Skip to main content
Monthly Archives

November 2015

බුදුපිළිම වහන්සේ …

By සිරි සදහම් ( Dhamma) No Comments

“යො ධම්මං පස්සති සො මං පස්සති” යමෙක් ධර්මය දකී ද, හේ මා දකී යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ධර්මය දැකීමට නම් අඩුම ගණනේ සෝවාන් ඵලයට හෝ පත් විය යුතු ය. අප ධර්මය කටපාඩමින් දැනසිටියද, වෙනත් අයට කියාදීමට හැකියාව තිබුණ ද, එය අවබෝධය ලෙස සැලකිය හැකි නො වේ. ධර්මාවබෝධය සඳහා කරුණු රාශියක් සම්පාදනය කරගත යුතු ය. නිර්වාණය පිණිස පාරමී ධර්ම සම්පුර්ණ කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ අයකුට නම් ධර්මාවබෝධය ලැබීම ට ඉඩකඩ තිබේ. එ සේ ධර්මාවබෝධය ලද තැනැත්තා ට ධර්මය තුළින් බුදුන් දැකිය හැකි බව ඉහත පාඨයේ අදහස ය.

බුදු පිළිම යනුවෙන් කියූ විට මටනම් එකවිට ම මතක් වන්නේ අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. නමුත් සමහර උදවිය සිතන්නේ බුද්ධ ප්‍රතිමාවක් යනු මැටිගොඩක්, ගල්ගොඩක්, කිසිත් නැති හිස් දෙයක් ලෙස ට ය.
නමුත් මෙ හි දී මදක් සිතා බැලිය යුතු ය. කුඩා දරුවකු විහාරයට ගෙනගොස් ‘මේ අපේ බුදුහාමුදුරුවෝ’ ය යි බුදුපිළිමයක් පෙන්වූ විට එ ම කුඩා දරුවා තුළ ඇතිවන ශ්‍රද්ධා මාත්‍රය කොතරම් ද? කුඩා දරුවා බුදුන් දුටුවේ, ශ්‍රද්ධාව ඇති කරගත්තේ බුදුපිළිමය දැකීමෙන් නො වේ ද? කුඩා දරුවන් පමණක් නො ව බුදුපිළිමයක් දෙස බලා බුදුගුණ මෙනෙහි කරන ඕනෑ ම අයකු ට බුදුපිළිමය තුළින් බුදුන් දැකිය හැකි බව, යම් ආකාරයකින් හෝ ශ්‍රද්ධාවක් ඇතිවන බව මා ගේ අදහස යි.
Read More

බුදුබණ සනාත කල විද්‍යාත්මක පර්යේෂණ …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ බුදුබණ විද්‍යාවත් එක්ක සසදන්න යනඑකට වඩා ලොකු විහිලුවක් තියෙනවද කියල මමනම් දන්නෙ නෑ. ඒත් සමහර දේවවාදී අනුවණ මිනිස්සු තමන්ගෙ ශාස්තෘවරය උතුම් කියල පෙන්වන්න එක එක විකාර කියවනව. මැවුම්වාදය පට්ටපල් බොරුවක් කියල අද විද්‍යාව පැහැදිලිව කියල තියෙනව. ඒක බුදුහාමුදුරුවො කිව්වෙ අවුරුදු 2600කට කලින් ඉදලනෙ. ඇසි ඉිදිරිපිට පෙනෙන පට්ටපල් බොරු ඇත්ත කියල මනෝ විකාර ගහගෙන මෙයාල සංසා‍ර ගමනම විනාශ කරගන්නව. ඉතින් මේවගේ මානසික රෝගීන්ට ඒ ඇත්තන්ගෙ උදවිය සොයාගත්ත කියන විද්‍යාවෙන්ම බුදුදහමේ සතයය පෙන්වන එක අපි කාලයක් තිස්සෙම කලා. කොයිපැත්තෙන් ගත්තත් බුදුදහම කියන්නෙ විද්‍යාව කියන සංකල්පයන්ට ගව් ගණනක් ඉහලින් තියෙන කිසිකලෙක වෙනස් නොවන සනාථන දහමක්.

පින්වත් යාලුවනේ ඔයාල සත්තිගුම්භ ජාතකය අහල ඇති. ඒකෙන් කියන්නෙ හොද මිනිස්සු ලගට මෙන්ම නරක මිනිස්සු ලගට වැටුන එකම අම්මගෙ ගිරා පැටව් දෙන්නෙක් ඒ ඒ මිනිස්සුන්ගෙ චර්යා රටා අනුව වෙනස්උන බවයි. ඒ ජාතකය කියවල නැති අය පහත දක්වල තියෙන ලින්ක් එකෙන් ඒ ජාතකය කියවන්න.

ඉතින් අද විද්‍යාඥයො මේ කථාව සනාථ කරල තියෙන බව දිවයින පුවත්පතේ සදහන් වෙනව. ඒබව දිවයින පුවත්පතේ සටහන් වෙන්නෙ මෙන්න මේ අයුරින්.

Read More

කෝටිලක්ෂයක් සක්වලට ආඥාචක්‍රය පැතිර වූ චන්ද්‍ර පිරිත …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ සමහර භෞතික වාදීන් මේ ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙ නෑනෙ. එයාල කියන්නෙ බුදු හිමියන් ජෝතිෂයය ප්‍රතික්ෂේප කලා කියලයි. හැබැයි බුදු හාමුදුරුවො ප්‍රතික්ෂේප කලේ අන්තගාමී වීම පමණයි. උන්වහන්සේ යහපත් ශාස්ත්‍රයක් ප්‍රතික්ෂේප කරන්න තරම් අමානුෂික උනේ නෑ. වරක් මාපලගම සෝමිස්සර හිමියන්ගෙ පොහොය වර්ණනාව පොතට පෙරවදනක් ලියන අති පූජනීය මඩෙහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් වදාලේ භික්ෂූන් යම් තරමකින් ජෝතිෂය ඉගෙන ගත යුතු බව බුදුහිමියන් වදාල බවයි. ඒ පොහොය ආදිය ගණනය කිරීමටයි. ඉතින් නව ග්‍රහයන් වෙනුවෙන් පුද පූජා වත්වන අතීත මුතුන් මිත්තන්ට එක්වරම අපිට ගරහන්න බෑ. මොකද ඉර සහ සද කියන දිව්‍ය පුත්‍රයන්ට බුදුහිමියන් පිරිත් දේශනා කරල තියෙනව. එහෙමනම් නවග්‍රහයන්ටත් දිව්‍ය ප්‍රත්‍රයන් නොසිටීයයි අපිට කිව හැකිද?

කෙසේ වෙතත් මේ චන්ද්‍ර පිරිතෙත් රතන සූත්‍රය, ධජග්ග පිරිත, මොර පිරිත සහ ආටානාටිය සූත්‍රය යන පිරිත් සූත්‍ර වගේම ආනුභාවය කෝටියක්‌ සක්‌වල පුරා පැතිර පවතිනව. ඒ සූත්‍ර ගැනත් මම ලිපි දාල තියෙනව. ඔයාලට බලන්න පුලුවන්. මෙහි සදහන් වෙන්නෙ චන්ද්‍ර දිව්‍ය ප්‍රත්‍රය රාහු දිව්‍ය පුත්‍රය විසින් අල්ලා ගත් අවස්ථාවේ බුදුගුණ සිහිකර එයින් ගැලවුන ආකාරයයි. වැඩි විස්තර මොකටද? ඔයාලම කියවල බලන්නකො.

Read More

මහානුභාව සම්පන්න මොර පිරිත …

By සිරි සදහම් ( Dhamma) No Comments

යහලුවනේ මොර පිරිත කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලට ආඥා චක්‍රය පැතිර වූ මහානුභාව සම්පන්න පිරිතක්. බුද්ධ දේශිත පිරිත්වල ආනුභාවය මහත්ය. රතන සූත්‍රය, චන්ද පිරිත, ධජග්ග පිsත, මොර පිරිත සහ ආටානාටිය සූත්‍රය යන පිරිත් සූත්‍ර පහේ ආනුභාවය කෝටියක්‌ සක්‌වල පුරා පැතිර පවතිනව.

මම මේ මේ ලිපිය උපුටාගත්තේ අනතර්ජාලයෙන්. ඔයාලත් කියවල බලන්නකෝ.

මෙතැන් සිටඋපුටාගැනීම
මුලින්ම මේ ගාථාව තියෙන තැන කියන්නම්කෝ. මේ ගාථාව තිබෙන මෝර පිරිත පිරුවානා පොත් වහන්සේ තුළ 13 වන පිරිත ලෙස අන්තර්ගත වෙනවා. ඒ වගේමයි මේ දැන් මම කියන්න යන කතා පුවත පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ 158 වැනි ජාතක කතාව වන ස්වර්ණ මයුර ජාතකය තුළ අන්තර්ගත වෙනවා.

මීට බොහෝ කාලෙකට කලින් අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලයේදී ස්වර්ණ මයුරෙක් එහෙමත් නැත්නම් රන්වන් පැහැති මොණරෙක් වෙලා හිටියා. මේ බෝසත් රන් මොණරා වාසය කළේ හිමාලය වනයේ තිබුණු දණ්ඩකී හිරඤ්ඤ කියන පර්වතයේ.

බෝසත් රන් මොණරා හැමදාම උදේට ආහාර සොයායන්න කලින් ඉර පායනවත් එක්කම මොර පිරිත කියලා සූර්යයාට නමස්කාර කරනවා.

මේ විදිහට ඒ ගාථා සජ්ඣායනය නිසා බෝසත් රන් මොණරා කිසිම බයක් නැතිව ආරක්ෂාකාරීව කටයුතු කරනවා.

දවසක් හිමාල වනයට ආපු බරණැස් නුවර ආසන්නයේ හිටපු වැද්දෙක් මේ රන් මොණරාව දැකලා ඇවිත් පස්සේ කාලෙක තමන් මැරෙන්න ආසන්න වුණු වෙලාවේ තමන්ගේ පුතාට කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා, ඒක දැනගෙන ඉන්න කියලා.

මේ කාලේදී බරණැස් නුවර රජතුමාගේ බිසව වුණු ඛේමා බිසව හීනෙන් රන් මොණරෙක්ගෙන් බණ අහනවා දැක්ක නිසා හීනේ සැබෑවක් කරගන්න බිසවට ආසාවක් ඇතිවෙනවා. ඉතින් ඒ විදිහේ රන් මොණරු ඉන්නවා කියලා වේදයෙන් දැනගන්න බරණැස රජතුමා තමන්ගේ රාජ්‍යයේ ඉන්න සියලූම වැද්දෝ ගෙන්නලා අහනවා කැළෑවේදී රන් මොණරෙක් දැකලා තියෙනවද කියලා.

හැමෝගෙම උත්තරේ වෙන්නේ නැහැ කියන එක. ඒත් හිමාලෙදී බෝසත් රන් මොණරාව දැක්ක වැද්දගේ පුතා කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා කියලා තාත්තගෙන් දැනගන්න ලැබුණා කියලා.

ඉතින් ඊට පස්සේ රජතුමා රන් මොණරාව මරන්නේ නැතුව පණ පිටින් අරන් එන වැඩේ අර වැද්දටම පංගාර්තු කරනවා.

වැද්දත් හිමාල වනයට ගිහින් දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ළඟ උගුල් අටවලා බෝසත් රන් මොණරාව අල්ලන්න උත්සහ කළත් කලින් දක්වපු ගාථාවල ආනුභාවයෙන් බෝසත් රන් මොණරාව උගුල්වලට අසුවෙන්නේ නැහැ. අද අල්ල ගන්නම් හෙට අල්ලගන්නම් කියලා අවුරුදු හතක්ම උත්සහ කළත් වැද්ද අසමත් වෙනවා. හිස් අතින් ආපසු ගියොත් රජ්ජුරුවන්ගෙන් මැරුම් කන්න වෙන නිසා වැද්දා කැළේදීම මැරෙනවා.

තමන්ගේ දොළ දුක සංසිදුනේ නැති නිසා ඒ දුකෙන් බිසවත් මියයනවා. බිසව මියගිය දුක නිසා රජතුමා බෝසත් රන් මොණරා එක්ක කේන්ති අරගෙන “හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ඉන්න රන් මොණරගේ මස් කෑවොත් අමරණීය වෙනවා” කියලා රන් පතක ලියලා තියලා මියයනවා.

ඊට පස්සේ පරම්පරා හයකම රජවරු ඒ රන්පත දැකලා අමරණීය වෙන ආසාවෙන් හිමාලයට වැද්දෝ යැව්වත් ඒ වැද්දෝ අසාර්ථක වෙලා හිමාලයේදීම මියයනවා, රජවරුත් දුකෙන් මියයනවා.

ඒත් හත්වෙනි පරම්පරාවේ රජතුමා උපායන් දන්න වැද්දෙක්ව තමයි වැඩේට යවන්නේ. උදේ හවස බෝසත් රන් මොණරා ගාථා ගායනා කරන නිසා උගුල්වල අසුවෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තු වැද්දා උපායෙන් බෝසත් රන් මොණරාව අල්ලගන්න සැලසුම් කරනවා.

බෝසත් රන් මොණරව කාමයෙන් මත් කරලා ගාථාව කියල එක වළක්වලා උගුලක අසුකරගන්න හිතපු වැද්දා උගුලක් ගාව උදේම සෙබඩක් බැදලා නාද කරවනවා.

උදේම ගාථා කියන්න කලින් සෙබඩගේ හඬ අහපු බෝසත් රන් මොණරා කාමයෙන් මත්වෙලා ගාථා කියන එකත් අමතක කරලා සෙබඩ ගාවට පියාඹගෙන එද්දී උගුලේ අහුවෙනවා.

පස්සේ වැද්දා බෝසත් රන් මොණරාව අල්ලගෙන බරණැස් රජතුමාට ගිහින් බාරදෙනවා. හුඟාක් සතුටු වෙන රජතුමා බෝසත් රන් මොණරව තමන්ගේ සිංහාසනයේ වාඩි කරවනවා.

බෝසත් රන් මොණරා සහ බරණැස රජතුමා අතර ඇතිවුණු සංවාදය මෙහෙමයි

බෝසත් රන් මොණරා : රජතුමනි, මෙච්චර මහන්සිවෙලා මාව අල්ලගත්තේ ඇයි ?

බරණැස රජතුමා : රන් මොණර මස් කාපුවාම අමරණීය වෙනවා කියලා කියන නිසා අමරණීය වෙන්න මස් කන්න හිතාගෙනයි අල්ලගත්තේ

බෝසත් රන් මොණරා : මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය ඉන්නවද ?

බරණැස රජතුමා : ලෝකේ රන් මොණරෙකුට ඉන්නේ ඔබ විතරයි, ඒක නිසා මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය නැහැ

බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමාගේ කතාව පරස්පර විරෝධීනේ. මීට කලින් රන් මොණරෙක් හිටියෙත් නැත්නම් එහෙම අමරණීය වුණු කෙනෙකුත් නැත්නම් දැන් මගේ මස් කාපුවාම අමරණීය වෙයි කියලා කොහොමද හිතන්නේ ?

බරණැස රජතුමා : ඔබේ ශරීරය රන්වන් පාට නිසා රන් මොණරෙක්ගේ මස් කාපුවාම අමරණීය වෙනව කියලා අහලා තියෙනවා
බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමා මගේ මස් කන්නේ මරලද මරන්නේ නැතුවද ?

බරණැස රජතුමා : ඔබේ මස් කන්නේ ඔබව මරලා

බෝසත් රන් මොණරා : රජතුමනි ඔබේ ඒ කතාවත් පරස්පර විරෝධීනේ. මාව මරලා නම් මස් කන්නේ මමත් මියයනවා නම් මගේ මස් කන අය මිය යන්නේ නැතුව අමරණීය වෙන්නේ කොහොමද ? මහානුභාව සම්පන්න දෙවියෝ, බ්‍රහ්මයෝ වගේම ලෝකය බබුළුවන සූර්යයා හා චන්ද්‍රයාත් දවසක අන්තර්ධාන වෙනවා නම් මේ ලෝකේ සදාකාලික තියෙන්න පුලූවන් වස්තුවක් තියෙන්න පුලූවන්ද ?

මේ විදිහට බෝසත් රන් මොණරා රජතුමාට කරුණු කාරණා පහදලා දෙනවා.

පස්සේ රජතුමාට ගැටළුවක් ඇතිවෙනවා මේ විදිහට රන්වන් පැහැයක් මේ මොණරාට ලැබුණේ කොහොමද කියලා. ජාතිස්මරණ ඤාණය (පෙර ආත්ම භාව සිහි කිරීමේ නුවණ) තියෙන බෝසත් රන් මොණරා කියනවා තමන් මීට පෙර මේ නුවර සක්විති රජවෙලා හිටි බවත් ඒ කාලයේදී තමන් වගේම තමන්ගේ රටවාසීනුත් පංච සීලය ආරක්ෂා කරන්න පෙළඹුවා කියලා.

තමන් මියගියාට පස්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදිලා බොහොම දිව්‍ය සම්පත් විඳලා මිය ගිහින් කරපු කිසියම් අකුසලයක් නිසා තිරිසනෙක් වෙලා උපන්නත් පන්සිල් ආරක්ෂා කරපු ආනුභාවයෙන් රන්වන් රූපයක් ලැබුණා කියලා.

ඒ වගේම රජතුමාගේ මඟුල් පොකුණ හිස් කරවලා ඒකේ නිධන් කරවලා තිබුණු වස්තුවත් පෙන්වලා තමන්ගේ කතාවේ සත්‍යතාව තහවුරු කරවනවා.

මේ කතාවෙන් පස්සේ රජතුම හුඟාක් සතුටුවෙලා බරණැස් රාජ්‍යයම බෝසත් රන් මොණරාට පූජා කරනවා. ඒත් බෝසත් රන් මොණරා රාජ්‍ය රජතුමාටම පවරලා පන්සිල් රකින එකේ වටිනාකම රජතුමාට වගේම රටවාසීන්ට කියාදීලා එයාලව පංච සීලයේ පිහිටවලා ආයි හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයට ගිහින් තවත් බොහෝ කල් සුවසේ වාසය කරලා මිය යනවා.

ඉතින් මේ කතාවෙන් ඔයාලට පන්සිල් රකින එකේ ආනිශංස වැටහෙන්න ඇති. ඒ වගේමයි ඒ බෝසත් රන් මොණරා ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරපු ගාථා

1.උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

2. යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉවං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා

3. අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

4. යේ බ්‍රහ්මණා වේදගු සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමස්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයිති.

1.ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු.

2.යම් ක්ෂීණාශ්‍රව ඇති බ්‍රාහ්මණ කෙනෙක් [බුදු කෙනෙක්] සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාගේ නව ලොවුතුරා බෝධි ගුණයට මාගේ නමස්කාරය වේවා. කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා.

3.ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා බැසයයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ රාත්‍රියේ සැප සේ වෙසෙමු.

4. ඊට පස්සේ නැවත වරක් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට නමස්කාර කරනවා.

ඔයාලටත් ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරන්න පුලූවන්. තේරුමත් දැනගෙන මේ ගාථා භාවිතා කළොත් ඒ කාර්යය තවත් අර්ථවත් වේවි.

මම සත්කෙරේ අපමණ මෙත්සිතින් එරන්ද ලක්මාද සිල්වා විසිනි.

නාසා මවිත කළ බුදුරදුන්ගේ විශ්වීය දැනුම …

By සිරි සදහම් ( Dhamma) No Comments

විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි. ‘විවට්ටට්ඨායි’ යනුවෙන් ලෝකය සකස් වන යුගය හඳුන්වනු ලැබේ. ‘විවට්ට’ යුගය යනු ලෝකය විකාශනය වී සංවර්ධනය වී ඇති යුගය යි. ‘සංවට්ටට්ඨායි’ යුගයේ දී සමහර ලෝක විනාශයට පත් වනවා.

බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේ දී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කර සිටින්නේ කිසිම දිනක මේ විශ්වයේ කෙළවරක් දැකීමට නොහැකි අතර, යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍යනම් බඹයක් පමණ වූ මේ ශරීරය තුළම එය දැකිය හැකි බවයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, ලෝකයේ නැවැත්මත්, ලෝකය නැවැත්වීමේ මාර්ගයත්, මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දැකගත හැකි යි යනුවෙනි.

විශ්වය සාමාන්‍ය නුවණින් විස්තර කළ නොහැකි ය. බුදුන් වහන්සේ ලෝකය යනුවෙන් නිර්වචනය කරන ලද්දේ ‘ලුජ්ජති පලුජ්ජතී’ ති ලෝකෝ’ යනුවෙනි. එනම් කැඩෙන – බිඳෙන ස්වභාවයෙන් පත්වන දේ ලෝකයයි, යනු යි.

විද්‍යාඥයින් විසින් පිටසක්වළ යනුවෙන් හඳුන්වන්නේ මේ විශ්වයමයි. බටහිර නවීන විද්‍යාවට බුදුරදුන් දෙසූ විස්තර ගෝචර වී නොමැත.

බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳ ඉතා පැහැදිලි හා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂය පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒවා නම් ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය හා සෘද්ධි විෂය යි.

Read More

ඉස්‌ලාම් බැතිම‍තෙකුට බොදු පිළිතුරක්‌ …

By සිරි සදහම් ( Dhamma) No Comments

ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ (http://www.divaina.com/2013/05/12/feature13.html)
ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක්‌ ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්‍ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්‌ලාම් ආගමටත්, මුස්‌ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, සංගීත සංදර්ශන පැවැත්වීම වැනි ප්‍රශ්න විසඳීමට මෙකී සිංහල ජාතිවාදීන්ට කිසිදු උනන්දුවක්‌ නැත.

ලිපියේ කර්තෘ විසින් උක්‌ත සමාජ ප්‍රශ්න ඉස්‌ලාමීය, අරාබි පදනමක සිට විග්‍රහ කරන බැවින් ඒවා ඔහුගේ හර පද්ධතිය අනුව ගැඹුරු සමාජ ප්‍රශ්න වේ. එකී දේවල් ෂරියා නීතිය රජයන රටක සිදුවුණා නම් දරුණු ශාරීරික දඬුවම් ලැබීමට පවා ඉඩකඩ තිබේ. නමුත් අප ජීවත් වන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක්‌ ඇති බෞද්ධ වටිනාකම් මත පදනම් වූ හර පද්ධතියක්‌ සහිත රටක බැවින් අපගේ වටිනාකම් පද්ධතිය අනුව උක්‌ත කාරණා සලකා බැලිය යුතුය.

බුදුහාමුදුරුවන් ජීවත්ව සිටි විහාරයකට නොදුරුව අම්බපාලි නම් ගණිකාවක්‌ ජීවත් වූවාය. ඇය ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ නියෑලුණු අතර, බුදුන් වහන්සේ ද ඒ බව දැන සිටියහ. නමුත් බුදුන් වහන්සේ එම අම්බපාලි ගණිකාවට ගල් ගසා මරණ ලෙසට නියෝග කළේ නැත. නමුත් කාමමිථ්‍යාචාරය ඉතා බරපතළ වරදක්‌ බවත් එහි නිරත වන්නන් අපාගත වන බවත් ප්‍රකාශ කරන ලදී.

Read More

රුවන්වැලි මහා සෑ රදුන්ගේ සුදු පිරියම් කිරීමේ මහා පුණ්‍යකර්මය

By සිරි සදහම් ( Dhamma) No Comments

සත් රියනක් කැණ සුනු ගල්,රත්හිරිගල්, තඹ අතුරා සමින් මසන ලද පාවහන් දමා අලි ඇතුන් හා යෝධයින් ලවා ඝනව පවතිනසේ පාගවා චිරාත් කාලයක් පවතින සේ පාදම සාදවා රමණීය මහමෙව්නාවේ අතීත රජ දවස ඉදි කළ රුවන්මැලි මහා සෑය අදටත් ජනී ජනයාගේ ගෞරව බහුමානයට පාත්‍රව විරාජමානව වැඩසිටින්නේ සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම කියා පාමිනි.
ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනය, ථූපාරාමය, ප්‍රධාන අනුරාධපුර පූජා භූමිය එදා දස දහස් ගණනින් මහ රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ භූ®මියකි. බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිධන් කර ඉදිකෙරුණ රුවන්වැලි සෑය මහා සංඝයා වහන්සේගේ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ හා සුවහසක් බෞද්ධ ජනතාවගේ ගෞරවාදර බහුමානයෙන් යුක්තව මතු පරපුර උදෙසාද පණමෙන් රැක ගත යුතු පූජනීය වූ ස්ථානයකි.

ගෞතම බුද්ධ ශාසනයේ ශාසන අන්තර් ඥානයේදි ලොව පුරා ඇති ධාතුන් වහන්සේලා රුවන්වැලි මහාසෑය අභිමුඛයට එකතු වී නිර්මිත බුදුරුවක් මැවී අන්තර්දානය සිදුවන බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
මෙලෙස ගෞරවාදරයට පාත්‍රව රුවන්වැලි මහා සෑය එදා සිට අද දක්වා වසරක් පාසා සුදු පිරියම් කිරීමේ මහඟු පුණ්‍යකර්මය සිදු කෙරෙයි.

Read More

අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන්ට පිළිතුරු

By සිරි සදහම් ( Dhamma) No Comments


බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් පිරිනිවන් පෑමෙන් පසුවත් බුදුන් වහන්සේගේ ධර්ම විනයට විරුද්ධ මත දැරුවෝ ගිහි පැවිදි දෙපිරිස තුළම සිටියහ. එයින් උද්ගත වූ නොයෙක් කාරණා හේතුවෙන් බුදුන් වහන්සේ වැඩ සිටියදීම ශාසන චිරස්ථිතිය උදෙසා විනය නීති පැනවීමත් පැනවූ යම් යම් විනය නීති සංශෝධනයත් සිදුවිය. එසේ විවිධ මතයන්ගෙන් පිරිසුදු ධර්ම විනය දෙක බුදුරදුන් පිරිනිවීමෙන් පසු මහා සංඝරත්නය විසින් ද එවැනි මත මතුවූ කල්හි ධර්ම සංගායනා පැවැත්වීමෙන් පිරිසුදුව රැකගනු ලැබිණි.

මෙසේ ආරක්‍ෂා වූ අසූ හාරදහසක් ධර්මස්කන්ධය ත්‍රිපිටකය නම් විය. එහිදී විනය පිටකයට 21000ක්ද සූත්‍ර පිටකයට 21000ක්ද අභිධර්ම පිටකයට 42000ක්ද ධර්මස්කන්ධයෝ අයත් වෙති. මෙහි අභිධර්ම පිටකයට අයත් ධර්මස්කන්ධය බුද්ධ භාෂිතයක් නොවේ යි යන මතය දරන සුළු පිරිසක් ගිහි පැවිදි දෙපාර්ශවය තුළින්ම වරින් වර මතු වී ඇත. ඔවුන්ගේ ඒ දුර්මතය දුරු කිරීමෙහිලා ඒ ඒ කාල පරිච්ඡේද තුළ වැඩ සිටි මහ තෙරුන් වහන්සේ කටයුතු කර ඇත. 2500 වැනි බුද්ධ ජයන්තිය උදෙසා සිදු කළ ත්‍රිපිටක පරිවර්තනයේ දී (සිංහල භාෂාවට) මහාවග්ග පාලියෙහි (ප්‍රථම භාගයෙහි) ද ධම්මසංගණී ප්‍රකරණයෙහිද ප්‍රස්ථාවනාවන් සැපයූ මහතෙරුන් වහන්සේ ද එම මතයට විරුද්ධව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.
Read More

මහානුභාව සම්පන්න ධජග්ග සූත්‍ර දේශනාව …

By සිරි සදහම් ( Dhamma) No Comments

පිරිත පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම වැදගත් ය. ඒ මඟින් පිරිතේ අනුභාවය හා ආරක්‍ෂාව ලැබේ. සිංහල බෞද්ධයා තුළ පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත ගෞරවයකි. පිරිතේ ආශිර්වාදයෙන් ලොව බිහිවූ එකම ජාතිය සිංහල ජාතියයි. විජයාවතරණයෙන් පිරිත් නූලෙන් ලද ආශිර්වාදය කියැවෙයි. හෙල රජ දරුවන්, පිරිත ජාතියටම ආශිර්වාදයක් කරගත්තේ ය. රුවන්මැලි මහාසෑයේ ධාතූන් නිදන් කරන විටදී, මහා සංඝරත්නය මුළු රෑ පිරිත් ධර්මය දේශනා කළහ.

භය තැතිගැන්ම, ලොමු ඩැහැගැන්වීම වැනි දෑ සදහා ප්‍රතිකාරයක් මෙන්ම, හදිසි අනතුරු වලක්වන දේශනය ධජග්ග පිරිතයි. ධජග්ග පිරිතෙන් සිදුවී ඇති ආශ්චර්යයන් බොහෝය. පෙර අනුර පුර යුගයෙහි දීඝවාපි චෙයිත්‍යය කර්මාන්තයේ නියුක්ත වූ භික්ෂුවක් දාගැබිහි ඉහලට නැගි පසු පය පැකිලී පහලට ලිස්සා වැටෙන කල්හි බිම සිට එදෙස බලා සිටි අන්‍ය භික්ෂුන් ඇවැත්නි ධජග්ගය සිහිකරවයි හඬ නැගුවාහුය. ඒ පින්වත් භික්ෂුව ද ඉතිපිසෝ ආදී වූ නවාරහාදී වූ ලොවුතුරා බුදුගුණ සිහි කිරීම් පමණකින් චෙයිත්‍යයයෙන් ඉවතට නෙරා තිබුනාවූ ගඩොලක පය ගැටී වැටීම් අවහිර විය.(සංයුක්ත නිකාය , අට්ට කතා)
එහෙයින් අරහත් තථාගත සම්මා සම්බුද්ධ වූ මා තොප හට මෙසේ පවසමි. ආරණ්‍යයට , රුක් මුලට හෝ ශුන්යාගාරයට ගියාවූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් උපදනේ වී නම් එකල්හි මා සිහිකරව්. කෙලෙසින්ද යත්…
Read More

ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?

By සිරි සදහම් ( Dhamma) One Comment

“මාගේ මේ ශාසනයෙහි භික්ෂුහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වී නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය” ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා ඇති බව දීඝ නිකායේ, මහා පරිනිර්වාන සූත්‍රයේ දැක්වේ. ඒ අනුව අදටත් රහතුන් ලොව වැඩ සිටින බව අපිදු විශ්වාස කරමු. එහෙත් ශ්‍රී ලංකාවේ වැඩ සිටි අවසන් මහ රහතන් වහන්සේ මලිය දේව මහ රහතන් වහන්සේ බව මතයක් පවතී. මේ දැක්වෙන්නේ ඒ පිලිබද විග්‍රහයකි.

පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජු කල බැමිණිටියාසාය පවතිද්දී චුළ පිණ්ඩපාතික තිස්ස තෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාග තෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.

දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.
Read More

error: Content is protected by www.ifbcnet.org.