Skip to main content
Monthly Archives

November 2015

අනාගත ලෝ තතු පවසන කොසොල් රජතුමා දුටු සිහින …

By සිරි සදහම් ( Dhamma) No Comments

බුදු දහමට අනුකූලව සලකා බලන කල්හි පෘථිවිය තුළ මිනිස් සම්භවයෙන් අනතුරුව මුල්කාලීනව ඉතා ශිෂ්ට සම්පන්න සමාජ පසුබිමක් පැවැත පසු කාලීනව ඇති වූ සමාජ විෂමාචාර, අධාර්මික ක්‍රියා හේතුවෙන් මුල්කාලීන ශිෂ්ටත්වය ගිලිහී ගොස් ඇත. පසුව ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව නම් කරගත් මහා සම්මත රජුගේ පැමිණීමත් සමගම රාජ්‍යය නායකත්වය හා රාජ්‍ය පාලනය ඇති විය.

මේ ආකාරයට ජනතාවගේ සම්මතයෙන් ගොඩනගාගත් නායකත්වය හා පාලන තන්ත්‍රය පසුකාලීනව අයහපත් වීම නිසා සමාජයට සිදුවන දුර්භාග්‍ය පිලිබඳව සමාලෝචනයක් ගෙන ඒමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමු. පාලන තන්ත්‍රයෙහි ඇති විවිධාකාර අඩු ලුහුඩුකම් සමස්ත රට වැසියා කෙරෙහි කෙසේ බලපායි ද යන්න පිළිබඳ ඉතා පැහැදිළි විස්තරයක් කොසොල් මහ රජතුමා විසින් දකින ලද සිහින 16 පිළිබඳ විවරණයේ දී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත.
Read More

හෙළ මංගල්‍යයේ ඇරැඹුම …

By සිරි සදහම් ( Dhamma) No Comments

මේ පලවන්නේ බුදුසරණ පුවත්පතෙහි පලවූ ලිපියකි. )

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් වන්නේ කවර යුගයකදී කුමන ආකාරයකටද?

ඔබ ප්‍රශ්න දෙකක් අහනවා. අපේ මේ හෙළ මංගල්‍යය ආරම්භ වූයේ කවර වර්ෂයේද? යන්න සහ එය ආරම්භ වූ ආකාරය පිළිබඳවයි. වර්ෂය ගැන කීම පසුවට තබා ආරම්භය සිතා බලමු. එවිට මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු ලැබේවි.

සාමාන්‍යයෙන් ඉතිහාසය කොටස් තුනකට බෙදෙනවා. පළමු වැන්න තමයි ප්‍රාග් ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය දෙවැන්නයි. තෙවැන්න ඓතිහාසික යුගයයි. මෙය අපේ මව්බිම හා සසඳා බලන කළ වත්මනට වසර 3,000,000 කට පෙර ප්‍රාග් ඓතිහාසික යුගය. ක්‍රි.පූ. 247 වැන්නේ විජයාවතරණය පූර්ව ඓතිහාසික යුගය ලෙසින් ක්‍රි.පූ. 247 හි බුදුදහම ලක් දෙරනට ගෙන ඒමේ සිට ඓතිහාසික යුගය ලෙසත් සැලකිය හැකිය.

අපේ කථාව මේ යුගයන්හි කවර කාලයකට අයත්ද? යන්න සළකා බැලීම වටී. ඇත්තෙන්ම අපේ සිහළ අවුරුද්ද ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙනවා. එය සනාථ කිරීමට කරුණු බොහෝමයක්ම තිබෙනවා.
Read More

ජපානය දියුණුකළ “S-5” අපේ සිංහල අලුත් අවුරුද්ද තුළ තිබෙනවා

By සිරි සදහම් ( Dhamma) No Comments

ගහකොළ මලින් ඵලින් බරවෙන සිංහල අලුත් අවුරුද්ද සොබා දහමේ අසිරිමත් දායාදයකි. ජීවිතයද සොබා දහමේම කොටසක්‌ බැවින් සොබා දහම හා බැඳුණු සිංහල අලුත් අවුරුද්ද ජීවිතයට මහඟු ආශිර්වාදයක්‌ ගෙන එයි. ජාතික සමගියට සහ රටේ සංවර්ධනයට සිංහල අලුත් අවුරුද්දේ දායකත්වය කෙබඳුද?

ඉතාමත් දිගු කාලයක සිට අපේ ජාතික අනන්‍යතාව ලොවට විදහා දැක්‌වූ ජාතික උත්සවය සිංහල අලුත් අවුරුද්දයි. නමුත් නවීන ලෝකය හමුවේ මේ ජාතික උත්සවයේ අනන්‍ය ලක්‍ෂණ පිරිහෙමින් තිබෙන බව ඇතැමුන් දරන මතයක්‌…රෑ

සිංහල අලුත් අවුරුද්ද පිරිහීමකට ලක්‌වෙලා කියන අදහස ලෝකය නවීකරණය වීමත් සමග ඇතිවූ දෙයක්‌. සිංහල අලුත් අවුරුද්දේ බාහිරින් පෙනෙන ලක්‍ෂණ තුළ යම් වෙනස්‌කමක්‌ ඇතිවී තිබෙන්නට පුළුවන්. නමුත් සිංහල අලුත් අවුරුද්දේ මූලික හරාත්මක පැත්ත තවමත් වෙනස්‌ නොවී පැරැණි ලෙසම පවතින බවයි මගේ හැඟීම. එදා සහ අද අතර මේ ජාතික උත්සවයේ ස්‌වරූපය වෙනස්‌වී තිබෙන්න පුළුවන්. එදා ජනප්‍රියව තිබූ ඇතැම් අවුරුදු ක්‍රීඩා අද භාවිතයෙන් ඉවත්වී තිබෙනවා විය හැකියි. පොර පොල් ක්‍රීඩාව වෙනුවට ක්‍රිකට්‌ ක්‍රීඩාව අලුත් අවුරුද්දේ දකින්නට පුළුවන්. Read More

සෞභාග්‍යත් වාසනාවත් උදාකරන සිංහල අවුරුද්ද …

By සිරි සදහම් ( Dhamma) No Comments

ලෝකවාසී බෞද්ධයන්ට වෙසක් පුන් පොහෝදා කෙතරම් වැදගත් ද එසේම ලාංකික ජනතාවට සිංහල අවුරුද්ද අතිශයින් වැදගත් වේ; සිංහල අවුරුද්දේ ඇතිවන මානසික ප්‍රබෝධයෙන් මිනිස් සිතුම් පැතුම් තුළ ජීවමය ගුණයක් ශක්තියක් ඇති කරයි. හින්දු සංස්කෘතියෙන් සූර්ය වන්දනය මුල්කර ගනිමින් ආරම්භ වූ මෙම චාරිත්‍රය අනාදිමත් කාලයක් මුළුල්ලේ සිංහල සංස්කෘතියේ මුල් බැස පවතී. බුදු දහමේ ආභාසයෙන් එය සිංහල බෞද්ධ හා හින්දු අවුරුද්ද බවට පත්ව ඇත.

දවස් 365 මුළුල්ලේ අපේ ලෝකය ආලෝකවත් කරමින් සූර්යයා අපට කරන මෙහෙය අතිමහත්ය. සෞරග්‍රහ මණ්ඩලයේ සුවිශේෂී ප්‍රධානතම ග්‍රහයා වන සූර්යයා ග්‍රහ මණ්ඩලය තුළත් ඉන් මිනිසා වෙත ඇතිකරන බලපෑම ඡ්‍යොතිෂය අනුව අති ප්‍රබලය. එහි අනිසි බලපෑම් වන ග්‍රහ දෝෂවලින් මිදීමට අවුරුදු උදාවේ අප ඉටුකරන චාරිත්‍ර ඉතා වැදගත් වේ.

සිංහල හා හින්දු ජාතික සමඟිය අප රටට ඉතා වැදගත්ය. වසර 30කට වඩා වැඩි කාලයක් පැවතුණු කොටි ත්‍රස්තවාදය නිසා සිංහල දෙමළ අසමඟිය උග්‍ර විය.

ත්‍රස්තවාදය අවසන් වුවද උතුරේ දරුවන්ගේ සිත්වලට කොටි ත්‍රස්තවාදය විසින් බලෙන් පටවන ලද සිංහල විරෝධී මතවාදය තවම අවසන්ව නැත. බුදු දහමින් මෛත්‍රිය කරුණාව ඇති කළ සිංහලයන් තුළ දැන් දෙමළ විරෝධය පහව ගොස් ඇත. එනිසාම සිංහල හා හින්දු අවුරුදු චාරිත්‍ර තුළින් සමඟිය ගොඩනැඟිය හැකි ප්‍රබලම සාධකයක් ගොඩනැඟිය හැකිය. හින්දු හා බෞද්ධ ආගමික මිත්‍රශීලීභාවය වර්ධනය කරගත හැකි වසරේ හොඳම කාලය අවුරුදු සමයයි. Read More

සාරධර්ම බිඳ වැටුණු සමාජයක සිංහල අලුත් අවුරුද්ද …

By සිරි සදහම් ( Dhamma) No Comments

මහාචාර්ය කේ. එන්. ඕ.
ධර්මදාසයන් කරන විග්‍රහයකි මේ

අපේ රටේ අතීත සමාජයේ මිනිස්‌සු ජීවත් වීම හඳුනා ගත්ත කලාවක්‌ විදිහට වර්තමානයේ නවීන තාක්‍ෂණය විසින් ජීවත්වීම විද්‍යාවක්‌ බවට පත් කරල තියෙනවා. මේ විද්‍යානුකූල ජීවිතය තුළ සිංහල අලුත් අවුරුද්දට මොනවද වෙලා තියෙන්නේ?

සීගිරි කැටපත් පවුරේ මෙබඳු ගීයක්‌ තිබෙනවා.

අගනනි අත්සලව් මෙහි පොහොන්නෙක්‌ නැතිද

නව බක්‌ළ සන්ද් දුට්‌ මිනිසක්‌ හු නොවජන්නෙයි

මෙහි සිංහල අරුත වන්නේ කාන්තාවනි ඔබේ අත්වලින් සංඥ කරන්න. මගේ මේ ගීය අහන කිසිවෙක්‌ නොඉන්න පුළුවන් හැබැයි බක්‌ මාසෙ අලුත් හඳ දැකපු කෙනෙකුට මීට වඩා ගෞරව කළ යුතු නේද?

මේ පිළිබඳ මහාචාර්ය පරණ විතානයන්ගේ අදහස වී තිබෙන්නේ අපේ අතීත සමාජයේ තිබුණු එක්‌තරා චාරිත්‍රයක්‌ පිළිබඳ මේ ගීයෙන් හෙළිදරව් වෙන බවයි. එනම් බක්‌ මහේ නව සඳ දුටු අයට එදා සමාජය තුළ කිසියම් ගෞරව කිරීමක්‌ තිබූ බවයි. තමා යම් ප්‍රතික්‌ෂේප කිරීමකට ලක්‌වූ අවස්‌ථාවක එම පුද්ගලයා මෙලෙස ඉස්‌මතු කර පෙන්වන්නේ එම චාරිත්‍රය විය හැකි බව මහාචාර්ය පරණ විතානයන්ගේ අදහසයි.
Read More

සිත සනසන පිරිත් දෙසුම …

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ මම අද කියන්න යන්නේ ඉතාම වැදගතු පිරිත් දේශනාවක්. ඒ තමයි ජින පඤ්ජරය. ජිනපඤ්ජරය කියන්නෙ අපේ රටේ රහතන්වහන්සේලා සකස්කරන ලද පිරිතක්. (ජය පිරිත තායිලන්ත පිරිතක්ලු.) මේ පිරිත හරිම බලගතු පිරිත් සූත්‍රයක්. ඊට කලින් මම හිතුව පිරිතේ අගය කියැවෙන ලිපියක් පලකරන්න. මේ ලිපිය ප්‍රේමසිරි ඈපාසංහ මහත්තය බුදුසරණට ලියපු ලිපියක්. මොහොතක් කියවල බලන්න‍කෝ.
ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයේ ආදි යුගයේ සිට දෙවි දේවතාවන්ගෙන් ආශිර්වාදය ලබාගනු වස් මනසින් මවාගත් දෙවියන් ඉදිරිපිට භක්තියෙන් යුතුව ගීතිකා ගයනු ලැබූහ. සතුරු උවදුරු වලින් ආරක්ෂාව, සතුරන් ජය ගැනීම, නිරෝගි බව, සම්පත් වර්ධනය, දරුපල ලැබීම, අව්වැසි ලබා ගැනීම සඳහා ගීතිකා ගයා ඇත. පිරිත ද ආරක්ෂාව අරබයා ගයන්නා වූ සුමිහිරි දේශනාවකි. පිරිත යන සිංහල වචනය පාලි ‘පරිත්ත’ ශබ්දයෙන් ප්‍රභවය වී ඇත. පාලි පරිත්ත ශබ්දය සංස්කෘත ‘පරිත්‍ර’ ශබ්දයේ විකාශනයකි. සර්ව ප්‍රකාරයෙන්ම ආරක්ෂාව සලසාදීම යන්න මෙහි අර්ථයයි.
දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබ ප්‍රබෝධවත්ව සිටීමට හේතු කාරක වන බව මම අත්දැකීමෙන් දනිමි. වසර ගණනාවක් මුළුල්ලේම දිනපතා උදෑසන මිනිත්තු 45 ක් පමණ තුන් සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, මහා මොග්ගල්ලානත්ථෙර බොජ්ක්‍ධංග පිරිත, ධජග්ග සූත්‍රය, අටවිසි පිරිත, මහා ජයමංගල ගාථා, ජය පිරිත, ජිනපඤ්ජරය, සීවලි පිරිත, අභිසම්භිදානේ පිරිත දිනපතා ශබ්දයෙන් සජ්ඣායනා කිරීමෙන් මාගේ් ගතට හා සිතට සිසිලක් ලැබෙන අතර මාගේ් කටහඬ ආරක්ෂා කර ගන්නට ද ඉන් ලැබෙන පිටුවහල ඉමහත්යැයි මම විශ්වාස කරමි.
ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට බුදු දහමේ හරය ඇතුලත් වේ. එයට සූත්‍ර විනය අභිධර්ම වර්ගකොට ඇති ත්‍රිපිටකයේ සෑම වැදගත් කරුණක්ම අඩංගු වේ. බුදුන් වහන්සේගේ සියලුම දේශනා, වනයක සතුන්ගේ අඩි වලට සම කළහොත්, ඒ සියල්ල බහාලිය හැකි ඇත් අඩිය ලෙස ධම්මචක්කපවත්තන සූත්‍රය අපට හැඳීන්විය හැකිය. බරණැස ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය දෙසා වදාරන ලද සේක. Read More

අන්‍යාගමිකයන් ඒ ඒ ආගම් ඇදහීමේ ඵලය කුමක්ද?

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ අන්‍යාගමිකයන් කුමන අරමුණකින් සිය ආගම් ඇදහුවත් ඒ කිසිම අරමුණක් ඉටුනොවන බව පෙන්වන්නයි මේ ලිපිය පලකරන්නෙ. මෙලෝ වශයෙන් ඒ ආගමිකයන්ට ලැබෙන දෙයක්වත් පරලොව වශයෙන් ලැබෙන දෙයක්වත් නෑ. මට කියන්නකො බුදුදහම හැර අන්‍යාගමක් අදහන කෙනෙක් බුදුදහම අදහන කෙනෙකුට වඩා විශේෂයෙන් ලබපු දෙයක්. ලබල තියෙනවනම් එකම එක සෙයයි. ඒතමයි අඥාණකම, මෝඩකම, මුලාව. මොකද ඒ කිසිම කෙනෙක් යාඥාකරල ලබපු දෙයක් නෑ. ලැබුව දෙයක් තියෙනනම් ඒ කර්මය විපාකයක් මත හෝ උත්සාහය මතයි. ඒ අය පරලෝ වශයෙන් ලබන්නෙ දුගතිය තමයි. මේ තෙවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය මගින් ඒ බව පැහැදිලිව දක්වල තියෙනව. ඔයාලම කියවල බලන්නකෝ

තෙවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කළහ. එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පා සිව්රු රැගෙණ විසාලා මහනුවර පිඬු පිණිස පැමිණියෝය.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට ´විසාලා මහනුවර පිඬු සිඟීමට තවම කල් වැඩිය. මම එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් යහපතැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම යම් තැනකද, එතැනට පැමිණියෝය.
Read More

අන්‍යාගමිකයන් ඒ ඒ ආගම් ඇදහීමේ ඵලය කුමක්ද?

By සිරි සදහම් ( Dhamma) No Comments

පින්වත් යාලුවනේ අන්‍යාගමිකයන් කුමන අරමුණකින් සිය ආගම් ඇදහුවත් ඒ කිසිම අරමුණක් ඉටුනොවන බව පෙන්වන්නයි මේ ලිපිය පලකරන්නෙ. මෙලෝ වශයෙන් ඒ ආගමිකයන්ට ලැබෙන දෙයක්වත් පරලොව වශයෙන් ලැබෙන දෙයක්වත් නෑ. මට කියන්නකො බුදුදහම හැර අන්‍යාගමක් අදහන කෙනෙක් බුදුදහම අදහන කෙනෙකුට වඩා විශේෂයෙන් ලබපු දෙයක්. ලබල තියෙනවනම් එකම එක සෙයයි. ඒතමයි අඥාණකම, මෝඩකම, මුලාව. මොකද ඒ කිසිම කෙනෙක් යාඥාකරල ලබපු දෙයක් නෑ. ලැබුව දෙයක් තියෙනනම් ඒ කර්මය විපාකයක් මත හෝ උත්සාහය මතයි. ඒ අය පරලෝ වශයෙන් ලබන්නෙ දුගතිය තමයි. මේ තෙවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය මගින් ඒ බව පැහැදිලිව දක්වල තියෙනව. ඔයාලම කියවල බලන්නකෝ

තෙවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කළහ. එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පා සිව්රු රැගෙණ විසාලා මහනුවර පිඬු පිණිස පැමිණියෝය.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට ´විසාලා මහනුවර පිඬු සිඟීමට තවම කල් වැඩිය. මම එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් යහපතැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම යම් තැනකද, එතැනට පැමිණියෝය.
Read More

සිංහල විවාහයේ පළමු ගමන …

By සිරි සදහම් ( Dhamma) One Comment
අපේ පැරණි සිරිත් විරිත් ක්‍රමයෙන් වියැකී යයි. ඒ නිසාම අද මංගල උත්සවය ටික දිනකින් අවමංගල්‍යයක් වේ. නියමිත චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරිහුන විට තුන්රුවනේ ආශිර්වාදයක් කෙලෙස ලබන්නද? දෙවියන් කෙසේනම් ආශිර්වාද කරන්නද? අපේ පැරණි චාරිත්‍ර වාරත්‍ර පිලිබද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය පල කෙරේ.

හෙළදිව විවාහ චාරිත්‍ර බොහෝ විට ගම්බද හඳුන්වනු ලබනුයේ “කසාදය” වශයෙනි. ”
ගෘහ ප්‍රවේශය ආරම්භ කිරීමට පෙර මනාලියගේ පියා විසින් මනාලියට අවවාද හා උපදෙස්‌ ලබාදීමේ පුරාතන චාරිත්‍රය අද සිංහල විවාහයේද “මංගල සභාව” දක්‌වා විකාශනය වී ඇති බව පෙනේ. ධනංජය සිටුවරයා විශාඛාවට හා අනේපිඬු සිටුවරයා චුල්ල සුභද්‍රවටද මෙණ්‌ඩක සිටුවරයා දියණියටද අවවාද ලබාදුන් අවස්‌ථාවේ හින්දු සමාජයේ මෙන්ම මෙරට ජනයා අතරද චිර ප්‍රකට මෙකී උපදේශයෝ මෙසේය.
01. ඇතුළත ගින්න පිටත නොදිය යුතුය.
02. පිටත ගින්න ඇතුළට නොගත යුතුය.
03. දෙන්නන්ටම දිය යුතුය.
04. නොදෙන්නාට නොදිය යුතුය.
05. දෙන්නාටද නොදෙන්නාටද දිය යුතුය.
06. සුවසේ හිඳිය යුතුය.
07. සුවසේ අනුභව කළ යුතුය.
08. සුවසේ නිදාගත යුතුය.
09. ගින්න පිදිය යුතුය.
10. ගෘහ දේවතාවුන් වැන්ද යුතුය.
Read More

රට ගිය ඇත්තෝ කියත්වා! සිතත්වා! කරත්වා!

By සිරි සදහම් ( Dhamma) No Comments

”බලාපොරොත්තු අප ජීවත් කරවයි.” එය අප අතර දාර්ශනික කියමනකි. එය සෑබෑවක් බව ජීවත් වන විට අපට වැටහෙන අවස්ථා අපමණ වේ. ”සියල්ල එපා වෙලායැයි” කීවද? එකදු බලාපොරොත්තුවක් හෝ ඇති නම් එවැන්නා ජීවත් වෙයි. ස්වාමියා එපාවූ බිරිඳටද? බිරිඳ එපා වූ ස්වාමි පුරුෂයාටද? දරුවන්ගේ අනාගතය ගැන සිතා බලාපොරොත්තු තබා විවාහ ජීවිතය රැක ගතී. රාජකාරි ස්ථානය අපායක් සේ වුවද ලැබෙන වේතනය මත බලාපොරොත්තු තබා රැකියාව කරයි. මෙසේ කියවන ඔබට දැන් සිතෙන දෙයක් ඇත. එනම් ”මමත් විදෙස් රටක් වන මේ රටට ආවේ මොන තරම් බලාපොරොත්තු තබාගෙනද?” යන්නයි. එකක්, බලාපොරෙත්තු මත ඔබ මව්බිමෙන් වෙන්කර ඇත. පවුලේ අය ඇතුළු නෑ හිතවතුන්ගෙන් වෙන් කර ඇත. අනෙක් පැත්තෙන්, ඔබ හුදකලා කොට ඇත. නැතහොත් අළුත් හිතවතුන් සමීපකර ඇත. පරණ අයව මව් බිමත් සමගම අමතක කර ඇත. බලන්න, බලාපොරොත්තු ඔබට කොයි තරම් දේ කළාද? කියා. විටක ඔබගේ ඇසක්, අතක්, පාදයක්, අහිමි කරන්නට. නැතහොත් හිරකරුවෙක්, රැුදවුම් කඳවුරක වෙසෙන්නෙක් බවට පත් කළෙත් බලාපොරොත්තුමයි. බලන්න. බලාපොරොත්තු කරපු දෙයක මහත.
Read More

error: Content is protected by www.ifbcnet.org.