
මහ නායක හාමුදුරුවනේ, ‘ප්‍රේතවත්ථුවේ’ සහ ‘විමානවත්ථුවේ’ විග්රහ වෙන්නේ මොනවාද?
යහපත් ක්‍රියාවන්ට යහපත් ප්‍රතිඵල ලැබූ අයුරු ‘විමානවත්ථුවෙනුත්’, අයහපත් ක්‍රියාවන්ට අයහපත් විපාක ලැබුණු අන්දම ‘ප්රේතවත්ථුවෙනුත්’ විග්රහ වෙනවා. මේ සසර ගමනේ දී ඔබ අප විසින් සිදු කරනු ලබන විවිධ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා ඇතිවීම ස්වභාවිකයි. ඒවා අපිට නිල ධන බලයෙන් හෝ නීති රීති තීන්දුවලින් හෝ නවත්වන්න බැහැ.
මේ විධියට තමන් කරන කියන දේවල් අනුව, තම තමන්ට අත්වන ඉරණම් පිළිබඳව එමගින් මඟ පෙන්වා දීමක් කෙරෙනවා. ලොව සිදුවන සෑම දේකටම නිශ්චිත ප්‍රතික්‍රියාවක් පවතින බව නවීන විද්‍යාවෙනුත් පෙන්වා දෙනවා. මේ අනුව, යහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් දිව්‍ය සම්පත් ලැබීමටත්, අයහපත් ක්‍රියා කිරීම හේතුවෙන් ප්‍රේතාත්මවල නරාදුක් විඳීමටත් මඟ සැලසෙනවා. Read More