යහලුවනේ අපි බොදුනුවො විදිහට මොනතරම් කථා කලත් අපාය කියන සංකල්පය බොදුනුවට විහිලුවක් වෙලා. මේ නිසාම පව් කරන්න මිනිස්සු එතරම් බයක් දක්වන්නෙත් නෑ. බුදුදහම පදනම්වෙලා තියෙන්නෙ අපාය දුක ඇතුලු සසර දුකින් නිදහස්වීම කියන කරුණ මත. මොකද මේ සසර වැඩිපුරම බියකරු අපායගාමී වීම නිසයි. අපි හැමෝම සසර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරනව. නමුත් අපායත් එක්ක සාපේක්ෂව ගත්තම මිනිස්ලෝකෙ තියෙන දුක් ප්‍රමාණය හරිම අඩුයි. ඒ බව ඔයාලට මේ ලිපිය කියවද්දි පැහැදිලි වෙයි. ඉතින් මේ අනුව ගත්තම සසර දුක තුල වැඩිම හරියක් තියෙන්නෙ අපාදුක නේද? අන්න ඒනිසයි මම කිව්වෙ බුදු දහම නිතරම අපාය පිලිබද විස්තර මතක් කරල දීල තියෙන්නෙ. යාලුවනේ මෙතන විස්තර කරන්නෙ අපායයන් ගැන. මේ මම උපුටාගත්තේ බුද්ධරශ්මි කියන බ්ලොග් අඩවියකින්. ඒකෙ ලින්ක් එක පහල දාල තියෙනව.
සත්වයන් තමන් කළා වූ කර්මයන් ට අනුරූප ව කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යන ස්ථානවල උපදිති. මෙයින් අපායන් සතර අයත් වන්නේ කාම භූමියට ය. මීට අමතර ව දිව්‍යලෝක සය සහ මනුලොව අයත් වන්නේ ද, කාම භූමි අතරට ම ය. අපායන් සතරක් ඇති බව පෙර සඳහන් කරන ලදී. නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, ඇසුර නිකාය ය, යනුවෙනි. ඇතැම් දෙනා අපායක් නැත, අපායන් ඇත්තේ මේ මිනිස් ලෝකය තුළ ම බව ආදී වශයෙන් මිථ්‍යා අදහස්වල එළඹ සිටිති. ඔවුන් ඒ සේ කියන්නේ අපායන් බොහොමයක් මිනිස් ඇසින් නො දැකිය හැකි බැවිනි. නමුත් අද වනවිට නුතන විද්‍යාවෙන් පවා සිදුකරන පරීක්ෂණවල දී අපාය යනු සංකල්ප මාත්‍රයක් නො වන බව පිළිගැනීමට ඔවුනට ද, සිදු වී ඇත.
Read More