
තවද විචිතොපවිත පාරමිතා ඇති ගෞතම ගොත්‍ර ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි දිව්‍ය බ්‍රහ්ම ආය්‍ර්‍ය ඊය්ර්යාපථ විහරණයෙන් දවස් යවන සේක්. මේ ජාතක ධර්ම දේශනාව තමන් වහන්සේගේ මහබිනික්මන් අරභයා වදාළසේක.
සර්වඥයන් වහන්සේ දම්සභාමණ්ඩපයෙහි රැස්ව නෛෂ්ක්‍රම්‍ය පාරමිතා වර්ණනා කරමින් වැඩහුන් මහා කාශ්‍යප ස්ථවිර ප්රමුඛ භික්ෂූන් වහන්සේ මඬ්‍යයෙහි පනවන ලද බුඬසනයෙහි යුගඳුරු මුදුනෙහි දිලිසෙන ලහිරු මඬලක් මෙන් සවණක් ඝන බුඬරස්මීන් විහිදුවමින් වැඩහිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා සර්වඥයන්ගේ මහබිනික්මන් වර්ණනා කරමින් හුනුම්දැයි දැන්වූ කල්හි මහණෙනි සර්වඥයෝ දැන්මතු මහබිනික්මන් කළාහු නොවෙති, පෙරත් ගිහියෙ ඇරගොස් මහණ වූවෝ වේදැයි වදාරා භික්ෂූන් විසින් ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. Read More