
මහානායක හාමුදුරුවනේ ,බොහෝ දෙනෙකුට මරණය ගැන බියක් ඇතිවෙන්නේ, ඔවුන් නොසිටීමෙන් මව්පිය දූදරු සහෝදර ආදි තම සමීපතමයන්ට දුකක් කරදරයක් වෙතැයි සිතීම නිසා නේද?
එසේ තමන්ගේ අභාවයෙන් පසු තමන් පණ මෙන් සෙනෙහස දක්වන අයගේ ජීවිත අඳුරු වෙතැයි සිතීම අනුවණකමක්, ඉන්පසු ඔවුන් තවදුරටත් හොඳින් ජීවිත සකසා ගෙන සුවෙන් සැපෙන් සිටින අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. කර්මවාදීන් එය පෙර කර්මය (පින) ලෙසත්,දේවවාදීන් එය දේව කැමැත්ත ලෙසත්, තර්ක භෞතිකවාදීන් එහි උත්සාහය ලැබීම වශයෙනුත් හඳුන්වනවා. මෙලෙස කුමන නමකින් එය හැඳින්වුවත් එහි ඇති බලය තම තමන් සසරේ කර ඇති විපාක උපකාරක ශක්තියයි. Read More