Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

121 අඹ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා කුලපුත්‍රයෙක් ලැදිව මහණවූ කළමනා වත්පිළිවෙත් මහත් පිළිවෙත් සතළිසක් හා සූක්ෂම පිළිවෙත් අසූවක් පුරාගෙණ හැමදීම් මළුහැමදීම්, පෙත්මන් හැමදීම්, ධර්‍මශාලා හැමදීම්, සඞඝාරාම හැමදීම් හා පින්පැන් තැබීම් යනාදීන් නොකුසීතව කරණ සේක, උන්වහන්සේ වත්පිළිවෙත් කිරීමෙහි ප්‍රසන්නව උපාසකවරුන් විසින් පන්සියයක් පමණ පාත්‍ර දවස්පතා උන්වහන්සේට තිබූහ. ඒ පාත්‍ර පන්සියයක් බොහෝ දෙනා වහන්සේට ලාභවිය, මේ කථාව දම්සභාමණ්ඩපයෙහි රැස්ව වැඩඋන් මහළු වරුන් වහන්සේ කිය කියා උන්තෙනට සර්‍වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්‍වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා අසවල් නම නිසා ලාභ සත්කාර පැමිණි නියාව කිය කියා උනුම්හයි දැන්වූ කල මහණෙනි දැන් මතු නොවෙයි පළමුත් මුන් පිළිවන් වතාවත් නිසා බොහෝ ලාභ සත්කාර පැමිණියේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප්‍රසිද්ධ බ්‍රාහ්මණ කුලයක ඉපද පඤචකාමයෙහි ආදීනව දැක පන්සියයක් තාපසවරුන් ඇතිව හිමාලය වනයෙහි ගණජ්‍යෙෂටව වාසය කරණසේක. Read More

122 කටාහක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පිත්තු කියන නමක් නිසා මේ ජාතකය දක්වන ලද, එහි වර්තමාන කථාව යට කියන ලද විකන්ථන ජාතකයෙන් දැක්ක යුතුය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එනුවර මහාසම්පත් ඇති සිටුව උපන්සේක. එසමයෙහි බෝධිසත්වයන් වහන්සේගේ ගෙයි පුතනුකෙණෙක් උපන්නාහුය. ඔහු උපන් දවස්ම ගෙයි කෙල්ලකගේ පුතෙක් උපන, සිටුකුමාරයෝත් කෙල්ලකගේ පුතාත් එක්ව වැඩිවිය පැමිණියාහ, සිටුකුමාරයන් අකුරු කරන්ට යන කළ තමුන් කැටුවම ගොස් ලීම් ගිණිම් ආදීවූ නොයෙක් ශාස්ත්‍ර ඉගෙණ ගත, තෙමේ නමින් කටාහක නම්විය වෙළඳාම් ආදීවූ දෙයෙහි දක්ෂය. කීමෙහි බිණිමෙහි සපන එසේහෙයින් උන්භාණ්ඩාගාරගේ බැලීමෙහි සිටානෝ සලස්වාගත්හ. එක්දවසක් කටාහක නම් කොලු සිතන්නේ ඇමදාම මට ගේ බැලීමෙහි තිරනොවන්නේය, යම්සේ මාගේ වැරැද්දක් දැක ස්වාමිදරුවෝ ලෙහිසන් ගසා වහල්මෙහෙවරට ඇරගත්තු නම් මට බොහෝ දුකැයි සිතා ඊට උපායක් කරන්ට උවමැනවැයි සිතන්නේ අපගේ සිටානන් වහන්සේට යහළුව හිඳිනා පිටිසර සිටානකෙණෙක් ඇත. Read More

123 චන්‍දා භය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සකස්පුර සැරියුත් සාමීන්ගේ ප්‍රශ්න නිසා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාල වනයෙහි බොහෝ තාපසවරුන්ට නායකව ඉඳ පිරිනිවන් පාණ දවස් තාපසවරුන් විසින් ලඟට අවුත් කුමණ සෘඬියෙක් පැමිණියේදැයි විචාරන්නා චන්ද්‍රාභායං සුරියාභායං කියා පරලොව ගියාහ. එවිට ජ්‍යෙෂ්ට තාපසයන් විසින් අපගේ තාපසයන් වහන්සේ ආහසසරනම් බඹලොව උපන්සේකැයි කී විසින් තාපසවරුන් නොගිවිස්නා හෙයින් මහාබ්‍රහ්මයා එතනට අවුත් ජ්‍යෙෂට තාපසයන් කීයේ සැබෑමයයි කියා බඹලොව ගියාහයි වදාරා එසමයෙහි ජ්‍යෙෂට තාපසයෝ නම් සැරියුත් මහා ස්ථවිරයෝය, මහා බ්‍රහ්මව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මවේදැයි චන්දාභය ජාතකය නිමවා වදාළසේක.

124 ප්‍රථම පුෂ්පරත්න ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සර්වඥයන් වහන්සේ සකස්පුරදොරට බට සැරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න විසර්ජනය කළ නියාව යහපතැයි යන මේ කථාව නිසා මේ ජාතකය කියන ලදී.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ හිමාලය වනයෙහි බොහෝ තාපසවරුන්ට නායකව වසන්නාහුය, එසමයෙහි බෝධිසත්වයන්ගේ ප්‍රධාන අතවැස්සානම් ඔබ්බේ ගමකට වස්වසන්ට යාමේදී බෝධිසත්වයන් වහන්සේගේ මරණ කාලය පැමිණියේය, එවිට අතවැසි තාපසවරු විසින් ලඟට අවුත් කුමක්ද ධ්‍යානයක් උපදවා ගත්සේක්දැයි විචාරන්නා ආකිංචනං නත්ථිකිංචි’යි වදාරා ප්‍රාණය නිරුඬව ගොස බඹලොව ගොසින් පෙණනුසේක, එවිට තාපසවරුන් විසින් ආකිංචනං නත්ථිකිංචි යන බසෙහි අත්‍ර්‍ථ දැනගතනොහී මිත්‍යා දෘෂ්ටීන් උපදනා බඹලොව උපන් නියා නොවේදැයි සිතා ආදාහන පූජාව මා හැඟී කොට නොකළාහ. Read More

125 අසිලකඛණ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කොසොල් රජ්ජුරුවන්ගේ මඟුල් කඩුව ඉඹිමින් ලක්ෂණ කියන බමුණෙක ඇත. අත්ලස දුන්න වැමියන්ගේ කඩු ගෙණවිත් පෑ කල යහපතැයි කියයි, අත්ලස නුදුන්න වැමියන්ගේ කඩු පෑ කල නපුරු කියයි, අත්ලස් කා ලක්ෂණ කියන නියාව එක් වැමියෙක් දැන ඒ නියාවට සහ පන් කඩුවක් ලක්ෂණ යුක්ත කොට තුන්සන ගහා කොපුවක් ඉදිකොට කොපුව ඇතුළත මිරිස් සුනුකොට පුරා කඩුව ඊලා ගොසින් රජ්ජුරුවන්ට පෑහ. රජ්ජුරුවන් විසින් බමුණා ගෙන්වා කඩුව පෑ ලක්ෂණ කියයි. කී විසින් යහපතැයි කඩුව කොපුවෙන් ඇද නාසය කෙරේ තිබා කඩුව ඉඹලීය. ඒ ක්ෂණයෙහි කඩුව ඇලී තුබූ මිරිස් සුනු නාසයට වැද කිඹිසීය, කඩුව නාසයෙන් ඈත්කොට කිඹිසින්ට පමා සෙයින් කඩුව පිටම කිඹිස කප්පවාගත. ඒ කථාව භික්ෂු සංඝයා වහන්සේ කෙරෙහි සැලවීය. ඒ කථාව දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන්තැනට සර්වඥයන්වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා කඩුවේ ලකුණු කියන බමුණාගේ නාසය කැපුණු කිය කියා උනුම්හයි දැන්වූ කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් නාසය කප්පවාගතැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

හේ කෙසේද යත්, Read More

126 කලණ්ඩුක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්‍වඥයන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කලණ්ඩුක ජාතකය දක්වනලද එහි වර්තමාන කථාවද බරණැස් සිටානන්ගේ පුතනුවන් හා කෙල්ලකගේ පුතා එක්ව අකුරුකළ නියාවද සිටානනගේ ගෙයි ගේ බැලුනියාවද, සිටානන් ලිව්වා බඳු බොරුපතක් ලියූ නියාවද, ඒ පත ගෙණගොස් පසල් සිටානන්ගේ දුවට දුන් නියාවද යන සියල්ල පළමු කියන ලද කටාහක ජාතකයෙහි පණතමයයි දතයුතු

මේ ජාතකයෙහි වෙනස නම් කටාහක නම් කොළු සිටුදුව පාවාගෙණ වාසය කරණ සමයෙහි බරණැස් නුවර සිටානෝ තමන්ගේ කොල්ලා අපවත්ව ගිය හෙයින් තමන් ගේ වසන ගිරවාට කියන්නාහු ගිරාපෝතකයෙනි තොප විසින් කලණ්ඩුකයා උන් තෙනින් බලා ඇවිත් කියවයි කියන්නා යහපතැයි නික්ම ඒ ඒ තැන්හි බලාගෙණ යන්නේ කලණ්ඩුකයා වසන ගමට අවුත් පැමිණියේය. ගිරා පෝතකයා පැමිණි දවසම කලණ්ඩුකයා සන නය කරන්ටයි ගඟට ගියේය. ගිරාපෝතකයාත් ගඟ සමීපයෙහි දිඹුල් ගසක කොලතුරේ සැඟවීගෙණ උන්නේය. කලණ්ඩුකයන් ජලක්‍රීඩාව කරණ හෙයින් සිත නොවදින්ට සිටුදුව විසින් කුළුබඩු කකාරණලද කිරි අතට දුන් කල්හි කලණ්ඩුක කිරි කටක් ඇරගෙණ කට සෝදා සිටුදුවගේ ඉස වත්කරන්නා දුටු ගිරාපෝතකයා කියන්නේ ඇයි කලණ්ඩුකයෙනි අප බැද්දේ වසන පක්ෂීන් පමණ මිසක් තොප අප හා එකගෙයි වාසය කළෝය. Read More

127 බිළාර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි වඤචා ප්‍රයෝග දන්නා භික්ෂු කෙනෙකුන් වහන්සේ ගෙණවුත් පෑ කල්හි මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් චඤචා ප්‍රයෝගයෙන්ම දන්නෝ වේදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන්වහන්සේ විසින් ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත් නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ මූසිකව උපන්සේක. මහතින් ඌරු පැටියෙකුගේ ප්‍රමාණය. සියදහස් ගණන් මීයන්ට නායකව තුඹසක වසනසේක. එසමයෙහි එක කැනහිලෙක් ගොදුරු සොයා ඒ ඒ තැන ඇවිදිනේ මීයන් සමූහයා දැක යම් උපායකින් මේ මීයන් කන්ට උවමැනවැයි සිතා බෝධිසත්වයන් ගොදුරු කන්ට යන මග නැගෙනහිරට මුහුණ ලා කට දල්වා ගෙණ තුන්පයක් ඔසවා ගෙණ එක කකුලක් බිම ගසාගෙණ කැණහිලා සිටියේය. බෝධිසත්වයෝ ගොදුරු සොයා යන තැනැත්තවුන් වහන්සේ ඔහු දැක තොපි කව්රුදැයි විචාරා උන් විසින් මා ධාර්මිකයෝයයි කීකල්හි එක පයින් සිටිනේ ඇයිදැයි කී විසින් තුන්පයින් සිටියෙම් නම් පොළොව ධාරාලිය නෙහෙයි කිය කට දල්වාගෙණ සිටිනේ ඇයිදැයි කී විසින් සුලන් අනුභව කරන්ටයයි කීහ. Read More

128 අග්ගිදත්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි වඤචා ප්‍රයෝග දන්නා භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාරණ ලදී.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ මූසිකව උපන්සේක. එසමයෙහි එක් කැණහිලෙක් ගින්නෙන් දා ඉස ලොම් පමණක් තිබියදී සර්වාංයෙහි ලොම් දා ගියේය. එවිට හිස පමණක් රැකගත්තාවූ කැණහිල් ඡායාවෙන් තමා හිස් කුඩිඹිය පමණක් දැක කුඩිඹිය ඇති පසු ජීවත්විය හැක්කැයි සිතා බෝධිසත්වයන් ඇතුළුවූ බොහෝ මීයන් වසන තැනට ගොස් පළමු කී ජාතකය පරිද්දෙන් වැද සිටි ව්‍යවස්ථාවට බෝධිසත්වයෝ එතනට අවුත් තොපි කවුරු දැයි වදාරන්නාහු අගගික භාරචාජයෝයයි කියන්නා කුමක් නිසා අව්දැයි විචාරා තොප හැම රකින්ට ආමි කී විසින් අප රකිනේ කෙසේදැයි විචාරන්නා උදාසන සවස ගොදුරට යන්නවුන් හා දෙවනුව බිලයට වදිනවුන් ගැණ නියමය දනිමිය කී විසින් යහපත මයිලනුවනි එලෙස කරවයි කී විසින් එතැන් පටන් යන එන මීයන්ගේ ගණන පසාරයෙන් කන විසින් මීයෝ තමන්ගේ මීයන් අඩු නියාව බෝධිසත්වයන්ට කීහ. Read More

129 කෝසිය ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා බ්‍රාහ්මණයෙක් උපාසකව තුරුනුවන් මමායන ඇතිව වාසය කෙරෙයි එසමයෙහි ඔහුගේ ගෙයි වසන බැමිණි දුරාචාරව වාසය කරණ විසින් රාත්‍රී මානයෙහි නිදි නොලැබ දහවල් ගෙයි කළමනා කිසි කර්මාන්තයක් නොකොට වැදහෙව නිදන්නීය. බමුණා අවුත් ඇයි තොප වැදහෙව නිදන්නේ කුමක් නිසාදැයි විචාළේය. එවිට ලෙඩවීම කියන්නා කුමක් ලෙඩදැයි විචාරන්නා රුජාවෙක කී විසින් කළමනා කවරේදැයි බමුණා විචාරන්නා ප්‍රණීත ආහාරය ලබන්නා යහපතැයි කී විසින් දවස්පතා සිඟා සොයා ගෙණෙන්නේය. මේ නියායෙන් තමාගේ දවස්පතා ලත් රුජාව සන්සිඳීමක් නැති විසින් ඒ බව බුදුන්ට දන්වන නියාත් කීපදවසක් නොගිය විසින් ගඳ දුම් මල් පහන් ගත් අත් ඇතිව බුදුන් කරා ගොස් බුදුන් වැඳ පුදා එකත්පස්ව උන්නේය. බුදුහු බමුණා දැක මෙතෙක් දවස් නොආයේ ඇයිදැයි විචාළසේක. බමුණු එවිට කියන්නේ තමාගේ ගෙයි බිරින්ද රුජාවක් විසින් බෙහෙත් සපයන නිසා පමාවීමියි කියා නැවත කියන්නේ රුජාව පමණක් මිසක් සර්‍වාඞගයෙන් වැහැර ගිය කෙණෙක්වත් ශරීර වර්ණයෙන් අඩුවත් වූයේත් නැත, එසේ පමණක් මිසක් කෙතෙක් ප්‍රණීත ආහාර දුන්නත් රුජාවෙන් අඩුවක් නැත. ඊට කළමනා කුමක්දැයි සර්වඥයන් වහන්සේගෙන් විචාළෝය. Read More

130 අසපදාන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද සර්වඥයන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ උන්නාවූ මහළුවරුන් වහන්සේ ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ කෙළෙහි ගුණ නොදනිති කිය කියා වැඩඋන්සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළ කල්හි දේවදත්ත ස්ථවිරයන් කෙළෙහි ගුණ නොදන්නා නියාව කිය කියා උනුම්හයි දැන්වූකල්හි මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් කෙළෙහි ගුණ නොදන්නෝම වදාරා ආරාධිත වු සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස මගධ රට රජගහ නුවර මගධ නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එනුවර අසූකෙළක් සම්පත් ඇති සංඛ සිටුව උපන් සේක. එසමයෙහි බරණැස් නුවර මහ සම්පත් ඇති පිළිය නම් සිටාන කෙනෙක් ඇත්තාහ. Read More

error: Content is protected by www.ifbcnet.org.