමීව ලෞකික ජීවිතය අර්ථවත් කර ගැනීමට දී ඇති මඟ පෙන්වීම් බොහෝය.
Read More

බුදුරජාණන් වහන්සේ පිලිබද නූතන ඇගයීම්

By සිරි සදහම් ( Dhamma) No Comments

ලොව පහළවූ පරම පූජනීය මනුෂ්‍ය රත්නය බුදු පියාණන් වහන්සේය. උන්වහන්සේගේ අසහාය ඉගැන්වීම් ලොව පුරා අදත් මහත් ආන්දොලනයන් ඇතිකරයි. කාලයක් තිස්සේ පල්ලියේ යකඩ සපත්තුවටත්, ඉස්ලාම් කඩුපහරටත් යටවූ සත්‍ය දැන් ටිකින් ටික අලු ගසාදමා නැගිටීමට පටන් අරන් ඇත. මිනිසා ආගමික සදිරකරුවන් වූ යුගය අවසන්ය. සත්‍යයේ අරුණලු ලොපුරා වැයෙමින් ඇත. මහා බුද්ධිමතුන් සත්‍යය සොයා ආගමික යදම් බිද දමා ඉදිරියට එති. විද්‍යාවටහසු නොවූ බොහෝ සත්‍යයන් මිත්‍යාවන්යැයි කියූ යුගය අවසන් වී ඇත. විද්‍යාව යනු ප්‍රාථමික විෂයක් බවට පත්වී ඇත.

පහලින් දැක්වෙන්නේ ලොව බිහිවූ මහා විද්වතුන් විසින් කරන ලද ප්‍රකාශයන්ය. සියල්ලෝ සන්සුන් සිතින් මෙම ලිපිය කියවත්වා.
Read More

මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි …

By සිරි සදහම් ( Dhamma) No Comments

තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා “තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා” යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි. බලශක්‌තිය හිඟවුණු දිනයක, බලශක්‌තිය නැතිවුණු දිනයක තාක්‍ෂණයේ පිහිටෙන් ජීවත්වන ලෝකයා පත්වන්නේ මහා අර්බුදයකටය. තාක්‍ෂණය යනු අවිද්‍යාවයි. තාක්‍ෂණය යනු අස්‌වාභාවිකත්වයයි. එවන්වූ තාක්‍ෂණයෙන් පරිපූර්ණවන ලෝකය, ආධ්‍යාත්මික වශයෙන් පිරිහීම ලෝක ස්‌වාභාවයයි. තාක්‍ෂණයේ දියුණුව යනු අවිද්‍යාවේ දියුණුවයි. වර්තමානයේ ලෝකය දෙස බැලීමේදී අපි දකින්නේ අවිද්‍යාවෙන් ඉතිරීයන තාක්‍ෂණයෙන් දියුණු ලෝකයකි. ලෝකයේ ගුණාත්මක බව, දියුණුව මනින මිනුම් දණ්‌ඩ තාක්‍ෂණයයි. බලශක්‌තිය නැතිවුණු දවසක ඇනහිටින තාක්‍ෂණයක්‌, ස්‌වාභාවික කාලගුණික දේශගුණික තත්ත්වයකදී ඇනහිටින තාක්‍ෂණයක්‌, දේවත්වයෙන් සලකන ඊනියා දියුණුවකින් මුලාවූ ලෝකයාට, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර දේශනාකොට වදාළ ධර්මය විසින් අන්ධභාවයේ වෙලීසිටින ඔවුන්ගේ ළදරු බව හෙළිකරවනු ලබයි. ලෝකය තාක්‍ෂණයෙන් පිරීයාම යනු සතර අපායද පිරීයාමයි. තාක්‍ෂණ අවිද්‍යාවෙන් මුලාවන සත්වයා ගාල් කරන වෙබ් අඩවිය සතර අපායයි.

ලෝකයේ සැබෑ තාක්‌ෂණය දකින්නනම්, ස්‌පර්ශ කරන්නනම් ඔබ දැකිය යුත්තේ ලොව්තුරා ධර්මයයි. එය බලශක්‌තිය නැතිවුණ දිනයක අතරමංවන, අක්‍රියවන තාක්‌ෂණයක්‌ නොවේ. පොඩ්ඩ වැරදුණු විට මහා විනාශයන් වන තාක්‍ෂණයක්‌ නොවේ. අතුරු ආබාධ ඇතිවන තාක්‍ෂණයක්‌ නොවේ. එය ඉතාම පිරිසිදු තාක්‍ෂණයයි.
Read More

සම්බුදු දහම හෙළි කළ පෞරුෂය

By සිරි සදහම් ( Dhamma) No Comments

අද පෞරුෂ වර්ධනය සඳහා විවිධ පන්ති පවත්වනු ලැබේ. මිල මුදල් වියදම් කරගෙන පෞරුෂය ගොඩ නගා ගැනීමට වෑයම් කරති.

එයාට හොඳ පෞරුෂයක් තියෙනවා. එයාට කිසිම පෞරුෂයක් නැහැ. ආදී වදන් අපට දසතින්ම ඇසේ. විවිධ ක්‍රීම් වර්ග, විලවුන් වර්ග ඇඳුම්, පැළඳුම් ආදියෙන් පෞරුෂය ඉහළින් පෙනේ යැයි සමහරු සිතති.

කෑ කෝ ගසමින් අනුන්ට පෙළා තලා කථා කරමින් පෞරුෂයක් ගොඩනගා ගැනීමට තවත් සමහරෙක් කෑ ගසති.

මෙහිදී බොහෝ දෙනෙකු පෞරුෂය හැටියට සිතාගෙන සිටිනුයේ බාහිර පෙනුම, කථා කිරීමේ විලාශය උසට සරිලන මහත, අන් අය යටත් කර ගැනීමේ දක්ෂතාව ආදියයි.

එබඳු පෞරුෂයක් නම් නයාට, අලියාට පමණක් නොව බල්ලාටද ඇත. පොලිසියේ අපරාධ විමසන සුනඛයාට සාමාන්‍ය සුනඛයකුට වඩා එඩිතර බවක් හා ගැඹුරු හඬක් ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේ වදාළ පෞරුෂය එබඳු බාහිර පෙනුමක් නොව ඇතිකර ගත යුතු ආධ්‍යාත්මික ගුණධර්ම සමුදායකි.

ඒවායේ අගය නොදන්නාකම තරම් මුග්ධ බවක් තවත් ඇතැයි නොසිතේ. කරණීය මෙත්ත සූත්‍රයේ මෙම පෞරුෂ ලක්ෂණ ඉතා හොඳින් දක්වා තිබේ.
Read More

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි ….

By සිරි සදහම් ( Dhamma) No Comments

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.

කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත මානව සමාජයම, තිරිසන් ගති පැවතුම් ඇති අය බවට පත්වෙන බවත් කියැවෙනවා. සමාජය යහමග කරා මෙහෙයවන යහපත් කතුන් බෞද්ධ සමාජය තුළ හැඳින්වෙන්නේ උපාසිකා යන නමින්..

බෞද්ධ කාන්තාවන් අනෙකුත් ආගම් අදහන කාන්තාවන් හා සසඳන විට වැඩි ප්‍රවණතාවකින් ආගමික ස්ථාන කරා ඇදෙන බව තීරණය කරයි නම්, ඒ සඳහා හේතු බොහොමයක් තිබෙන්නට පුළුවන්. බියෙන් ත්‍රාසයට පත්වූවෝ වනාන්තර, පර්වත, ආරාම, රූක්ෂ ෙචෙත්‍ය වන්දනා කරමින් සරණ පිහිට පතන බව බුදුරදුන් දේශනා කළා.
බුදු සමයේ එන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස අතර ගිහි පිරිස නියෝජනය කරන්නේ උපාසක උපාසිකාවන්. බුදුසමයට අනුව උපාසක උපාසිකා දෙපිරිස නිර්වචනය වෙන්නේ කෙසේද, සැබෑ උපාසිකාවකගේ ගුණරුව කෙසේද යන්න ගැන අප මෙහිදී විමසුවා.
Read More

ශීලය යනු කුමක් වැනිද ?

By සිරි සදහම් ( Dhamma) No Comments

ශීලය යනු ගංගා ජලයෙන් පිරිසිදුකරගත නොහෙන කෙලෙස් කිලුටු සෝදා හැරීමට සමත් ජලයකි

ගිතෙල්, සදුන්, සිසිල් දෙයින් නොනිවිය හැකි කෙලෙස් දැවිල්ල නිවීමට සමත් බේතකි

මුතුවැල්, ඔටුනු ආදී ආභරණයන් පරදවන ආභරණයකි

උඩුසුලගට පැතිර යන සුලං නැතිව පැතිරෙන හැම කලතටම සුදුසු සුවදෙකි

රජුන්ගෙන් පවා ගවුරව ලැබිය හැකි උතුම් මන්ත්‍රයකි

චාතුර්මහාරාජිකා දිව්‍යතලවලට නැගීමට හිණිමගකි‍.

ධ්‍යානාභිඥා උපදවාගැනීමට උපායකි

නිර්වාණ මහා නගරයට වැටී ඇති මාර්ගයකි

ශ්‍රාවක බෝධි, ප්‍රත්‍යෝක බෝධි, සම්‍යක් සම්බෝධියනට භූමියෙකි.

ප්‍රාර්ථනා කරන සෑම සම්පතක්ම ලැබීමේ උපාය වන බැවින් සිතුමිණ – කප්රුක ආදිය යට කරන දෙයකි.

“ සිල්වත් තැනැත්තා හට මා විසින් යහපත කරන ලදය, සසර බයට පිහිටක් කරගන්නා ලදැ”යි ශීලය නිසා මහත් ප්‍රීතියක් ඇති වන්නේය.

“ මා විසින් මෙබදු නොමනා දෙයක් කරන ලද්දේය, මා අතින් මේ වරද සිදු වූයේය ” සිල්වතා තමාට තෙමේම චෝදනා කර නොගන්නේය.

“ අන්‍ය නුවණැත්තෝද මෙනම් අපරාධයක් කලේය”යි සිල්වතාය චෝදනා නොකරන්නාහ.

අපරාධ සදහා ලැබෙන රාජ දඩුවම් සිල්වතාට නොලැබෙන්නේය

පව් නොකරන නිසා අපාය භයද නැත්තේය

සිල්වතාට මොහු නුවණැතෙක කියා නුවණැත්තො පසසන්නාහ.

මා විසින් නපුරුකම් කරන ලද්දේය. පව්කම් කරන ලද්දේය, දුස්සීලයාට ඇතිවන පසුතැවිල්ල සිල්වතාට ඇති නොවන්නේය.

ශීලය, අප්‍රමාදයට කරුණු වීම් වශයෙන් භෝග ව්‍යවසන වැලැක්වීම් වශයෙන් අර්ථසාධක වන හෙයින් සැපයට හේතුවකි

හීන ජාති ඇත්තාවූද රජවරුන් පවා වැදුම් පිදුම් කරන බැවින් ශීලය කුල සම්පත්තිය ඉක්මවා යයි.

හොර සතුරන්ට ගත නොහෙන බැවින්ද, පරලොව යනකල්හි තමා හා එන බැවින්ද, සමථාදී ගුනයන්ට ආධාර වන බැවින්ද, ශීල ධනට භාහිර ධනය ඉක්මවා සිටී.

ශීලය පරම ආශ්චර්යයන්ට හේතුවීම් වශයෙන් රාජාදීන්ගේ ආශ්චර්යය ඉක්මවන්නකි. ඒ ඒ සත්ව නිකායයන්හි සත්වයන්ට ඊශ්වරත්වය ශීලය නිසා ලැබෙන්නේය.

සිල් නැති තැනැත්තා මළ එකකු වැනි බැවින් ශීලය ජීවිතයට වඩා උසස්ය.

සතුරන පවා සතුටුවන බැවින්ද, ජරා රෝගාදීන් නිසා වෙනසකට නොපැමිණෙන බැවින්ද ශීලය රූප සම්පත්තියද ඉක්මවයි.

ශීලය ප්‍රසාදාදි ස්ථාන හා රජ යුවරජ ආදී තනතුරුද ඉක්මවන්නකි.

නොයෙක් සැපවලට හේතුවන බැවිනද, කිසිකලෙක වෙනස්නොවන හිතවතෙකු බැවින්ද ශීලය නෑයන් ඉක්මවයි.

ආරක්ෂා කිරීමට දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කරන හෙයින්ද ශීලය බලඇණියකටද මන්ත්‍රයකටද වඩා උසස්ය.

අති පූජනීය රේරුනාණේ චනදවිමල හිමියන් විසින් රචිත පාරමිතාප්‍රකරණය ග්‍රන්ථයෙන් උපුටාගන්නා ලදි.

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් ගෝතම සාක්‍යසිංහ ශාසනය තුල ශීලය හදුනාගැනීම මෙසේ පලකල වගයි. හැකිතාක් යහලුවන් අතර බෙදා හරින්න.

මිත්තානිසංස සූත්‍රය …

By සිරි සදහම් ( Dhamma) No Comments

මිතුරන්ට උපකාර කිරීමේ අනුසස් දැක්වීම සඳහා මිත්තතානිසංස ගාථා දේශිත ය. එය ජාතක පාලියේ මහා නිපාතයේ තේමිය ජාතකයෙහි තේමිය කුමාරයව උපන් අප මහ බෝසතුන් දෙවියන් ගේ සාධුකාරයෙන් හා තමන් ගේ ඝෝෂායෙන් මහාවනය උන්නාදයට පත් කරවමින් මිත්ත පූජා නම් ගාථා දසය දෙසන ලදී.

01. පහූතභක්ඛෝ භවති
විප්පවුත්ථෝ සකාඝරා
බහුනං උපජීවන්ති
යෝ මිත්තානං න දූභති

යම් පුද්ගලයෙක් මිත්‍ර ද්‍රෝහී නොවේ නම් හෙතෙම තමාගේ ගෙයින් බැහැර යම් තැනකට ගියේ නම් බොහෝ කන බොන දෑ ලබයි. බොහෝ දෙනෙක් ඔහු ඇසුරු කොට ජීවත් වෙති.

02. යං යං ජනපදං යාති
නිගමේ රාජධානියෝ
සබ්බත්ථ පූජිතෝ හෝති
යෝ මිත්තානං න දූභති

යමෙක් මිත්‍ර ද්‍රෝහි නොවේ නම් හෙතෙම යම් යම් රටකට යේද, නියම් ගමකට නුවරකට යේද, ඒ හැමතැනම හේ පුදනු ලැබේ.
Read More

බුදුසමිදු දැකගනිමු …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවන්ට බුදුසරණින් ආයුබෝ වේවා කියල ප්‍රාර්ථනා කරනව. අද මම කථා කරන්න යන්නේ ඉතාවැදගත් මාතෘකාවක් පිලිබදවයි. ඒ බුදු සමිදු දැකගනිමු යන මාතෘකාවයි. මම හිතන්නෙ මගෙ ඉතිහාසය තුල මම ලියන හොදම ලිපිය මේක වෙන්න ඇති. ඒ නිසා අනිවාර්යෙන් කියවන්න. යාලුවන්ටත් යවන්න.
පින්වත් යාලුවනේ අද බොහෝ දෙනෙක් බුදුවරයෙක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නෑ. සමහරු නිර්දය ලෙස අපහස කරනව උන්වහන්සේට. එක අන්‍යාගමික මල්ලියෙක් දාල තියෙනව බුදුවරු උපදින්නෙ අවුරුදු පන්දාහෙන් පන්දාහටනම් කකුසද බුදුහාමුදුරුවො ගල් වැද්දෙක්ලු. බලන්න මෙයාලගෙ ඔලුගෙඩිවල තරම. බුදුවරයෙක් උපදින්නෙ වසර පන්දාහට සැරයක්ද? මොනතරම් මේ අයගෙ ඔලුගෙඩි නරක් වෙලාද? අනිත් අතින් බලන්නකො ඔය මිසදිටු ආගම් දිහා. එයාල තමන්ගෙ දෙවියන් අදහන්නෙ එක්කො බයට. මට දඩුවම් කරයි කියල. එයාල හිතනව ස්වභාවික විපත් වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්ත නිසා කියල. අනික තමයි එයාල සැප ලබන්න යාඥා කරනව. එහෙමනම් එයාලට දෙවියො සැප ගෙනත් දෙන්න පුලුවන්නෙ. මොකටද ඉගෙනගන්න, රැකියා කරන්න මහන්සි වෙන්නෙ. දැන් ඔය කිතුණු, මුස්ලිම් ආගම් අනුව එයාල කියන්නෙ දෙවියො දුක් වෙනවලු ලෝකෙ මිනිස්සු දිහා බලල. දැක්ක නේද? දැන් අනිත් අය දුකින් මුදවනව තියා එයාලවත් දුකින් මිදිල නෑනෙ. දුකට මුල මොකක්ද? තණ්හාව නෙවෙයිද? ඉතින් බුදු දහම කියන්නෙ තණ්හාව නැතිකරන හැටි කියල දෙන දහමක්. තණ්හාව නිසානෙ දුක හටගන්නෙ, තණ්හාව නිසාමයි භය හටගන්නෙත්, තණ්හාව නැතිකල කෙනෙක් වේද ඔහුට බයක් නැත. එසේනම් ශෝකයක්ද නොවේ.

Read More

error: Content is protected by www.ifbcnet.org.