Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

101 රිතීය පරොසහස්ස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි වීතමෝහීවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වැඩවසන සේක්. පෘථග්ජන ප්‍රශ්නය අරභයා මේ ජාතකය වදාළසේක.

මෙහි වර්තමාන් කථාවත් අතීත කථාවත් ප්‍රශ්නව්‍යාකරණයෙන් යටකියන ලද පරෙසහසස ජාතකය හා සමානවන්නේය. හුදක් මෙහි නුවණැත්තාවූ සත්වයෝ අවුරුදු සියයක් කියනලද වචනයෙහි අර්ථ පරීක්ෂා කරන්නාහුවීනම් එසේ බලා පරීක්ෂාකරන්නාවුත් සත්වයෝ අර්ථයක්වත් දැනගත නොහෙන්නාහුය. එසේහෙයින් යම් සත්වයෙක් කියනලද වචනයෙහි අර්ථය දන්නේවීනම් ඒ එකම නුවණැති පුද්ගලයා උතුම්වන්නේය. මෙසේ මහබෝසතානෝ ආකාශයෙහිම සිට ධර්මදේශනාකොට තපස්වී සමූහයාට ප්‍රශ්නය අවබෝධ කොට බ්‍රහ්ම ලෝකයටම ගියෝය. ඒ තපස්වීවරයෝත් කිසුණු පිරියම්කොට ධ්‍යානලාභීව ජීවිතපය්‍ර්‍යාවසානයෙහි ගොස් බ්‍රහ්මලෝකයෙහි උපන්සේක. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා මේ පරොසත ජාතකය නිමවා වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

102 පණ්ණික ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි අසිත්‍යනුව්‍යංජනයෙන් යුක්තවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. එක් පණ්ණික උපාසකයක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ පණ්ණික නම් උපාසකයා සැවැත් නුවර වැසි සැදෑ ඇති රත්නත්‍රයෙහි ප්‍රසන්නවූ එක් උපාසකයෙක. ඒතෙම අනේකප්‍රකාරයෙන් ඉඟුරු කසා ආදියද තම්පලා ආදීවූ පලාකොල හා ලබුපුසුල් ආදිය විකොට ජීවත්වන්නේය. ඒ උපාසකයාගේ එක් දුවක් ඉතා විශේෂ රූ ඇත්තීය, බැලූබැලූවන්ට ප්‍රසාද එලවන්නීය, ආචාරශීලයෙන් යුක්තය, භය ලජ්ජා දෙකින් සමන්විතය, හුදක් හැමවේලෙහි සිනාමුසු මුහුණු ඇත්තීය. ඒ කුමාරිකා සමානජාති ඇත්තාවූ කුලයකින් පුරුෂයන් අවුත් විවාහ නිසා විචාළකල්හි කුමාරිකාවන්ගේ පියානෝ මෙසේ සිතූහ, මේ කුමාරිකාව ඔබ්බෙත් පුරුෂයෝ ඇවිත් විචාර ගියෝය, මෝතොමෝත් හැමවේලෙහිම සතුටුවූ මුහුණු ඇත්තීය, කුමාරිකා ධර්මය නැති බැවින් කුමාරිකාවන් අන්කුලයට ගියකල්හි දෙමව්පියන්ට නින්දා වන්නේය. Read More

103 වෙරි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ශාක්‍යකූල සිඛාමාණික්‍යවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. අනේපිඬු සිටානන් අරභයා මේ ජාතකය වදාළසේක.

අනේපිඬු මහසිටානෝ තමන්ගේ ගොවිතැන් කරන්නාවූ ගමට ගොස් එන තැනැත්තෝ අතරමඟදී අතරමග වසන්නට සුදුසු නොවෙයි සැවැත් නුවරටම යෙමි සිතා වහ වහ ගැල්පදවාගෙණ සැවැත්නුවරටම අවුත් දෙවෙනි දවස් විහාරයට ගොස් බුදුරජානන්වහන්සේට එපවත් දැන්වූය. සර්‍වඥයන්වහන්සේ සිටානෙනි පෙරත් නුවණැත්තෝ අතරමග සොරුන් දැක අතරමග ලස්නොවී තමන් වසන්නාවූ ස්ථානයටම වහ වහාම ගියෝවේදැයි වදාරා සිටානන් විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණලද බොධිසම්භාර ඇති අප මහ බෝසතානෝ මහා සම්පත් ඇති සිටුපුත්‍රව ඉපිද එකගමක ඇත්තන් කළ යාචඤ්‍රවක් නිසා අමුතු බත් අනුභව කරන්නට ගොස් පෙරළා ගමට එන්නාහු අතරමගදී Read More

104 චිතීය මිත්තවින්‍ද ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි පරහිත නිරතවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් එක් දුර්‍වව භික්‍ෂුකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

මෙහි වර්තමාන කථාව මිත්තවින්‍දක ජාතකයෙහි විස්තර වශයෙන් කියන ලද්දේය.

මේ ජාතකය වූකලී කාශ්‍යල සර්‍වඥයන්වහන්සේ සමයෙහි වන්නේය. එසමයෙහි උරචක්‍රමාලාව උසුලා නරකයෙහි පැසෙන්නාවූ එක් නාරකික සත්‍වයෙක් ස්වාමීනී කෙබඳුවූ අකුසල කර්‍මයෙක් කෙළෙහිදැයි බෝසතානන් අතින් විචාළේය. බෝධිසත්‍වයෝ තා විසින් මේ අකුසල කර්‍මය කරණලදැයි මෙසේ කිවුව. සමුද්‍ර මධ්‍යයෙහි දිවයිනක වෛමාණික ප්‍රේතීවූ දිව්‍යාඞගනාවන් සතරදෙනෙකු දැක එපමණකින් සතුටුනොව මේ යහපත්දෝහෝයි අයහපත්දෝහෝයි කියා ඒ ඒ තැන අධික තෘෂ්ණාවෙන් මතුමත්තේ ගොස් දිව්‍යාඞගනාවන් අටදෙනෙකු ලද්දෙහිය, එපමණකිනුත් සතුටුනොව ඉදිරියෙහි යන්නාවූ තෝ දිව්‍යාඞගනාවන් සොළොස්දෙනෙකුත් ලද්දෙහිය. Read More

105 ඛඛල කුඨ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි මහත්වූ ධෛය්‍ර්‍ය ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක්. මරණභීරුකවූ එක් භික්ෂු කෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර වාසීවූ එක් කුලපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වදාරන්නාවූ ධර්ම දේශනාව අසා ශාසනයෙහි මරණභීරුත වීය. රාත්‍රී ස්ථාන දිවා ස්ථානයෙහි පටන් අමනාප ශබ්දයක් වේවයි පක්ෂීන් හා චතුෂ්පද ජාතීන්ගේ ශබ්දයක් වේවයි අසා මරණ භයින් තැතිගෙණ මහ හඬින් හඬමින් පළා ගියේය. ඒ භික්ෂුන් වහන්සේට මියම් යන සිතිවිලි පමණකුත් නැත්තේය, ඉදින් ඒ මහණ මම මීයමි දන්නේවීනම් මරණට නොබන්නේය. මරණානුස්මෘති කර්ම ස්ථානය නොවැඩූ බැවින් මරණට භයවන්නේය. ඒ භික්ෂූන්ගේ මරණභීරුක බව භික්ෂු සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රකාශ විය. ඉක්බිත්තෙන් දම්සභා මණ් ඩපයෙහි රැස්ව උන්නාවූ භික්ෂූන් වහන්සේ මෙසේවූ කථාවක් ඉපදවූසේක. Read More

106 උදංචනී ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි කරුණාස්පදවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. ථුල්ල කුමාරිකා පලෝහනයක් අරභයා මේ ජාතකය වදාළසේක. මෙහි වර්තමාන කථාව තෙරස නිපාතයෙහි චුල්ල නාරද කාශ්‍යප ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. සර්වඥයන් වහන්සේ භික්ෂුවහට මහණ තා උකටලී වූයේ සැබෑදැයි විචාරා සැබව ස්වාමීනි කීකල්හි මහණ තාගේ සිත කා කෙරෙහි පිළිබඳවීදැයි විචාළසේක. ස්වාමීනි පුරුෂ සමාගමකට නොපැමිණියාවූ බාල වයස ඉක්මව සිටි ඒ කුමාරිකාව කෙරෙහි සිත් පිළිබඳවීයයි දැන්වූසේක. එකල්හි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂුහට වදාරණ සේක්.

මහණ තට මේ ස්ත්‍රිය අනත්‍ර්‍ඵකාරිය. පෙරත් තෝ මේ ස්ත්‍රිය නිසා ශිලවිපත්තිය පැමිණ වෙව්ලමින් ඇවිදිනේ නුවනැත්තන් නිසා සැපලද්දේ වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි යනාදීවූ අතීත කථාවත් චුල්ලනාරද කාශ්‍යප ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. Read More

107 සාලික ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සුඛාස්පදවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක්. අතකුරු ගැසීමෙහි දක්ෂ එක් භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත්නුවර වාසී එක් කුලපුත්‍රයෙක් අතකුරු ගැසීමෙහි දක්ෂ විය. ඒ තෙම එක් දවසක් බුදුරජාණන් වහන්සේ වදාරන්නා වූ ධර්ම දේශනාව අසා ශාසනයෙහි ලැදිව මහණව උපසම්පදාව ලද්දේය, උපසම්පදාව ලත් බවවිනා ශික්ෂකාමී නොවනසේක්. ප්‍රතිපත්ති සාරයක් නොවන සේක. ඒ භික්ෂූන් වහන්සේ එක් දවසක් ලදරු භික්ෂූන් වහන්සේ කැඳවා ගෙණ අචිරවති නම් ගඞගාවට ගොස් පැන් සනහා ගන්තෙර සිටිසේක. එසමයෙහි සෙවත හංසයෝ දෙදෙනෙක් ආකාශයෙන් යන්නාහුය, ආකාශයෙන් යන්නාවූ හංසරාජයන් දෙදෙනා දැක වැඩි මහළු භික්ෂූන් වහන්සේ බාල භික්ෂූන්ට කියනසේක්. මේ පස්සෙහි යන්නාවූ හංසයා අතකුරකින් ඇස ගසා පාමුල එලම්දැයි කීසේක. අන්‍යවූ බාල මහණ කියනසේක්. කෙසේ ගසා එලනසේක්ද ගසා එලන්ට නුඹ වහන්සේට නොපිළිවනැයි කීසේක. අන්‍යවූ වැඩි මහළු භික්ෂූන් වහන්සේ එබස් අසා කියනසේක්. Read More

108 බාහ්‍ය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සුරාසුරවර චක්‍රවාරු චුඩාමාණිමරිචිසංවය පරිචුම්බිත චරණ නඛ මයූඛ ඇති ලෝකස්වාමීවූ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ විසාලාමහනුවර නිසා මහාවනයේ කූටාගාර ශාලාවෙහි වැඩවසනසේක් එක් ලිච්ජවිරජ්ජුරුකෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ ලිච්ජවි රජ්ජුරුවෝ ශ්‍රද්ධාසම්පන්නයෝය, රත්නත්‍රයෙහි ප්‍රසන්නයෝය, බුද්ධමාමකය, ධම්මමාමකය, සංඝමාමකය, නිරන්තරයෙන් අඛණ්ඩවූ පඤ්චශීලය රක්‍ෂාකෙරෙති පොහොය නොවරදවා පෙහෙවස් රක්‍ෂාකෙරෙති ඒ රජ්ජුරුවෝ එක්දවසක් බුදුන් ප්‍රධානකොට ඇති භික්‍ෂූසංඝයාවහන්සේට ආරාධනාකොට මහදන්සරහා තමන්ගේ මාලිගාවත් විශේෂකොට සරහා මාලිගාවේදී බුදුපාමොක් මහසඟපිරිසට මහදන්දුන්නාහුය, ඒ රජ්ජුරුවන්ගේ බිසව් ස්ථූලවූ අඟප්‍රත්‍යඟ ඇත්තෝය, උඬුමාතක අසූභ නිමිත්තක්මෙන් ආකල්ප සමුර්‍ඩයක් නැත්තෝය. ස්ථූලශරීර හා මහත්වූ උස මහත ඇත්තෝය. බුදුරජානන්වහන්සේ අනුමෙවෙනි ධර්‍මදේශනාකොට විහාරයට ගොස් භික්‍ෂූසංඝයා වහන්සේට අවවාද දී ගඳකිළියට වන්සේක. Read More

109 කුඩ්ඩක පූව ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි භාග්‍යවත්වූ බුදුරජානන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සැවැත් නුවර වාසීන් එක්ව බුදුපාමොක් මහ සංඝයා වහන්සේ පවරා දනක දෙනගමනේ නුවර වසන මහා දුගී නම් එකෙක් තමා ඒ දානයෙහි මුසුවන පිණිස තමාට සැපවුනු කුඩුපූවක් සකසා ඉදිකොට බුදුන්ටම පිළිගන්වමියි සිතා සිටියකලට උපාසකවරුන් කැඳ පිළිගන්වා අවුළුපත් පිළිගන්වයි කී බස හා සමඟ පෙරතුයෙන් තමා ගෙණ ගිය කුඩුපූව බුදුන්ට පිළිගැන්වීය. බුදුහුත් සෙසු මිහිරි අවුළුපත් පිළිගැන්වූවත් නොපිළිගෙණ දුගියා කෙරේ කරුණාවෙන් එම වළඳා වදාරා ජේතවනාරාමයට වැඩ වදාළසේක. එපවත් රජ යුවරජ සෙනෙවිරත් ආදීවූ ප්‍රජාව අසා මහ දුගියා කරා ගොස් මිළ අරගෙණ පින්දෙවයි පින් ඉල්වූහ, එවිට මහ දුගියා සිතන්නේ මා දුකින් කොටගත් කුසලය බුදුන් විචාරා දෙමි සිතා බුදුන් කරා එළඹ මිළ ගෙණවත් නොගෙණ වත් පින්දීම යහපතැයි වදාළ බස් අසා එනුවර වාසීන්ට මිළගෙණ පින් දීමෙන් නවකෙළක් වස්තුව ලද ඒනියාව අසා කොසොල් රජ්ජුරුවෝ ඕහට සිටුසේසත් නැංගවූය, එදවස් දම්සභා මණ්ඩපයෙහි වැඩ උන් සංඝයා වහන්සේ දුගියා කුඩුපූ පිළිගන්වා සිටු සේසත් ලත් නියාව කිය කියා උන්සේක. Read More

110 ප්‍රථම සිඟාල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ විසින් අළුත මහණවූ පන්සියයක් භික්ෂූන් වහන්සේ ඇරගෙණ ගයා නම් ගඞගාවෙහි විහාරයක් කොටගෙණ සර්වඥයන් වහන්සේ කරන්නේ ප්‍රතිපත්ති නොවෙයි මා කරන්නේ ප්‍රතිපත්තියමැයි කියා සංඝයා වහන්සේ හැරගෙණ වෙනම පොහොය කොට වසන සමයෙහි එක් දවසක් සංඝයා වහන්සේ රාත්‍රී මුඛයෙහි දම්සභා මණ්ඩපයෙහි වැඩහිඳ ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ නැත්තෙක් බොරුගුණ අඟවා වාසය කෙරෙති, මේ කථාව කිය කියා උන්කල්හි බුදුරජානන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ වදාරා පණවන ලද බුද්ධ ශාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි දේවදත්ත ස්ථවිරයන් සංඝහෙද කළ නියාව කිය කියා උනුම්හයි සැළ කළ කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් මුසාවාද කීවෝවේදැයි වදාරා භික්ෂූන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක. Read More

error: Content is protected by www.ifbcnet.org.