
තවද එක්සමයෙක් හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරණසේක් එක්තරා දුර්වල භික්ෂූවක් අරභයා මේ ජාතකය වදාළ සේක.
සර්වඥයන් වහන්සේ ඕහට වනාහි වදාරණසේක් මහණ තෝ දුර්වල වූයේ සැබෑදැයි විචාරා ස්වාමීන් වහන්ස සැබවයි දැන්වූ කල්හි මහණ තෝ දුර්වල වූයේ දැන් මතු නොවෙයි පෙරත් දුර්වවූයෙහිය දුර්වවූ බැවින්ම නුවනැත්තන්ගේ වචනය නොකොට සර්ප මුඛයෙන් ජීවිතක්ෂයට පැමිණියෙහි යයි වදාරා ඉකුත් වත් කථාව වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයන් වහන්සේ මහාභොගකුලයෙක්හි ඉපිද වැඩි වයසට පැමින පංචකාමයෙහි ආදීනව හා මහබිනික්මන් කිරීමෙහි ආනිශංස දැක වස්තු කාමයෙන් හැර හිමාලවනයට වැද සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව කිසුණු පිරියම් කොට පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් කල් යවනසේක් මෑත භාගයෙහි මහත් පිරිවර ඇතිව පන්සියයක් තපස්විවරයන් විසින් පිරිවරණ ලදුව ගණශාසතෘව වාසය කරන සේක. Read More