
සර්වඥ රාජෝත්තමයන් වහන්සේ ජේතවනරාමයේ වැඩ වාසය කරන සේක්. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවඅරභයා මේ ජාතකය වදාල සේක
බුදුරජාණන් වහන්සේ මහාභිනික්මන් කළ නියාව ගැන දිනක් දම්සභා මණ්ඩපයේ භික්ෂුන් අතර උපන් කථාවක් අරභයා මහණෙනි, මේ ජාතියෙහි මෙය පුදුමයක් නොවේ. පෙර නමුහු කළ නුවණැති සමයෙහි පවා රාජ්‍ය හැර මහභිනික්මන් කළෝ වේදැයි ඉකුත් වත වදාල සේක.
යටගිය දවස මියුලු රාජ්‍ය කළ මහාජනක නම් රජ්ජුරුකෙනෙකුන්ට අරිටුජනකය පොලෝජනකය යයි දරුවන් දෙදෙනෙක් වූහ. කල්යාමේදී අරිටුජනක කුමාරුවන්ට යුවරජු තනතුරද පොලෝජනක කුමාරුවන්ට සෙනෙවිරත් තනතුර දී මහාජනක රජ්ජුරුවෝ මියපරලොව ගියහ. එවිට අරිටුජනක යුවරජ්ජුරුවෝ රාජ්‍යයට පැමිණ සෙනෙවිරත්දූරයෙහි සිටි මල් රාජ කුමාරුවන්ට යුවරජ තනතුර දී දැහැමෙන් රාජ්‍ය කරන සමයෙහි එක් ැමාත්යයෙක් අරිටුජනක රජ්ජුරුවන්ට කියන්නේ ස්වාමීනී, ඔබගේ රාජ්‍යය යුවරජ්ජුරුවන් වහන්සේ පැහැර ගැනීමට උත්සාහ කරතියි කියා මුසා කිය බිඳපීය. රජ්ජුවෝ මූ නැවත නැවතත් කියන්නේ සැබවයි සිතා මල් රජ්ජුවන් දඟගෙයි ලැවූහ. Read More