Skip to main content

94 ලොමහංස ජාතකය

තවද එක්සමයෙක්හි ත්‍රෛලෝක්‍ය නායකවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ විසාලාමහනුවර නිසා පාටිකාරාම නම්වූ වෙහෙරෙහි වැඩවසන සේක්. සුනකඛතත නම්වූ නිගණ්ඨ පරිබ්‍රාජිකයක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්,

එක්සමයෙක්හි සුනකඛතත නම් නිගණ්ඨ පරිබ්‍රාජික තෙමේ සර්වඥයන් වහන්සේට උපස්ථායකව බුදුන්ගේ පාසිවුරු ගෙණ බුදුන් හා සමඟ ඇවිදිනේය, කොරක්‍ෂත්‍රිය නම් නිගණ්ඨයාගේ බණ අසනු කැමති වූයේ දශබලධාරීවූ සර්වඥයන්වහන්සේ පාසිවුරු ඔබට පාවාදී කොරක්‍ෂත්‍රිය නම් නිවටයා නිසා වාසය කරන්නේ ඔහු මිය කාලකංජා නම්වූ අසුර යෝනියෙහි උපන් කල්හි තමාගේ තපස් ඇර ගිහිභාවයට ගොසින් මෙසේ කියා ඇවිදිනේය. ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි ධ්‍යානටිමෝක්ෂාදීවූ උත්තරි මනුෂ්‍ය ධර්මයෙක් නම් නැත, කෙලෙශ ප්‍රහාණය කරන්නාවූ ඥාණදර්ශණ විශේෂයකුත් නැත, විරක්තයෙන් මඩනාලදුව ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මය කියන්නාහ, විසීම අනුව ධර්මදේශනාව කරන්නාහුය, ආචාරිකෙණෙකුන් නැතිව සුබුඩියෙන්ම සිතාගෙණ කියන්නාහුය, යමෙක්හට ධර්මදේශනා කෙරෙත්නම් ඒ ධර්මය වූ පරිද්දෙන් පිළිපදිනාවූ සත්වයන්ට නරකාදී සතර අපාය දුක්ඛයෙන් ගැළවීම පිණිස නොවන්නේ’’යි විශාලාමහනුවර තුන්පවුර ඇතුලෙහි සර්වඥයන්වහන්සේගේ නුගුණ බොහෝ දෙනාට කියා ඇවිදිනේය, එකල්හි ආයුෂ්මත්වූ සැරියුත් මහතෙරුන්වහන්සේ පිඬුසිඟා වඩනාසේක්. බුදුන්ගේ අගුණ කියන්නාවූ සුනකඛතත නම් නිගණ්ඨ පරබ්‍රාජිකයන්ගේ බස් අසා බසු බත ආහාරකෘත්‍යයෙන් වැළකීසේක. ඒ කාරණය භාග්‍යවත්වූ බුදුරජානන්වහන්සේට දැන්වූසේක. සැරියුත් මහතෙරුන්වහන්සේද වදාළ බස් අසා බුදුහු වදාරණසේක්. එම්බල ශාරීපුත්‍රස්ථවිරය සුනකඛතත නම්වූ ඒ තුචඡ පුරුෂතෙමේ ක්‍රොධ බහුලවූ ස්වරූප ඇත්තේය, මාගේ ධර්මය නෛය්‍ර්‍යානික නොවන්නේයයි තමන්ගේ ක්‍රොධ බහුල භාවයෙන්ම කියන්නේය, ඒ සුනකඛතත තෙමේ නොදැන එලෙස කියන නමුත් මාගේ ගුණ කීවාම වන්නේය, තවද ඒ තුචඡවූ පුරුෂතෙමේ මේ මාගේ ගුණ නොදන්නෝ නොවෙයි, එම්බල ශාරිපුත්‍රස්ථවිරය ෂට්අභිඥාවෝද මා කෙරෙහි ලා පිහිටියාහ, එසේහෙයින් මේ මාගේ උත්තරීමනුෂ්‍ය ධර්‍මය වන්නේය, තවද ශාරීපුත්‍ර ස්ථවිරය දසබල චතුර්‍වෛශාරාදී විශාරද ඥානයද මා කෙරෙහි ඇත, එසේ හෙයින් …….. මේද මාගේ උත්තරීමනුෂ්‍ය ධර්මය නම් වන්නේය, අණ්ඩජ ජලාබුර සංසේදජ ඕපපාතිකය යන පරිච්ඡේද ඥානයද මා කෙරෙහි ඇත, දිව්‍යගති මනුෂ්‍යගති ප්‍රේතගති අසුරගති තිරිසන්ගති සඞඛ්‍යාතවූ පඤචගතියම පිරිසිඳ දන්නා නුවණද මා කෙරෙහි ඇත, එසේහෙයින් මේද මාගේ උත්තරී මනුෂ්‍ය ධර්මය නම් වන්නේය. මෙසේ යථොක්තවූ උත්තරීතර මනුෂ්‍ය ධර්ම ගුණයෙන් යුක්තවූ මට යම් පුද්ගලයෙක් දානාදීවූ උතුරු මිනිස්දම් මා කෙරෙහි නැතැයි කියන්නේවීනම් එසේ තමා ගත්තාවූ දුර්ලබ්ධි නොහැර සිටින්නේවීනම් තමා විසින් වරදවා ගත්තාවූ දුර්ලබ්ධිය හේතුකොටගෙණ අත අල්වාගෙණ නරකයෙහි ඇර සිටුවාක් මෙන් වන්නේය, එසේ තමන්වහන්සේ කෙරෙහි විiාමානවූ උත්තරී මනුෂ්‍ය ධර්මයෙහි ගුණ වදාරා එම්බල ශාරීපුත්‍රස්ථවිරය ඒ සුනකඛතත නම් පරිබ්‍රාජක තෙමේ කොරක්‍ෂත්‍රිය නම් නිවටාගේ ධර්මය අසා ඔහුගේ දුෂ්කරක්‍රියා ප්‍රසන්නවූ ඔහුගේ කොහොන්තපස්හි විශ්වාෂීවූයේ මාගේ ගුණ ගන්ට ඒ තෙමේ අයොග්‍යයයි වදාරා එම්බල ශාරිපුත්‍රස්ථවිරය මම මේ භද්‍රකල්පයට ඒකානූවන කපින් මත්තෙහි සසරෙහි සැරිසරන්නෙම් මේ අචලවූ වෘතයෙහි හරයෙක් ඇද්දෝහෝයි බාහිරයන්ගේ මිචඡාතපස් විමසන්නෙම් චතුරඞගයෙන් යුක්තවූ බඹරවස් රකින්නෙම් අචල වෘතසමාදානය කෙරෙමින් වාසය කරන්නෙම් අචල වෘතයට සුදුසුවූ සීලසංරක්‍ෂණය කරන්නෙම් වේදැයි සියළු තපස්විරයන්ට අග්‍රවූ පරම තපස්වීව වාසය කෙරෙමි රූක්‍ෂ ප්‍රතිපත්තිය පුරන්නෙම්ද අතිශයින් විශිෂ්ඨවූ රූක්‍ෂ ප්‍රතිපත්ති පුරන්නෙම්වීම්, පාපයෙහි ලජ්ජා ඇතිව වසන්නේමුත් උත්කෘෂට පාපනිරුකවූයෙමි ජනවෘතසථානයෙහිලා වාසයකරන්නේමුත් උත්කෘෂට ජනවිචික්තවාසයෙන් වසන්නෙම්වීම් වදාරා නිශ්ශබ්දව වැඩඋන්සේක. එකල්හි අනඳ මහතෙරුන්වහන්සේ විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්,

යටගිය දවස මේ භද්‍රකල්පයට ඒකානූවන කපින් මත්තෙහි එක්තරා කපෙක්හි පුරණලද පාරමිතා ධර්මයන් ඇති මහබෝසතානෝ බුදුසස්නෙන් පිටත් බායහ. ශාසනයෙහි තපස් රක්‍ෂාකෙරෙමි, ආජීවක ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව ගෙණ අචෙලක පරිබ්‍රාජකවගෙණ තපස් රක්‍ෂා කරන්නාහුය, සියලඟින් රජස් දැලි උසුලන්නාහ, හුදකලාව වාසයකරන්නාහ, මිනිසුන් දැක භයපත්ව මුවන් පරිද්දෙන් වනයට වදිනාහ, මහාවිකෘත භොජනයෙන් සනතුෂට වන්නාහ, වසුන්ලාපු ආදිය අනුභවකරන්නාහ, නොපමාව තපස් රක්‍ෂාකරණ පිණිස මහ වනයෙහි හුදකලාව වාසයකරන්නාහ. බොල්පිණිබාන සමයෙහි බොල්පිණිද අධිකවූ සුලඟම පවත්නා සමයෙහිද මෙබඳු අනතරාෂ්ටක අකාල වනප්‍රදේශයෙන් නික්ම අබවස්හි වාසයකොට ඉරුනැගි කල්හි මහ වනයට වදිනාහුය. ඒ බොධිසත්වයෝ යම්සේ රාත්‍රියෙහි අබවස ඉඳ බොල් පින්නෙහි තෙමුණාහු. වෙද්ද දිවාභාගයෙහිත් වලටවැද වනලැහැබින් වෑහෙන පිණි බින්දුයෙන් තෙමෙනලද ශරීර ඇතිව දහවල් ශරීර පීඩාවෙන් දුක්විඳිනාවූ ග්‍රීෂ්ම සෘතුවෙහිද දවල් අබවස්හි වාසය කෙරෙමින් ලවන ප්‍රදේශයෙන් නික්ම අබවස්හි වාසයකොට ඉර නැගිකල මහවනයට වදිනාහුය. ඒ බෝධිසත්වයෝ යම්සේ රාත්‍රියෙහි අබවස ඉඳ බොල්පින්නෙහි තෙමුනාහුවේද දිවාභාගයෙහිත් වලට වැද වනලැහැබෙන් වෑහෙන පිණිබින්දුයෙන් තෙමෙනලද ශරීර ඇතිව රෑ දවල් සීත පීඩාවෙන් දුක්විඳිනාහු ග්‍රීෂ්ම සෘතුවෙහි දවල අබවස වාසය කෙරෙමින් රාත්‍රියෙහි වනලැහැබටම වදිනාහුය. ඒ බෝධිසත්වයෝ යම්සේ දිවාභාගයෙහි අබවසෙහි අව්වෙහි වාසය කළාහු. රාත්‍රියෙහි එපරිද්දෙන් පවන් නැති වනලැහැබ පීඩාවට පැමිණෙන්නාහුය. එකල්හි බෝධිසත්වයන්ගේ ශරීරයෙන් ග්‍රීෂ්ම කාලයෙහි නිවාසස්ථානයෙහිලා ඉඳීම හේතුකොටගෙණ සියලු ශරීයෙන් සෙවද ජලධාරාව වෑහෙන්නේයයි මෙබඳු දුෂ්ප්‍රතිපත්තීන් බඹලොව පිළිවෙතට සිතා පිළිවෙත් පුරන්නෝ බොහෝ කලක් මා විසින් මෙසේ අචෙල චෘතසමාදාන කොට වාසයකරණලද එසේ වාසයකරන්නාවූ බෝධිසත්වයන්ට ආයුකෙළවර නරකයෙහි උපදින්ට සුදුසු ගතිතිමිතත දැක මෙතෙක් කල් මුළුල්ලෙහි මා කරණ ලද වෘතසමාදානය ව්‍ය… ගියේවනැයි සිතා එකෙණහිම තමන්ගේ ගත් මිත්‍යාදෘෂ්ටියෙහි පිහිටාගෙණ චූතිප්‍රතිසන්ධි වශයෙන් තව්තිසා භවනෙහි උපන්නාහුයයි ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ ජාතක ධර්මදේශනාව මෙපරිද්දෙන් ගෙණහැර දක්වා වදාරා පූර්වපරසන්ධි ගළපා වදාළසේක.

එසමයෙහි අවෙලවෘතසමාදානය කොට එහි දෝෂ දැක සම්‍යක් ප්‍රතිපත්තියෙහි පිහිටා ස්වර්ගයෙහි උපන්නෙම් දැන් සර්වඥපදප්‍රාප්තවූ මම්මවේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.