Category

සක්වළ සක්මන… ( Sakwala sakmana )

(30) සසර දකිමු

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහා නායක හාමුදුරුවනේ,බුදු දහමට අනුව මේ සියලු සත්ත්වයන් සසරෙහි කොපමණ කාලයක් මෙලෙස සැරිසරනවාද?

කවදා හරි සත්‍යාවබෝධ වී නිවන් දකිනතාක් කල් ඒ සත්වයාට මේ සසරේ සැරිසැරීමට සිදු වෙනවා. ඒක මෙපමණ කාලයක් පමණයි කියලා නිශ්චිතව දක්වන්නට බැහැ. අපේ බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව මෙසේ දේශනා කොට වදාළා.

අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ
පුබ්බා කෝටි න පඤ්ඤායතී….” යනුවෙන්.

එමඟින් පැහැදිලි කළේ ‘මහණෙනි, මේ සසර නොපෙනෙන මුල් (ආරම්භක) කෙළවරක් අනන්තයි කියලයි. එනම් මේ සසරෙහි ආරම්භය හෝ අවසානය හෝ නොපෙනෙන තරම් ඉතා ඈතට දිවෙනවා. Read More

(31) සසර පුරා අතැර නොයන ආත්මීය ආදරය

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහනායක හාමුදුරුවනේවිඥානය සමග එකට බැඳී ආදරයත් සංසාරයේ අඛණ්ඩව පෙරට ගමන් කරනවාද?

ඔව්. ආදරයත් පංචස්කන්ධයට මිශ්‍රව සසර දිගට ම ගමන් කරනවා. පංචස්කන්ධයන්ගේ පැවැත්ම නතර වනතුරු ගමන් කොට එතැනින් ආදරයත් නතර වෙනවා.

‘ථෙරී අපදානයෙහි’ විස්තර වන පරිදි, සිද්ධාර්ථ – යශෝධරා දෙපළගේ ආදරයත් මේ විධියට සිද්ධවෙලා තිබෙනවා.එනම්, යශෝධරාවන් සසරේ අපමණ ජීවිත ගණනක බෝසතුන් සමඟ සෙවනැල්ල වගේ ගමන් කරමින් ආදරණීය භාර්යාව වුණා. Read More

(32) සාගර පරදන ආදර සිතිවිලි

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහානායක හාමුදුරුවනේ, ‘ආත්මීය ආදරය’ සඳහා හේතු වන කාරණා පිළිබඳව බුදු දහමේ විස්තර කෙරෙන්නේ, කොහොමද ?

දැන්, පුද්ගලයන් අතර තදනන්තර ආදරයක් (සිතිවිලි අතර බැඳීමක්) ඇතිවීමට බලපාන කරුණු රැසක් තිබෙනවා. එයින් ප්‍රධාන වන කරුණු දෙකක් ගැන අපේ බුදු හාමුදුරුවෝ මෙසේ දේශනා කොට වදාළා,

පුබ්බේව සන්නිවාසේන – පච්චුපන්න හිතේනවා.. යනුවෙන්.

 1. පෙර ආත්ම ( ජාති ) යේදී එකට සිටීම

2. මේ ආත්මයේදී කිසියම් උපකාරයක් කිරීම යන ආදී හේතු නිසා කෙනෙකු තුළ ප්‍රසාදයක්, ප්‍රිය මනාප බවක්, හිතෛෂීත්වයක් හා ළබැඳියාවක් ඇති වෙනවා. මෙවැනි ධනාත්මක සිතිවිලි ඇතැම් විට ආදරයක් බවට පෙරළෙනවා. මෙලෙස උපදින ආදර බැඳීම්, රාගාධීව හටගන්නා තාවකාලික බැඳීම්වලට වඩා හැම අතින්ම ප්‍රබලයි. ඒ වගේම අව්‍යාජයි. ඒ නිසා මෙබඳු ආදර බැඳීම් බොහෝ කාලයක් තිරසාරව පවතිනවා. Read More

(33) සක්වළ එතෙරට ඇසෙන සෙනෙහසේ වෙනස

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහ නායක හාමුදුරුවනේ, සිය දරුවන් පිළිබඳව මවකගේ සිතේ පවතින්නේ සෙනෙහස ඉක්මවා ගිය මෛත්‍රී සිතිවිල්ලක් ද? 

ඔව්. බොහෝවිට දරුවෙකු අරමුණු කොට මවකගේ සිතෙහි ඇතිවන සෙනෙහස වඩා නැඹුරු ප්‍රේමය පැත්තට නොව මෛත්‍රිය පැත්තටයි. සිතක මෛත්‍රිය දියුණු කළ යුතු තත්ත්වය බුදුහාමුදුරුවෝ පැහැදිලි කොට වදාළේ,

“එක පුතකු ඇති මවක යම්සේ ඔහු ගැන සිතයි නම්, එම පමණට මෙත්තාව (මෛත්‍රිය) වැඩිය යුතුය” යනුවෙනුයි. භාග්‍යවතුන් වහන්සේ ද එය මෙත්තාවට ආසන්න කොට සළකා ඇති බව එමඟින් පැහැදිලි වෙනවා. Read More

(34) නුපුරුදු අය සුපුරුදු අය ලෙස පෙනෙන්නේ ඇයි?

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහනායක හාමුදුරුවනේ, එදිනෙදා ඉඳහිට හමුවන සමහර නුපුරුදු අය දැක සුපුරුදු අය ලෙස පෙනෙන්නේ ඇයි?

දැන් යම්කිසි සිතක හට ගන්නා මනෝභාවයන් මේ ජීවිත කාලයේදි යළි යළිත් හට ගන්නවා වගේ .මතු ආත්මභාවලදීත් ඇති වෙනවා.පෙර ආත්මවලදී ඊට සම්බන්ධ වූ අරමුණු හෝ ඒවාට සමාන අරමුණු හමුවීමෙන් එම මනෝභාවයන් ඉක්මනින් හා වේගවත්ව උද්දීපනය වෙනවා.

මේ අනුව, එක ජීවිතයකදී තමා සමග ආදරයෙන් බැඳී සිටි කෙනෙකු නැවත ජන්මයකදී හමු වූ විට පෙර පැවැති සුහදබව හා ළබැඳිබව යළිත් පිබිදෙනවා. බොහෝ විට, එවැනි සමානකම් ඇති වෙනත් කෙනෙකු දැකීමෙන් වුවත් සුපුරුදු ලෙස පෙනෙන්නට පුළුවන්. මෙය වළකා ගැනීමට අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය දක්වන ප්‍රතිචාරය උපකාරී වෙනවා. Read More

(35) සසර සරණ ආදර බැදීම්

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහ නායක හාමුදුරුවනේ, ආත්මීය ආදරය පිළිබඳ පුවත් බුදුදහමේ සඳහන්වන්නේ නැද්ද? 

අපොයි ඕන තරම් තියෙනවා. දැන් අපේ පන්සිය පනස් ජාතක කතා පොතේ වුණත්, කොච්චර නම් කතා තියෙනවාද? බුදුන් දවස විසූ කෝසල – මල්ලිකා රාජකීය යුවළගේ අතීත ප්‍රේමය ගැන කියැවෙන සම්බුලා ජාතක කතාවත් ඊට හොඳ උදාහරණයක්.

කොසොල් රජු පෙර භවයක සොත්ථිසේන රජුව ඉපිද රජකම් කරන අතර ඉතා පිළිකුලෙන් යුතු ඕජස් වැගිරෙන බෙහෙත් නාහන අසාධ්‍ය දරුණු කෘෂ්ඨ රෝගයකින් පෙළෙන්නට වුණා. එදවස මල්ලිකා දේවිය මේ රෝගී සොත්ථිසේන රජුගේ අගබිසව වූ සම්බුලා දේවිය වූවා. Read More

(36) කර්මය හා පුනර්භවය

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහ නායක හාමුදුරුවනේ, අපේ ජීවිතවල සැප දුක පවතින්නේ, අප කළ පින් පව් අනුව ද?

ඔව්. ඒ සඳහා, සසරේ විවිධ ආත්මභාවවලදී අප කළ කී දේ බලපානවා. එහිදී, සිතා මතා කිසියම් ක්‍රියාවක් කළා නම්, එයින් කර්මයක් උපදිනවා. යහපත් ක්‍රියා කර්ම මඟින් සැපතකුත් අයහපත් ක්‍රියා කිරීම මඟින් දුක් කරදර විපත් ආදියත් විඳින්නට සිදු වෙනවා. බුදු, පසේබුදු, මහරහත් ආදි තත්ත්වයන්ට පත් වූ උතුමන්ට පවා මේ ධර්මතාවය බල පැවැත්වෙනවා.

අපේ ගෞතම බුදුරදුන්ට ද බුදු බව ලැබූ පසුවත් විවිධ කරදර සිදුවූයේ මේ නිසායි. ඒ බව ‘අපදාන පාලියෙහි – පිලෝතිකාපදානයෙහි’ විස්තර කර තිබෙනවා. සෘද්ධිමතුන් අතර අගතැන්පත්වූ අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේටත් හොරු කණ්ඩායමකට හසු වී යතුරු සිදුරෙන් පැන ගියද, කරදර පීඩා විඳීමට සිදුවූයේ පූර්ව ආත්මභාවවල කළ අකුසල කර්මයක් හින්දායි. Read More

(37) පුද්ගල විවිධත්වයට සහ සමාජ විෂමතාවයට හේතු කවරේ ද ?

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහානායක හාමුදුරුවනේ, මේ මහා සක්වළේ වෙසෙන ජීවීන්ගේ වෙනස්කම් ඇතිවීමට හේතුව කුමක් ද ?

කම්මං සත්තේ විභජති
යදිදං භීනප්පණීතතා ය …

යනුවෙන් සෑම සත්වයෙකු තුළම විවිධ වෙනස්කම් පැවතීමට කර්මය හේතුවන බව බුද්ධ දේශනාවේ දැක්වෙනවා. මෙලෙස වර්තමානයේ මේ සත්වයන් විවිධ ආත්මභාව ලැබ ඉපදීමට පෙරත්, නොයෙක් ස්වරූපයෙන් ජීවිත ගතකොට කර්ම විපාක රැස්කර තිබෙනවා.

ඒවගේම ඉදිරියටත් මේ සසර ගමනේදී කරන කියන හොඳ නරක කර්ම ශක්තීන් අනුව තවත් අනන්ත අප්‍රමාණ ආත්මභාව ලබනවා. ආත්මභවය, පුනර්භවය හා පුනරුප්පත්තිය ආදි නම්වලින් මෙය හඳුන්වනවා. Read More

(38) කර්මයයි – විපාකයයි

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

 මහ නායක හාමුදුරුවනේ, අප කරන කියන කර්‍ම විපාක අපට යළි ප්‍රති විපාක දෙන්නේ කුමන විධියට ද ? 

සියලු සත්වයෝ ම විවිධාකාරයෙන් කර්ම රැස් කරනවා. ‘ කම්ම ( කර්‍ම ) නියාමය’ ගැන මජ්ඣිම නිකායේ, ‘ මහා කම්ම විභංග සූත්‍රයේ’ ඉතා මැනවින් විස්තර වෙනවා. කර්මය යනු තමා විසින්ම ඇති කරගනු ලබන්නක් මිස වෙනත් කවුරුන් විසින් හෝ ඇති කරනු ලබන්නක් නොවෙයි. තමාගේ විමුක්තිය තමා තුළමයි තියෙන්නේ ඒ හින්දායි සෑම සත්වයකුගේ ම පැවැත්ම තීරණය කිරීමට කර්මය ඉවහල් වන්නෙ. කර්මයෙන් සිදුවන කාර්යයන් හතරක් මෙලෙස දැක්විය හැකියි. Read More

(39) විස්මිත ද? විශ්ව ධර්මතා

By | සක්වළ සක්මන... ( Sakwala sakmana ) | No Comments

මහානායක හාමුදුරුවනේ, සක්වළේ සහ අපේ සසර පැවැත්ම පිළිබඳව බුදුදහමේ විස්තර වන්නේ කොහොමද?

මේ මහා සක්වළ ඇතුළු සකල විශ්වයම ක්‍රියා කරන්නේ කිසියම් ධර්මතාවයකට සහ රටාවකට අනුවයි. සක්වළේ වගේම අපේ සංසාර ගමනේත් එබඳු එක්තරා රටාවක් පවතිනවා. මෙන්න මේ කාරණය වටහා ගැනීමට අපට ‘නියාම ධර්ම’ උපකාරී වෙනවා. මේවාට පොදුවේ අප ‘විශ්ව ධර්මතා’ කියලත් කියනවා. මේ ධර්මතා පිළිබඳව නිවැරැදිව තේරුම් නොගත් අවස්ථාවලදී මේ ලෝකය, අපේ සංසාරය අද්භූතයි, අභව්‍යයි, ගුප්තයි, හරිම අදෘශ්‍යමානයි, විස්මිතයි කියනු ලබනවා. Read More

error: Content is protected by www.ifbcnet.org.