සක්වළ සක්මන... ( Sakwala sakmana ) Archives - Page 3 of 6 - IFBC Organization | Dhamma

(20) නොදිරන සිරුරු

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

රාවණා වගේ සිහිමුර්ජා වූ හෝ මෘත ශරීර ලෙස හෝ දේහයන් (සිරුර) සුරක්‍ෂිතව තියෙන්නේ වෙන කාගෙද?

මීට වසර 3300 පෙර මිසරයේ විසූ ටූටන් කාමන් අධිරාජ්‍යයාගේ ආරක්‍ෂිත මෘත ශරීරය (Mummy) 1922 වසරේදී සොයා ගනු ලැබුවා. 2012.09.23 දිනපතා පුවත්පතක තවමත් නරක් නොවූ එම මෘත ශරීරයේ ඡායාරූපයක් පළ කර තිබුණා. ටූටන් කාමන් රජුගේ මළ සිරුර අදටත් එලෙසින්ම තියෙනවා යැයි වාර්තාවෙනවා. වසර 3500 ක් පැරණි දෙවන රම්සේස් රජුගේ මෘත ශරීරයත් (Mummy) එලෙසම සුරක්‍ෂිතව ඇති බව වාර්තා වෙනවා. චීනයේ මාවෝ සේතුන්ගේ මළ සිරුරත් මතු පරපුරට දැක බලා ගැනීම සඳහා සුරක්‍ෂිතව තියා ගන්න ඔවුන් උත්සාහ කරනවා. චීන, මිසර, ඊජිප්තු හා අපි‍්‍රකානු රටවල වැසියන් මෙලෙස මෘත ශරීර ආරක්‍ෂිතව තබා ගැනීමට සමත්කමක් දක්වනවා. Read More

(21) විශ්වයේ විසිතුරුම – විසිරුණම – විසකරුම දේ සිත ද?

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහානායක හාමුදුරුවනේ,අපේ සිතත් මේ විසල් සක්වළ වගේම විසිර පවතින විසිතුරු දෙයක්ද?

‘සිත’ කියන්නෙත්, මේ විසල් සක්වළ තුළම සැරිසරන්නක්, සිත ගැන වරක් බුදුහාමුදුරුවෝ සැවැත්නුවරදී, භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් උදෙසා දේශිත විග්‍රහයක් ‘ධම්ම පදයේ – 37 වෙනි ගාථාවේ’ මෙසේ දැක්වෙනවා.

දුරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති – මොක්ඛන්ති මාරබන්ධනා

මෙහි අදහස, ‘දුර ගමන් යන – තනිවම හැසිරෙන, ශරීරයක් නැති – ගුහාවක ජීවත්වන මේ සිත, තැන්පත් කර ගත් තැනැත්තා මාර බන්ධනයෙන් මිදෙනවා’ යන්නයි. Read More

(22) සිත, කය සහ භවය

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහා නායක හාමුදුරුවනේ,සිතේ ඇතිවන සිතිවිලි ස්වභාවය – කයෙහි (ශරීර) ස්වරූපයට කෙතරම් බලපෑමක් ඇති කරනවාද?

කය යනු සිතේ නවාතැනක්. ඒක හරියට නිවහනක් වගෙයි. නිවසක් වුණත් හදා ගන්නේ, තියාගන්නේ තම තමන්ගේ සිතිවිලිවල ස්වභාවය අනුවයි. ඒ වගේ තමයි, අපේ කයත්. සිත කිළිටු වන විට කය අපිරිසුදු වී වැහැරෙනවා. සමහරුන්ගේ ශරීර දිහා බලපුවාම සිත කරදරවලින් පිරිලා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එතරම්ම සිතයි, කයයි අතර සබැඳියාවක් පවතිනවා. Read More

(23) සක්වළේ ශක්තිමත් ම දේ කුමක්ද?

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහා නායක හාමුදුරුවනේ, ඇත්තටම මේ මහා සක්වළේ ඇති ශක්තිමත්ම හා විශාලම දේ කුමක්ද?

ඔබ ඇහුවා වගේ ප්‍රශ්නයක් වරක් එක්තරා පාසල් ගුරුවරියකුත් සිය පන්තියේ සිසුන්ගෙන් අහල තිබුණා. ඊට ළමයි දීලා තිබුණ උත්තර හරි විවිධාකාරයි. එක්කෙනක් ඒ, තමන්ගේ ‘තාත්තා’ කියලා. තව අය ‘අලියා’ කියලා සමහරු ‘තල්මසා’ කියලා. තව කෙනෙක් ‘කන්දක්’ කියලා. ඔය අතර තවත් කෙනෙක් ඒ එකක්වත් නෙවෙයි, ‘මගේ ඇස’ කියලා තිබෙනවා. ඇයි? මගේ මේ ඇහෙන් අරයගේ තාත්තයි, අලියයි, තල්මසායි, කන්දයි වගේම තව ගොඩක් දේ බලන්න පුළුවන්නේ, ඒවා දකින්න තරම් මගේ ඇහැ විශාලයිනේ. ඒකට ඇහැට ශක්තිය තියනවානේ යනුවෙන් මේ කුඩා ළමයා පිළිතුරු දී තිබෙනවා. Read More

(24) සක්වළ අවි සහ සිත්වල සවි බල

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහානායක හාමුදුරුවනේ, සිතෙහි ඇති සවිය හැම අවියකටම වඩා බලවත් කියන කථාව ඇත්තක්ද?

ඔව්, හැම අවියක්ම ඉස්සෙල්ලම හැදෙන්නේ සිතෙයි. ඊගාවට ඒවා පරිහරණය කරන්න විධාන දෙන්නෙත් සිතමයි. පණ නැති ආයුධවලට වඩා පණ ඇති සිතක් හැමවිටම බලවත් වෙනවා. ඒකට හොඳම නිදසුනක් තමයි, අපේ පන්සිය පනස් ජාතක කථා පොතේ එන පංචායුධ (52 වෙනි) ජාතක කථාව. දෙව්රම් වෙහෙරේදී පසුබට වීර්ය ඇති භික්‍ෂුවක් අරභයායි බුදුහාමුදුරුවෝ මේ ජාතක කථාව දේශනා කොට වදාළේ. Read More

(25) සිත නිවන ලෝකය

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහනායක හාමුදුරුවනේ , මෙලොවදී අපට ලැබිය හැකි උතුම්ම ලාභයත්, උසස්ම ධනයත්, හොඳම නෑයාත්, ඉහලම සැපයත් සැබවින්ම කුමක්ද?

අප ගෞතම බුදුහිමියන් වරක් ජේතවනාරාමයේදී කොසොල් රජතුමා අරභයා කළ බුද්ධ දේශනාවක් මගින් ඔය වගේ ප්‍රශ්නවලට ඉතා හොඳ පිළිතුරක් දී තිබෙනවා, “ ධම්ම පදයේ – සුඛ වග්ගයේ “ දැක්වෙන එම (204 වෙනි) ගාථාව මෙසේයි.

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං

මෙහි තේරුම, උතුම්ම ලාභය නිරෝගී කමයි, සතුට උසස්ම ධනයයි. ලොවේ හොඳම නෑයා (ඥාතියා) විශ්වාසයයි. නිවන උතුම්ම සැපයයි යන්නයි. මේ අදහස එදාට වගේම මෙදාටත් ඉතා වලංගු කාරණයක්. Read More

(26) සිත ‍ලෙඩවන හැටි

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහ නායක හාමුදුරුවනේ,පුදබිමටත් – යුදබිමටත් බුදුදහම සිත නිවන ඔසුවක් ද?

ඔව්. බුදුදහම මූලිකවම සිතත් එක්ක සබැඳුණ දර්ශනයක්. මේ අනුව, චණ්ඩාශෝක, වැන්නන් ධර්මාශෝක කිරීමටත්,අංඟුලිමාල වැනි මිනීමරුවන් රහත්භාවයට යොමු කිරීමටත් පුළුවන් වුණා. අද වුණත්, යුද බිමේ හුඟ දෙනෙක් බුදුදහමෙ සිත නිවන ගුණය පසක් කර ගෙන තිබෙනවා. බුදුදහම අදහන බ්‍රිතාන්‍ය හමුදා භටයින්ගේ සංඛ්‍යාව පවා පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් වැඩි වෙලා. ඒ බව ‘ලන්ඩන් ඩේලිමේල්’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් මඟින් අනාවරණය කර තිබුණා. 2005 වසරෙදී 200 ක් පමණ වූ එම පිරිස මේ වන විට 3,800 ක් දක්වා වැඩී වී ඇති බව එහි දැක්වෙනවා. ඊට අමතරව ඇමරිකානු යුද සෙබලුනද 4000 ක් පමණ බුදුදහම වටා එකතු වී සිටිනවා. Read More

(27) පංච සම්පත් ලැබෙන්නේ ඇයි ?

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහ නායක හාමුදුරුවනේ,මනසින් උසස් මනුෂ්‍යයෙක් වීම හා මනුෂ්‍යාත්මයක් ලැබීම කොතරම් දුර්ලභ කාරණයක් ද ?

අපේ බුදු හාමුදුරුවෝ ‘ ධම්ම පදයේ – බුද්ධ වග්ගයෙහි’ 182 වෙනි ගාථාවෙන් මේ පිළිබඳව විස්තර කර තිබෙනවා. උන්වහන්සේ බරණැස් නුවරදී ඒරකපත්ත නාරජුන් අරබයා කළ එම පැහැදිලි කිරීම මෙබඳුයි.

“ කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්චං මච්චාන ජීවිතං ….”

යන්නෙහි අදහස, මෙලෙස මිනිසත් බව ලැබීම, මනුෂ්‍ය ආත්මයක් ලැබීම අපහසුයි, මිනිසුන්ගේ දිවි පැවැත්ම ද අපහසුයි, එමෙන්ම සද්ධර්මය ඇසුරු කිරීමට ලැබීම හා බුදුවරුන්ගේ පහළ වීමද දුර්ලබ වන බවයි. Read More

(28) දැනුම දියුණු කිරීමෙන් මනස දියුණු වෙයි ද?

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහ නායක හාමුදුරුවනේ, ‘මනසක්’ ඇත්තේ මනසින් උසස් මිනිසුන්ට පමණක් ද?

නැහැ. ‘මනස’ කියන එක මිනිස්සුන්ට පමණක් සීමා වූවක් නොවෙයි. දේව, භූත ආදී විවිධ (සූක්‍ෂම) ජීවිත ගත කරන්නන්ටත් මනසක් තිබෙනවා. හැබැයි මනුෂ්‍යයන්ගේ මනසේ මහිමය ඒ කිසිදු ජීවී කොට්ඨාසයකට සම කරන්නට බැහැ. උතුම් බුද්ධත්වය, නිර්වාණය අවබෝධ කර ගැනීමට හා ධ්‍යාන වඩා උසස් බඹලොව ඉපදීමට පවා මනස දියුණු කිරීමෙන් අපට පුළුවන්. සියලු සක්වළෙහි ම මිනිස් සිතට කළ නොහැක්කක් නැහැ කියලා කිව්වේ ඒ නිසායි.

සක්වළ වෙසෙන පෙනෙන නොපෙනෙන හා උපන් නූපන් සියලු සත්ත්වයන්ටම නොදෙවෙනි මනසක් මිනිසාට පවතිනවා. මඩ තැවරුණු මැණිකක් කපා ඔප දමා පිරිසුදු කළාට පසු බබළනවා, දිදුළනවා වගේ මනසත් ආධ්‍යාත්මිකව පුබුදු කර ගැනීම කළ යුතු වෙනවා. නූතනයේ සිදු වෙන්නේ, මනස දියුණු කරනවාය කියලා දැනුම වර්ධනය කර ගැනීමක් පමණයි. Read More

(29) සසර පැවැත්ම හා ජීවන රටා

Posted by | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහානායක හාමුදුරුවනේ,ඉතා සියුම් දිලීර වර්ග සහ ශුද්‍ර ජීවින් කියන්නෙත් සසර පැවැත්මේ (ජීවයේ) ප්‍රාරම්භක අවස්ථාවක් ද?

දැන් අපට පෙනෙන නොපෙනෙන ශුද්‍ර ජීවින් හා විවිධ දිලීර වර්ග ගණන් කරන්නට බැරි තරම්, කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ලොව පුරා හමුවෙනවා. එලෙස අලුතින් බිහි වෙමින් ක්‍රමිකව විවිධ අවස්ථාවන්ට ගමන් කරනවා. හැබැයි මේ ක්‍රියාවලිය බොහොම හෙමිහිට සිදු වන්නක්. මනුෂ්‍යාත්මයක් ලැබූ පමණින් එකවර බුද්ධත්වයට පත් වෙන්නේ නැහැනේ. ඒ සඳහා කල්ප ලක්‍ෂ ගණන් විවිධ අවස්ථාවන්ට මුහුණදෙමින් පාරම් දම් සම්පූර්ණ කරමින් යා යුතුයි. පරිපූර්ණ ජීවි අවස්ථාවකට පත් වීමටත් බොහෝ දේ සම්පූර්ණ වෙන්නට ඕනෑ. උතුම් මිනිසත් බවක් ලැබීම දක්වා වුවත් මේ වගේ මහා දුර ගමනක් අපි සසර ගෙවමින් පැමිණ තිබෙනවා.

මේ විධියට එකජීවිතයකදී ලබාගත් දැනුම හා අත්දැකීම් විනාශ නොවී මතුමත්තෙහි දරා ලැබූ අත්දැකීම් ක්‍රමිකව මිශ්‍ර වෙමින් තවත් දියුණූ විය හැකියි. ඔබ කියු පරිදි සියුම් දිලීර වර්ග හා ශුද්‍ර ජීවි කොට්ඨාස ජීවියේ ආරම්භක අවස්ථාවක් බව නූතන විද්‍යාඥයන් පවා නිගමනය කර තිබෙනවා. නමුත් බුදුදහමට අනුව ජීව මාත්‍රයක් හට ගැණුන පමණින් එය පූර්ණ ජීවි අවස්ථාවක් හෝ ඉනික්බිතිව පුනුරුප්පත්තියක් හෝ ලැබිය නොහැකියි.

එහෙමනම්, බුදුදහමේ දැක්වෙන පරිදි ඒ සඳහා සම්පූර්ණ විය යුතු අංග මොනවාද?

අවිජ්ජා, සංඛාර, නාමරූප, සළායතන, ඵස්ස වේදනා, තණ්හා සහ උපාදාන යන අංග සම්පූර්ණ වුවොත් පමණි. මරණින් මතු උපතක් ලැබෙන්නේ, මෙම තත්වයට (ජීවි අවස්ථාවට) පත් නොවූ ජීව මාත්‍රයන් හා අජීවින් විශ්වයෙහි අපමණ සංඛ්‍යාවක් පවතිනවා. මුහුදු පතුලේ සතුන් ආහාරයට ගැනීමෙන් ජීවත්වන පැලෑටි ආදි පාවෙන විවිධ ස්වරූපයන්ගෙන් සැදුණූ ජීවින් ඇති බව මුහුදු පතුලේ දර්ශන මගින් තහවුරු කෙරෙනවා.

මේ මහ පොළොව මතුපිට වුවද හමුවන විවිධ කෘමි වර්ග අතර පවා මෙවැනි අසම්පූර්ණ ජීවිත එමට (අනන්තවත්) දක්නට ලැබෙනවා. අතට දැනෙන හා ඇසට නොපෙනෙන තිරිසන් සතුන් හෝ මනුෂ්‍යයන් හැර තවත් අපට නොපෙනෙන ජීවයන් ද විශ්වයේ අපමණ සිටිනවා.

විස්මිත විශ්වය සිසාරා

එවැනි ජීවින් අපට ගෝචර නොවීමට බලපාන විශේෂ හේතුවක් තිබෙනවා ද?

ඔව්. එම ජීවින්ගේ ශරීරයන් ඝන නොවූ ආලෝකය විනිවිද ගමන් කරන ප්ලැස්මා හා තවත් ඊට බොහෝ සියුම් වූ පදාර්ථවලින් නිර්මාණය වී තිබීම නිසා අපට එවැනි ජීවි කොයස් බොහෝ විට පෙනෙන්නේ නැහැ. මෙලෙස අපගේ දෘෂ්ටියට හසුනොවන්නා වුද, තිරිසන් ආදි විවිධ ජීවිත ගත කරන්නා වූද, මිනිස් ජීවිත ගත කරන්නා වූ ද අපමණ වූ ජීවි සංඛ්‍යාවක් මේ සක්වළ පුරා පැතිර පවතිනවා.

නොපෙනෙන ජීවියෝ

දේව,භූත ආදි ජීවින් වුවත් මේ අතර සිටින්නට බැරිද?

ඔව්. ඔවුන් දරන තත්වයට අනුව භූතාත්මයෝ, පේ‍්‍රතයෝ, දේවදූතයෝ, දෙවියෝ හා බ්‍රහ්මයෝ යනාදි ජීවින් පවා සිටිය හැකියි.ඇතැම්විට පෘථිවිය ඇසුරු කරගෙන සිටින මෙවැනි අයගේ සිරුර මැදින් වුවත් අප ගමන් කරන අවස්ථා තිබෙනවා. නමුත් වාතයෙන් හා ආලෝකයෙන් පිරී ඇති තැනකින් ගමන් කරන විට එවැන්නක් සිදු වුවත් අපේ ශරීරවලට ස්පර්ශයකින්වත් එය නොදැනෙන්නට පුළුවන්.

ගන්ධබ්බ කායික දෙවියෝ

එතකොට, ගන්ධබ්බ කායික දෙවිවරු කියලා බුදුදහමේ විස්තර වෙන්නේ කවර ජීවි පිරිසක් පිළිබඳවද?

ගන්ධබ්බ කායික දෙවිවරු කියන්නේ සුවඳට අරක්ගත් පිරිසකටයි. ගස්වල මුල් සුවඳට (මූලගන්ධ) අරටු සුවඳට (සාරගන්ධ) ඵලයේ සුවඳනට (ඵෙග්ගුගන්ධ) පොතු සුවඳට (පපටිකා ගන්ධ) කොළ සුවඳට (පත්ත ගන්ධ) මල් සුවඳට (පුෂ්ප ගන්ධ) යුෂ සුවඳට (රස ගන්ධ) හා සුවඳෙහි සුවඳට (ගන්ධ ගන්ධ) වශයෙන් ඒවාට අරක්ගෙන (අධිගෘහිතව) සිටින්නේ මෙවැනි දෙවිවරුයි. සතරවරම් දෙවියන් අතරින් ධෘතරාෂ්ට්‍ර දෙවියන් තමයි,මේ ගන්ධබ්බ කායික දෙවිවරුන් අධිපතියා වෙන්නේ.

වැසි වැසීමේ හේතු අට

රතු, කහ, හා කළු ආදි අමුතු වැසි වසින අද දවසේදී ‘වලාහක කායික දෙවිවරු’ පිළිබඳවත් විශේෂයෙන් කෙටියෙන් හෝ දැන ගැනීම වටිනවා. මෙලෙස වලාහක කායික දෙවිවරුන් කියන්නේ කාටද?

‘වලාහක කායිකෙ වො භික්ඛවෙ දෙසිසසාමි තං සුණාථ….” යනුවෙන් සීත වලාහක, උණ්හ වලාහක, අබ්බ වලාහක,, වාත වලාහක හා වස්ස වලාහක යනුවෙන් දෙවිවරු කොට්ඨාස පහක් වෙසෙනවා.මේ අය අතරින් ඔබ ඇසූ වැස්ස වලාහක දෙවියන් හා බැදුණූ බණ කථා සංයුක්ත නිකායේ බොහෝ සූත්‍ර දේශනාවල විස්තර වෙනවා. නමුත් වර්ෂාව ඇතිවන්නේ, වැස්ස වලාහක දෙවියන්ගේ බලයෙන් පමණක්ම නොවෙයි.

වර්ෂාව ඇතිවීමට බලපාන හේතු අටක් (08) ගැන බුදුදහමේ දැක්වෙනවා. 1.දේවතානුභාවය, 2.ඉද්ධිබලය, 3.මාරාචත්තනය 4.සච්චකිරියානුභාවය 5.උතුසමුට්ඨානය 6.නාගානුභාවය 7.සුපණ්ණානුභාවය සහ ලෝක විනාශකර මහා මේඝය එම කරුණු අටයි.

විඳින විඳවන ජීවය

ඒ වගේම, මේ කියපු සියලු ජීවින්ගේ ජීවන ස්වරූපය අනුවත් ඔවුන්ව බුදුදහමේ කොටස් හතරකට බෙදා දැක්වෙනවා නේද?

ඔව්.ඒකාන්ත දුක්ඛ,ඒකාන්තසුඛ, දුක්ඛ බහුල හා සුඛ බහුල වශයෙන් සියලු සත්වයන්කොටස් හතරක (04) ට අයත් වෙනවා.

නොකඩවා මුළු ජීවිත කාලය පුරාම දුක් විඳින සත්වයින් ‘ඒකාන්ත දුක්ඛ’ ගණනයට වැටෙනවා. ඊඟාවට වැඩි කාලයක් දුක් විඳිමින් ගත කරන හා අතරින් පතර (ඉඳහිට) සැප විදිනසත්වයින් ‘දුක්ඛ බහුල’ ගණයට අයත් වෙනවා. බොහෝ විට තිරිසන් සතුන්ගේ ජීවිත මේ ගණයට අයත් බව පෙනෙනවා. මීට අයත් වන ජීවිත ගක කරන මනු්‍යයින් වුවත් නැතුවාම නොවෙයි. අපට නොපෙනෙන භූතාත්ම ගත කරන්නන්ද මීට ඇතුළත් වෙනවා.

වැඩි කාලයක් සැප විඳින එහෙත් අතරින් පතර දුක් විඳින මනුෂ්‍ය ආදි සත්වයෝ ‘සුඛ බහුල’ ගණයට වැටෙනවා. මිනිසුන්ට අමතරව පහත ශ්‍රේණිවල (අල්පේශාක්‍ය) ඇතැම් දෙවියන් ද මෙම ගණනයට ඇතුළත් වෙනවා.

එයින් මතු, දුකක් නොවිඳි ජීවිත කාලයම සතුටින් ගත කරන උසස් (මහේශාඛ්‍ය) දෙවිවරු හා බ්‍රහ්මයෝ ‘ඒකාන්ත සුඛ ‘ ගණනයට අයත් වෙනවා.මේ අතින් බලනවිට මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම තුළ අපට විවිධාකාර අත්දැකීම් බොහොමයක් විඳ ගැනීමේ විශේෂ වාසනා ගුණයක් හිමි වී තිබෙනවා.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.