Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

91 ලිත්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ අපගේ තිලෝගුරු බුදුරජාණන්වහන්සේ සැවැත්නුවරනිසා දෙව්රම්වෙහෙර වැඩ වසනසේක්. මේ ජාතකය චීවරාදීවූ චතුර්විධ ප්‍රත්‍යයලදින් නොපස්විකා වළඳන්නාවූ ප්‍රථක්ජන භික්‍ෂූන්වහන්සේ අරභයා වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්,

එක්සමයෙක්හි බොහෝ භික්‍ෂූන්වහන්සේ බොහෝ චීවරාදී චතුර්විධ ප්‍රත්‍යයලදීන් බොහෝසේම නොපස්විකා වළඳනසේක. එසේ නොපස්විකා චීවරාදී ප්‍රත්‍යය ප්‍රයෝජන විඳිනා බොහෝ භික්‍ෂූන්වහන්සේ බොහෝ නිරාදුකින් හෝ තිරිසන් අපායෙහි හෝ ප්‍රෙතාත්මභාවයෙහි හෝ ඉපිද නොමිදෙනසේක. ශාසතෘවූ සම්මාසම්බුදුරජාණන්වහන්සේ මේ කාරණාව දිවසින් දැක වදාරා භික්‍ෂූන්වහන්සේට අනේකාකාරයෙන් නොපස්විකා වැළඳීමෙහි ආදීනව දක්වා වදාරා බණ වදාරණසේක්. ‛‛මහණෙනි මේ ප්‍රියසීලි භික්‍ෂූන් විසින් චතුර්විධ ප්‍රත්‍යයලදීන් නොපස්විකා වැළඳීම නොකටුයතු වන්නේය, එසේහෙයින් මෙතැන්පටන්ගෙණ මහණෙනි පස්විකා වළඳව’’යි වදාරා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ ක්‍රම දක්වනසේක්. Read More

92 මහාසාර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි මුළුලොවට උතුම්වූ රූපකාය සමපතතියෙන් හා ධර්‍මකාය සම්පතතියෙන් යුකතව දසබල චතුර්‍වෛසාරiාදීවූ ගුණයෙන් විරාජමානවූ අප තිලෝගුරු සම්මාසම්බුදුරජානන්වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම්වෙහෙර වැඩවසනසේක්. මේ මහාසාර ජාතකය ආයුෂ්මතවූ අනඳමහ තෙරුන්වහන්සේ අරභයා වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්,

එක්සමයෙක්හි කොසොල් රජ්ජුරුවන්ගේ පුරසත්‍රීහු මෙසේ සිතුවාහ. බුඬොත්පාදකාලයනම් ඉතා නොලදහැක්කේය. මනුෂ්‍යාත්මභාවයද එසේ ලද නොහැක්කේය. චක්‍ෂුරාදී පංචන්‍ද්‍රියන්ගේ සම්පූර්‍ණතාවය ලැබ ගැන්මත් එසේම දුර්ලභ වන්නේය. අපිද මෙබඳුවූ බුඬොත්පාදය හා ක්‍ෂණ සම්පතතියත් ලැබගෙණ අපගේ අභිප්‍රායෙන් දෙව්රම්වෙහෙරට ගොස් බුදුන්ගේ මධුරවූ ධර්‍මම දේශනා අසන්ට හෝ වේවයි දන්දෙන්ට හෝ වේවයි නොලබම්හ, මැදිරියෙක ලූවන්මෙන් වාසයකරම්හ, මහරජ්ජුරුවන්වහන්සේට දක්වා අපට බණ කියන්ට සුදුසු භික්‍ෂූකෙණෙකුන් වහන්සේ ගෙන්වා ගෙණ උන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසාම ඒ පාලිධර්‍මයෙන් යම් යම් විවරක් ඉගෙණගතමෝ නම් එබඳු ධර්‍මයකුත් ඉගෙණගනුම්හ. දානාදීවූ පින්කමුත් කොට ගණුම්හ. Read More

93 රිශ්වාස භොජන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ෂට් අසාධාරණ ප්‍රඥයෙන් යුක්තවූ තිලෝගුරු සම්මා සම්බුදුරජානන්වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම්වෙහෙර වැඩවසන සේක්. විස්වාස භොජනයක් අරභයා මේ ජාතකය වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

එසමයෙහි වනාහි බොහෝ භික්ෂූන් වහන්සේ අපගේ දෙමව්පියන්ගෙන් එවළෙූ භෝජනයෙහි කියාද අපගේ නගුන් බුහුනන්ගෙන් එවාළූ භෝජනයෙහි කියාද අපගේ මයිලනුවන්ගෙන් නැන්දනියන්ගෙන් එවාළූ භෝජනයයි කියාද අපමණවුවත් මේ කියන බන්ධුහු අපට භෝජනය දෙන්ට නිස්සහ, අපි ඔවුන්ගෙන් ලැබගෙණ වලඳන්ට නිස්සම්හයි නෑයන් විසින් දෙනලද චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය දුන් කල්හි සැක නැතිව නොපස්විකා වළඳන්නාහුය, ශාසතෘවූ බුදුරජානන්වහන්සේ ඒ කාරණය දිවසින් දැක වදාරා නොපස්විකා වැළඳී මෙහි ආදීනව දක්වා භික්ෂූන්ට මා විසින් ධර්ම දේශනා කෙළෙමි නම් යහපතැයි සිතා භික්‍ෂූන් වහන්සේ රැස්කරවා මහණෙනි භික්ෂූන් විසින් නෑයන් විසින් දෙනලද චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය පස්විකා අනුභව කටයුත්තේය, එසේ නොපස්විකා සතරපසය අනුභවකොට කළුරියකරන්නාවූ භික්ෂූහු යක්ෂාත්මභාවයෙන් ප්‍රේතාත්මභාවයෙන් නොමිදෙන්නාහුය, Read More

94 ලොමහංස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ත්‍රෛලෝක්‍ය නායකවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ විසාලාමහනුවර නිසා පාටිකාරාම නම්වූ වෙහෙරෙහි වැඩවසන සේක්. සුනකඛතත නම්වූ නිගණ්ඨ පරිබ්‍රාජිකයක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්,

එක්සමයෙක්හි සුනකඛතත නම් නිගණ්ඨ පරිබ්‍රාජික තෙමේ සර්වඥයන් වහන්සේට උපස්ථායකව බුදුන්ගේ පාසිවුරු ගෙණ බුදුන් හා සමඟ ඇවිදිනේය, කොරක්‍ෂත්‍රිය නම් නිගණ්ඨයාගේ බණ අසනු කැමති වූයේ දශබලධාරීවූ සර්වඥයන්වහන්සේ පාසිවුරු ඔබට පාවාදී කොරක්‍ෂත්‍රිය නම් නිවටයා නිසා වාසය කරන්නේ ඔහු මිය කාලකංජා නම්වූ අසුර යෝනියෙහි උපන් කල්හි තමාගේ තපස් ඇර ගිහිභාවයට ගොසින් මෙසේ කියා ඇවිදිනේය. ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි ධ්‍යානටිමෝක්ෂාදීවූ උත්තරි මනුෂ්‍ය ධර්මයෙක් නම් නැත, කෙලෙශ ප්‍රහාණය කරන්නාවූ ඥාණදර්ශණ විශේෂයකුත් නැත, විරක්තයෙන් මඩනාලදුව ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මය කියන්නාහ, විසීම අනුව ධර්මදේශනාව කරන්නාහුය, ආචාරිකෙණෙකුන් නැතිව සුබුඩියෙන්ම සිතාගෙණ කියන්නාහුය, Read More

95 මහා සුදර්‍ශන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද මුළුලොවට පතළාවූ ආඥා ඇති තිලෝගුරු සම්මාසම්බුදුරජානන්වහන්සේ කුසිනාරානුවර මලලරාජෙන්ද්‍ර ශාලවනොiානයෙහි යුග්ම ශාලාභ්‍යනතරයෙහි පරිනිර්වාන මංචකයෙහි සැතපුනුසේක්. අනඳ මහතෙරුන්වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

ශාසතෘවූ බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. සැරියුත් මහතෙරුන්වහන්සේ ඉල්මස මැදිපොහොයෙහි නාලක නම් ගම තමන් වහන්සේ උපන් ගර්භයෙහිම පිරිනිවන් පෑ වදාළසේක. මුගලන් මහතෙරුන් වහන්සේද ඉල්මස කළුවර පොහොයෙහි පිරිනිවන් පෑසේක. බුදුහු කුසිනාරා නුවරට ගොස් මම පිරිනිවන්පාමියි අනුක්‍රමයෙන් දනව් සැරිසරා වඩනාසේක. කුසිනාරානුවරට වැඩ මල්ලරජ්ජුරුවන්ගේ මඟුල් උයනෙහි උයනමැද යුග්මශාලානතරයෙහි උතුරුදිගට ඉසලා ඇතුළුයහනෙහි නැගී නොසිටිනා සෙය්‍යාවෙන් සැතපුණුසේක. ඉක්බිති ඒ සැතපුණු සර්වඥයන්වහන්සේට අනඳ මහතෙරුන්වහන්සේ දන්වනසේක්. භාග්‍යවතුන්වහන්ස මේ නුවර පිරිනිවන් පෑ නොවදාළ මැනව, ජලාශ්‍රයක් නැතිහෙයින් නිරූදකවූ රළුනුවර පිරිනිවන් නොපෑව මැනව, රජගහනුවර සැවැත්නුවර ආදිවූ එක්තරා මහා නුවරක පිරිනිවන් පෑව මැනවැයි ආරාධනා කළසේක. සර්වඥයන්වහන්සේද අනඳ මහතෙරුන්වහන්සේට වදාරණසේක්. Read More

96 තෙල පත්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි කරුණාවට වාසසථානවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ සුමභ නම් රට දෙසක නම් නියම්ගම් නිසා එක්තරා වන ප්‍රදේශයෙක්හි වාසය කරණ සේක්. මේ ජාතකය ජනපදකල්‍යාණි සූත්‍ර දේශනා අරභයා වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්,

එක්සමයෙක්හි භික්‍ෂූන්වහන්සේ කර්‍මසථාන දෙවා වදාරා උපමාවක් දක්වා භික්‍ෂූන්වහන්සේට අප්‍රමාදව මහණ දම් පුරවයි අවවාද කරණ බුදුහු මෙසේ වදාරණ සේක. මහණෙනි ජනපදකල්‍යාණි නම් උතුම්වූ රූදන්නාවූ තමා උන් දනව්වට කල්‍යාණවූ එක් ස්ත්‍රියෙක, කෙසකල්‍යාණය, මාංස කල්‍යාණය, අටේකල්‍යාණය, ඡවිකල්‍යාණය, වයකල්‍යාණය යන පඤච කල්‍යාණයෙන් යුක්තය. තවද ඒ් නාටක සත්‍රී තොමෝ උතුම්වූ රූපයෙන්ද උතුම්වූ කෘත්‍යයෙන්ද උතුම්වූ ගීතයෙන්ද උතුම්වූ වැයීමෙන්ද බොහෝ ජනයාට සිත්කළුවන්නීය, එබඳුවූ නාටක සත්‍රිය ඒ නෘත්‍යමණ්ඩලයට බැස නෘත්‍ය ගීත වාiාදිය පවත්වන්ට පටන්ගත් කල්හි බොහෝ ගම් නියම්ගම් රාජධානියෙහි මනුෂ්‍යයෝ ඇගේ රූපය දකූම්හ. මධුර ශබ්දය අසම්හ. Read More

97 නාම සිධි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි අසමසමවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක්. නාමසිඬික භික්ෂූන්වහනසේ අරභයා මේ ජාතකය වදාළසේක.

එක් කුලපුත්‍රයෙක් නමින් පාපකනම, ඒ තෙම ශාසනයෙහි ලැදිව මහණව භික්ෂූන්වහන්සේ විසින් ඇවැත්වූ පාපකයෙනි මෙසේ එව මෙසේ සිටුවයි කියන්නාහු එබස් අසා මෙසේ සිතුසේක. ලෝකයෙහි පාපකනම් ලාමකය කාලකන්නියක් හා සමානය අන්‍යවූමංගල්‍යප්‍රති සංයුක්තවූ නමක් කියවා ගණිම් ඒ මහණ ආචාරී උපාධ්‍යයන්වහන්සේ කරා ගොස් සවාමීනී මාගේ නම අවමංගල්‍යය අනිත් නමක් මට කළමැනවැයි කීසේක. ඉක්බිත්තෙන් භික්ෂූන්වහන්සේ කියනසේක්. ඇවැත්නි නාමයනම් ප්‍රඥප්ති මාත්‍රයක නමින් කිසි අත්‍ර්‍ඵසිද්ධික් නම් නැත. තොපගේ නමින්ම සතුටුවයි කීසේක. ඒ මහණ නැවත නැවත යාඥාකෙළේමය, තවද භික්ෂූන්වහන්සේ නාමසිද්ධික බව සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් එක්දවසක් දම්සභාමණ්ඩපයෙහි රැස්ව උන්නාවූ භික්ෂූන්වහන්සේ ඇවැත්නි අසවල් මහණ නම් සිද්ධකරන්නේය. Read More

98 කූට වානිජ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි අප්‍රතිවාද වූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක්. එක් සොර වෙළඳක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත්නුවර වෙළෙන්දෝ දෙදෙනෙක් එක්ව වෙළදම්කරන්නාහු ගැලින් බඩුගෙණ ජනපද චාරිකාවට ගොස් වෙළඳම් කොට ලාභ ලැබගෙණ පෙරලා ආවාහුය, ඔවුන් දෙදෙනා අතරෙන් සොරවෙළදා මෙසේ සිතූහ. මේ වෙළඳානෝ බොහෝ දවසක් දුර්භෝජනයෙන් හා දුක්ඛසෙය්‍යාවෙන් මිරිකුණෝය, දැන් තාගේ ගෙයි අනේකප්‍රකාරවූ අග්‍රරසයෙන් යුක්තවූ භෝජනය අනුභව කොට දිරවාගතනොහි අජීණිව මියයන්නේය, එකල්හි මම මේ භාණ්ඩය තුන්කොටසක්කොට එක් කොටසක් ඔහුගේ දරුවන්ට දෙමි. දෙකොටසක් මම ගනිමියි සිතා ඒ සොරවෙළඳා අද බෙදමි සෙට බෙදමි කියා බෙදන්ට මැලිව හිඳිනේය. ඉක්බිත්තෙන් නුවනැති වෙළදා ඔහු නොකැමැතිවුවත් බලාත්කාරයෙන් බඩුබෙදවා විහාරයට ගොස් බුදුරජානන්වහන්සේට නමස්කාර කොට සුවදුක් කථා කොට උන් කල්හි සර්‍වඥයන්වහන්සේ විසින් උපාසකය මෙසේ දවස් ලස්වගියේ කුමක් නිසාදැයි එනුවරට අවුදිනුත් කල්යවා බුද්ධෝපස්ථානයට නොආයේය. Read More

99 පරොසහස්ස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි වීතරාගීවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් පෘථජ්ජනක ප්‍රශ්නය අරභයා මේ ජාතකය වදාළසේක.

මෙහි වර්තමාන කථාව සරභඬගජාතකයෙහි විස්තර වශයෙන් වන්නේය. එක්සමයෙක්හි භික්ෂූන් වහන්සේ දම්සභාමණ්ඩපයෙහි රැස්ව ඇවැත්නි දස බලධාරීවූ බුදුරජානන්වහන්සේ විසින් සංකේෂ්පයෙන් විචාරණ ලද්දාවූ ප්‍රශ්නය ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විස්තර හෙයින් විසර්ජනය කළසේක් වේදැයි තෙරුන්වහන්සේ ගුණ කථාව කිය කියා උන්සෙක. සර්වඥයන්වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ මහණෙනි දැන් කවර කථාවකින යුක්තව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කීකල්හි මහණෙනි ශාරීපුත්‍ර ස්ථවිරයෝ මා විසින් සංකේෂ්පයෙන් කියනලද ප්‍රශ්න විස්තර හෙයින් දැන්මතු විසරජනා කළෝ නොවෙති, පෙරත් මෙසේ විසර්ජනා කළෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ ප්‍රසිද්ධවූ බ්‍රාහ්මණ වංහයෙක ඉපිද තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයට ගොස් සියළු සිල්ප ඉගෙණ පංචකාමය හැර සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පඤචාභිඥ අෂ්ටසමාපතති උප දිවා හිමාලය වනයෙහි විසුවාහුය. Read More

100 අඝාත රූප ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි වීතචෙෂීවූ තිලෝගුර බුදුරජානන්වහන්සේ කොධන නම් නිවර නිසා කුඬාධාන වනයෙහි වසනසේක්. කෝලිය රජ්ජුරුවන්ගේ දූ වූ සූපපවාසා නම් උපාසිකාව අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ සුපපවාසා නම් උපාසිකාතොමෝ එසමයෙහි සත්අවුරුද්දක් මුළුල්ලෙහි කුසින් දරුගැබ පරිහරණය කොට සතියක් මුළුල්ලෙහි ගර්භයෙන මූඪව ඉතා මහත්වු වේදනා උපන්නේය. ඒ උපාසිකාව මෙසේ අධික ප්‍රමාණවූ වේදනාවෙන් පීඩිතවත් බුදුගුණ කියන්නී “යම් සර්වඥකෙණෙකුන්වහන්සේ මෙබඳුවූ දුක් තරණය පිණිස ධර්මදේශනා කරණසේක්වීනම් ඒ භාග්‍යවත්වූ බුදුරජානන්වහන්සේ ඒකාන්තයෙන් සර්වධර්මයන් සර්වකාරයෙන් පරොපදෙශ රහිතව දත්තේය. යම් අෂ්ටාය්‍ර්‍ය පුද්ගල භික්ෂූ සමූහයෙක් මෙබඳුවූ දුක් දුරු කරණ පිණිස පිළිපන්නේ වීනම් භාග්‍යවත්වූ බුදුරජානන්වහන්සේගෙ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් මොනවට පිළිපන්නේය, යම් නිර්වාණ ධර්මයෙක්හි මෙබඳුවූ දුක්ඛයෙන් නැත්තේවීනම් ඒකාන්තයෙන් ඒ නිර්වාණ ධර්මය සැප වන්නේය”යන මේ ත්‍රිවිධානුසමඃතියෙන් යුක්තව ඉවසූය. ඒ සූපපවාසා නම් උපාසිකා තොමෝ තමාගේ ස්වාමිපුරුෂයා ලඟට කැඳවා තමාගේ පවතුන් මේ නමස්කාර අස්නත් කියන පිණිස සර්වඥයන්වහන්සේ සමීපයට යවූහ. Read More

error: Content is protected by www.ifbcnet.org.