Skip to main content
Monthly Archives

December 2014

71 අසාත මන්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි ස්වධර්මයෙහි අප්‍රතිහතවූ ඥානාචාර ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් උකටලී වූ භික්ෂුවක් හු අරබයා මේ ජාතකය වදාළ සේක.

මෙහි වර්ථමාන කථාව උම්මදනති ජාතකයෙහි මතු පහළ වන්නේය.සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට මහණ මේ ලෝකයෙහි ස්ත්‍රීහූ නම් දුක්ඛයට වස්තූහූය. අසත්පුරුෂයෝය, ලාමකයෝය, අන්තිමයෝය, තෝ එබඳූ ලාමක ස්ත්‍රියක නිසා කවර කාරණයකින් උකටලීවූයෙහිදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝසතානෝ ගන්ධාර රට තක්ෂලා නුවර බ්‍රාහ්මණ වංශයෙහි ඉපිද නුවණැති බවට පැමිණ වේදත්‍රයෙහිත් සියළු සිල්පයෙහිත් නිමාවට පැමිණ දිසාපාමොක් ආචාරීවූය.එසමයෙහි බරණැස්නුවර බ්‍රහ්මණ කුලකයක පුත්‍රයෙකු උපන් දවස්ම ගිනිගෙණ නොනිවාතිබුය. ඉක්බිත්තෙන් ඒ බ්‍රාහ්මණ කුමාරයා සොළොස්ඇවිරිදි වයසට පැමිණි කල්හි දෙමව්පියයෝ මෙසේ කිවුය. Read More

72 අන්‍ධභූත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි සර්වත්තෝත්තම වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සේක් උකටලී වූ භික්ෂූවක් හූ අරභයා මේ ජාතකය වදාළසේක.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට සැබෑද මහණ තෝ උකටලී වුයෙහිදැයි වදාරා සැබෑව ස්වාමීනි කී කල්හි මහණ ස්ත්‍රීහූ නම් රැක්ක නොහැක්කාහුය. පෙර නුවනැත්තෝ ස්ත්‍රියක ගර්භයෙහි පටන් රක්නාහු රැකගත නුහුනුවෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ වැඩිවිය පැමිණ සියලු සිල්පයෙහි නිස්පත්තියට පැමිණ පියරජ්ජුරුවන්ගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමෙන් රාජ්‍යය කරන්නාහුය ඒ බෝධිසත්වයෝ පුරෝහිත බ්‍රහ්මණයා හා සමඟ දුකොළනාහූය කෙළෙමින් හිඳ, Read More

73 විස වන්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි නිර්මල වූ පස්පැදිස්නා නේත්‍ර යුගලයක් ඇති තිලෝගුරු බුදුරාජනන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩවසනසේක් දම් සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

තෙරුන්වහන්සේ පිටකන දෙයක් වළඳන වේලෙහි මනුෂ්‍යයෝ කියන්නාහු ස්වාමීනි ඇතුළුගමටවන් භික්ෂූන් වහන්සේගෙන් අවුළුපත් පිළිගත මැනවයි කීහ. එකෙණෙහි තෙරුන් වහන්සේ ඍද්ධි විහාරික වූ භික්ෂූන් වහන්සේ ඇතූළු ගම වූ සේක. උන් වහන්සේ කොටසගෙණ ඒ භික්ෂූන් වහන්සේ නොආහෙයින් ඉතා දහවල් වන්නේයයි සැරියුත් මහතෙරුන්වහන්සේට පිළිගැන්වූය. ඒ තෙරුන් වහන්සේ අවුළුපත් වැළඳු නොබෝකලකින්ම ඍද්ධිවිහාරික භික්ෂූන් වහන්සේ ගමින් විහාරයට වැඩි සේක. එකල තෙරුන් වහන්සේ වදාරණ සේක් ඇවැත්නි අපි තොපට තුබූ පිටිකනදැ වලඳාපුමොදැයි වදාළ සේක. එබස් ඇසූ ඍද්ධි විහාරිකයන් වහන්සේ කියන සේක් ස්වාමීනි මිහිරෙක් නම් කවුරුන්ට අප්‍රියදැයි කීසේක. එකෙණෙහි සැරියුත් මහතෙරුන් වහන්සේට සන්වේග උපන. උන්වහන්සේ මම මෙතැන්පටන් පිටකනදෙයක් නොවලඳිමි ඉටාගත් සේක. Read More

74 කුද්දාල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ප්‍රඥාවිෂයාතික්‍රාන්තවූ ධර්මකාය ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් චිත්ත හස්ත ශාරී පුත්‍ර ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකයව වදාළ සේක.

ඒ තෙරුන් වහන්සේ නම් සැවැත් නුවර එක් එක් කුලපුත්‍රයානකෙණෙක ඉක්බිත්තෙන් එක් දවසක් ඒ කුලපුත්‍රතෙම සීසාපියා එනතැනැත්තේ විහාරයට වැද එක් තෙරකෙණෙකුන් වහන්සේගේ සිනිදුවූ මිහිරිවූ ප්‍රණීතභොජනයක් ලැබ මෙසේ සිතුයේය. අපි රෑ දාවල් මුළුල්ලෙහි සිය අතින් නොයෙක් කර්මාන්ත කොටත් මෙබදූ වූ මධුරාහාරයක් නොලබම්හ. මාත් මහණවූවොත් යහපතැයි සීතීය. මෙසේ සිතා එ කුලපුත්‍ර මහණව මසක් යෙළමසක් ඇවැමෙන් නුවනින් සිහිනොකොට ක්ලෙශ වසඟව ගිහිව නැවත බත් නොලැබ මිරීකී අවුත් මහණව අභිධර්මය උගත්සේක මෙම ක්‍රමයෙන් සචාරයෙක ගිහිව සත්වෙනිවාරයෙහි මහණව සප්තප්‍රකරණය හදාරා බොහෝ භික්ෂූන් වහන්සේ අභිධර්මය උගන්වා විදර්ශනා වඩා රහත් වූසේක. එකල උන්වහන්සේගේ සහාය භික්ෂූහූ පැවැත්වූ චිත්තනයෙහි කිමෙක්ද තොපට පෙරපරිද්දෙන් දැන් ක්ලේශයෝ නොවසිද්දැයි නින්දා කළසේක. Read More

75 සීලව නාගරාජ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද ශාන්ත වූ වෘත්තී ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ අකෘතඥයෝය. සර්වඥයන් වහන්සේගේ ගුණ නොදනිති කියමින් උන්සේක. ශෘස්තෘ වූ බුදුරජානන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව හුනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි දේවදත්ත ස්ථවිරයෝ අකෘතඥවූවෝ දැන් මතු නොවෙයි පෙරත් අකෘතඥයෝයයි කිසිකලෙකත් මාගේ ගුණ නොදන්නෝමයයි වදාරා ඒ භික්ෂුන් වහන්සේ විසින් ආරාධිත වු බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝසතානෝ හිමාලය වනයෙහි ඇත්යෝනියෙහි උපන්නාහුය. ඒ බෝධිසත්වයෝ මව්කුසින් බිහිවන තැනැත්තෝ සර්වාංගයෙන් ධවලවුය. රිදි පිඩැල්ලෙක් හා සමානයෝය. Read More

76 සච්චං කිර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක් හි ශාක්‍යල ප්‍රදීපවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක් වධයට උත්සාහ කිරීමක් අරභයා මේ ජාතකය වදාළසේක.

භික්ෂු සංඝයා වහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ ඇවැත්නි දේවදත්ත ස්ථිවිරයෝ සර්වඥයන් වහන්සේගේ ගුණ නොදනිති. වධයට උත්සහ කරති. දේවදත් ස්ථිවිරයන්ගේ නුගුණ කියමින් උන් කල්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කවර නම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි දේවදත්ත ස්ථවිරයෝ දැන්මතු නොවෙති මට වදයට උත්සාහකළෝ පෙරත් උත්සාහ කළෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි ඒ රජ්ජුරුවන්ගේ දුෂ්ටකුමාර නම් පුත්‍රයෙක් විය. ඔහු කර්කෂය.ඵරුෂය, ප්‍රභාටාශිෂීයක්හු සමානය නොබැන නොගසා කිසිකෙනෙකුන් හා කථා නොකරන්නේය. ඒ කුමාරතෙම ඇතුලෙහි ජනයාටත් පිටත ජනයාටත් ඇසහුණු රජසක්මෙන්ද කන්ට ආ යකෙකු මෙන්ද අප්‍රියවන්නේය. උද්වේග උපදවන්නේය. ඒ කුමාර තෙම එක්දවසක් ගංගාවෙහි ජල ක්‍රීඩා කරනු පිණිස මහපිරිවරින් ගන්තෙරට ගියේය. එකෙණෙහි මහත්වූ මේඝයක් නැංගේය. සියළුද්ග් අන්ධකාර විය. Read More

77 රුක්ඛ ධම ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්. සොළොස් මහසවප්තයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ රාත්‍රියෙහි නිද්‍රාවට පැමිණි පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්‍රසතව පිබිඳ මේ සවප්නයන් දුටු බැවින් මට කුමක්වේදෝහෝයි මරණයින් භයපත්ව යහන්පිට හිඳම පාන්කොටපූය ඉක්බිත්තෙන් පාන්වූකල්හි ශාන්ති බ්‍රාහමණයන් හා පුරෝහිත බ්‍රාහමණයෝ රජ්ජුරුවන් කරා පැමිණ සවාමීනි රජ්ජුරුවන් වහන්ස රාත්‍රියෙහි සැපසේ විසූසේක්දැයි විචාළෝය, ආචාරිවරයෙනි මට සැපයෙක් නම් කොයින්ද අද මම අළුයම්වේලෙහි සොළොස් සවප්නයක් දුටිමී මම ඒ සවප්නයන් දුටු වේලේ පටන් භයපත් විමි ආචාරිවරයෙනි එහි දෝෂය කියවයි කිවූය සවප්නයන් අසාදන්නමෝවේදැයි කීකල්හි බමුණන්ට රජ්ජුරුවෝ දුටුවා වූ සවප්නය කියා කීමෙක් ද මට මේ සවප්නය දුටුකාරණයෙන් කුමක් වේදැයි විචාළෝය. එබස් ඇසූ බමුණෝ අතසැලූය. රජ්ජුරුවන් විසින් කවරකාරණයකින් තොපි අත්සලවේදැයි විචාළකල්හි මහරජ්ජුරුවන්වහන්ස ඒ සවප්නය ඉතා කර්‍කශවූ සවප්නයකැයි කීහ. Read More

78 මහාසුපින ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක් සමයෙක්හි දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්. සොළොස් මහසවප්තයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ රාත්‍රියෙහි නිද්‍රාවට පැමිණි පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්‍රසතව පිබිඳ මේ සවප්නයන් දුටු බැවින් මට කුමක්වේදෝහෝයි මරණයින් භයපත්ව යහන්පිට හිඳම පාන්කොටපූය ඉක්බිත්තෙන් පාන්වූකල්හි ශාන්ති බ්‍රාහමණයන් හා පුරෝහිත බ්‍රාහමණයෝ රජ්ජුරුවන් කරා පැමිණ සවාමීනි රජ්ජුරුවන් වහන්ස රාත්‍රියෙහි සැපසේ විසූසේක්දැයි විචාළෝය, ආචාරිවරයෙනි මට සැපයෙක් නම් කොයින්ද අද මම අළුයම්වේලෙහි සොළොස් සවප්නයක් දුටිමී මම ඒ සවප්නයන් දුටු වේලේ පටන් භයපත් විමි ආචාරිවරයෙනි එහි දෝෂය කියවයි කිවූය සවප්නයන් අසාදන්නමෝවේදැයි කීකල්හි බමුණන්ට රජ්ජුරුවෝ දුටුවා වූ සවප්නය කියා කීමෙක් ද මට මේ සවප්නය දුටුකාරණයෙන් කුමක් වේදැයි විචාළෝය. එබස් ඇසූ බමුණෝ අතසැලූය. රජ්ජුරුවන් විසින් කවරකාරණයකින් තොපි අත්සලවේදැයි විචාළකල්හි මහරජ්ජුරුවන්වහන්ස ඒ සවප්නය ඉතා කර්‍කශවූ සවප්නයකැයි කීහ. Read More

79 ඉල්ලිස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ලෝක්ත්‍රයට ප්‍රදීපයක් බඳුවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. මචඡරිය කොසිය සිටානන් අරභයා මේ ජාතකය වදාලසේක.

රජගහනුවරට නුදුරුතෙනක සකඛරා නම්වූ නියම්ගමෙක් වූයේය. එහි අසූකෙළක් පමණ ධනසමපත් ඇති මචඡරිය කොසිය නම් සිටුපුත්‍රයෙක් වසන්නේය, ඒ සිටුපුත්‍රතෙම තණකොන්දක් තෙල්ගාලා එයින් තෙල්බින් දුවකුත් අනුන්ට නොදෙන්නේය. තෙමේත් අනුභවනොකරන්නේය. මෙසේ ඔවුන්ගේ වසතුසමූහය පුත්‍රද්‍රරාදීන්ටවත් ශ්‍රමණ බ්‍රාහමණාදීන්ටවත් ප්‍රයෝජනයකට නොපැමිණෙන්නේය, රාක්‍ෂසාධිගෘහිතවූ පුෂ්කරණියන්මෙන් අපරිභොගව සිටිනේය. එක්දවසක් සර්‍වඥයන් වහන්සේ අලුයම්වේලේ මහා කරුණා සමාපතතියෙන් නැගී සියලු සක්වළ චතුසසත්‍යාවබොධයට සුදුසු බන්ධූන් බලා වදාරණසේක්. පන්සාලිස් යොදනකිත් මත්තේ වසන්නාවූ භාය්‍ර්‍යාව සහිතවූ සිටානන්ගේ ශ්‍රොතාපතතීඵලයට උපනිශ්‍රය දුටුසේක. සර්‍වඥයන් වහන්සේ මහාකරුණාසමාපතතියෙන් නැගී බලන්නෝ පළමු දවසෙක රාජ සේවයට රජගෙට ගොස් රජ්ජුරුවන්ට සේවය කොට එන්නාවූ සිටානෝ සාකුස් ඇතිව දනව්වැසි ම කොමුයෙන් පිරුණාවූ කබල්ලක් කන්නා දැක එහි තෘෂණාව උපදවා තමන්ගේ ගෙට ගොස් මෙසේ සිතූය, ඉදින් කබල්ලක් කනු කැමැත්තෙමි කියෙම් නම් මා සමඟ බොහෝ දෙන කනු කැමති වෙති. Read More

80 ඛරස්සර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ශාක්‍යකූල චින්තාමානික්‍යවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් එක්තරා අමාත්‍යයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක.

කෝසල රජ්ජුරුවන්ගේ එක්තරා අමාත්‍යයෙක් රජ්ජුරුවන් සිත්ගෙණ පසල්දනව්වේ ගමෙක අයපඬුරු ආදිය ලැබගෙන සොරුන් හා එක්වගෙන ඒ සොරුන්ට කියන්නෝ මම මනුෂ්‍යයන් ඇරගෙන වනයට වදිමි තොපි ගම කොල්ලකා එයින් ලබනලද වස්තුවෙන් මටත් භාගයක් දෙවයි කියා පළමු කොට මිනිස්සුන් රැස්කරවා තෙමේ වනයට ගොස් එහි ඉඳ සොරුන් අවුත් හරක් මරා මස් කා ගමපැහැර ගියකල්හි සවස්වේලේ මහජනයා විසින් පිරිවරණලදුව ගමට එන්නේය, ඔහුගේ ඒ ක්‍රියාව නොබෝ දවසකින්ම ප්‍රසිඬ විය. මනුෂ්‍යයෝ එපවත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ ඒ අමාත්‍යයා කැඳවා ගෙන්වාගෙන ‍දොරහිඳුවා තරයේ නිග්‍රහකොට අනික් ගම්මුදලියෙකු ඒ පසල්දනව්වට යවා ජේතවනයට ගොස් සර්‍වඥයන්වහන්සේට නමස්කාර කොට එකත්පස්ව හිඳ එපවත් දැන්වූය. බුදුරජානන්වහන්සේ මහරජ්ජුරුවෙනි මොහු මෙසේ කෙළේ දැන්මතු නොවෙයි පෙරත් මෙසේම කරණසුළුයයි වද්‍රරා ඒ රජ්ජුරුවන් විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වද්‍රළසේක. Read More

error: Content is protected by www.ifbcnet.org.