
තවද එක්සමයෙක්හි සංසාරචක්‍ර මථනය කළාවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් එක්තරා දනව්වාසී ස්ත්‍රියක් අරභයා මේ ජාතකය වදාළසේක.
එක්සමයෙක්හි කොසොල්රට තුන් දෙනෙක් එක්තරා වනයක් සමීපයෙහි සීසානාහුය. එකල ඒ වන ඇතුළේ වසන්නාවූ සොරු මන්ෂ්‍යන් අල්වා කොල්ලකාගෙණ ගියෝය. රාජපුරුෂයෝ ඒ සොරුන් සොයා නොදැක ඒ තුන්දෙනා සීසානා තැනට අවුත් තෙපි වනයෙහි හිඳ කොල්ලකාපියාදැයි සී සා ඇවිදුදැයි කියා ගම්කොල්ලෑ කෑ සොරුන් නම් මොහුයයි බැඳගෙණ අවුත් කොසොල් රජ්ජුරුවන්ට පාවාදුන්නය. එකල්හි එක් ස්ත්‍රීයක් අවුත් මට වස්ත්‍රයක් දෙවයි කිවා හඬමින් නැවත නැවත මාළිගාවට ඇවිදින්නීය. රජ්ජුරුවෝ ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා මෑට වස්ත්‍රයක් දෙවයි කීය. එබස් අසා රාජ පුරුෂයෝ වස්ත්‍රයක් ගෙණ ඒ ස්ත්‍රිය සමීපයට ගියෝය. Read More