Skip to main content
Monthly Archives

November 2015

චුතිසිත ගැන දැනගන්න …

By සිරි සදහම් ( Dhamma) No Comments

චුතිසිත ගැන කියවීමට පෙර පළමුව “මරණය” යනු කුමක්දැයි වටහා ගැනීම වැදගත්වේ. මරණය පිළිබඳව ධර්මයේ විස්තර වන්නේ අපගේ බාහිර කයෙන් ආයුෂය උෂ්ණය හා විඤ්ඤාණය වෙන්ව යෑමයි.

“ආයුස්මාච විඤ්ඤාණං” මේවා ශරීරයෙන් වෙන්ව යෑමත් සමග ම මරණය නමැති ධර්මතාවයට මුහුණ දීමට සිදුවේ. මෙය සිදුවිය හැකි ආකාර හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

1. ආයුක්ඛය මරණය – ආයුෂය ගෙවී යෑමෙන් සිදුවන මරණය

2. කම්මක්ඛය මරණය – ගෙන ආ කර්ම ශක්තිය අවසන් වීමෙන් හෙවත් කර්මය බලපෑම මත සිදුවන මරණය.

3. උභයක්ඛය මරණය – කර්ම ශක්තියත් ආයුෂත් යන දෙකම සිදුවීමෙන් ඇතිවන මරණය

4. උපච්ඡේදක මරණය (අකාල මරණය) ආයුෂයත් කර්මයත් යන දෙකම තිබියදී සිදුවන හදිසි මරණය

වෛද්‍ය විද්‍යාවේදී මිනිසෙකු ගේ මරණය සිදුවීමට බලපාන කාරණා හතරක් පිළිබඳව සඳහන් වේ. එනම්

1. සිහිය නැතිවීම
2. ශ්වසනය නැතිවීම
3. හෘද ස්පන්ධනය නැවතීම
4. මොළයේ විද්‍යුත් කම්පනයන් නැවතීම

මේ සියල්ල එකතු වූ තැන මරණය සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහිදී අපට වැදගත් වන්නේ පුද්ගල මරණයෙන් පසුව භෞතික ශරීරය හැර යන විඤ්ඥාණය පිළිබඳවය. නැවත උපතක් ලබාදීමේදී බලපාන්නේ මෙම විඤ්ඤාණයයි. තිබ්බතයේ පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයා මරණයට පත්වීමේදී අවස්ථා හතරක් පසු කරන බව සඳහන් වේ.

1. මරණයට ලක් වූ තැනැත්තාගේ ශරීරය පළමුව ඉහිල් වේ. එහි ශක්තිමත් ස්වභාවය නැතිවේ. ශරීරයට ස්පර්ශය දැනීම අඩුවේ.
2.ඊට පසුව තෙත් ගතියක්ද සිහිල් ගතියක්ද ශරීරයට දැනේ.
3.ඊට පසුව උණගැණුනාක් මෙන් තද උෂ්ණ ගතියක් දැනේ.
4.අවසානයේ තමාගේ මුළු ශරීරයම විසිරී යන්නාක් මෙන් දැනේ.
Read More

බුදුදහමින් පෝෂණය වූ මුතුන්මිත්තන්ගේ ජීවන රටාව …

By සිරි සදහම් ( Dhamma) No Comments

වසර 2500 කට වඩා පැරැණි පෞඩ ඉතිහාසයක් හිමි අප රට වර්තමානයේ දියුණු යැයි පවසන වෙනත් රටවල් වන වැදී තිබූ අවධියේ බතින් බුලතින් සශ‍්‍රීීක වූ ස්වයංපෝෂී රාජ්‍යයක්ව පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එකල අපරට ‘පෙරදිග ධාන්‍යාගාරය’ නම් විරුදාවලි ලත් බවින්ම මේ බැව් සනාථ කිරීමට වෙනත් අටුවාටීකා අවශ්‍ය නොවේ. මෙම සශ‍්‍රීකත්වයත් ස්වයංපෝෂී බවත් පෙර විසූ මුතුන් මිත්තන් ලබාගත්තේ අහම්බෙන් නොවේ. ඒ සඳහා පරම්පරා ගණනාවක්,වසර ගණනාවක් වැය කරමින් දැරූ මහත් උත්සාහයක අවසාන ප‍්‍රතිඵලයකි මෙම ස්වයංපෝෂීත්වය. එක් රාජ යුගයකට පසු සිහසුනට පත්වන්නා පෙර සිහසුන දැරූ පුද්ගලයා රට වෙනුවෙන් , කෘෂිකර්මය වෙනුවෙන් කළ කටයුතු වලට නොදෙවැනි අයුරින් කි‍්‍රයා කිරීමට හැමවිටම උත්සාහ කරන ලදී.
කෘෂිකර්මය ප‍්‍රමුඛ කොටගත් බුදුදහමේ සෙවන ලබමින් ගොඩනැගුණු සිරිලක ජන සමාජයේ සිහසුන දැරූවන්ගේ ප‍්‍රධාන කටයුත්තක් වූයේ කෘෂිකර්මය සඳහා අනුග‍්‍රහ දැක්වීමයි. ජලය ගොවියාගේ වටිනාම සම්පත විය. ගොවිතැනත් ජලයත් අතර තිබූ දැඩි බැදීම තවත් තහවුරු කරනු සඳහා ඔවුන් විසින් වාරිමාර්ග පද්ධතීන් ඉදිකරවනු ලැබීය. වියලි කලාපයේ ඉතා විශාල වශයෙන් ලොකු කුඩා වැව් ඉදිකරවීය. මේ නිසාම වියලි කලාපය ‘වැව් බැඳි රාජ්‍යය’ ලෙසින් ද හැඳින්වීය. කෘෂිකාර්මික සංවර්ධනයත් ඉන් ලැබූ සශ‍්‍රීකත්වයත් සමගම රටේ තවත් නොයෙකුත් අංගයන්හි වර්ධනයක් දක්නට ලැබින. ආගමික සිද්ධස්ථාන,කලාකෘතීන්, ගොඩනැගිලි ඉදිවිය. මේ සියල්ලටම බුදු දහමින් මනා පෝෂණයක් සැපයිනි. අනුරාධපුර පොලොන්නරුව සීගිරි ආදී ප‍්‍රදේශවල එකල පැවති පෞඩ රාජ්‍යයේ නශ්ඨාවශේෂ අදත් අභිමානයෙන් නැගී සිටිමින් ඒ ඉතිහාසය පිළිබඳ තොරතුරු අප වෙත සපයයි.
රළු ගල්පර ඉතා සිනිඳුවට ඔප මට්ටම් කර අගනා වටිනා නිර්මාණ බිහිකිරීමට තරම් සුවිශේෂී දැනුමක් එකල කලාකරුවා සතු විය. ඉතා නිවැරදි ලෙස ජලාශ ඉදිකිරීමට, වාරිමාර්ග පද්ධති ඇති කිරීමට තරම් සුවිශේෂී වූ විස්මය දනවන තරමේ ඉංජිනේරු ඥානයක් එකල මුතුන් මිත්තන් සතුවිනි. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය එම ඥානය අද සිටින අප කිසිවෙකුවත් සමකළ නොහැකියැයි කිම නිවැරදි යැයි හැ‍ෙග්. ඒවා එතරම්ම අපූරු හා විස්මිත නිමැවුම්ය. ඔවුන් සතු වූ වෛද්‍ය දැනුමද ඊටම දෙවැනි නොවන්නකි. ලංකාවේ සිරකරුවෙක්ව සිට පසුකලෙක එදා හෙළදිව නමින් ලක් තොරතුරු ඇතුලත් ග‍්‍රන්ථය එළිදැක්වූ රොබට්නොක්ස් පවසන අයුරින් අස්ථි බිඳීමක් ඉතා ඉක්මනින් සුවපත් කිරීමට තරම් එකල අපේ මුතුන් මිත්තන් දක්ෂ විය. ඔවුනට වනයේ සෑම පැලෑටියක්ම ඖෂධ පැලෑටියක් විය. ඔවුන් එම ඖෂධ පැලෑටියක් වටිනාකම / ඖෂධීය ගුණය හැඳිනගෙන සිටියහ.
Read More

වසර හතක්‌ තුළ මිලියන ගණනක්‌ ඉන්දියානුවෝ බෞද්ධාගම වැළඳගනිති …

By සිරි සදහම් ( Dhamma) No Comments

වර්තමානයේ ඉන්දියානු ජනතාව දිගින් දිගටම සිය නොයෙකුත් ආගම් අතහැර දමා බුදු දහම වැළද ගනිති. අදවන විටත් දිනපතා බුදු දහම වැලදගනිමින් සනසෙන්නෝ අපමණය. 1950 දශකයේ ලක්ෂගණන් එකවර බුදුදහම වැලද ගත්හ. මේ දිවයින පුවතපතේ පලවූ ලිපියෙහි ඒපිලිබද දැක්වෙන විස්තරයකි.

භාරතීය ඉතිහාසය තුළ සිදුවූ වඩාත් ප්‍රබලතම එසේම ආන්දෝලනාත්මක විප්ලවය ලෙස හැඳින්විය හැකි 1956 ආගමික පරිවර්තනය, එනම් හින්දුන් ලක්‌ෂ සංඛ්‍යාත වශයෙන් බුදුසමය වැළඳගැනීම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා සිය කෘතීන් තුළ ගේල් ඕම්වේද් මෙන්ම ඩී. එල්. රාම්තේකී ද වැඩි ඉඩකඩක්‌ වෙන් කරන අතර එම විවරණයන් සඳහා භාවිත කරන ඇසින් දුටු, සාක්‌ෂිකරුවන් දෙදෙනෙකුගේ මූලාශ්‍ර මෙහිදී හඳුන්වාදීම වැදගත්ය. ඉන් පළමුවැන්න ඉංග්‍රිසි ජාතික භික්‌ෂුන් වහන්සේ නමක වු සංඝරක්‌ත, හිමියන් හා උන්වහන්සේගේ සටහන්ය. උන් වහන්සේ බටහිර බෞද්ධ ප්‍රජාවගේ මිතුරෝ සංවිධානයේ පුරෝගාමියා වූ අතර ආගම් පරිවර්තන ක්‍රියාවලියෙහි හා භාරතයේත් ඉන් පිටතත් බුදු දහම ව්‍යාප්ත කිරීමේ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ මෙහෙවරෙහි විශාල වගකීම් කොටසක්‌ ඉටුකළ අයෙකු විය. දෙවැන්නා නාග්පූර්හි දලිත් රාජ්‍ය සේවකයෙකු වූ වසන්ත් මූන්ය. ඔහු පසුව ආචාර්ය අම්බෙඩ්කාර්ගේ ලිපි ලේඛන වල සංස්‌කාරකවරයා ලෙස කටයුතු කළේය. එසේම ඔහු සමථ සයිනික්‌ දාල්, (සමානාත්මතා බලකාය) හි ද ක්‍රියාකාරිකයෙකුද විය. සංඝරක්‌ත හිමියන්ගේ විග්‍රහය කියවද්දී ලක්‌ෂයකට අධික පිරිසක්‌, මේ සමාජ ක්‍රමය විසින් තමන් මත පටවා තිබූ පීඩාකාරී සංස්‌කෘතික නීතිරීති වලින් අත්මිදීමේදී දැකගත හැකි අසිරිමත් බව කෙතරම් පුදුම සහගතව අත්වින්දේද යන්න පැහැදිලිවේ. වසන්ත් මූන් ස්‌වකීය චරිතාපදානය (එය ආරම්භයේදී වාස්‌ති, ලෙස පමණක්‌ නම් කර තිබූ අතර පසුව භාරතයේ දලිත්වරුන්ගේ නැග ඒම, ලෙස ඉංග්‍රිසියට පරිවර්තනය කෙරිනි) හුදුදින සටහන්, එකතුවකට පමණක්‌ සීමා නොවන්නේ එය සමස්‌ථ ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්‌වාම, එනම් ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අභාවය දක්‌වාම ඉතා හැඟුම්බරව විස්‌තර කරන බැවිණි. මෙහි මතු සවිස්‌තරාත්මකව දැක්‌වෙන පරිදි ආගමික පරිවර්තනය සිදුවූ දික්‌ෂා භූමිය, පිළියෙල කිරීම එහි පැමිණි ලක්‌ෂ සංඛ්‍යාත දලිත්වරුන් හා අනෙකුත් පීඩිත හින්දුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසමින් සංවිධාන කටයුතු කිරීම පමණක්‌ නොව, ඒ ආසන්න වකවානුවේදී තවමත් විවිධ ආගමික සංස්‌කෘතික බැඳීම් මත බ්‍රාහ්මනික වතාවත් වල නියෑලුනු තම ප්‍රජාවන්ගේ සාමාජිකයින් විටෙක බලහත්කාරයෙන් හෝ ඒවායින් ඈත් කිරීමට ආචාර්ය අම්බෙඩ්කාර්ගේ අනුගාමික තරුණ පිරිස්‌ කටයුතු කළ ආකාරයත්, මහාබෝධි සමාගමෙන් පැමිණ සිටි බෞද්ධ විද්aවත් ප්‍රජාව සමග සහයෝගය පවත්වාගත් ආකාරයත් මූන් ඉතා කදිමට විස්‌තර කරයි.
Read More

අපාය දුටු නිමි රජතුමා …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ අද අපාය කියන දේ බොහෝ දෙනෙකුට විහිලුවක් වෙලා. ඒ නිසා මිනිස්සු පවට බය නෑ. බොහෝ මිසදිටු ආගම්වල පව් සමාකරන්න උගන්වන නිසා ඕනිම බලු වැඩක් කරල පව් සමාකරගන්න බොහෝ දෙනෙක් බලන් ඉන්නව. එහෙත් තමන්ගෙ දුක හෝ සැප පවතින්නෙ තමන් අතේම කියල බොහෝ දෙනෙක් හිතන්නෙ නෑ.
මම මේ ඉදිරිපත් කරන්නෙ ඔබට නිතර අසන්න නොලැබෙන දහම් කරුණු. කලින් ලිපිය සදහන්කල පිලින්දවච්ච මහ රහතන්වහන්නේ, මේ ලිපියෙ කියවෙන නිමි රජු වගේ චරිතාපදානයන් අපිට නිතර මුණගැසෙන්නෙ නෑ. මම හිතනව බොහෝ දෙනෙක් නිමි රජ වගේ චරිත අහන්නෙ අද වෙන්න ඇති. ඉතින් මම පොත් කියවල මේ වගේ දේවල් ඔයාලට ගෙන එන්නෙ ඔයාලට යම් අවබෝධයක් දීල ඔයාලගෙ සංසාර ගමන යහපත් කරන්න. ඒවගේම ධර්ම දානයෙන් ලබන අනන්ත පිනෙන් මා පතන බෝධියෙන් නිවන් දකින්න. ඒ තුලින් තවත් කෝටි සංඛ්‍යාත අසරණයින් සසර දුකින් මුදවගන්න. ඒනිසා මේව ඔයාල හොදින් කියවන්න. අවබෝධ කරගන්න. පුලුවන් තරම් අනිත් යහලුවන් අතර බෙදා හරින්න. ධර්ම දානය කියන්නෙ අට මහ කුසල් වලින් එකක්. ඒ නිසා පුලුවන් තරමින් මේව අනිත් අයට ලැබෙන්න සලස්වන්න. මේ නිමි රජුගෙ කථාව නිමිජාතකය ඇසුරින් ලියවුන එකක්. ඒ පිලිබද ලස්සන විස්තරයක් පූජනීය රිදියගම සුධම්මාභිවංශ ස්වාමීන්වහන්සේගේ කර්මවිපාක පොතේ ඉතාම ලස්සනට විස්තර වෙනව. ඒ පොත ඔයාල කියවන්න. ඒවගෙ ලින්ක් මේ ලිපිය අවසානයේ දාල තියෙනව. ඔයාලට ඒ ලොත ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. හොදයි දැන් අද ලිපිය බලමු.

කරන ලද කුසල කර්මානුරූපව උතුම් වූ මනුෂ්‍යත්වයක් ලැබූවකු හට සිය ජීවිත කාලය තුළ දී අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. කලාතුරකින් වුවද ලැබෙන ඒ අවස්ථාව ලබන්නට තරම් පින් කළ කෙනෙකි වේදේහ රට මියුලු නුවර නිමි රජ.
Read More

දානයේ අනුසස් දැනගන්න …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ අද මම කියන්න යන්නේ දානයේ අනුසස් ගැන. සියල්ලටම පළමුව කියන්න ඕනි මේ කරුණු උපුටාගත්තේ අති පූජනීය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පාරමිතාප්‍රකරණය පොතින්. රේරුකාණේ හාමුදුරුවන්ගෙ පොත් නොපිලිගන්න මිසදිටුවන් කොටසකුත් ඉන්නව. ඒ ඇත්තො මින් එහාට මේව කියවන්න ඕනි නෑ. අනිත් අයගෙ ශ්‍රද්ධාව විනාශකරල පව්පුරව ගන්නෙ නැතිව ඔහොම්මම හැරිල යන්න.

පින්වත් යාලුවනේ අපිට දානයේ අනුසස් ගැන ගියල දෙන්නෙ මහ උත්තම අසූමහා ශ්‍රවකයන් වහන්සේ කෙනෙක්. ඒ තමයි පිලිවෙල අනුව අසූමහා ශ්‍රවකයන්ගෙන් විසි හත්වන ස්ථානය හිමිවන දෙවියන්ට ප්‍රිය වුවන් අතර අග්‍ර පිලින්දවච්ඡ මහා රහතන්වහන්සේ. උන්වහන්සේගේ කථාව කෙටියෙන් අහගන්නකෝ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් බුදුන් වහන්සේ ලොව පහළ වූ අවස්ථාවේ උන්වහන්සේගේ පියාවූ ආනන්ද රජ්ජුරුවෝ වෙන කිසිවෙකුට ඉඩප්‍රස්ථා නොදෙමින් ශ්‍රවක සංඝයාට උපස්ථාන කලහ.ඒකාලයේ පිලින්දවච්ඡ මහ රහතන්වහන්සේ හංසවතී නගරයේ බොහෝ ධන සම්පත් ඇතිව ඉපදී ආනන්ද රජුගේ මිත්‍රයෙක්ව ඉපදිනි.
දිනක් එතුමා පදුමුත්තර බුදුහිමියන්ට දානක් දෙනු කැමතිව කුඩ ඇතුලු භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන යම් වස්තුවක් වේද ඒ සෑම දෙයක්ම ලක්ෂය බැගින් රැස් කලේය.

Read More

බුදුදහමින් මෙන්ම අපේ ඉතිහාසයෙන්ද කියවෙන නාග සංකල්පය …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත්යාලුවනේ අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ නාග වර්ගයා ගැන සටහන් වන අවස්ථා තියෙනව. භික්ෂු වෙසින් ආපු නාගයෙක් ගැන සදහන් වෙනව. ඊලගට ශ්‍රී මහා බෝධිය මෙන්ම දන්තධාතූන්වහන්සේ වඩමවනකොටත් නාගයන්ගේ බලපෑම් උන බව සදහන් වෙනව. ඊලගට රුවන්වැලි සෑයට ධාතුන් වඩමවන අවස්ථාවෙත් නාගයන් ගැන සදහන් වෙනව. අපේ රටට බුදුහිමියන් දෙවන වරට වැඩියෙ නාගයන් අතර ගැටුමක් සංසිදවන්න. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නෙ නාග ‍ගෝත්‍රිකයන් අතර සිදුවුන ගැටමක් කියලනෙ. ඒත් බුදුහිමියන්ගෙ කාලෙ නාගයෙක් භික්ෂුවෙසින් මහණ වෙලා පසුව නාග වෙසින් ඉද්දි හසුවෙලා ඒබව බුදුහිමියන් පවා දැනගත්තනෙ. ඒ සියල්ල මේ ලිපියෙ තියෙනව. අනික දුටුගැමුණු රජතුමත් නාග කන්‍යාවකට ආලය කරල නාරජු ද්ෂ්ඨ කරල මිය ගිය කථාවකුත් තියෙනව. කොහොම උනත් මේ ලිපිය ලියවිල තියෙන්නෙ නාගයන් ගැන. කියවල බලන්නකො.

මහ මිනිසා ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම සර්ප උරග ගණයට අයත් නාගයාට වන්දනාමාන කර ඇති බවට පෙර – අප රටවලින් නොයෙක්‌ සාධක හෙළිදරව් වී ඇත. ග්‍රීසිය, මිසරය, චීනය කාම්බෝජය හා අපරදිග රටවල ද ගලින් නිමැවුණු නාගරූප හමුවී ඇත. ඉතා පැරැණි සාධක බැබිලෝනියාවෙන් පෙනෙන්නට තිබේ. නාග වන්දනය ලංකාවෙත් ඉන්දියාවෙත් ත් පැවති බවට තොරතුරු හෙළි වේ. අනෙක්‌ අතට නාග ගෝත්‍රික මනුෂ්‍යයෝ පුරාතනයේ සිටම මේ රටවල වාසය කර ඇත. විද්වත් අරිසෙන් අහුබුදු මහතා පවසන්නේ ලක්‌දිව සිව්හෙළය සැකසී ඇත්තේ යක්‍ෂ, රාක්‍ෂස, නාග හා දේව ගෝත්‍රවලින් බවය. නාග යන වචනයෙහි සංස්‌කෘත භාෂා අර්ථය උරග සර්පයා යනුයි. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්- චූලවංසයෙහි නාග යනු දිව්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. මහාවංශය ආදී වංස කතා තොරතුරු අනුව ලංකාවේ මනුෂ්‍ය ගෝත්‍රයක්‌ නාග නමින් විසූ බවට ප්‍රකට වේ. ඈත අතීතයෙහි ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයෝ මැණික්‌ ගල්, මැණික්‌ ආසන, නාවික යාත්‍රා පවා හිමිව සිටි සෞභාග්‍යවත් බලගතු මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ බව පෙනෙන කරුණකි. ඔව්හු මතිකාර – මැණික්‌ කර්න්තයෙහිද නිරත රාජ්‍ය බලය පවා නතුකරගෙන සිටි බවට බොහෝ සාධක හමුවී ඇත.
Read More

සන්තති අමාත්‍යතුමා රහතන්වහන්සේ නමක් වෙයි …

By සිරි සදහම් ( Dhamma) No Comments
බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්. ඒ කියන්නේ සත්ත්වයන්ගේ ආසයඅනුසය දන්නා ඤාණයක් තියෙනවා. ඒ තුළින්කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව උන්වහන්සේට දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය කියලා තව ඤාණයක් තියෙනවා. එයින් සත්ත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව දැනගන්න ලැබෙනවා. මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. එයින් තමයි උන් වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ.

බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ එක් ක්‍රියාවක් තමයි, උදේ පාන්දර මහා කරුණා සමාප්තියට සම වැදිලා ලොව දෙස බලන එක. අද දින ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නේ කවුද කියලා තමයි, බුදුන්වහන්සේ හැමදාම එහෙම බලන්නේ. එහෙම මහා කරුණා සමාපත්තියට ලක් වූ මහා පින් ඇති කෙනක් තමයි, සන්තති අමාත්‍යතුමා. කොසොල් මහ රජතුමාගේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් මේ අමාත්‍ය තුමා බොහෝ සෙයින් කොසොල් මහ රජතුමාගේ හිත දිනා ගත් කෙනෙක්. කැරැලි කෝලහල ආදී ඇති වූ විට, ඒ කෝලාහල නවත්වන්නට නියම කරන්නේ මේ අමාත්‍යයාටයි. ඒ වගේම රජතුමාගේ අදහසේ හැටියට කොයිතරම් බරපතල කැළඹීමක් ඇති වූවත් මේ අමාත්‍යයා එය සංසිඳවනවා. එක් කාලයක කොසොල් රජතුමාට අයිති රටේ පිටිසර පළාතක ලොකු කෝලාහලයක් ඇති වුණා. ඒක නවත්වන්ට පුළුවන් එකම හපනා මේ සන්තතික අමාත්‍යයා පමණයි. ඒ නිසා ඒ පළාතට ගොස් කෝලාහලය නවත්වන ලෙස මේ අමාත්‍යයාට රජතුමා කීවා. අමාත්‍යවරයා ගොස් ඒ කැළඹිලි සියල්ලම සංසිඳවලා ආවම රජතුමා බොහොම සතුටු වෙලා, සත් දවසකට රජකම දීලා, නැටුම් ගී කීම් ආදියට සමර්ථ නාටිකංගනාවන් දුන්නා. සන්තනි අමාත්‍යායට රජකමෙන් වැඩක් නැහැ. නමුත් හිතමිත්‍රාදීන්වත් එකතු කරගෙන මත්පැන් බොමින් විනෝද ගමන් බිමන් යමින් කෙළි සෙල්ලම් බලමින් මේ හත්දවස බොහොම පී‍්‍රතියෙන් ගත කළා. හත්වන දවසේ උදේ කාලේ බොහොම හොඳට ඇඳ පැළඳගෙන ඇතකු පිට වෙරි මර ගාතේ හිඳගෙන ජල ක්‍රීඩාවට පිටත් වුණා. අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වඩිනවා. අමාත්‍යයා වෙරි මරගාතේම බුදුන් වහන්සේට හිස නමා ආචාර කරගෙන ගියා.
Read More

ස්වේදගොන් චෛත්‍යය /ගෝල්ඩන් පගෝඩා (නැතහොත් බුරුමයේ රන් වෙහෙර)

By සිරි සදහම් ( Dhamma) No Comments

(මෙම ලිපිය විකිපීඩියා වෙබ් අඩවිය අසුරින් නිර්මානිතයි)

බුරැමයේ රන් වෙහෙර (Golden Pagoda) පන්සල පිහිටා ඇත්තේ බුරුමයේ යැන්ගොන් නගරයේයි. මීටර 99ක් නැතහොත් අඩි 325ක් උසැති මෙම වෙහෙර නගරය පුරා මහා යෝධයෙකු මෙන් ක්ෂිතිජය පුරා නැගී සිටී. මේ අති පූජනීය ස්වේදගොන් චෛත්‍ය ( එහි ඇති පූජනීයත්වය නිසා මා එය රන්වහෙර ලෙස හදුන්වන්නම්) නැතිනම් රන් වෙහෙරේ බුදුවරු සිව්නමකගේ පූජනීය වස්තූන් තැන්පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කකුසඳ බුදුහිමියන්ගේ සැරයටියත්, කෝනාගම බුදුහිමියන්ගෙ ජල පෙරනයත්, කාෂ්‍යප බුදු හිමියන්ගේ සිවුරු කොටසකුත්, ගෝතම බුදු හිමියන්ගේ හිසකෙස් වහන්සේලා අටනමකුත් තැන්පත්ව ඇතිබව සැලකේ.
Read More

බුද්ධි චර්යාව ..

By සිරි සදහම් ( Dhamma) No Comments

බෝ ධි සත්ත්ව සංකල්පය තුල ප්‍රමුඛස්ථානයක් ලැබෙන බෝධිසත්ව ගුණ පිළිබඳව විමසීමට ලක්කිරීම මෙමගින් අරමුණ වේ. ලොව පහළ වූ බුදුවරයින් වහන්සේලා අනුගමනය කළ විවිධ චරියාධර්ම දක්නට ලැබේ. මේ අනුව චරියා ධර්ම තුනක් අපට හමුවේ. එනම්,

1.බුද්ධි චර්යාව

2.ඥාතත්ථ චර්යාව

3.ලොකාර්ථ චර්යාව

වශයෙනි

මෙහිදී බුද්ධචරියා හෙවත් බුද්ධි චරියාව ප්‍රමුඛස්ථානයක් ගනු ලැබේ. මන්දයත් ලොකාර්ථ චර්යාවේ නියලීමට අපේක්ෂා කරන බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව මූලික තොරතුරු මෙමගින් අපට හමුවේ. “බෝධි” යන වචනයේ අරුත් මෙසේ දැක්විය හැකිය. එනම් බෝධි යන්නෙන් අවබෝධය, ඥානය, බුද්ධි මහිමය, ප්‍රඥා සම්පත, බුද්ධත්වය, අධ්‍යාත්ම බලය යනුවෙනි.

“බෝධිසත්ව“ යන්නෙහි “සත්ත්ව“ යනු අවබෝධය ලැබීමට නියැලුනු පුද්ගලයාය. එනම් අනෙකෙකු නොව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූ, බුදුරජාණන් වහන්සේලාය. බුදු බව පතා ගුණ දහම් පුරන්නාවූ බෞද්ධයන්ගේ ප්‍රධාන ආදර්ශයට මූර්තියක් වූ, ගුණ පිඩක් වූ අතිවිශිෂ්ට සාන්තුවරයෙකු වූ බෝසත් නමින් ප්‍රකට වූ බුද්ධාංකුරයාය.
Read More

පුද්ගල ආර්ථිකය තුලින් රටක් ශක්තිමත් කිරීම කියාදෙන බෞද්ධ ආර්ථික විද්‍යාව …

By සිරි සදහම් ( Dhamma) No Comments

වර්තමානයේ වුවද බටහිර වියතුන් බුදුදහම ලෞකික ජීවිතය කලකිරවන, පුද්ගලාභිවෘද්ධිය වසාලන දහමක්‌ සේ හැඳින් වුවද අද එම මතවාදයන් ප්‍රතික්‍ෂේප වී ඇත්තේ එහි පවතින ගෘහස්‌ථ ධර්මයන්හි හරවත් යථා ස්‌වභාවයන් ගැඹුරින් අවබෝධ කොට ගැනීම නිසාවෙනි. බුදුදහමෙහි එන පන්චශීල ප්‍රතිපදාවම පවුලක හා පුද්ගලයාගේ ලෝකොත්තර සැපත හා ලෞකික අභිවෘද්ධියට හේතුවන ආකාරයත් එයම සමස්‌ත රටක යහපතට හේතුවන ආකාරයත් විමසීමෙන් එහි ඇති සමාජමය වැදගත්කම පැහැදිළි වෙයි. පන්සිල් රැකීම යනු සමස්‌ත සමාජයක පුද්ගල විමුක්‌තිය උදාකරනු ලබන්නකි. එහි ඇති සමාජ විද්‍යාත්මක වැදගත්කම ඉතා ගැඹුරුය. නිදහසේ හැසිරීමේ, ආරක්‍ෂාවේ, පෞද්ගලිකත්වයේ ඇති අයිතිය පළමු ශික්‍ෂාපදයෙන් ප්‍රකට වෙයි. පුද්ගලයා හා සාමුහික දේපළ පරිහරණයේ අයිතිය දෙවැන්නෙන්ද පවුල් ඒකකයක නිදහස අභිවෘද්ධිය රැකෙන ආකාරය තුන්වැන්නෙන් ද, සත්‍ය ගරුක භාවයේ වැදගත්කම සිවුවැන්නෙන්ද, එළැඹි සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පස්‌වැන්නෙන්ද පෙන්වා දී තිබේ. මින් වැඩි කොටසක්‌ සමස්‌ත මානව වර්ගයා විසින්ම ලෝකය පුරා ආරක්‍ෂා කරන සමාජ ධර්මතා සමූහයකි.

මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සඳහා උපකාරී වන වැදගත් කරුණු රැසක් මංගල, වසල, පරාභව, වෙළුද්වාර, ධම්මික, කුමාරිකෝවාද වැනි සූත්‍ර වලදී පැහැදිලි කර දී තිබේ. එමෙන්ම සිඟාලෝවාද සූත්‍රයේ දී ද මෙයට අදාළ වන කරුණු රැසක් දක්වා තිබෙන අතර, මෙම සූත්‍රයේ මෙලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් හා පරලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් දේශනා කර තිබේ. පංචශීල ප්‍රතිපත්ති, සතර සංග්‍රහ වස්තු ආදිය පිළිබඳ වසල, පරාභව ආදී සූත්‍ර දේශනා මගින් ඉගැන්වෙන කරුණු පරීක්‍ෂා කර බලන විට පුද්ගලයෙකු මෙලොව දියුණුව සලසා ගත යුතු පිළිවෙත ගැන කරුණු රැසක් අපට හමුවෙයි.
Read More

error: Content is protected by www.ifbcnet.org.