Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

492 චම්පෙය්‍ය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් උපොසථ ශිල රක්ෂණයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් පෙහෙවස් ගකි උපාසක පිරිසක් අමතා උපාසකවරුනි, තොප රැකි ශිලය ඉතායපත පෙර නුවණැත්තෝ මහත්වූ නාග සම්පත්තිය හැරදමා අවුත් උපෝසථ ශිලයම රැක්කෝ වේදැයි ඉකුත් වත වදාළසේක.

යටගිය දවස අඟුරට අඟු නම් රජ්ජුරුවන් රාජ්‍යය කරන සමයෙහි අඟු මගධ දෙරට අතරෙහි චම්පා නම් ගඟක් වුයේය. ඒ යට නාග භවනයෙහි චම්පෙය්‍ය නම් නාග රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කෙරෙති. එසමයෙහි කිසි කලෙක අඟු රජ්ජුරුවෝ මගධ රට ගන්නාහ. මෙසේ කල් යාමකින් දිනක් මගධ රට ගන්නාහ. මෙසේ කල් යාමකින් දිනක් මගධ රජ්ජුරුවන් හා යුධ කොට පැරදී අසකු නැගී දුවනුයේ අඟු රජ්ජුරුවන්ගේ යෝධයන් විසින් ලුහුබඳවන ලදුව දියපිරි ඉතා ගැඹුරු වූ චම්පානම් නදිය ලඟට පැමිණ සතුරන් අතින් මිය යනවාට වඩා මේ නදියට පැන මියයාම යහපතැයි සිති ගඟට පැන්නේය. එවිට චම්පෙය්‍ය නා රජ්ජුරුවෝ නාලොව රුවන් මණ්ඩපයක තම පිරිස සමග මහා පානයක් බොමින් කෙළිමින් හුන් ඉදිරියට වැටුනේය. Read More

493 මහාපලෝභන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සූරා සුරවර මකුට මණිරාජායමාන ශ්‍රිපාද පද්ම ඇති හෙයින් අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සකලජන නයනාභිරාම ජේතවනාරාමයෙහි සතර ආයර්ය බ්‍රහ්ම විහරණයෙන් දවස් යවමින් වැඩ වසනසේක් මේ මහාපලොභන ජාතකය ශිලව්ශුද්ධියෙන් කිළුටුවීමක් අරභයා වදාළසේක.

ඒ කෙසේද යත්,

මෙහි වර්තමාන කථාව යටකියනලද චුල් පලොභන ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. හෙි වනාහි ශාස්තෘවූ බුදුරජාණන් වහන්සේ මෙවෙනි නෛයර්යාණික ශාසනයෙහි පැවිදිව කේලශවසඟයට පිළිපන් මහණ භික්ෂුහු නොකැමකි පරිද්දෙන් ගෙණවුත් තෙසු භික්‍ෂුන් විසින් ආරාධිතවූයේ ඉකුත්වත් දක්වා වදාළසේක. Read More

494 හත්ථිපාල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සුගතයන් වහන්සේ ශ්‍රාවස්තී පුර සමීපයෙහි වූ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්. තමන් වහන්සේගේ මහාභිණිෂ්ක්‍රමයක් අරභයා වදාළ සේක.

නිධාන කථාව දිනක් දම්සභා මණ්ඩපයෙහි මේ ගැන උපන් කථාවක් අරභයා ‍දේසිතය.

යටගිය දවස බරණැස් නුවර දසරාජ ධර්මයෙන් රාජ්‍යය කළ එකායුරී නම් රජ කෙනෙක් වැලි කෙළියෙහි පටන් තමන් හා මිත්‍ර වූ පුරෝහිත බමුණා සමඟ එක්වම වසන්නේය. දෙදෙනාටම දරුවන් නැත. දිනක් පිළිසඳර කථාවෙහි යෙදී උන්නාහු පුරෝහිතයා රජ සැපතෙහි ඇළුණු අපට දරුවෙක් නැත. තොපට පුතනු කෙනෙකුන් උපන්නාහු වී නම් මාසනතත රාජ්‍යයට හිමි වෙති. මට පුතනු කෙනෙකුන් උපන්නාහු වී නම් තොපගේ සමීපතටත් රාජ්‍යයටත් හිමි වන්නාහ. මෙසේ ඔවුන් දෙදෙනා ගිවිස ගත්හ. ටික කලකට පසු පුරෝහිත බමුණා ගමට ගොස් නැවත නුවරට එන්නේ බහු පුත්තික නම් එක් දිළිඳු ගැහැණියක් මග යනවා දුටුවේය. ඈට නිරෝගී දරුවන් සත්දෙනෙක් වූහ. එයින් එකකු අත සිඟා කන කබලද එකකු අත වැද හෝනා කලාල් රෙද්දක්ද ඇත.
පුරෝහිත බමුණා ඈ අමතා එම්බල භද්‍රාව මේ දරුවන්ගේ පියාණෝ කොයිදැයි විචාළේය. ස්වාමීනී මුන්ගේ පියාණෝ මූයයි නියම කෙනෙක් නැත. තී කවර උපායකින් මේ දරුවන් සත්දෙන සොයා ගත්තෙහිද? ඒ දිළිඳු ස්ත්‍රී තොම කීමට කිසි කාරණයක් නොදනී. වාසල් දොර සමීපයෙහි වූ මහත් නුගගසක් දක්වා ස්වාමීනී මේ නුග රුකෙහි අධිගෘහිත දේවතාගෙන් ලදිමි කීවාය. පුරෝහිත බමුණා යහපත තෙපි යවයි ඈ යවා රථයෙන් බැස ඒ නුග ගස මුලට ගොස් අත්තක් අල්ලාගෙන දිව්‍ය පුත්‍රය තොපට රජ්ජුරුවන් ගෙන් කවර නම් අඩුවෙක්ද? දහසක් වියදම් කොට අවුරුදු පතා මහත් වූ පූජාවක් කරවන සේක. රටවැස්සෝ නොයෙක් පූජෝපහාරයන් කරන්නාහ. එසේවූ රජ්ජුරුවන්ට දරුවෙවක් නොදී කිසි පඬුරක් නොදෙන දිළිඳු තැනැත්තියට කමක් නිසා දරුවන් සත්දෙනෙක් දුන් නෙහිද? ඉදින් අප රජ්ජුරුවන්ට පුතනු කෙනෙක් නුද්න්නෙහි වීනම් අදින් සත්වන දිනයෙහි මේ වෘක්ෂය මුලින් උදුරා සුනු විසුනු කොට දමමියි රුක් දෙවියා මෙලෙස භයගන්වා නික්මුනේය.

මෙසේ තමන්ගේ ගෙට ගොස් නැවත දෙවෙනි තුන්වෙනි ආදි වශයෙන් හත්වෙනි දින දක්වා නුගරුක මුලට ගොස් රුක් දෙවියා භය ගන්වා සිටියේය. මෙවිට රුක්දෙවියා සිතන්නේ පුරෝහිතයා කෙලෙසින් රජතුමා දරුවන් නොලද්දේ වීනම්සෙට දවස මා විමන නසන්නේයයි සිතා සතර වරම් රජ දරුවන් ලඟට ගොස් පුරෝහිතයා කී බස් කීයේය. ඔවුන්ගෙන්ද පලක් නොවුයෙන් ක්‍රමයෙන් සාතාගිර හේමවතාදී අටවිසි යක්ෂ සේනාධිපතීන් ලඟටද ගියේය. ශක්‍රදේවේන්ද්‍රයෝ ඊට නිසි පින් ඇති කෙනෙකු බලා දිව්‍යපුත්‍රයන් සතර දෙනෙකු දැක උන් අමතා මිනිස් ලොව සූකාරි රජ්ජුරුවන්ගෙන් අඟමෙසෙුන් කුස පිළිසිඳගන්නට වටන්නේයයි කීයේය.
එකී දිව්‍ය පුත්‍රයෝ සතර දෙනා එබස යහපතැයි පිළිගෙන අපට රජ කුලයෙහි ඉපදීමෙන් හැර පියා පැවිදිව වසම්හයි කීහ. ශක්‍ර දේවෙන්ද්‍රයෝ යහපතැයි උන් අතින් ප්‍රතිඥා රැගෙන රුක් දෙවියාට කීහ. එවිට රුක් දෙවියා අර්ධ ශරිරයෙන් සිට සබඳ පුරෝහිත බ්‍රාහ්මණය, තොපට එක පුතකු නොව පුතුන් සතර දෙනෙකු දෙමියි කීය. බමුණු කියන්නේ මව දරුවන්ගෙන් කම් නැත. රජ්ජුරුවන්ට දුන් මැනව. එසේ අපහසුන නම් රජ්ජුරුවන්ට දෙදෙනෙකු සහ මට දෙදෙනෙකු දුන මැනවයි කීයේය. බමුණ, දරුවන් සතර දෙනම දෙන්නේ තටය. තොප දරුවන් ලබනු පමණක් විනා ඔවුන් කුඩා කලම පැවිදිවන්නේයයි කියා අතුරුදහන් විය. එතැන් පටන් දේවතාවන්ට මහත් පුජා සත්කාර විය.

දිව්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රථම දිව්‍ය පුත්‍රයා පුරෝහිත බැමිණියගේ කුස පිළිසිඳ උපන්නේ හත්ථිපාල කුමාරයෝයයි ඔහුට නම් තබා පැවිදි නොවන පිණිස ඇත්තලයන්ට පාවා දුන්හ. දෙවනි වරට උපන් කුමරා අශ්වපාල නමින් හැදින්වුයේ අස්ගොව්වට භාර දුන්හ. ගෝපාල් නම් තුන්වෙනි කුමරාව ගොපල්ලාටද සතරවෙනි අජපාල කුමාරයාව එළුවන් රකින්නාටද පාවා දුන්හ. ඔහුන් සතර දෙනා වැඩිවිය පැමිනි කල්හි පැවිදි වෙතියි යන බියෙන් තම නුදුරින් සියළුම තපස් වී -වරයන් පිටත් කරවූහ. ඒ කුමාරවරු ඉතා සැඩ පරුෂයහ. වැඩිමල් කුමරා සොළොස් අවුරුදු වු කල්හි මොහු පරික්ෂා කොට රජය දෙමියි කියා රජ්ජුරුවන් හා පිය බමුණා තවුස් වෙසිගෙන සිඟා යමින් කුමාරයන්ගේ ගේ දොරට ගියාය. කුමාරයන් ඔවුන් දෙදෙනා දැක ඉතා ප්‍රීතීයට පත්ව වැඳ එකත් පසව සිට ශාන්ත ඉඳරන් ඇති තපස් වී කෙනෙකුන් අද දිටිමි. මෙහි වැඩ හිදිනු මැනවයි කියා වඩා හිඳුවා වතාවක් කළේය. එවිට පුරෝහිත බමුණා කුමාරයා අමතා පුත හත්ථිපාල කුමාරයෙනි, අපි තපස්වීවරයො නොාවෙමු මේ සූකාරි රජ්ජුරුවන් වහන්සේය. මම තොපගේ පියා වෙමි.

අපි දෙන්ා වෙසි ගෙන තොප පරික්ෂා කරනු පිණිස ආම්හයි කීහ. පියවරුනි, මට රාජයෙන් කම් නැත පැවිදිවෙනු කැමැත්තෙමි. පුත කුමාරය, තරුණ කල රජ වී මහලු වූ කළ තපස් රක්ෂා කරව පියාණනි, මේ රාජ්‍ය සම්පත් නම් සතර දික් කරන සුළු මායා වල්ය. මෙහි ම මෙහොතකදු රැඳෙනු නොකැමැත්තෙමි ව්‍යාධි ජරා මරණාදීවූ මා පසුපස්සෙහි පෙ පෙනී එන්නේ යයි පියා සහ රජ්ජුරුවන් වැඳ අවසර ගෙන පිරිවර සමඟ තපසට නික්මුනේය. ඊටපසු අශ්වපාල කුමාරයන් පරික්ෂා කිරීමට තපස් වෙස්ගෙන ගිය රජ්ජුරුවන් ගේ හා පුරෝහිත බමුණගේ උත්සාහයෙන් නිශ්ඵල කරමින් ඒ කුමාරයාද එසේම අනිත් කුමාරවරුන් දෙදෙනොදැයි හතරදෙනාම මහත් වු පිරිසක් පිරිවරාගෙන ගඟක් අද්දර වාසය කරන්නාහ.
දෙවනි දවස පුරෝහිත බ්‍රාහ්මණයාද පුත්‍ර වියෝගයෙන් හටගත් ශෝකය දරාගනු නොහැක්කේ සියළු සැප හැර දමා පැවිදිවනු කැමැත්තෙමි තොපිහැම කුමක් කරහුදැයි විචාළේය. බමුණො කියන්නාහු නරත ගිනිනම් අපටත් උරුමය අපිද ඔබ කැටුවම ගොස් මහණ වෙමියි කීහ. එසඳ බමුණු අසුකෙළක් වස්තුව බැමිණියටද පාවාදී පිරිවර සමඟ තම පුත්‍රයන් සමීපයට ගොස් පැවිදි විය. දෙවනි දින බැමිණියද ස්වාමියාගෙන් සහ දරුවන්ගෙන් වෙන් වී කුමන සතුටක්ද මම මේ සියල්ල අත්හැර දමා ගොස් පැවිදිවෙමියි තම යෙහෙලියන්ද කැටුව පුත්‍රයන් සමීපයට ගොස් නික්මුණහ. හත්ථිපාල මහා තාපසයන් ලඟ පැවිදි වූ බමුණු බැමිණියන්ගෙන් යොදුනක් තැන් පිරී ගියේය.

පසුදින රජතුමා පුරෝහිත බ්‍රාහ්මණයා කොහිදැයි විචාරා ව්තුව හැර ගපසව ගියායයි කී කල්හි එසේනමි අස්වාමික භාණ්ඩ අපට නොවේදැයි ඔවුන්ගේ සම්පත් ගෙනවුත් රාජාඬගනයෙහි ගොඩ කරන්නට නියම කෙලේය. එවිට රජ්ජුරුවන්ගේ අග මෙහෙසිය සිතන්නේ රජතුමා වස්තු ලෝභයෙන් මුලාව බමුණන් විසින් දුරුකළ වස්තුව තම ගෙට ගෙන්වා ගන්නේය. මෙය උපායකින් නතර කළ යුතුයයි සිතා මස් ගෙනවුත් රාජාඬගනයෙහි දමා දැල් ඇද්දවූවාය. අහසින් ගිය ගිජුලිහිණියෝ මේ මස් දැක වහා එහි අවුත් මස් අනුභවකොට යාමට පිටත් වූ කල තම ශරිරය මහත් වූ හෙයින් දැල් කවුළු වලින් යා ගත නොහී මස් ලොබින් එහිම උන්හ. නුවණනැති ලිහිණි මස් වමාරා දමා ඉන් ගැලවී ගියහ. බිසව ඉන් පක්ෂියෙක් ගෙන රජ්ජුරුවන්ලඟට ගොස් මහරජ, එක් ක්‍රියාවක් බලනු මැනවි.
රාජාඬගනයෙහි මස් කෑමට පැමිණි සමහර ලිහිණි දැල් ඇති නියාව බලා කෑ මස් වමාරා නිරාහාරව දැල් අස්සෙන්පලා ගියහ. ලෝභකම්න් බඩපුරා මස් අනුබවකොට හුනු ගිජුලිහිණි මගේ හස්තයට අසුවිය. ඒපරිද්දෙන් බමුණා වස්තු කාමයන් වමාරා කෙළෙස් නැමති දැලින් ගැලවී ගියේය. ඔබ වහන්සේ වූ කලී ගිජු ලිහිණියන් වමාරන ලද මස් නැවත අනුබව කරන කලක් මෙන් කරන සේක. තෘෂ්ණා වසඟවූ අඥාණ වූ පුදගලයන්ට බුඪාදී උතුමන් විසින් ප්‍රශංසා කරනු ලද්දාහූ නෙවෙති එබස් ඇසු රජතුමා මහත් සතුටට පත්ව බිසවට ස්තුතිකොට සියළු හැර දමා පැවිදිවන්නට වටනේ යයි සිතා ඇමති මණ්ඩලය රැස්කරවා ඇමතියෙනි, මම හත්ථිපාල කුමාරයන් සමීපයට ගොස් පැවිදිවෙමි. කැමති කෙනෙක් රාජ්‍යය කර වයි කීයේය. එවිට ඇමතිවරුද ඔබ වහන්සේ පැවිදිවන්නට යතොත් අපිත් පැවිදිවන්නෙමුයි කියා සිටියහ.

රජතුමා සියළු සම්පත් අතහැර දමා තිස් යොදුනක පැතිර සිටි පිරිස හා ගොස් පැවිදිවූහ. දෙවනි දින බිසවද ඇමති ගණයාගේ භාය්‍ර්‍යාවෙන් සමඟ සියළු වස්තුව අත්හැර දමා ගොස් පැවිදිවූවාය. සෘධි ඇති හත්ථිපාල තාපසයන් වහන්සේ දොළොස් යොදුනක් පැතිර සිටි සියළුදෙනාම රැලෙන හිමාල වනයට ගියසේක. ඔවුන් එහි එන බව දුටු සක්දෙවි රජුගේ නියමයෙන් විස්කම් දෙවිපුතුන් සියළුදෙනාටම ප්‍රමාණවත් පන්සල්ද තවුස් පිරිකරද මවා ගියේය. සියළුදෙනාම සුවසේ මහණ දම් පුරමින් පසුවන අතර බරණැස් නුවර බැලීමට පිට රාජ්‍යයකින් පැමිණි කුමාරවරු හයදෙනෙක් අත්හැරදමා ගොස් තිබු වස්තු දැක තමා කෙරෙහිම කලකිරී ඒ හය දෙනාද හත්ථිපාල තාපසයන් සොයාදෙන ගොස් පැවිදිවූහ. සතිස් යොදුනක පමණ තැන් මහත් පන්සල් අතුරු නැතිව පිරුණෙය. මේ මහා පිරිස අතුරෙන් යම් කෙනෙක් කාමවිතර්‍කාදියක් සිතුහම් හත්ථීපාල තාපසයන් වහන්සේ වහා ඔහු ළඟට ගොස් අවවාදකොට සමාපත්ති උපදවන්නාහ. ඔවුන් අතුරෙන් දෙකොටසෙක් බ්‍රහ්ම ලොකයෙහිද දෙකොටසෙක් කාම ස්වර්ගයේද උපන්නාහ. තපස්වීවරයන්ට අත් පා මෙහෙවරකළ මනුෂයයෝ මිනිස් ලොව උතුම් කුළවල ඉපිද සැප විඳින්නාහ. අවවාදයෙර්‍හ නොපිහිටි අය නරකාදී සතර අපායෙහි ඉපිද දුක් විඳින්නාහ.

එසමයෙහි සූකාරි රජ නම් දැන් සුදෝවුන් රජය. පුරෝහිත බමුණා නම් කාශ්‍යප තෙරුන්ය, අජ කුමරා අනුරු’ තෙරුන්වූ අතර මුගලන්තෙරුන් වුයේ ගෝපාල කුමාරයි, අශ්වපාල කුමාරයා නම් සැරියුත් තෙරුන්ය, හත්ථපාල නායක තාපසයන් වහන්සේ නම් බුදු රජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

495 අයෝඝර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සද්ධර්ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයි දේශනා කරන ලදි. දිනක් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සක්විති රජ සැපත් හැර මහාබිනික්මන් කළ සේ ඉතා යහපතැයි වර්ණනා කරමින් උන් අතර එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, දැන් එය පුදුමයක් නොවෙයි.

පෙර නුමූ කළ නුවණෙහි සිටත් සියළුම සැපහැර අභිෂ්ක්‍රමණය කෙළෙමි වේදැයි වදාරා ඉකුත්වත වදාල සේක.

යටගිය දවස බරණැස රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ බිසව රන්රුවක් සරි පුත්රුවනක් වැදුවාය. ඒ බිසවුන්ට පෙර ආත්මයකදී ස්වාමිපුරුෂයෙක් නිසා වෛර බැඳි ස්ත්‍රියක් පැතුම් බලයෙන් යකින්නියක් වී බලා හිඳ අවසරයක් ලැබ රජගෙට වැද බිසවුන් බලා සිටියදීම කුමාරයා හැරගෙන ලපටි උනගොබයක් කඩාකන පරිද්දෙන් මුරු මුරු යන අනුකරණයෙන් ලේ පෙර පෙරා කා දමා නොයෙක් විකාර පා බිසවුන් බය ගන්වා නික්මුණාය. දෙවන වාරයේද මෙසේම සිදු විය. තුන්වෙනි වරට බිසව ගැබ් ගත් පසු රජ්ජුරුවෝ මහජනයා රැස්කරවා දරුවන් කන යකින්නට මක්කරමෝදැයි විචාළේය. එක් පුරුෂයෙක් බිසවගේ අත්පා වල තල්පත් බඳින්නට කියේය. Read More

496 පඤ්ච පණ්ඩිත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

මෙම ජාතකය සවිස්තරව උම්මග්ග ජාතකයෙහි එන්නේ ය.

නැවත සේනකාදී සතරදෙන යශසට පත් මහෞෂධ පණ්ඩිතයන් කෙරෙහි ඊෂ්‍ර්‍යාකොට ඔහුට කුමක් කරමෝදැයි කුමන්ත්‍රණය කළහ. ඉක්බිති සේනකයෝ අනිත් තුන්දෙනා අමතා කියන්නාහු රජ්ජුරුවන් කෙරෙහි ඔහු බිඳුවා පියන්ට මා උපායක් කියමි. අපි සිව්දෙන ඔහු සමීපයට ගොස් “රහස් නම් කාට කිවහොත් යහපත්දැයි” විචාරම්හ. ඔහු මහා මන්ත්‍රී හෙයින් “කිසිවෙක් හට රහස් කිව නොහැක්කැයි” ඉදින් කීයේ වීනම් එය රජ්ජුරුවන්ට කියා ඔහු බිඳුවමුයි කතිකාකොට සිංහ රජකු සමීපයට යන ජරාවට පත් සිවලුන් සතර දෙනෙකු පරිද්දෙන් පණ්ඩිතයන් සමීපයට ගොස් පණ්ඩිතයෙනි පුරුෂයා විසින් පළමු කොට කුමක් කටයුතුදැයි විචාළහ. සත්‍ය භාවයෙහි පිහිටිය යුතු යයි වදාළ සේක. එහි පිහිටිය උන් විසින් කුමක් කටයුතුදැයි විචාළහ.
වස්තුව සෙවිය යුතුදැයි වදාළසේක. වස්තුව උපයාගෙන කුමක් කටයුතුදැයි පිළිවිස්සාහ. මන්ත්‍රණ උගත යුතුයයි වදාළ සේක. Read More

497 කිංඡන්ද ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සඬර්‍ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් උපාසක වරුන්ගේ පෙහෙවස්රැකීමෙන් අරභයා මේජාතකය වදාළ සේක.

දිනක් බුදුරජාණන් වහන්සේ බණ අසනු පිණිස දම් සභා මණ්ඩපයට පැමිණ පෙහෙවස් රැකී උපාසක වරුන්අමතා පින්වත්තී, තෙපි පෙහෙවස්රැකීමේ විපාකයෙන් බොහෝ යසස් ලද්දාහු වේදැයි වදාරා මේ ජාතකය ගෙනහැර දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර දසරාජ ධර්මයෙන් රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන්ට අල්ස් කන සුළුවූ අධර්මිෂ්ට අධිකරණ නායකයෙක් වූයේ. එක් පොහෝ දිනයෙක්හි රජතෙම ඇමති වාදීන් කැඳවා පින්වත්ති, උපෝසථ ශිලය මාදන් වුයේ දැයි විචාළේය. එදින අධිකරණ නායකයා පෙහෙවස් සමාදන්ව නොව අල්ලස් ගෙන බඩුවිසදා අයුක්ති කොට රාජ සේවයට ආයේ. ඔහු අතිනුත් පෙහෙවස් සමාදන් වූයේදැයි විචාළේ එසේයි පෙහෙවස් සමාදන් වූයේදැයි විචාළේ එසේයි එසේයි පෙහෙවස් සමාදන් වීමියි කියා මාලිගයෙන්බටුයේය. ඔහු සිල්සමාදන් නොවු නියාව දත් එක් ඇමතියෙක් ඇයි? ආචාරණි බොරු කීයේ ඇයි දැයි තින්දු කළේය. Read More

498 කුම්භ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තව ද එක් සමයෙක්හි භක්ති ප්‍රෙමාති භාරාවනත සුරා සුරවර මහොඝයන්ගේ මුදුනෙහි රැඳි කුරුළු කුළු මිණියෙක් සැදුම්ලද ශ්‍රීපාදයන් ඇති කරුණාමණි ප්‍රනානාථවූ සාක්‍යකූල තිලක වූ මාගේ ස්වාමිදරුවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජනනයනරසායන තරුගණොපසොභිත ජෙතවනාරාමයෙහි වැඩවසන සේක්. ශ්‍රොතාපත රසායන වූ මේ කුඹ ජාතකය විශාඛාවන්ගේ යෙහෙලි වූ සුරාපානය කළ පන්සියයක් පමණ ස්ත්‍රීන් අරභයා වදාළ සේකි.

ඒ කෙසේ ද යත්?

අන්‍ධකාරෙන ඔනඬා පදීපං නගවෙසසථ

එක්සමයෙක්හි සැවැත් නුවර රා බී කෙළනා කෙළියක් පිණිස නුවර බෙර ගැසුරුවූහ. එකල්හි විශාඛාවන්ගේ යෙහෙලිවූ පන්සියයක් පමණ ස්ත්‍රීහු තමන්ගේ වල්ලභයන් සැනකෙළි කෙළ ඉක්බිති තුබූ පමණකින් මත්ව යන තරම් තීක්‍ෂණ වූ සුරාවක් සැනකෙළිකෙලුම්හයි සියල්ලෝම විශාඛාවන් සමීපයට ගොස් විශාඛාවෙනි රා බී සැනකෙළි කෙලුම්හයි කීහ. Read More

499 ජයද්දිස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

බුදු රජාණන් වහන්සේ මව් පිය උවටැන් කළ භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද යත්,

දායකයන් පූජා කළ අහාර පාන මවිපිය දෙදෙනාට දෙමින් පෝෂ්‍ය කරණ භික්ෂුවක් දැක සෙසු භික්ෂුහු එම්බා මහණ, දායක යන් දුන් දෙය ගිහියන් පෝෂ්‍ය කිරීම නුසුදුසුයයි නිග්‍රහ කොට බුදුන් හමුවට කැටුව ගොස් එපවත් සැළකළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි, මවි පිය උවටැන ඉතා උසස් ධර්මයෙක පෙර උතුමෝ රජ සිරි හැර ගොස් මව් පිය උවටැන් කළෝ වෙිදැයි ඉකුත්වන වදාළ සේක.

යටගිය දවස කම්පිල්ල දේශයෙ උත්තර පංචාල නුවර දස රාජ ධර්මයෙන් රාජ්‍යය කළ පංචාල නුවර දස රාජ ධර්මයෙන් රාජ්‍යය කළ පංචාල රජහුනේ අග මෙහෙසිය දරු කෙනෙකුන් වැදුහ. පෙර ජන්මයෙහි ඇගේ සැතිරිවූ එක් ස්ත්‍රයක් කෝපයෙන් තොප උපන් ජන්මයෙහි කොප වැදු දරුවන් කන්ට සමත්‍ර්‍ථ වෙම්වයි පතා යකිනිව උපන්නීය. ඈ මේ ආත්මයෙහි වේලාවක් බලා සිට පැමිණ ලේ කැටි කුමරා උදුරාගෙන මැණියන් බලාසිටයදී ගිල දමා ගියාය. දෙවනි තුන්වෙනි වාරයෙහි මෙසේම සිදුවියැයි සතරවෙනි වාරයෙහි වැදු දරුවන් පැහැරගත් කල්හි රාජ පුරුෂයෝ යකින්න ලුබඳවා ගෙන ගියහ. ඈට දරුවා කන්ට ඉඩක් නොලැබ දිය බැස යන සොරොව්වක සැඟවී සිටියාය. Read More

500 ඡද්දන්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්. ලදැරි මෙහෙණින්නක් අරභයා මේ ජාතකය වදාළසේක. සැවැත් නුවර එක් කුල දුවක් පැවිදිව සෙසු මෙහෙනින් නන් සමඟ බණ අසනු පණි ගොසින් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණනේ යුත් බුදුන්ගේ ශරීරය දැ සසර ඇවිදින්නාවූ මාමේ උත්තමයාට කවර ආත්මයක හෝ භාය්‍ර්‍යාව වූයේ දෝහෝයි බලන්නී. එවිටම ජාතිස්මරණ ඥාණය පහළ වී ඡද්දන්ත හසතිරාජව උපන් කාලයෙහි බිරින්දවූ බව දැක ඉතා ප්‍රීතියට පත්ව නැවත තම ස්වාමියාට තමා හිතවත්ව සළකා ඇද්දැයි සිහිපත් කරන්නීය.

යම්තම් දෝෂයක් සිත්හි තබා ඇත් රජ්ජුරුවන්ට සෝනුත්තර නම් වැද්දා ලවා විෂ පෙවූ හීයකින් විදුවා ජීවිත විනාශයට පත් කළා දැක ශෝකය දරා ගත නොහී මහා හඬින් හඬන්ට පටන් ගත්තාය. එවිට බුදුරජාණනන් වහන්සේ සිනහවක් පහළ කොට සිනාසීමට කරුණු කිම්දැයි භික්ෂූන් වහන්සේ විචාරණ සේක්. Read More

501 සම්භව ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි වෘනද්‍රාරකවෘන්‍ද වන්දනීය වරණාරවීන්‍ද ඇති සුඬාචාර සුඬානතඃ කරණ සුඬොදන නන්දන ශ්‍රී සමනතභද්‍ර අප බුදුරජාණන් වහන්සේ විවිධ ගුණ ගණාධාර තපොධනාධිවාස ජෙතවනාරාමයෙහි සතර ආය්‍ර්‍යබ්‍රහමවිහරණයෙන් දවස් යවමින් වැඩවසන සේක්. ශ්‍රවණරමනීය වූ මේ සමභව ජාතකය තමන් වහන්සේගේ ආසාධාරණ ප්‍රඥා පාරමිතාව අරභයා වදාල සේක. එහි වර්තමාන කථාව මහා උම්මග්ග ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය.

යටගිය දවස කුරුරට ඉදිපත්නුවර ධනඤජයකොරව්‍ය නම් රජෙක් දස රාජ දහමින් රාජ්‍යය කරන්නේය. ඒ රජගහ සුචීරතර නම් පුරෝහිත බ්‍රාහ්මණයෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේය. දාන සීලාදී කුශලයෙහි යෙදෙන ඒ රජතෙම එක් දවසක් ධර්‍මම යාග නම් ප්‍රශ්නයක් කල්පනා කොට සුචීරතනම් බමුණානන් අස්නෙක්හි හිඳුවා ප්‍රශ්නය විචාරණුයේ මෙලෙස කියා ආචාරීනි මේ සත්යොදුන් පමණ ඉදිපත් නුවරෙහිද තුන්සියයක් යොදුන් පමණ කුරුරටෙහි ද ඇති සියළු ඓශචය්‍ර්‍යයට පැමිණියෙමි. Read More

error: Content is protected by www.ifbcnet.org.