Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

81 භීමසෙන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ලෝකත්‍රයෙහි පතළාවූ කීර්තිඝොෂා ඇති තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් තමහට ස්තුති කරන්නාවු එක්තරා භික්‍ෂුවක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

එක් භික්‍ෂුකෙනෙකුන් වහන්සේ ’’ ඇවැත්නි අපගේ ජාතිය හා සමානවූ ජාතියෙක්නම් නැත, අපගේ ගොත්‍රය හා සමානවූ ගොත්‍රයෙක්නම් නැත, අපගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙති, කසීරට සුවඳවිලවුන් ගල්වති, අපි මහණවූ බැවින් දැන් මෙබඳුවූ රූක්‍ෂ භොජනය අනුභව කරම්හ. රූක්‍ෂවූ සිවුරු වලදිම්හයි ස්ථවිර නවක මධ්‍යම භික්‍ෂූන් සමිපයෙහිදී තමන්වහන්සේගේ මහණ තත්වය කියමින් ජාත්‍යාදීප වශයෙන් මෙරමාහට නින්දාකෙරෙමින් ඇවිදිනාසේක. ඉක්බිත්තෙන් එක් භික්‍ෂූකෙනෙකුන්වහන්සේ මේ භික්‍ෂූහුගේ කුලප්‍රදේශය හා ජාතිගොත්‍රය පරීක්‍ෂාකොට මොහු තමාගේ ප්‍රතාප කියන බව භික්‍ෂූන්වහන්සේ ධර්‍මසභා මණ්ඩපයෙහි රැස්වහිඳ ‛‛ඇවැත්නි අසවල් මහණ මෙබඳුවූ නෛය්‍ර්‍යාණික ශාසනයෙහි මහණව තෙමේ තමහට සතුතිකොට මොරමාහට නින්‍ද්‍රාකෙරෙමින් ඇවිදිනේය. Read More

82 සුරාපාන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි පඤච මාරයන් ජයගත්තාවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ කොසඹෑනුවර නිසා ඝොසකාරාමයයෙහි වැඩවසනසේක සාගත ස්ථවීරයන්වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවර වස්වැස චාරිකා ගමණින් භද්දවතිකා නම් නියම්ගමට පැමිණි කල්හි ගොපල්ලන් අජපාලයන් ගොවින් මගීන් ආදිවූ සත්‍වයෝ සර්‍වඥයන්වහන්සේ දැක වැඳ ස්වාමීනි බුදුරජානන්වහන්ස අඹතීත්‍ර්‍වයට නොවැඩිය මැනව, අඹතීත්‍ර්‍වයෙහි ජටිලයාගේ ආශ්‍රමයෙහි අඹතීත්‍ර්‍ව නම් නාග රාජයෙක් ආශීර්විෂය, ඝොරවිෂය. ඒ නාග රාජයා සර්‍වඥයන් වහන්සේට පීඩාකරන්නේයයි කියා වැළකූය. සර්‍වඥයන්වහන්සේද ඔවුන්ගේ කථාව නොඇසුවාක්හු මෙන් ඔවුන් තුන්යලක් දක්වා වලකමින් සිටියදීම වැඩිසේක. සාගත සථවිරයන්වහන්සේ විසින් නාග රාජයා දමනයෙහි ළූ නියාව සියළු ජනපදයෙහි පතළලෙස කොසඹෑනුවර වාසීවූ සත්‍වයෝ සර්‍වඥයන්වහන්සේට පෙරගමන්කොට නමස්කාරකොට සාගත සථවිරයන් වහන්සේ සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිට මෙසේ කීවාහුය. සවාමීනි යමෙක් නුඹ වහන්සේට දුර්‍ලභ වීනම් ඒ වද්‍රළ මැනව, අපි එය සමූර්‍ඬ කරම්හයි කිවූය. එබස් ඇසූ තෙරුන්වහන්සේ මුවෙන් නොබිණුසේක. Read More

83 මිත්ත වින්‍ද ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි පරහිත නිරතවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් එක් දුර්‍වව භික්‍ෂුකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

මෙහි වර්තමාන කථාව මිත්තවින්‍දක ජාතකයෙහි විස්තර වශයෙන් කියන ලද්දේය.

මේ ජාතකය වූකලී කාශ්‍යල සර්‍වඥයන්වහන්සේ සමයෙහි වන්නේය. එසමයෙහි උරචක්‍රමාලාව උසුලා නරකයෙහි පැසෙන්නාවූ එක් නාරකික සත්‍වයෙක් ස්වාමීනී කෙබඳුවූ අකුසල කර්‍මයෙක් කෙළෙහිදැයි බෝසතානන් අතින් විචාළේය. බෝධිසත්‍වයෝ තා විසින් මේ අකුසල කර්‍මය කරණලදැයි මෙසේ කිවුව. සමුද්‍ර මධ්‍යයෙහි දිවයිනක වෛමාණික ප්‍රේතීවූ දිව්‍යාඞගනාවන් සතරදෙනෙකු දැක එපමණකින් සතුටුනොව මේ යහපත්දෝහෝයි අයහපත්දෝහෝයි කියා ඒ ඒ තැන අධික තෘෂ්ණාවෙන් මතුමත්තේ ගොස් දිව්‍යාඞගනාවන් අටදෙනෙකු ලද්දෙහිය, එපමණකිනුත් සතුටුනොව ඉදිරියෙහි යන්නාවූ තෝ දිව්‍යාඞගනාවන් සොළොස්දෙනෙකුත් ලද්දෙහිය. තවද එපමණකිනුත් සතුටු නොවන්නාවූ තෝ දිව්‍යාඞගනාවන් දෙතිස්දෙනෙකුන් ලද්දෙහිය. Read More

84 අත්‍ථස්සචාර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි සංසාර සාගරයට පසුරක් බඳුවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් කාරණ දැනීමෙහි සමත්‍ර්‍ථවූ එක් කුලපුත්‍රයක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර එක් මහ සම්පත් ඇති සිටානකෙණෙකුන්ගේ පුත්‍රයෙක් සත්ඇවිරිද්දෙහිම නුවණැත්තේය, කාරණා කාරණා දැන්මෙහි සමත්‍ර්‍ථය, එක් දවසක් ඒ කුලපුත්‍රයා පියානන් සමීපයට ගොස් අභිවෘධියට උපායවූ ප්‍රශ්නය විචාළේය, ඒ සිටානෝ ඒ ප්‍රශ්න දැනගත නුහුනුවාහුය. ඉක්බිත්තෙන් ඒ සිටානන්ට මෙසේවූ සිතිවිල්ලෙක් විය. මේ ප්‍රශ්නය ඉතා සූක්‍ෂමය, සර්‍වඥයන්වහන්සේ හැර අනික් කෙණෙක් උඩින් භවාග්‍රය හා යටින් අවීචියෙන් පිරිහුනාවූ මේ ලෝකයෙහි මේ ප්‍රශ්නය කියන්නට සමත්‍ර්‍ථ කෙණෙක් නැතැය’යි සිටානෝ පුත්‍රයා කැඳවාගෙණ බොහෝ සුවඳ මල් ආදිය ගෙන්වාගෙණ ජෙතවනයට ගොස් සර්‍වඥයන්වහන්සේට පූජා කොට වැඳ එකත්පස්ව හිඳ බුදුරජානන් වහන්සේට මෙසේ දැන්වූය, ස්වාමීනී මේ කුමාරයා නුවණැත්තේය, Read More

85 කිම්පක්ක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සියළු ලෝවැඩ කිරීමෙහි සමත්‍ර්‍ඵවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් උකටලීවූ භික්‍ෂුකෙණෙකුන් වහන්සේ අරභයා වදාළ සේක.

එක්තරා කුලපුත්‍රයෙක් බුඬශාසනයෙහි ලැදිව මහණව එක් දවසක් සැවැත් නුවර පිඩුසිඟා ඇවිදිනේ සර්‍වාභරණයෙන් සැරහුණාවූ එක් සත්‍රියක් දැක කෙලශ වසඟව ශාසනයෙහි ඇළුම් නැතිවූයේය. ඉක්බිත්තෙන් ඒ භික්‍ෂුව ආචාරී උපාඬ්‍යායන්වහන්සේ සමීපයට කැඳවාගෙණ ගියේය. සර්‍වඥයන් වහන්සේ ‛‛සැබෑද මහණ තෝ ශාසනයෙහි උකටලීවූයෙහිදැ’’යි විචාරා සැබව සවාමීනි කීකල්හි මහණ මේපඤචකාම ගුණයෝ නම් පරිභොග කාලයෙහි සිත්කළුවන්නාහ. ඒ පඤචකාම කොටඨාසයන්ගේ අනුභව කිරීම නරකාදී සතර අපායෙහි ඉපිද මහදුක් දෙන බැවින් කීම්ඵල නම් විෂඵල අනුභවකිරීම හා සමාන වන්නේය, කිම්ඵල නම් වර්‍ණයෙන් ගන්‍ධයෙන් රසයෙන් සමුර්‍ඬය, අනුභව කළකල්හි වනාහි අතුනුබහන් සිඳ ජීවිතක්‍ෂයට පමුණුවන්නේය, පෙරත් බොහෝදෙන ඒ ඵලයෙහි ද්‍රෙෂ නොදැන වර්‍ණ ගන්‍ධ රසයෙහි බැඳී ඒ ඵලය අනුභවකොට ජීවිතක්‍ෂයට පැමිණියෝ වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වද්‍රළසේක. Read More

86 සීලවිමංස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සීලසමාධි ප්‍රඥාවෙන් යුක්ත වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වැඩවසනසේක්, සිල් පරීක්‍ෂාකරන්නාවූ බ්‍රාහමණයෙකු අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ බ්‍රාහමණ තෙමේ කොසොල්රජ්ජුරුවන් නිසා ජීවත්වන්නේය, තිසරණ ගතය, අඛඬපචසීලය. රක්‍ෂාකරන්නේය, වෙදත්‍රයෙහි පරතෙරට පැමිණියේය. රජ්ජුරුවෝ මේ තෙමේ සිල්වතැයි ඕහට අධිකවූ සත්කාර සම්මාන කෙරෙති. ඉතා ගරුකොට සලකති, එකල බ්‍රාහමණයා මෙසේ සිතීය, කිමෙක්ද මේ රජ්ජුරුවෝ මාගේ ජාතිකුල ප්‍රදෙස සමුර්ධිය නිසා මට සත්කාර සම්මාන කරණසේක් ද්‍රෝහෝයි නොහොත් සීලසමුර්ධිය නිසා සම්භාවනා කරණසේක් ද්‍රෝහෝයි එසේ හෙයින් මා පළමුකොට පරීක්‍ෂාකොට පුව මනාවේ දැයි සිතා ඒ බ්‍රාහමණයා එක්දවසක් රජ්ජුරුවන්ට සේවයට ගෙට යන්නේ එක්වන්නකු පුරුෂයෙකුගේ පෝරුවෙන් නොකියා එක්කහවණුවක් ඇරගෙණ ගියේය, ඒ දැක වන්නක්කා බ්‍රාහමණයා කෙරෙහි ගරුත්‍වයෙන් කිසිවක් නොකියා උන්නේය. Read More

87 මඞගල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සඬර්‍ම චක්‍රවර්තිවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක්. එක් වසත්‍ර ලක්‍ෂණ දන්නා බ්‍රාහමණයෙකු අරභයා මේ ජාතකය වද්‍රළසේක.

හේ කෙසේ ද යත්,

රජගහනුවර වසන්නාවූ එක්තරා බමුණෙක් දුටුදෙය ඇසූදෙය මගුලැයි ගන්නාලද ලබ්ධිඇත්තේ බුඬාදී රත්නත්‍රයෙහිලා අප්‍රසනනය, ද්‍රඪමීථ්‍යා ලබ්ධි ඇත්තේය, ඒ තෙම රාජපාක්‍ෂිකය, බොහෝ සම්පත් ඇත්තේය, බොහෝසේ උපභොග පරිභොග ඇත්තේය, තවද ඒ බ්‍රාහමණයාගේ සුමුගක් තිබුණු අනර්‍ඝවූ පිළිසඟලක් මීයන් විසින් කණ ලද්දේවිය, නැවත එක් දවසක් ඒ බ්‍රාහමණයා ඉස් සෝද්‍ර නහා අඳින පිළි ගෙණවයි කී කල්හි ඔහුගේ අතවැසියෝ අඳිනා පිළිසඟල මීයන් කෑ නියාව ඕහටකීහ, බ්‍රාහමණතෙම එකල මෙසේ සිතුයේය, මීයන් කාපු මේ පිළිසඟලක් ගෙයි තිබුයේ වී නම් මහත්වූ විනාශයට පැමිණෙන්නේය, මේ පිළිසඟලක් ගෙයි තිබීම අවලක්‍ෂණය අශ්‍රීකය, තවද මේ පිළිසඟල මාගේ ගෑණු පිරිමි දරුකෙණෙකුන්ට යොග්‍ය නොවන්නේය, දැසිදස් මෙහෙකරුවන්ට දෙන්ටත් නොනිසිවන්නේය, කුමක් නිසා ද යත්? යම් කිසි කෙණෙකුන්ට මේ පිළීසඟල දුනහොත් උන්ට මහවිනාශ වන්නේය. Read More

88 සාරම්භ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ත්‍රෛලෝක්‍ය ප්‍රදීපායමානවූ ගෝතමගොත්‍රයෙහි උපන්නාවූතිලෝගුරු සම්‍යක්සමබුදුරජානන්වහන්සේ එක්සමයෙක්හි සැවැත්නුවර නිසා ජේතවන මහවිහාරයෙහි වැඩවසනසේක්. මුසාවාද ශික්‍ෂාපදය අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යතහොත්? නාමගොත්‍රයෙන් අප්‍රසිඞවූ එක්තරා භික්‍ෂු කෙණෙකුන්වහන්සේ ලජ්ජා ප්‍රීයසිලීවූ සෙසුභික්‍ෂුන්වහන්සේට ජාතිකුල ප්‍රදෙශාදීන් ඝටා ආක්‍රොශ දොඩනසේක. බණිනසේක. එසේ උන්වහන්සේ කියන්නාවූ වචනය සෙසු සබ්‍රම්සරුන්වහන්සේ අසා එපවත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ඒ භික්‍ෂූන්වහන්සේ ගෙන්වා සැබෑද මහණ ලජජාප්‍රියසීලි භික්‍ෂූන්වහන්සේ විසින්ම සැබවයි සවාමීනි දැන්වූකල්හි එමබල මහණ පරුෂ වචනය නම් මනුෂ්‍යයන්ට තබා තිරිසනුන්ටත් අප්‍රිය දෙයකැයි වදාරා මේ ජාතක ධර්‍මමදේශනාව දක්වා වදාළසේක. Read More

89 කුහක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි තුන් ලොවට චිතතාමාණික්‍යයක් බඳුවූ අප තිලෝගුරු බුදුරජානන්වහන්සේ සැවැත් නුවර නිසා ජෙතවන මහවිහාරයෙහි වැඩවසනසේක් කොහොන් තපස් රකීනාවූ එක්තරා භික්‍ෂුන්වහන්සේ කෙණෙක් අරභයා මේ ජාතකය වදාළසේක. මෙහිලා කුහක වස්තුව උද්දාළ ජාතකයෙහි කියනලද්ද හා සමාන වන්නේය.

හේ කෙසේදැයි යතහොත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණකල්හි එක්තරා කුඩාගමක් නිසා කොහොන්තපස් රකිනා එක්තරා ජටාධර තාපසයෙක් වසන්නේය, එක්තරා කෙළෙඹි පුත්‍රයෙක්ද ඔහු කෙරේ ප්‍රසන්නව වනයෙහි ඕහටපන්සලක්කරවාදී මධුරවූ අන්නපානාදියෙන් නිරන්තරයෙන් උපසථානකරන්නේය, එකල්හි ඒ කෙළෙඹි පුත්‍රයා ඔහු කෙරෙහි පන්සලට ගෙණගොස් එක්තැනක නිධානකොට ස්වාමීනි මේ බැළුව මැනවයි කියා තාපසයන්ට භාරකොට ගියේය, එකල්හි තාපසයෝ තුමු උපාසකයෙනි භණඩපටිසාමනම් තපස්චීවරයන්ට කැප සරුප් නොවන්නේය. අනුන්සනතක වසතුවෙහි අපට තමාලත් ලාභය නූපදින්නේයයි කීහ. Read More

90 අකතඤ‍්ඤුත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද ශාක්‍යකුලකල්පදාමවූ තිලෝගුරු සම්මාසම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා ජෙතවනාරමයෙහි වැඩවසනසේක්. මේජාතකය අනේපිඬු මහසිටානන් අරභයා වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

අනේපිඬු මහාසිටානන්ට පසල්දනව්වැසි එක්තරා සිටානකෙණෙක් අදාෂටමිත්‍රව වාසය කරන්නාහුය, එකල්හි ඒ පසල්දනව්වෙහි උපදනා බඩුයෙන් ගැල්පන්සියයක් බඩුපුරා තමන්ගේ කාරියෙහි නියුකත පුරුෂයන් කැඳවා දරුවනි තොපි හැමදෙන මේ ගැල්පන්සියයෙහි බඩු ගෙන්වාගෙණ ගොස් සැවැත්නුවර අපගේ යාළුවූ අනේපිඬුමහසිටානන් සම්මුඛයෙහි ගෙන ගියාවූ බඩු විකුට ඒ රටින් අපට උවමනා බඩුවක් ගෙනඑවයි විධානකළාහ. ඒ පුරුෂයෝ සිටානන්ගේ බස්ගිවිසගෙණ බඩුගෙන්වාගෙණ සැවැත්නුවර අනේපිඬුමහසිටානන් දැක ඒ බඩු හා පඬුරුත් දක්වාදී තමන් ආ පවතුත් සිටානන්ට කීවාහුය, මහසිටානෝද ඔවුන් දැක අපලඟට තොප හැම ආයේ ඉතා යහපතැයි කියා හිඳිනා නවාතැන් බත් වැටුප් ආදියද දෙවෙව්වාහුය. Read More

error: Content is protected by www.ifbcnet.org.